Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
මෙවැනි ගැටලුවලට බොහෝ විසඳුම් තිබුණත් ඒ සඳහා කදිම විසඳුමක් ලෙස සූර්ය බලශක්තිය හඳුන්වාදිය හැකිය. බහුලව පවතින්නා වූත් නොමිලේම ලබාගත හැකි වූත් සූර්ය ශක්තිය ඵලදායී ලෙස යොදා ගැනීමට ඇති තාක්ෂණික ක්රමෝපායන් පිළිබඳ අවධානය යොමු කිරීම රටෙහි ඉදිරි පැවැත්ම මෙන්ම සංවර්ධනය කරා යන ගමනේදී අපට ඉතා වැදගත් වේ.
බහුලව භාවිතයේ පවතින සිලිකන් සූර්ය කෝෂ අනෙක් ඒවා සමග සැසඳීමේදී තරමක් මිල අධික වීමත්, ඒවායේ උපරිම කාර්යක්ෂමතා මට්ටමට එළඹ තීබිමත් නිසා ඒ සූර්ය කෝෂ සඳහා වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම මේ වන විට ගිලිහී යමින් පවතී. නමුත් එයට සාපේක්ෂව තුනී පටල ප්‍රකාශ වොල්ටීයතා සූර්ය කෝෂ තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් නූතනයේ දැකගත හැකිය. කෙසේ නමුත් පරිසර හිතකාමී ලාභදායී ද්‍රව්‍ය සහ තාක්ෂණය භාවිතයෙන් සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කළ හැකි උපාංග තැනීම අභියෝගාත්මක කාර්යයක් වන්නේය. මෙලෙස අඩු වියදම් ද්‍රව්‍ය හා තාක්ෂණය භාවිත කළ හැකි ද්‍රව්‍ය අතර පරිසර හිතකාමී කියුබ්ලස් ඔක්සයිඩ් (CU2O ප්රමුඛස්ථානයක් ගනු ලබයි. විද්‍යුත් සහ ප්රකාශනමය ලක්ෂණ ප්‍රකාශ කරන මෙම කියුබ්ලස් ඔක්සයිඩ් වෝල්ටීයතා උපකරණ සඳහා ඉතාමත් උචිත මට්ටමක පවතියි. ලොව ඇති අනෙකුත් ද්‍රව්‍ය හා සැසඳීමේදී සූර්ය කෝෂ නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ඉතා ඉක්මන් ලාභදායී ද්‍රව්‍යයක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.
මීට වසර 30කට ප්‍රථම මහාචාර්ය විතාන සිරිපාල මහතා විසින් කියුබ්ලස් ඔක්සයිඩ් භාවිතයෙන් නිෂ්පාදන සූර්ය කෝෂ සඳහා පර්යේෂණ කටයුතු ප්‍රථම වතාවට ආරම්භ කෙරිණි. ඉන්පසුව ඒ පිළිබඳ නොයෙක් පර්යේෂණයන් සිදුකරන කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සූර්ය බලශක්ති විසඳුම් මධ්‍යස්ථානයට මේ සම්බන්ධ නව සොයා ගැනීම් රැසක් කිරීමට හැකි විය.
සූර්ය කෝෂ මගින් සපයන විදුලි බලය උපරිම ජවයක් සහිතව පරිවර්තනය කිරීමට ඔවුන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් පවතියි. මෙම පරීක්ෂණ කටයුතු සඳහා මහාචාර්ය රුවන් විජේසුන්දර, ආචාර්ය සුජීවා ද සිල්වා, ආචාර්ය චරිත් ජයතිලක සහ ආචාර්ය සී.ඒ.එන්. ජයතිස්ස වැනි මහත්ම මහත්මීන් රැසක් සම්පත් දායකත්වය සපයයි.
ඔවුන් විසින් මේ වන විට පර්යේෂණ කටයුතු සිදුකරමින් සිටින්නේ කියුබ්ලස් ඔක්සයිඩ් කාර්යක්ෂමතාව 10% දක්වා වැඩි කිරීමටයි. මීට වසර 20කට ප්‍රථම කියුබ්ලස් ඔක්සයිඩ්වලින් තනනු ලැබූ සූර්ය කෝෂවල කාර්යක්ෂමතාව වූයේ 1෴ක් පමණ මට්ටමකි. නමුත් එය මේ වන විට 3.4%ක් දක්වා වර්ධනය කරලීමට මෙම පර්යේෂණ කණ්ඩායම සමත් වී ඇත. තවත් වසර 05ක් පමණ කාලයක් තුළදී මෙය හතර ගුණයකින් වැඩි කරමින් 10෴ කාර්යක්ෂමතා මට්ටමකට ගෙන ඒමට හැකි බව පර්යේෂණ කණ්ඩායමේ මතයයි. එවැනි කාර්යක්ෂමතා මට්ටමකට ගෙන ආ විට සිලිකන් සූර්ය කෝෂ හා වඩා තරගකාරී වෙළෙඳ පොළක් සකස් කර ගැනීමට කියුබ්ලස් ඔක්සයිඩ් සූර්ය කෝෂවලට හැකි වීම අනිවාර්යයෙන් සිදුවන්නකි. එසේ වුවහොත් සමාන්‍ය සූර්ය කෝෂයක් සඳහා යන වියදමෙන් 90෴ක් පමණ ප්‍රමාණයක් අඩුකර ගැනීමේ හැකියාව එයින් උදා වේ.
අප රට තුළ භාවිත කරන ඉන්ධනවලින් 85%ක් පමණ භාවිත කරන්නේ පොසිල ඉන්ධනයයි. ඒ නිසා මෙවැනි ක්‍රමයක් සොයා, එයින් නව නිෂ්පාදනයන් කිරීමට හැකි වුවහොත් අපට විදේශ විනිමය ඉතිරිකර ගැනීමට හැකි වෙනවා පමණක් නොව පාරිසරික හානිය පවා අවම මට්ටමක පවත්වා ගැනීමට හැකි වේ. ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණ දීමට නියමිත ඉන්ධන අර්බුදයට ලංකාව හසු නොවී සිටීමටත් මෙය මහත් පිටිවහලක් වනවා නියතය. එබැවින් කියුබ්ලස් ඔක්සයිඩ්වල කාර්යක්ෂමතාව පර්යේෂණාත්මකව ලබාගැනීමට හැකි වුවහොත් එය බොහෝ ක්ෂේත්‍ර සඳහා යොදා ගැනීමේ අවස්ථාව පුළුල් වේ.
එම විශේෂඥ කණ්ඩායම විසින් සූර්ය බලයෙන් රත් කරන බොයිලේරුවක් මේ වන විට විශ්වවිද්‍යාල ආපන ශාලාව සඳහා සකස් කර ඇති අතර, එය විදුලි බලයෙන් මෙන්ම සූර්ය තාපයෙන් ක්‍රියාත්මක වන දෙමුහුම් ආකාරයට සකස් කර ඇති එකක් විය. මෙම ක්‍රමය මගින් 50%කට වඩා විදුලිය ඉතිරි කර ගැනීමට හැකියාව ලැබිණ.
මීට අමතරව, සූර්ය කෝෂ යොදා ගනිමින් විදුලි ලාම්පුවක්, රේඩියෝවක්, විදුලි පංකාවක් මෙන්ම හදිසි SMS සේවාවක් වැනි විශේෂාංග රැසක් සහිත රෝද පුටුවක්ද නිපදවීමට එම කණ්ඩායම සමත් විය. එය රටක් වශයෙන් ලැබූ විශාල ජයග්‍රහණයකි.
පර්යේෂණ මට්ටමින් සිදුකරගෙන යන මෙම සූර්ය බලශක්ති විසඳුම් මධ්‍යස්ථානයේ විශේෂඥ පිරිස කැලණිය විශ්වවිද්‍යාලය හරහා පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට සූර්ය බලශක්තිය එදිනෙදා භාවිත කරන සරල උපකරණ බලගැන්වීම පිළිබඳ මෙන්ම ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලබයි.
විශේෂයෙන්ම ඔවුන් විසින් කුඩා සූර්ය කෝෂ නැවත ආරෝපණය කළ හැකි බැටරි ආරෝපණය කිරීම, කුඩා මේස ලාම්පු, පංකාවක් නිර්මාණය සහ බලගැන්වීම පිළිබඳ මූලික අවබෝධය ලබාදීම සිදුකරයි. ඔවුන් මෝටර් මගින් ක්‍රියාකරන කුඩා කාරයක් නිපදවීම සහ සූර්ය කෝෂ භාවිතයෙන් එය ක්‍රියා කරවීම ආදී වූ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. මෙම වැඩසටහන් සඳහා මූල්‍යමය ආධාර ලබාදෙනු ලබන්නේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසිනි.
මෙම වැඩසටහන යටතේ පාසල් හැර යන දරුවන් සූර්ය කෝෂ සවි කිරීම සහ ඒවා නඩත්තු කිරීම පිළිබඳව පුහුණු කිරීම සඳහා සහාභාගී කර ගැනීමේ සැලසුම් ක්‍රමවේදයන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම පුහුණු කටයුතු කිරීම සඳහා වෙනත් රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගයද හිමි වේ. මෙවැනි කාර්යභාරයක් සිදුකරන එම විශේෂඥ මඬුල්ලේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ, නොමිලේ ලබාගත හැකි සූර්ය ශක්තිය ඵලදායී ලෙස උකහා ගැනීමේ ආකාරය පිළිබඳව දැනුවත් කරමින්, තරුණ තරුණියන් රටේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් සෙවීම සඳහා පොළඹවාලීමයි.
මේ වන විට මෙම විශේෂඥ කණ්ඩායම කොළඹ විශ්වවිද්‍යාලය, ජපානයේ Spring 8 ජපානයේ NIMS, ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාල යන ආයතනවල පර්යේෂණ කණ්ඩායම් හා සහයෝගීතාවක් පවත්වාගෙන යමින් මෙම පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. සෑම වර්ෂයකම පාහේ මෙම විද්‍යාඥ කණ්ඩායමේ සමාජිකයන් ජනාධිපති සම්මානවලින් පවා පිදුම් ලබා ඇත.
'ලෝකයේ 85%ක් පමණ භාවිත වන්නේ පරිසරයට හිතකාමී නොවන පොසිල ඉන්ධනයි. නමුත් එය නිශ්චිත සංචිතයක් පමණයි තිබෙන්නේ. මේ සඳහා ආදේශක භාවිතය අතර ප්‍රමුඛතාව හිමිවන්නේ සූර්ය බල ශක්තියටයි. නමුත් එහි ඇති ගැටලුව වන්නේ සූර්ය බලශක්තිය අපට අවශ්‍ය දේවලට භාවිත කරන්න බැහැ. ලෝකයේ අවුරුද්දක් තුළ භාවිත කරන විදුලි බලශක්තිය පැයක් තුළ පොළොවට වැටෙන හිරු එළියට සමානයි. ඒ අනුව සූර්ය කෝෂයක් භාවිතයෙන් එම ශක්තිය අපට භාවිතයට ගන්න පුළුවන්. නමුත් එය එතරම්ම ජනප්‍රිය වී නැහැ. මොකද 95෴ක්ම වාගේ තිබෙන්නේ සිලිකන්වලින් නිෂ්පාදනය කළ සූර්ය කෝෂයි. එහි ගැටලුව වන්නේ මේවා ඉතාමත් මිල අධික වීමයි. සූර්ය කෝෂ නිපදවීම සඳහා යොදා ගන්නා සිලිකන් ලෝකයේ දෙවැනියට වැඩියෙන්ම තිබෙන අමුදුව්‍ය වුවත් මෙවා පිරිසුදු කිරීමට ඉහළ මුදලක් යනවා. ඒ නිසා පරිසර හිතකාමී ලාභදායී ද්‍රව්‍යයක් වන කියුබ්ලස් ඔක්සයිඩ් සූර්ය කෝෂ නිෂ්පාදනය ඉතාම වැදගත්. එහි කාර්යක්ෂමතාවෙ 10%කට ගැනීමට හැකි වුවහොත් ඒවා වෙළෙඳ පොළට නිකුත් කරන්න පුළුවන්. එයට තව වසර 05ක් පමණ කාලයක් ගත වේවි.
අඩු තාක්ෂණයෙන්, අඩු වියදමින් මෙවැනි සූර්ය කෝෂ නිපදවීමට හැකිනම් පොසිල ඉන්ධනවලින් අපට ඉවත් වීමට හැකියාව ලැබෙනවා. මෙය රටේ ජනතාවගේ සම්පූර්ණ ජීවිතය වෙනස් කරන දෙයක් වෙනවා.
කියුබ්ලස් ඔක්සයිඩ් (CU2O) වලින් අඩු වියදම් තාක්ෂණික ක්රමයන් භාවිතයෙන් සූර්ය කෝෂයක් නිෂ්පාදනය සඳහා මේ වන විට පර්යේෂණ සිදුකරම්න් පවතිනවා. මුල් කාලයේ මෙහි කාර්යක්ෂමතාව 0.1% මට්ටමක පැවතුණා. ඒ නිසා ඇතැම් කණ්ඩායම් ඒවා නතර කර දමන්නට පවා යොමු වුණා. නමුත් මෙහි කාර්යක්ෂමතාව 20෴ක් දක්වා වර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එවැනි තත්ත්වයකට ගෙන එන්නට අපිට හැකි වුණොත් ලෝකයේ ඇති බලශක්ති අර්බුදයට සාර්ථක විසඳුමක් ලබාදිය හැකියි. අපි මේ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකළා.
ජපානයේ දැනට 8%ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කළත්, එහි තාක්ෂණික ක්‍රියාවලිය සඳහා වැඩි වියදමක් යන නිසා එය ආදේශ කර ගැනීමේ ගැටලුවක්ද ඇති වෙනවා.
ඒ නිසා අඩු වියදම් සහිත, තාක්ෂණය අතින් ඉහළ සූර්ය කෝෂයක් නිපදවන්න කැලණිය විශ්වවිද්‍යාලයේ අපේ කණ්ඩායම ඉදිරිපත් වුණා. කියුබ්ලස් ඔක්සයිඩ්වල කාර්යක්ෂමතාව වැඩි කරන්නේ කිනම් අයුරින්ද යන්න අපි විමසා බැලුවා. පසුගිය වසර ගණනාවක් තුළ කළ ප්රතිඵලවල සාර්ථකත්වයක් ලැබී තිබෙනවා. දැන් එය 3.4%ක් වැනි තත්ත්වයකට වර්ධනය වී තිබෙනවා. මෙය තව හතර ගුණයකින් වැඩි කරගැනීමට හැකි වුණොත් වෙළෙඳ පොළ සඳහා ඉදිරිපත් කළ හැකියි. සිලිකන් සූර්ය කෝෂ සමග තරග කළ හැකි තත්ත්වයක් මෙයන් උදාවෙනවා. මේ නිසා අපිට පුළුවන් වුණා ලෝකයට පළමු වතාවට %එන්^ වර්ගයේ අකුණු සන්නායකයක් නිර්මාණය කර ඉදිරිපත් කරන්න. ඒ වගේම පසුගිය වසර පුරාවට අපිට හැකී වී තිබෙනවා මේ පිළිබඳ ලිපි රාශියක් අන්තර්ජාතික සඟරාවලට ඉදිරිපත් කරන්න.
මෙය වසර 30ක් පැරණි පර්යේෂණයක්. අපිට පුළුවන් වුණා එය මේ තරම් දුරක් ඉදිරියට ගෙන ඒමට. මෙහි ප්‍රධාන කාර්යභාරය වන්නේ කියුබ්ලස් ඔක්සයිඩ්වල 10෴ක කාර්යක්ෂමතාවක් අත්කර ගැනීමට උත්සාහ කිරීමයි.
ඒ වගේම සමාන්‍ය රෝද පුටුවක් සඳහා සූර්ය කෝෂ සවිකර ඒ මගින් ක්‍රියා කරවන තත්ත්වයකට පත් කළා. මෙය ඉතාම අඩු වියදම් වන ආකාරයට සිදුකරන්නට අපි සැලසුම් කළා. ඒ වගේම සූර්ය කෝෂ භාවිත කරමින් විශ්වවිද්‍යාල ළමයින්ට වැඩ කරන්නට හැකි ස්ථාන කිහිපයක් සකස් කරන්න ඉදිරියේදී අපි අපේක්ෂා කරනවා. ඒ තුළින් ළමයින්ට සූර්ය බලය භාවිත කරමින් පරිගණක භාවිත කරන්න, මොබයිල් ෆෝන් භාවිත කරන්න හැකි වන අයුරින් සකස් කරන්න අපි අපේක්ෂා කරනවා.
අපි දැනට සූර්ය කෝෂයෙන් එන ජවය යම් උපකරණයකට (කන්වේටරයක්) අනිවාර්යයෙන් ලබාදිය යුතුයි. මේ අයුරින් මේ අතරමැද තිබෙන උපකරණයේ ක්ෂමතාවය වැඩි කරන්න අපි මේ වෙනකොට පර්යේෂණ කරගෙන යනවා.
අපේ රටේ ප්‍රධාන ගැටලුවක් වන්නේ පුනර්ජනනය නොවන බලශක්ති අපි දැනට භාවිත කිරීමයි. නමුත් අපි එදිනෙදා අලුත් වන පුනර්ජනන බලශක්ති සඳහා යොමුවෙන්න ඕන. සූර්ය ශක්තිය ඒ සඳහා හොඳ උදාහරණයක්. නමුත් මේ සඳහා අපේ රටේ පවතින කැමැත්ත බොහොම අඩුයි. ඒ නිසා යම්කිසි ආකාරයකින් මෙය අපි ප්‍රචලිත කරන්න ඕන. අපේ ඉලක්කගත ප්‍රජාව වන්නේ පාසල් ළමුන් සහ ගුරුවරුන්. ඔවුන් මගින් අපට හැකි වෙනවා හොඳ පණිවුඩයක් තම තමන්ගේ නිවෙස්වලට මෙන්ම රටවැසියන්ට යවන්න. මේ සඳහා අපේ විශ්වවිද්‍යාලය සමග තවත් විශ්වවිද්‍යාල කිහිපයක් සහභාගී වෙනවා. අපි පාසල් ළමුන්ට එදිනෙදා භාවිතයේදී අවශ්‍ය වන සරල උපකරණ සූර්ය කෝෂ මගින් බලගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. මේස ලාම්පුවක්, පංකාවක්, සූර්ය කෝෂ මගින් බලගන්වන මෝටර් රථයක් කෙසේද බලගන්වන්නේ යනාදී සෑම දෙයක්ම අපි දරුවන්ට කියා දෙනවා. මේවා දැන් පාසල් අතර බොහෝම ප්‍රචලිතයි. තවත් දරුවන් සිටිනවා නම් එවැනි අවස්ථාවලට සහාභාගී වී දැනුම උකහා ගන්න, අපි කැමතියි ඒ දරුවන්ට උපකාරයක් වන්න. අපි ඉදිරියේදී අපේක්ෂා කරන්නේ පාසල් හැර යන දරුවන් සූර්ය කෝෂ සවිකිරීම සහා නඩත්තුව සඳහා පුහුණු කරන්න. මෙය ඇත්තෙන්ම කාලීන අවශ්‍යතාවක්. මෙය යම්තාක් දුරට රට තුළ ප්‍රචලිත වෙමින් පවතිනවා. එය කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා එවැනි වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටත් අප කණ්ඩායම අපේක්ෂා කරනවා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd