Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
ළමා ආරක්ෂණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර මහජන අදහස් විමසීම සඳහා විවෘත කරනු ලැබුවේ පෙරේදා (28දා)ය. මේ අනුව පළමු වරට මෙරට ළමයාගේ ආරක්ෂාව යන්න පිළිබඳව එම ක්ෂේත්රය වෙනුවෙන් පෙනීසිටින සියලුම අංශ පාහේ පිළිගත් එක් අදහසකට එක්ව සිටියි. මෙම ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මේ වසරේ සිට 2027 දක්වා දස අවුරුදු කාලයක් තුළ බලපැවැත්වන පරිදි ක්‍රියාත්මක කිරීමට මූලික වශයෙන් තීරණය කර තිබේ. ඒ අනුව මුල් අවුරුදු පහක කාලය වෙන්කර තිබෙන්නේ එම ප්‍රතිපත්තිය අත්හදා බැලීම වෙනුවෙනි. ඒ සඳහා පස් අවුරුදු ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් බලාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව රජයේ රේඛීය අමාත්‍යාංශය, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රජයේ ආයතනවල සහයෝගිත්වය ලබාගැනීම සිදුකිරීමට නියමිතය.
ප්‍රතිපත්තියේ ප්‍රධාන කාර්ය බවට පත්ව තිබෙන්නේ රජය හරහා වූ බහු-ආංශික, බහු නියෝජිත ළමා ආරක්ෂණ ක්‍රියාකාරකම් මෙහෙයවීම සඳහා පොදු දැක්මක්, පැහැදිලි අර්ථ දැක්වීම්, ප්‍රතිපත්ති ඉලක්ක, මගපෙන්වීමේ මූලධර්ම සහ සංකල්පිත රාමුවක් සැපයීම බව දැක්වේ.
මෙම ප්‍රතිපත්තිය හරහා ළමා ආරක්ෂණය සඳහා අවධානය යොමුකළ යුතු ප්රමුඛ ක්ෂේත්රයක් හඳුනා ගෙන තිබේ. එසේම එය මගින් ළමා ආරක්ෂණයක් මුඛ්‍ය හවුල්කරුවන්ද හඳුනාගෙන තිබේ.
මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කරවීම මගින් ඵලදායී සේවාවන් සැපයීම තහවුරු කිරීමටත්, ළමයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන පුළුල් පරාසයකින් ළමුන්ට සිදුවන හානි අවම කිරීමටත්, ඒවා වැළැක්වීමට හැකි ආධාරකාරී පරිසරයක් තහවුරු කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ මෙන්ම මෙයින් එක්එක් පුද්ගලයන්ට, පවුල්වලට හා පුළුල් සමාජයට ප්රතිලාභ ලබාදෙමින් ළමයින්ගේ ආරක්ෂකාරී හා සෞඛ්‍ය සම්පන්න වර්ධනය ප්‍රවර්ධන කිරීමද මෙයින් බලාපොරොත්තු වේ.
ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියේ දැක්ම
මෙම ප්‍රතිපත්තියේ දැක්ම වී ඇත්තේ, මෙරට සියලුම ළමයින් අපයෝජනයෙන්, සූරාකෑමෙන්, නොසලකා හැරීමෙන් හා ප්රචණ්ඩත්වයේ හා හානියේ අනෙක් ස්වරූපයන්ගෙන් සුරක්ෂිත වීම සහ පීඩාවට පත්වූ ළමයින් වැඩිහිටි බවට වර්ධනය වන විට ඔවුන්ට නිසි සැලකිල්ල හා ආධාරය ලබාදීමය.
ප්‍රතිපත්තියේ ඉලක්ක
01. ළමා ආරක්ෂණයේ මූලධර් තහවුරු කරන්නා වූත්, අපයෝජනයට, අවභාවිතාවට, නොසලකා හැරීමට සහ වෙනත් ආකාරවලට ප්‍රචණ්ඩත්වයට හා හිංසාවට ලක්වීමේ අවදානමකට ළමයින් පත්කරවන විවිධ මූලික හේතූන් කෙරෙහි අවධානය යොමුකරවන්නා වූත්, ප්‍රතිවාදී අත්දැකීම්වලින් තමන් ආරක්ෂා කරගැනීමේ හා ඊට ඔරොත්තු දීමේ හැකියාවන් ඇති කරගැනීමට පවුල් හා ළමයින් සවිබල ගන්වන්නා වූත් සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සහ වැඩසටහන් සියලුම හවුල්කරුවන් විසින් යොදාගනු ලැබේ.
