Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
වර්ග කිලෝමීටර් 185,180ක භූමි ප්‍රමාණයක් අයත් බටහිර ආසියාවේ පිහිටි සිරියාව, බටහිර දෙසින් ලෙබනනය හා මධ්‍යධරණී මුහුදටත්, උතුරින් තුර්කියටත්, නැගෙනහිරින් ඉරාකයටත්, දකුණු දෙසින් ජෝර්දානයටත් නිරිත දෙසින් ඊශ්‍රායලයටත් මායිම්ව පිහිටි රාජ්‍යයකි. සිරියාවේ අගනුවර හා විශාලම නගරය වන්නේ ඩැමැස්කස් නගරයයි. සිරියාව බහුජාතික සහ බහුආගමික රාජ්‍යයක් ලෙසද හඳුන්වනු ලැබිණි. සිරියානු අරාබිවරුන්, ග්‍රීක ජාතිකයන්, කුර්දිවරුන්, තුර්කි ජාතිකයන් සහ මන්දින්ස්වරු මෙහි වෙසෙන ජාතීන්ට අයත් වූහ. ආගම් වශයෙන් ගත් කල සුන්නි මුස්ලිම් (87%), ක්‍රිස්තියානි (10%), වෙනත් (3%) ලෙස ජනගහනය වර්ග කළ හැකිය. සමස්ත ජනගහනය 2014 වසර වනවිට මිලියන 17ක් වූ අතර, 2010 දත්ත වාර්තා අනුව සිරියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 107ක් පමණ විය. රාජ්‍ය භාෂාව අරාබි භාෂාවයි.
1965 සැප්තැම්බර් 11 වැනිදා උපත ලැබූ බෂාර් හෆීස් අල් අසාද් සිරියාවේ 19 වැනි සහ වත්මන් ජනාධිපතිවරයාය. මොහු 1971 සිට 2000 වසර දක්වා සිරියාව පාලනය කළ හෆීස් අල් අසාද් ගේ පුත්‍රයා විය. 2000 වසරේ ජූලි මස 17 වැනිදා ජනාධිපති ධුරයට පත් වූ බෂාර් අල් අසාද් අරාබි සමාජවාදී බාත් පක්ෂයේ ලේකම්වරයා මෙන්ම සිරියානු ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රධාන අණදෙන්නා විය. තිදරු පියෙකු වන මොහු ඩැමැස්කස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකු වන අතර, 1988 සිට සිරියානු යුද හමුදාවේ වෛද්‍යවරයෙකු ලෙසද සේවය කර තිබේ. ඉන් වසර 04කට පසු අසාද් සිය පශ්චාත් උපාධිය සඳහා ලන්ඩනයේ බටහිර අක්ෂි රෝහලේ පුහුණුව ලබා අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස එහි සේවය කරමින් සිටියේය.
වර්ෂ 1994දී ඔහුගේ වැඩිමහල් සොහොයුරු බසීර් රිය අනතුරකින් මියයෑම නිසා පියා අසාද්ව නැවත සිරියාවට කැඳවීය. ඒ අනුව 1998දී නැවත සිරියාවට පැමිණි අසාද් සිරියානු ආරක්ෂක ඇකඩමියට ඇතුළත්ව වැඩිදුර පුහුණුව ලැබීය. 2000 වසරේ ජූලි 10 වැනිදා අසාද් සිය පියාගේ අභාවයෙන් අනතුරුව හිස් වූ ජනාධිපති ධුරය සඳහා පැවැති මැතිවරණයේදී ජනාධිපති ධුරයට පත්වන්නේ 99.7%ක ජනතා මනාපයකිනි. 2007 වසරේ පවත්වන ලද මැතිවරණයෙන් 97.6%ක ඡන්ද ප්‍රතිශතයකින් දෙවැනි වරටත් ජනාධිපති ධුරයට පත්වන අසාද් නැවත තුන්වැනි වරටත් 2011 වසරේදී 88.7%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිරියාවේ ජනාධිපති පුටුව දැරීමට සමත් වූ අතර, ඔහුගේ ධුර කාලය කල්පිරීමට නියමිතව තිබෙන්නේ 2021 වර්ෂයේදීය.
සෑම අතකින්ම ඇවිලුණු ගින්නක් බඳු සිරියානු අර්බුද මතුවන්නේ සිරියානු රජය හා විපක්ෂය අතරත් එම විපක්ෂයේ පිරිස් අතරත් ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන්ය. එමෙන්ම මෙය ලිබියාව සහ ඊජිප්තුව ගිනි තැබූ ඇමෙරිකානු ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන අරාබි වසන්තයේ එක් ප්‍රතිඵලයක් විය. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය වූයේ අද දක්වාත් ජීවිත ලක්ෂ ගණනක් බිලිගනිමින් ඇවිලෙන සිරියානු සිවිල් යුද්ධයයි. 2011 මාර්තු 15 වැනිදා ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට අද වනවිට අවුරුදු 07ක් ගතව ඇතත් තවමත් යුද ගිනි ඇවිලීමක් මිසක් නිවීමක් දක්නට නැත. සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානයට අනුව 2018 මාර්තු මාසය වනවිට පමණක් දළ වශයෙන් ජීවිත හානි හාරලක්ෂ අනූඅටදහස් පන්සිය අනූතුනකට මෙම සිවිල් යුද්ධය හේතු වී ඇති අතර, මිලියන 7.6ක පිරිසක් සරණාගතභාවයට පත් කිරීමටද සමත්ව තිබේ. මේ සරණාගතයන්ගේ සංක්‍රමණයන්ද පසුගිය කාලයේ මහත් ආන්දෝලනයන්ට තුඩුදුන් අතර, ඇතැම් රටවල සංක්‍රමණික නීති පද්ධති පවා වෙනස් වීමට මෙය හේතු විය.
මෙම යුද්ධයේ පාර්ශ්ව කිහිපයක් දැකගත හැකිය. එක් පාර්ශ්වයක් වන්නේ අසාද් ප්රමුඛ සිරියානු අරාබි ජනරජය (ඉරානය, රුසියාව සහ ඉරාකය උපකාර කරයි) වන අතර, අනෙක් පාර්ශ්වය නිදහස් සිරියානු හමුදාව (තුර්කිය, ඇමෙරිකාව, සෞදි අරාබිය, කටාරය මීට සහාය දක්වා ඇත), අයි.එස්.අයි.එස්. සංවිධානය (නිල වශයෙන් අල්කයිඩාවත්, පෙරදී නිල නොවන වශයෙන් ඇමෙරිකාවත් සහාය දක්වා තිබේ) උතුරු සිරියානු ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුව (වර්තමානයේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සහ සෞදි ආරාබිය, කටාරය, එක්සත් අරාබි
පෙර සඳහන් කළ පරිදි සිරියානු සිවිල් යුද්ධයට ප්‍රධානතම වස්තු බීජය වන්නේ අරාබි තරුණ පිරිස් අතර ආකල්පමය විප්ලව ඇති කරමින් පවතින ඒකාධිපති පාලනයන් බිඳ දමා ප්රජාතන්ත්රවාදී පාලනයක් ලබාගැනීමට සටන් කළ යුතු බවට තරුණ පිරිස් උසිගැන්වූ අරාබි වසන්තයයි. මෙය ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ජනාධිපතිවරුන්ට සිය ධුර අහිමි වීමටද, ලිබියාවේ පාලකයා වූ කර්නල් මුවම්මර් ගඩාෆිට සිය ධුරය මෙන්ම ජීවිතයද අහිමි කිරීමටත් හේතු විය.
අරාබි වසන්තය පැමිණීමට පෙර සිරියාවේ අභ්‍යන්තර අර්බුද කිහිපයක්ම දක්නට ලැබිණි. විරැකියාව සහ උද්ධමනය අධික ලෙස ඉහළ යෑම, දේශපාලනික අර්බුද මේ අතරින් කැපී පෙනෙන ගැටලු විය. අරාබි රටවල පාලකයන් බොහෝ දෙනෙකුගේ පාලනයේ ඇති දූෂිත බව, ඒකාධිපතිත්වය, පවුල් පාලනය නිරාවරණය කළ නිසා මෙම අරාබි වසන්තය දිගු කාලයක් තිස්සේ සිරියාවේ ප්රජාතන්ත්රවාදය ඇති කිරීමට කැකෑරෙන ආශාවකින් සහ වුවමනාවකින් සිටි ක්‍රියාකාරීන්ට ඒ වෙනුවෙන් නව බලාපොරොත්තුවක් ලබාදීමට සමත් විය.
එහි ආරම්භය ලෙස සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව 2011 වසරේ මාර්තු මස සාමකාමී විරෝධතා රැලියක් පැවැත්විණි. එහිදී අසාද්ට විරුද්ධව සටන් පාඨ බිත්තියක සිතුවම් කරමින් සිටි බාලවයස්කරුවන් 15 දෙනෙක් සිරියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්විය. එම බාලවයස්කරුවන් අතර සිටි 13 හැවිරිදි දරුවෙකු අත්අඩංගුවේ සිටියදී ලබාදුන් අධික වදහිංසා නිසා මියයෑම ජනතා විරෝධය ස්ථීර කිරීමට හේතු විය. කැරලි මර්දනයේදී අසාද් පාලනය දැඩි දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මෙම විරෝධය තවත් උග්‍ර වීමට බලපෑවේය.
මෙතෙක් නිරායුධ විරෝධතා අරගලයකට පමණක් සීමා වූ අසාද් විරෝධී කැරැල්ල සම්පූර්ණයෙන්ම ආයුධ සන්නද්ධ අරගලයක් බවට පරිවර්තනය වූයේ 2011 වසරේ ජූලි මාසයේදී සිරියානු යුද හමුදාවෙන් පලා ආ පිරිසක් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ පිරිස් එක්ව නිර්මාණය කරගත් %සිරියානු නිදහස් හමුදාව^ සිරියානු රජයට විරුද්ධව යුද ප්‍රකාශ කිරීමයි. මෙම සිවිල් යුද්ධය සඳහා බලපෑමක් ඇති කිරීමට ආගමික හේතුවක්ද තිබේ. එනම් සිරියාව පාලනය කරන අසාද් සහ ආරක්ෂක අංශ ෂියා මුස්ලිම්වරුන් වුවත් රටේ බහුතරය නියෝජනය කරන්නේ සුන්නි මුස්ලිම් ජාතිකයන්ය. එම නිසා සුළුතරයක් වූ ෂියාවරුන්ගේ පාලනයක් යටතේ සිටීමට සුන්නිවරුන් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ අනුව සුන්නි මුස්ලිම්වරුන්ගේ සහායද අසාද් පාලනයට විරුද්ධ අරගලයට හිමි විය. නමුත් මේ කිසිදු අරගලයකට එක් මධ්‍යගත නායකත්වයක් හෝ නිශ්චිත පොදු අරමුණක් නොවූ නිසා සටන් සහ අරගලවල විශාල අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වෙමින් සමස්ත සිරියානු අර්බුදයම අච්චාරුවක් බවට පත්විය. සිරියානු සිවිල් යුද්ධය තවත් භයානක දිශාවකට යොමු වූයේ කොහේවත් සිටි අයි.එස්. ත්රස්තයන් සිරියානු භූමියට ඇතුළු වී 2014 වනවිට සිරියානු රජයටත් වඩා ප්‍රබල වෙමින් සිරියානු භූමියෙන් 60෴ක ප්‍රමාණයක් පාලනය කිරීමටත් සිරියාවේ තෙල් නිධිවලින් බහුතර ප්‍රමාණයක් අත්පත් කරගැනීමටත් සමත් වීමයි. කෙසේ වෙතත් හාස්‍යයට කරුණ වන්නේ මෙතෙක් කාලයක් ගහමරාගත් ප්‍රධාන පිල් දෙක වූ අසාද් පිල සහ අසාද් විරෝධී පිල යන පාර්ශ්ව දෙකම එක්වී අයි.එස්. ත්රස්තවාදීන්ට පහරදීම සහ අයි.එස්. බලය හීන වූ පසු එම පිල් දෙක නැවත සුපුරුදු ලෙස යුද වැදීමයි.
සිරියානු අර්බුදයට සුවිශේෂත්වයක් ලැබී තිබෙන්නේ මෙම අන්තර්ජාතික මැදිහත්වීම නිසාවෙනි. එදා සිට මේ දක්වාමත් මෙම යුද්ධය තුළ දක්නට ලැබෙන අන්තර්ජාතික මැදිහත්වීම් බොහෝය. නිල වශයෙන් රුසියාව 2015 වසරේ සිට බෂාර් අල් අසාද් වෙත සිය සහයෝගය පළකරන ලදී. ඊට අමතරව ෂියා මුස්ලිම් හිතවාදී රටවල් වන ඉරාකය, ඉරානයට අමතරව ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ද අසාද් වෙත සිය සහයෝගය දැක්වීය. අසාද් විරෝධී පිල වෙත එදා සිටම ඇමෙරිකාවේ ආශිර්වාදය තිබූ අතර, හිටපු ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා කිහිප අවස්ථාවකම සිරියාවට රසායනික අවි චෝදනා එල්ල කරමින් මීට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කළේය. ඊට අමතරව සුන්නි හිතවාදී රටවල් වූ සෞදි අරාබිය, කටාරය, තුර්කියද සිය සහයෝගය අසාද් විරෝධීන්ට ලබාදුන්හ. 2016 වසරේදී තුර්කිය සිය බළඇණි යොදාගනිමින් සිරියාවට ඇතුළු වී සිරියාවේ රැඳී සිටින අයි.එස්. ත්රස්තයන්ට ප්‍රහාර එල්ල කරන ලදී. එමෙන්ම ඇමෙරිකාවේ සහාය හිමි වූ කුර්දි සටන්කාමීන්ටද එම ප්‍රහාර එල්ල විය.
මේ අතරවාරයේදී මෙතෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ඊශ්‍රායලයද සිරියානු රජයට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කරන්නේ සිය පරම සතුරා වූ හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු රජයට සහාය දැක්වීම නිසාවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය පෙබරවාරියේදී සිරියානු රජයේ හමුදා විසින් තමන්ට පහරදීමට පැමිණි ඊශ්‍රායලයේ ගුවන් යානාවකට ප්‍රහාර එල්ල කර බිම හෙළීමට ක්‍රියා කරන ලදී. 2017 වසරේ අප්‍රේල් මාසයේදී ඇමෙරිකාව සිරියාව වෙත සිය පළමු ඍජු මැදිහත්වීම සිදුකරන්නේ සිරියානු රජයේ හමුදාවන්ට අයත් ගුවන් කඳවුරක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් දියත් කරමිනි. ඊට අමතරව 2013 වසරේ සිටම ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවය විසින් අසාද් විරෝධී කැරලිකරුවන්ට ආධාර සහ යුද පුහුණුව ලබාදුන් අතර, රුසියානු ඔත්තු සේවා හමුවේ එය ලෝකයටම හෙළිවීමත් සමග එම ව්‍යාපෘතිය නවතා දැමීමට ඇමෙරිකාවට සිදු විය. 2015 වසරේ රුසියාවද ඍජු මැදිහත්වීමක් සිදු කරමින් සිරියාවේ හඳුනාගත් අයි.එස්. ඉලක්ක වෙත ගුවනින් බෝම්බ හෙළීමට ක්‍රියාකළ අතර, අයි.එස්. ත්රස්තයන්ට අමතරව එම බෝම්බ අසාද් විරෝධී හමුදාවන්ගේ හිස මතටද පතිත විය. ජිනීවාහි මැදිහත්වීමෙන් කිහිප අවස්ථාවකදීම සිරියානු අර්බුදය සාකච්ඡා මට්ටමින් විසඳීමට උත්සාහ කළද ඒ සියලු උත්සාහයන් ගඟට කැපූ ඉණි මෙන් අසාර්ථක වී තිබේ. මේ අතරවාරයේදී ලෝක බලවතෙකු වන චීනය තවමත් මෙම අර්බුදය සම්බන්ධයෙන් යම් ආකාරයක නිහඬ ප්රතිපත්තියක සිටීම විශේෂත්වයකි.
සිරියාවේ අර්බුද සම්බන්ධයෙන් විවිධ අර්ථකථන දක්නට ලැබේ. ඇතැම් පිරිසක් මෙය ෂියා මුස්ලිම්වරුන් සහ සුන්නි මුස්ලිම්වරුන් අතර හටගත් ගැටුමක් ලෙස දක්වයි. නමුත් සිරියානු අර්බුදයේ වත්මන් තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී මෙය හුදෙක් අසාද් ප්රමුඛ සිරියානු රජය හා අසාද් විරෝධී පිල අතර ඇති ගැටුමක් ලෙස දකිනවාට වඩා ලෝක බලවතා වීමට විශාල අරගලයක යෙදෙන ඇමෙරිකාව ප්රමුඛ බටහිර ලෝකයත්, රුසියාව ප්රමුඛ කඳවුරත් යන බලප්රේතයන් සිය පෞද්ගලික න්යායපත්ර ක්‍රියාත්මක කරමින් සිටින සන්දර්ශන භූමියක් බවට සිරියාව පත්ව ඇති බව පැහැදිලිය. පසුගියදා ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය ප්රමුඛ රටවල් අසාද්ගේ රසායනික අවි භාවිතයට ප්‍රතිචාර දක්වනවා කියමින් ඒකාබද්ධව එල්ල කරන ලද ප්‍රහාරත් ඊට රුසියාව දැක්වූ ප්‍රතිචාරයත් හමුවේ මෙය තවත් ලෝක යුද්ධයක පෙර නිමිත්තක්දැයි සැක පහළ කළ හැකිය.
මේ සියලු නාටක හමුවේ අසාද්ට මෙන්ම අසාද් විරෝධීන්ට අද වනවිට අත්පත් කරගැනීමට තවදුරටත් සිරියාවක් ඉතිරිව නැත. බල ප්‍රේතයන්ගේ ක්‍රියාකාරකම් හමුවේ ලක්ෂ ගණනකගේ ජීවිත අහිමි වූ ජනශුන්‍ය වූ සොහොන් බිමක් බවට මේ වනවිට සිරියානු භූමිය පත්ව හමාරය. මේ කිසිදු පිලක් තුළ සිරියාවට ආදරයක් හෝ කැක්කුමක් නොමැති අතර, එකම උත්ප්‍රේරණය වන්නේ සිරියාව තුළ පවත්නා විශාල තෙල් සම්පතයි.
අවසාන වශයෙන් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය විමසිය යුතුය. මන්දයත් ඉන්දියාව හෝ මෙම ගැටලුව පිළිබඳ නිවැරදි නිර්වචනයක් ගෙන ඒමට සමත්ව තිබීම නිසාවෙනි.
සිරියානු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක් දරන ඉන්දියාව පසුගියදා ඇමෙරිකාව සිරියාවට එල්ල කළ ප්‍රහාරය දැඩි සේ හෙළා දකින ලදී. මීට පෙරත් ඇමෙරිකාව ප්රමුඛ රටවල් සාක්ෂි රහිතව සහ හුදෙක් මතයක් මත රසායනික අවි හා න්‍යෂ්ටික අවි චෝදනා එල්ල කරමින් අරාබිකරයේ තෙල් සම්පතින් පොහොසත් ඉරාකය වැනි රටවල් කිහිපයක්ම ආක්‍රමණය කළද, අවසානයේ ඔවුන් චෝදනා කළ අවි කිසිවක් එම රටවලින් සොයාගැනීමට නොහැකි වී ඇති බවත්, සදාම් හුසේන් යටතේ යම් සමෘද්ධිමත් තත්ත්වයක තිබූ ඉරාකය අද අපායක් බවට පත්ව ඇති බවත් ඉන්දියාව පවසා සිටියේය. එමෙන්ම මෙම සිරියානු සිවිල් යුද්ධය හුදෙක් සිරියාවේ අභ්‍යන්තර ගැටලුවක් බැවින් එය සිරියාවටම විසඳාගැනීමට ඉඩදිය යුතු බව මෙන්ම සාක්ෂි රහිතව ඇමෙරිකාව සිදුකරන මෙම ප්‍රහාර වහාම නැවැත්විය යුතු බවද ඉන්දියාව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය. ඉන්දියාව නොකියා කියන්නේ ගඩාෆි යටතේ සමෘද්ධිමත් වූ ලිබියාවටද ඇමෙරිකාව කර ඇත්තේ මහා විනාශයක් බවත්, අරාබි වසන්තයෙන් අරාබිකරයට පැමිණි වසන්තයක් නොමැති බවත්ය. ඉරාකයේත් ඇෆ්ගනිස්තානයේත්, වියට්නාමයේත්, ජපානයේත් ආක්‍රමණවලදී සිදුකළ යුද අපරාධ නිසා කීර්තියට පත් ඇමෙරිකාව ලෝකයට සුදනා වෙමින් සිරියාවට අත තැබීම පිළිබඳ ඉන්දියාව සිය ස්ථාවරය තුළින් හොඳ කනේ පහරක් ලබා දී තිබේ.
ඉන්දියාව එලෙස ස්වාධීනව සිය මතය ප්‍රකාශ කරද්දී ශ්‍රී ලංකාව උතුරු හා දකුණු කොරියානු අර්බුදයේදී හා සිරියානු ප්රශ්නයේදී අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාවේ එහෙයියෙකු ලෙස ක්‍රියාකරනු දැකගත හැකිවිය. සිරියාව ඇතුළු අරාබිකරයේ රටවල මතුවූ මෙම අරාබි වසන්තය ශ්‍රී ලංකාවටද යම් ආකාරයකින් අදාළ වන බව ඇතැම් විචාරකයන් පෙන්වා දෙයි. ඊට හේතුව වන්නේ පසුගිය 2015 වසරේ මෙරට සිදුවූ බල පෙරළියයි. එය පිටුපසද අදිසි බලවේගයන් ක්‍රියාත්මක වූ බව අද වනවිට විවෘත මාධ්‍ය තුළද ප්‍රචාරය වී තිබෙන අතර එම බල පෙරළියෙන් ශ්‍රී ලංකාවට වූ යම් සෙතක් තිබේද නොතිබේද යන්න පාඨක ඔබ සිතා බැලිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd