තවත් ජීවිතයක් වෙනුවෙන් මනුෂ්‍යත්වය සමගින් ඇතිවන වීරත්වය සමාජය තුළින් මතුවන්නේ ඉඳහිටය. දුර්ලභ වූ ඒ වීරත්වය ඇගැයීමට ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය මට්ටමින් පවා කටයුතු කරන අවස්ථා අප දැක තිබේ. ලාංකේය ජන සමාජය තුළින් එසේ මතුවන වීරයන් සහ වීරවරියන් සොයා ගොස් ඔවුන් අභිසෙස් ගන්වන මෙරට සුවිශේෂීතම සම්මාන උලෙළ වනුයේ වීර පොදුජන පදනම විසින් පවත්වන ජාතික විරුජන සම්මාන උලෙළයි.
පසුගිය ජූනි 15 වැනිදා 23 වන වරටත් එය අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ නෙළුම්පොකුණ රඟහලේදීය. මෙවර ඒ සඳහා අනුග්‍රහය දක්වනු ලැබුවේ ජනශක්ති රක්ෂණ සමාගමයි.
මෙවර සම්මාන උලෙළේදී විරුවන් එකළොස් දෙනෙකු සහ වීරවරියන් දෙදෙනෙකු සම්මානයට පාත්‍ර වුණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, වීර පොදුජන පදනමේ නිර්මාතෘ සහ සභාපති නීතීඥ කසුන් චන්ද්‍රරත්න, පොලිස්පති පූජිත් ජයසුන්දර, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ නිලධාරීන් සහ විෙදස් තානාපතිවරුන් අැතුළු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණ.
ජයග්‍රාහකයන් තෝරාගැනීමට පෙර දිවයින පුරා විසිර සිටින සියලු වීර වැසියන් හට මේ සඳහා ඇරයුම් කරන මෙන් වීජ පොදුජන පදනම පවසනු ලැබිණි. එමෙන්ම තමන් දන්නා එවැනි වීර පුද්ගලයන් නම්කර වෙනත් අයටද අයදුම්පත් යොමු කිරීමේ හැකියාව මේ හරහා ලබාදී තිබුණි.
2016 ජනවාරි මස 01 දා සිට 2016 දෙසැම්බර් මස 31 දින දක්වා කාල ඇතුළතදී ඉටුකළ නිර්භීත පරහිතකාමී ක්‍රියාවන් මෙවර සම්මාන ඇගයුමට ලක්විණි.
මෙසේ ඉස්මතු වූ නිහඬ විරුවන් ඇගයීමේ මෙහෙවරෙහි නියමුවා වන වීර පොදුජන පදනමේ නිර්මාතෘ සහ සභාපති නීතීඥ කසුන් චන්ද්‍ර‘රත්න මහතා 'අද' වෙත සිය අදහස් පළ කළේ මෙසේය.
''මෙවැනි දෙයක් කරන්නට මට අදහස ආවේ මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරලා ඉන්න දවස්වල කියවපු පැරණි සඟරාවක තිබුණ සිදුවීමක් දැකලා. එහි තිබුණේ ඇමරිකාවේ වයස අවුරුදු 09ක දරුවෙක් කරපු වීර ක්‍රියාවක් එරට ජනාධිපතිවරයාගේ පවා ඇගයීමට ලක්වුණ අවස්ථාවක්. අපේ සමාජයේ පවා විවිධ අවස්ථාවල සැබෑ විරුවන් ඉස්මතු වී තිබෙන අවස්ථා තිබෙනවා.
නමුත් ඒ වීරත්වය නිහඬයි. ඒවාට සමාජයෙන් ලැබුණ ඇගැයීම, වටිනාකම අඩුයි. ඒ අඩු වුණ ඇගැයීම සහ වටිනාකම ලබාදෙන්නයි මට අවශ්‍ය වුණේ. මේ සම්මානයට පාත්රවෙන සෑම අයෙක්ම මධ්‍යම පාංතික සමාජවල මිනිස්සු. සමාජයේ ඉහළ ස්ථරවල ඉන්න යැයි කියන මිනිස්සු මේ අතර නැහැ.
ඔවුන්ට ඇගැයීමක් නොලැබෙන්න හේතුවත් ඔවුන් මධ්‍යම පාංතිකයන් සහ ප්‍රසිද්ධ පිරිස් නොවීම. මේ කාර්යයට රාජ්‍ය අනුග්‍රහ‘යක් ලබාගන්න මම මුල් කාලයේ විශාල වෙහෙසක් දැරුවා. මොකද මේ ඉන්නේ අපේම ශ්‍රී ලාංකික පුරවැසියන් නිසා. අවාසනාවකට අපේ නිසි බලධාරීන්ගේ අවධානය තවමත් මේ පරහිතකාමී මිනිස්සු වෙත යොමුවෙලා නැහැ.
නමුත් මට පුළුවන් වුණා අඛණ්ඩව 23 වරක්ම ඒ කාර්යය සිදුකරගෙන එන්න. අපි මේ වන විට තවත් වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා මේ විරුවන්ගේ අධ්‍යාපනය ලබන දරුවන් වෙත ආධාර ලබාදෙන්න සහ ඒ පවුල් සඳහා උපකාර කරන්න. මිනිසත්කම හඳුනන ඕනෑම කෙනෙකුට ඒ කාර්යය සඳහා අප සමග එක්වෙන්න කියලා අපි ආරාධනා කරනවා.''
මෙවර විරුජන සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍ර වූ විරුවන් සහ වීරවරියන් මෙසේය.
විරුජන ජනහිතකාමී සම්මානය
එදිරිසිංහ ආරච්චිලාගේ කපුරු බණ්ඩා මහතා
විරුජන රන් සම්මානය (බුදල්නා ස්වර්ණ සම්මානය)
එරංග විකුම්සිරි මහතා (මියගිය)
විරුජන රජත මුද්‍රිකාව
S.W. කරුණාදාස මහතා
පාලිත ආනන්ද ජයකොඩි මහතා
නවීන් ධනුෂ්ක මහතා
හේරත් සේනානායක මහතා
නිහාල් සරත් කුමාර මහතා
ධනුෂ්ක ලක්මාල් කුමාර මහතා
රුමේෂ් සයුරංග වන්නිගම මහතා
සමන් ප්‍රියංකර මහතා
සමන් රෝහිත ජයසිංහ මහතා
තරුෂි සුජානි රණසිංහ මෙනෙවිය
විජය ගමගේ මැගලින් නෝනා මහත්මිය
මෙසේ සම්මාන ලැබූ විරුවන් සහ වීරවරියන්ගේ වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.