02. ළමා වියේදී මුහුණදුන් අපයෝජන, අවභාවිත, නොසලකා හැරීම් හා වෙනත් ආකාරවල ප්රචණ්ඩත්ව හා හිංසාවලින් මුදවා ගන්නා ලද අයට උචිත රැකවරණය හා ආධාරය සැපයීමට පවුල්වලට හා ප්‍රජාවට හැකියාව ඇති බවට තහවුරු කරගැනීම සඳහා ප්‍රතිපත්ති හා වැඩසටහන් සියලුම අදාළ හවුල්කරුවන් විසින් යොදාගනු ලැබේ.
03. ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති හා වැඩසටහන් මගින් මෙම ජාතික ප්‍රතිපත්තියේ ජීවය සාක්ෂාත් වන බව තහවුරු කරගැනීම සඳහා සියලුම හවුල්කරුවන් විසින් තමන්ගේ මූලික අවධානයේ ළමා ආරක්ෂණ අංගයට විශේෂිත වූ හා ළමා ආරක්ෂාව සඳහා වූ පොදු ජාතික රාමුව ඇතුළත වූ කුසලතා, දැනුම හා අකාල්ප සිය ආයතන ඇතුළත වර්ධනය කර ගනු ලැබේ.
04. සුදුසු, වගකිව යුතු සහ හොඳින් සම්බන්ධීකරණය වූ ක්රමවවේදයක් මගින්, අපයෝජනය, අවභාවිතය, නොසලකා හැරීම හා වෙනත් ආකාරවල ප්රචණ්ඩත්වය හා හිංසනය වැළැක්වීම හා අඩුකිරීම සඳහා අවදානමට ලක්විය හැකි පවුල්වලට සහ ළමයින්ට ඉලක්කගත සේවාවන් සැපයේ.
05. පවුල පදනම් වූ සුරැකුමේ සංදර්භය තුළ අපයෝජනය, අවභාවිතය නොසලකා හැරීම හා වෙනත් ආකාරවල ප්රචණ්ඩත්වය හා හිංසනය ආදී අත්දැකීම්වලට ලක්වන ළමයින් ආරක්ෂා කෙරෙන බව හා ඔවුන්ගේ යහපැවැත්ම හා වැඩිහිටිභාවයට දක්වා අභිවෘද්ධිය තහවුරු වන පරිදි රැකවරණයක් ආධාරයත් ලැබෙන බව තහවුරු කරගැනීම උදෙසා හොඳින් සම්බන්ධීකරණය වූ, මනා සම්පත්වලින් සමෘද්ධිමත් සහ අනුකූල ළමා ආරක්ෂණ සේවා ක්‍රමවේදනයක් හැකි සෑම අවස්ථාවකදීම සෘජුවම ලබාදීම.
මෙම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීමේදී ළමා ආරක්ෂණය උදෙසා යම් ක්‍රියාවක් සිදුකිරීමේදී සලකා බැලිය යුතු මගපෙන්වීමේ මූලධර්ම හා වටිනාකම් 12ක්ද ඉදිරිපත් කර තිබේ. මෙම මූලධර්ම හා වටිනාකම් ශ්‍රී ලංකාවේ නීතියෙන්, අන්තර්ජාතික නීතිය යටතේ ශ්‍රී ලංකාවේ වගකීම්වලින් හා ගෝලීය වශයෙන් ළමා ආරක්ෂණ ක්ෂේත්රය තුළ ඇති හොඳම ව්යවහාරයන්ගෙන්ද ශක්තිමත්ව ඇත.
මේ යටතේ රජය, සිවිල් සමාජය, පෞද්ගලික අංශ මාධ්‍ය ඇතුළුව ළමුන් සම්බන්ධව කටයුතු කරන සියලුම හවුල්කරුවන් ළමා ආරක්ෂණය යටතේ යම් ක්‍රියාවක් ඉටුකරයි නම් මේ කරුණු 12 පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. ඒවා නම්,
01. ජීවිතය, නිදහස, යහපැවැත්ම හා සංවර්ධනය.
මේ යටතේ සෑම ළමයෙකුටම ජීවිතයට, නිදහසට සහ පුද්ගලයෙකුට හිමි ආරක්ෂාවට මෙන්ම සාධාරණ යහපැවැත්ම හා සංවර්ධනය සඳහා වූ අවස්ථාවන් සඳහා ඇති අයිතිය තහවුරු කරයි. ඒ අනුව කිසිදු ළමයෙකු අපයෝජනයට, නොසලකා හැරීමට හෝ බලහත්කාරයෙන් වැඩ ගැනීමට ලක්නොවීමට වගබලා ගත යුතුවේ.
තවද වධ දීමට හෝ කෘෘර, අමානුෂික හෝ පහත්කොට සැලකීම්වලට හෝ දඬුවමට ලක් නොවිය යුතු අතර, නීතිය ඉදිරියේ ළමයෙකු වශයෙන් සෑම තැනකමදී හඳුන්වනු ලැබීමට වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙකුට අයිතිය ඇති බව මින් ඉදිරිපත් කර තිබේ.
02. සමානාත්මතාව, විවිධත්වය හා වෙනස්කොට සලකනු නොලැබීම.
වෙනස් කොට සලකනු නොලැබීම, හා තිරසාර සමානතාව ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියේ පදනම කොටගෙන එමගින් සියලු ළමයි - විශේෂයෙන්ම නොවැදගත් ලෙස සලකන ලද හෝ ප්‍රචණ්ඩත්වයෙන් බේරාගනු ලැබුවෝ, සමාජ - ආර්ථික තත්ත්වය ආගම, ස්ත්‍රී පුරුෂ බව, ලිංගිකත්වය, ආබාධිත බව, ජාතිකත්වය යනාදිය සැලකිල්ලට නොගෙන සේවාවන් හා උපකාර ලැබිය යුත්තන් ලෙස දක්වා තිබේ. ඒ අනුව මෙරට ජීවත්වන සියලු ළමුන්ට සාධාරණ ප්‍රතිඵල භුක්ති විඳීමට අයිතියක් ඇති බව රජය තරයේ හඳුනාගෙන තිබේ.
03. ළමයාගේ උපරිම යහපතට අදාළ වන දේ
මේ අනුව ළමුන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති සියලුම තීරණවලදී ළමයාට වැඩ වශයෙන් අදාළ වන ආකාරයට මූලික අවධානය යොමුකළ යුතු බව සඳහන් වේ. ඒ අනුව ළමයාගේ ආරක්ෂාවට කෙටි කාලීනව හා දිගු කාලීනව යන දෙවර්ගයේම හා සිදුවීමට ඇති අවදානම් සහගත බව පිළිබඳ අවධානය යොමුකිරීම දක්වා ඇත.
ළමයාගේ උපරිම යහපතට අදාළ දෙය තීරණය කිරීමේදී ළමයාට ඇති කෙටි හා දිගු කාලීන ප්රතිලාභ, අවදානම සමග සමබර කිරීමට රජය සලකා බැලිය යුතු අතර, යම් මැදිහත්වීමක් 'හානි නොකරන්න' යන මූලධර්මය උල්ලංඝනය කරයි නම්, ළමයෙකු කෙරෙහි එවැනි මැදිහත්වීමක් රජය සිදුනොකළ යුතුය. තවද ළමයාට වැඩි වශයෙන්ම අදාළ වන දෙය තීරණය කිරීමේදී ඒ ඒ ළමයාගේ පරිණාමය වීමේ හැකියාවට සමගාමීව ළමයාගේ දෘෂ්ටිකෝණය හැමවිටම සලකා බැලිය යුතු බව මින් අදහස් කෙරේ.
04. ළමයාගේ සහභාගිත්වය
තමන්ගේ ජීවිතවලට බලපෑමක් ඇතිකරන තීරණවලදී සහභාගි වීමේ අයිතිය සෑම දරුවෙකුටම මේ යටතේ තහවුරු කෙරේ.
05. ළමයින්ගේ රැකවරණය හා ආරක්ෂාව සඳහා මූලික ඒකකය වශයෙන් පවුල නම් කිරීම.
මේ යටතේ ළමයෙකුගේ ආරක්ෂාව, පෝෂණය හා රැකවරණය සැලසන මූලික සමාජ ආයතනය පවුල ලෙස සලසනු ලැබේ. ඒ අනුව පවුල තුළදී ළමයාගේ ආරක්ෂාවට තර්ජනයක් වේ නම්, ළමයාගේ ආරක්ෂාව සලසා දීමට ළමයාව පවුලෙන් ඉවත්කර ආයතනගත කිරීම වෙනුවට ආරක්ෂාවට තර්ජනය ඇතිකරන වැඩිහිටි පුද්ගලයා පවුලෙන් ඉවත් කිරීමට වැඩි වැදගත්කමක් ලබාදී ඇත.
මේ අනුව අතිශ්‍ය බරපතළ අවස්ථාවලදී හැර දරුවා ආයතනගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක නොකෙරෙනු ඇත. එසේ සිදුකෙරේ නම් එය අවම කාල පරාසයකට පමණක් බව මෙයින් දක්වා ඇත.
06. ළමා ආරක්ෂාව සඳහා වැළැකීම, ප්‍රවර්ධනය හා ප්‍රතිචාර
ප්රචණ්ඩත්වය, සුරාකෑම, නොසලකා හැරීම හෝ අපයෝජනයේ වෙනත් ආකාරවලට ගොදුරු වූ හෝ හානියක අවදානම ඇති ළමයින් වෙනුවෙන් පෙනීසිටීම රජයේ භූමිකාවක් ලෙස මෙයින් දක්වා තිබේ. මේ අනුව ළමයෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ළමයා තුළ කුසලතා ඇතිකිරීම, දෙමාපියන් දැනුමෙන් සන්නද්ධ කිරීම, ප්‍රජාවගේ උපකාරය ඇති කැපකරු පද්ධතියක් ඇතිකිරීම ආදිය මෙන්ම අපයෝජනයට, ප්‍රචණ්ඩත්වයට සූරාකෑමට මුහුණදී ඇති දරුවෙකුට ආරක්ෂාව තහවුරු කිරීමටත් එම ළමයා ලද අත්දැකීමේ බලපෑමෙන් මිදීමටත් රජයට වගකීමක් ඇති බව දන්වා තිබේ.
07. සම්බන්ධීකරණය හා සහයෝගය අවශ්‍ය වන බහු - ආංශ්රකා , බහු - හවුල්කාරික වගකීම
මේ යටතේ ළමයින්ගේ ආරක්ෂාවට රජයේ තනි වගකීමක් නොව අංශ ගණනාවකගේ හවුල්කාරී වගකීමක් බව දන්වා තිබේ.
08. ජීවන චක්‍ර ප්‍රවේශය.
මේ යටතේ ළමයෙකු කුඩා කළ මුහුණ දෙන සිදුවීම් අනාගතයේ වැඩිහිටියෙකු ලෙස ජීවත් වීමේදී බලපාන ආකාරය පිළිබඳ අවධානය යොමුකෙරේ. ඒ අනුව ළමයෙකු ලෙස මුහුණදෙන ප්රචණ්ඩත්වය ආදියෙන් අනාගතයේ අපරාධකරුවන් හෝ ප්රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීමත් සිදුවේ.
09. ළමයාගේ පෞද්ගලිකත්වය හා මාධ්‍යය
මේ යටතේ ළමයාගේ හෝ ළමයින් කණ්ඩායමකගේ පෞද්ගලිකත්වය, රහස්‍යභාවය, පොදු තොරතුරු ලබාදීමේ හා බෙදාගැනීමේ සේවා සම්බන්ධයෙන් අවධානය යොමුකෙරේ. ඒ අනුව ළමයාගේ ආරක්ෂාවට හා කීර්තියට හානි නොවන ආකාරයේ තොරතුරු වර්තා කිරීමක් පිළිබඳව අවදානය යොමුකෙරේ.
10. සාක්ෂි මත පදනම් වූ ව්‍යවහාරය හා ප්‍රතිපත්තිය.
ළමයින්ගේ හානිවලින් වැළැක්වීම, ආරක්ෂා කිරීම හා එහි බලපෑමෙන් සුවපත් වීමට ආධාර කිරීමේ ප්‍රතිපත්ති, වැඩසටහන් හා ක්‍රියාකාරකම්, ශ්‍රී ලංකාවේ හා ලෝක මට්ටමේ විමර්ශන ලේඛන ඇතුළත විමර්ශන සාක්ෂි මත පදනම් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම මේ අනුව සිදුකෙරේ.
11. ළමා ආරක්ෂණ සේවාවල වගකිව යුතු බව හා වෘත්තිමය බව
විශේෂඥ ළමා ආරක්ෂණ සේවාවන් සඳහා අදාළ කුසලතා, දැනුම, උපකාරක පද්ධති ඇති තාක්ෂණික දැනුමෙන් යුතු පුද්ගලයන්ගේ අවශ්‍යතාව මින් සහතික කෙරේ. මේ අනුව ළමයින් කෙරෙහි වගකීම හෝ බලය පාවිච්චි කරන ආයතන හා ධුරයන්ට නුසුදුසු අය පත්කරනු ලැබීමට හෝ අපයෝජන සිදුවීමට ඇති අවදානමට එරෙහිව ආරක්ෂාව සැලසීම සඳහා රජයේ ආයතන හරහා ප්‍රමිතියක් ඇතිකිරීම අපේක්ෂා කෙරේ.
12. ප්‍රවේශය
ළමා ආරක්ෂණ අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සේවා වැඩසටහන්වලට ප්‍රවේශ වීමට ළමයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ඇති අයිතිය මින් තහවුරු කෙරේ. මේ ප්‍රතිපත්තිය යටතේ ළමා ආරක්ෂණය සඳහා සංකල්පය කාර්ය රාමුවක් ගොඩනගා ඇති අතර ඒ යටතේ,
(i) ළමුන්ගේ ආරක්ෂාව හා දරාගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වූ විශ්වීය වැඩසටහන්
(ii) ප්රමුඛ සමාජය ආර්ථික නිර්ණායක හා පවුල් හා ප්‍රජා මට්ටමේ ඇති අවදානම්වලට හේතූන් උදෙසා වැළැක්වීමේ ප්‍රතිපත්ති හා වැඩසටහන්
(iii) අවදානම් සහගත පවුල් හා ළමයින් සඳහා ඉලක්කගත සේවාවන්
ළමා වින්දිතයන් / මුදාගනු ලැබූවන් සඳහා ව්‍යවස්ථාපිත සේවාවන් ලෙස ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ ආයතන විසින් කළහැකි මට්ටම් හතරකින් යුතු මැදිහත්වීම් හා ක්‍රියාවන් දක්වා ඇත. මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ යාන්ත්‍රණයක්ද මෙයින් ඉදිරිපත් කර ඇති අතර, ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ මූලිකත්වයෙන් මෙහෙයුම් කමිටුවකින් අධීක්ෂණය වන නිලධාරීන් පිරිසක් මේ සඳහා නම්කර තිබේ. තවද ළමා ආරක්ෂණය සඳහා ක්‍රියාත්මක වීමේදී ප්‍රමුඛතා දිය යුතු අංශ පිළිබඳවද පුළුල් විග්‍රහයක් මෙම ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතේ අන්තර්ගතව ඇත.
මෙම කෙටුම්පත මාර්තු 28 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා මහජනතාවගේ අදහස් යෝජනා හා චෝදනා ලබාගැනීම වෙනුවෙන් විවෘත කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කර තිබේ.
එහෙයින් මෙම ප්‍රතිපත්ති කෙටුම්පත ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්,
සභාපති - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, 330, තලවතුගොඩ පාර, මාදිවෙල, කෝට්ටේ යන ලිපිනයට හෝ www.chidprotection.gov.lk යන වෙබ් අඩිවියෙන් හෝ ලබාගත හැකිය.
එසේම අදහස් හා යෝජනා [email protected] යන විද්‍යුත් තැපෑලට හෝ ඉහත සඳහන් කළ ළමා ආරක්ෂක අධිකාරීයේ ලිපිනයට ඉදිරිපත් කළ හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd