Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
කාන්තාවන්ට මේ සඳහා අයිතියක් නිදහසක් දිය යුතු යැයි කොතෙක් පුරසාරම් දෙඩුවද, ලාංකේය සමාජය තුළ එම තීරණය බලාත්මක කිරීම යම්තාක් ගැටලු සහගතය. දකුණු ආසියානු රටක් වශයෙන් හඳුන්වන ලංකාව ඇමරිකාව නොවන බව තරයේ මතක තබාගත යුතුය. එවැනි සංස්කෘතියක් තිබුණා නම් බියර් වතුරවලටත් වඩා අඩු කළාට කම් නැත. නමුත් ලාංකේය සමාජ තත්ත්වය ඔස්සේ ගන්නා වූ තීරණයන් ගැනීමට පාලනාධිකාරියට මේ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය.
පසුගිය මාසයේ ඉදිරිපත් කළ 2018 අයවැය යෝජනා පැමිණීමත් සමග දුම්වැටි, මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලාංකේය සමාජයට අහිතකර යෝජනා මාලාවක් එන්නට පටන් ගැනුණේ පවුල් සංස්ථාව එහෙන් පිටින්ම කඩා බිඳ දමන්නට දැයි සැක සිතෙන තරම්ය.
පාසල් යන කුඩා ළමයා පවා ඉලක්ක කර ගනිමින් බියර් බදු අඩු කෙරුණේ එහි මූලාරම්භය ලෙසිනි. නමුත් මෙය එතැනින් අවසන් නොවීය. තව තවත් අහිතකර යෝජනා රැසක් ඉදිරියට එන්නට විය. නමුත් එකී යෝජනා පිළිබඳ හා එහි විපාක පිළිබඳව මාධ්‍ය මගින් බොහෝ දැනුවත් කිරීම් සිදුකළද ඒ සඳහා කිසිදු විකල්පයක් ඉදිරිපත් නොවීය. මැති ඇමතිවරු, විවිධ ආයතන ප්‍රධානීන්, සිවිල් සංවිධාන, ස්වාමීන් වහන්සේලා මෙම යෝජනාවන්ට විරුද්ධව නොයෙක් ලෙස ස්වකීය අදහස් දැක්වුවද ඒ සඳහා හිතකාමී ප්‍රතිඵලයක් නම් හිමි නොවීය.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම අමාත්‍යාංශ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ මෙහි අහිතකර තත්ත්වය පිළිබඳ කතා කළ අතර, එයට සහයෝගය දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ස්වකීය අදහස ඉදිරිපත් කළේ මෙම යෝජනාවලට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරමිනි. රටේ ජනාධිපති වුවද ස්ව මතය ඉදිරිපත් කළ පමණින් එය මුදල් අමාත්‍යවරයා සංශෝධනය නොකළේ ඔහු එයට බැඳී නොසිටින නිසාවෙනි. එය එසේ සිදුකරන්නට කියා නියමයක්ද නොමැත. නමුත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන, ඒ පිළිබඳ ප්රගතිශීලී තීරණයක් අපේක්ෂාවෙන් සිටින්නන් ජනපතිගේ, සෞඛ්‍ය ඇමතිගේ වදනට ඇහුම්කන් නොදෙන මුදල් ඇමති මහජනතාවගේ වදනට ඇහුම්කන් දෙයිද යන ප්රශ්නය නගයි. මහජනතාව විසින් පත්කර ගන්නා නියෝජිතයන් අවසානයේ කටයුතු කරන්නේ ජනතා පරමාධිපත්‍ය බලයටත් ඉහළින් ගියා වූ දේව වරමක් ලත් කෙනෙකු ලෙස බව එයින්ම අපට මැනවින් වැටහේ.
මෙම සිදුවීම සිදු වී දින කිහිපයක් ගත වූ පසු පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියාව සඳහා යොදා ගැනීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සඳහා මෙතෙක් පැවති තහනම ඉවත් කෙරිණි. ඒ අනුව මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට කාන්තාවන්ට අවස්ථාව සැලසෙන බව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය. බියර් බදු අඩු කළ අවස්ථාවේ මෙන්ම මේ සම්බන්ධයෙන්ද නොයෙක් පුද්ගලයන් රට පුරාම නොයෙක් අයුරින් ස්වකීය මතයන් දැක් වූ අතර, එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම චක්‍රලේඛනය අවලංගු කිරීමට වහාම කටයුතු කිරීමයි.
ප්රජාතන්ත්රවාදය, නිදහස සහ සාධාරණත්වයෙන් යුත් සදාචාරවත් සමාජයක් ගොඩනැගීමට තමන් කැප වී සිටින බව අවධාරණය කළ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වර්තමානයේ ප්රජාතන්ත්රවාදය සහ නිදහස සමග ඉතා පැහැදිලි පාලනයක් රට තුළ ඇති වී තිබෙන බවයි. එම නිදහස භුක්ති විඳීම මනුෂ්‍යත්වය තුළ සිදුවිය යුතු අතර, ඇතැම් පිරිස් එම නිදහස අහිමි කිරීමට මාර්ග සකසමින් සිටින බවද හෙතෙම පැවසීය. කෙසේ නමුත් ඒ ප්රජාතන්ත්රවාදී සාධාරණ ක්‍රමය යටතේ මහජනතාවගේ සැබෑ ප්රජාතන්ත්රවාදය පිළිබඳ අනිවාර්යයෙන් සිතිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එක් අතකින් මේ යෝජනා දෙක සම්බන්ධයෙන් වුවත් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව අප ප්‍රශංසා කළ යුතුය. මෙතෙක් කුටුම්භය තුළ බීමත් ස්වාමිපුරුෂයන් නිසා දරුවන් ආරක්ෂා කරන්නේ කාන්තාවයි. එසේම ලාංකේය සංස්කෘතිය තුළ වුවත් කාන්තාවන් හැදී වැඩී ඇති පරිසරය අනෙකුත් රටවලට වඩා මඳක් වෙනස්ය. එනිසා මේ පිළිබඳ ගනු ලබන කරුණු කාරණාවන් වෙනත් රටවල් ආදේශයට ගනිමින් කිසිසේත් සිදුකළ නොහැකිය. මෙවන් නීතියක් පවතින්නේද යන්න පිළිබඳවත් කාත්තාවන් පමණක් නොව සමාජයේ බහුතරයක් දැනගනු ලැබුවේ මෙම චක්‍රලේඛනය නීතිගත කිරීමත් සමගය.
එමෙන්ම වෙතන් රටවල මෙන් නොව මත්පැන් තොලගා බොන සිරිතක් අපේ රටේ පිරිමින්ට නැත. මේ නිසා සිදුවන ළමා හා කාන්තා ප්රචණ්ඩ ක්‍රියා පවා ඉතා ඉහළය. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි චක්‍රලේඛන මගින් කාන්තාවගේ නිදහස ඇතිකරන මුවාවෙන් සිදුකරන්නේ තිබෙන නිදහසත් සම්පූර්ණයෙන්ම නැතිකිරීමකි.
එමෙන්ම බියර් ගැන, දුම්වැටි සමාගම් ගැන ලිහිල් ක්‍රියාමාර්ග ගනිද්දී කාන්තාවන් මත්පැන් අලෙවි සැල්වලට යාම පමණක් සීමා කිරීම කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මත්ද්‍රව්‍ය පාලනයට මුලින්ම යොමු වන්නේ තරුණයෙකු අරක්කු හෝ කසිප්පුවලින් නොව බියර්වලිනි. එනිසා බියර් බදු අඩු කිරීම තුළින් සමාජයේ සිටින කුඩා ළමුන් පවා තව තවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහී වීම අනිවාර්යයෙන් සිදුවේ. එනිසා නියපොත්තෙන් කඩන්න තියෙන දේ කවුරුත් පොරොවෙන් කපා දමා පෙන්විය යුතු නොවේ.
අනෙක් කාරණය නම් අඩු මද්‍යසාර ප්‍රතිශතයක් බියර්වල තිබේ යැයි පැවසීමයි. සාමාන්‍යයෙන් අනෙකුත් රටවලට වඩා ලංකාවේ බියර් වල සාන්ද්‍රණය වැඩි බව ඒ පිළිබඳ පර්යේෂණවලින් ඔප්පු වී අවසානය. එමෙන්ම අරක්කු බොන්නන් බියර් භාවිත කරාවියි යැයි කිසිසේත් කිව නොහැකිය. එනිසා ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන සෑම තර්කයක්ම බිඳවැටෙන මුත් සිදුවන එකම දෙය වන්නේ බියර් භාවිතයට තව තවත් පිරිස් හසුවීම වීම පමණි.
ඇතැම්විට මේ සියල්ල සැලසුම්ගතව කළ දේවල් විය හැකිය. මන්ද එවැනි කරුණු කාරණා එලෙස සිතීමට බොහෝ දේවල් නැතුවාම නොවේ. බියර් බදු අඩු කිරීමට මූලික හේතුව ලෙස මංගල සමරවීර මහතා දැක්වූයේ ලංකාවේ කසිප්පු බොන ප්‍රමාණය වැඩි වීමයි. ඔහු එය සනාථ කිරීම සඳහා වරෙක කොළඹ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකුගේ පර්යේෂණයක්ද භාවිතයට ගනු ලැබීය. අමාත්‍යවරයා ජනතා පරමාධිපත්‍යයෙන් යුත් පාර්ලිමේන්තුව තුළ එම පර්යේෂණය විද්‍යාත්මක ක්‍රමවේදයකින් සකස් කරන ලද්දක් බව කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් කළේය. නමුත් එය විශ්ලේෂණය කර බැලීමේදී එම කරුණු සාවද්‍ය බව මැනවින් පැහැදිලි වූ බව ක්ෂේත්රයේ විද්වත් පිරිසගේ මතයයි. ඔවුන් සඳහන් කරන පරිදි නුවරඑළිය ප්‍රදේශයේ භාවිත කරන ඇල්කොහොල් වලින් 95෴ක් කසිප්පු ලෙස එම වාර්තාවේ සටහන් වන නමුත්, ශ්‍රී ලංකාවේ වැඩිම බලපත්‍රලාභී මත්පැන් අලෙවි සැල් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේද නුවරඑළිය දිස්ත්‍රික්කය තුළයි. අදාළ අචාර්යවරයා තමා සිදුකළ පර්යේෂණය සම්බන්ධව විවිධ අදහස් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළ අතර, බොහෝ අවස්ථාවන්වල පරස්පර විරෝධී අදහස් පවා ඔහු විසින් පළ කෙරිණි. එකී දෙබිඩි පිළිවෙත නිසා ඇතැම්විට මෙය සැලසුම් සහගතව කළ දෙයක් යැයිද බොහෝ පිරිස්වලට අනුමාන කළ හැකිය.
මෙවර අයවැයේ එතරම් කතාබහට ලක් නොවූ දේවල් පවා සංශෝධනය වෙද්දී සංශෝධනය නොවූ බරපතළම කාරණාව නම් මත්පැන් හා දුම්වැටි සම්බන්ධ යෝජනාවන් කිහිපයයි. නමුත් කතාබහට වැඩිපුරම ලක්වූයේද එම කාරණාවමය. බියර් බදු අඩු කිරීම, අවන්හල් සඳහා මත්පැන් බලපත්‍ර ලබා දීම, කෑන් බියර් බදු අඩු කිරීම මෙන්ම අලුතින් දුම්වැටි සමාගම් ලියාපදිංචි කිරීම මේ කාරණාවන්ය.
කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල් විවෘත වූවාට විරුද්ධව හඬක් නැගුණත්, අයවැය යෝජනාවලින් ගෙන ආ මත්පැන් සම්බන්ධ ලිහිල් යෝජනා පිළිබඳ ජනාධිපති ස්වකීය මතය ප්‍රකාශ කළා විනා එම යෝජනා සංශෝධනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ මන්ද යන්න ගැටලුවකි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මිනිසුන්ට සෞඛ්‍ය අංශයෙන් මෙය ප්‍රබල බලපෑමක් වන නිසා කතා කළද මුදල් අමාත්‍යවරයාට එසේ අවශ්‍ය වන්නේ නැත. ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනුයේ රටේ ආර්ථිකයට ගැළපෙන සමබර ආර්ථිකයක් ගොඩනැගීමටය. ඔහු ලැබෙන ආදායමද අහිමි කර ගනිමින් මෙවර බියර් බදු අඩු කිරීමට කටයුතු ගත්තේය. එය 2016 වර්ෂයට සාපේක්ෂව බියර් බදුවලින් ලැබූ ආදායමෙන් 40%ක ප්‍රමාණයක් ඊළඟ බදු වර්ෂයේදී ආණ්ඩුවට මෙවර අහිමි වනු ඇත. එහි හිඟය ඇතැම් විට මිලියන ගණනක් විය හැකිය. නමුත් මොවුන්ට මෙම හිඟය පුරවන්න අවශ්‍ය නම් මෙතෙක් කල් බියර් නොබී සිටි අලුත්ම පිරිසක් මේ සඳහා එක් කරගත යුතු අතර, දැනටත් භාවිත කරන්නන් වැඩි වැඩියෙන් බියර් බීම කළ යුතුය. වෙළෙඳ පොළේ මිල අඩු වීමත් සමග වැඩි ලීටර ප්‍රමාණයක් අලෙවි වේ යැයි යන්න ඔවුන්ගේ අදහස විය යුතුය. නමුත් මෙවන් මිලියන ගණනක පාඩුවක් ගැන මුදල් අමාත්‍යවරයාගෙන් කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත. විපක්ෂයෙන් විරෝධයක් නැගුණේද නැත. එයද බරපතළ ගැටලුවකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය තුළ සෞඛ්‍ය ඇමති වශයෙන් කටයුතු කළ අතර, සිගරට් පැකට් මත අවවාද ඡායාරූප දැමීමට එතුමා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධ (වික්ටොරියල් වොර්නින්) සිදුවීමෙන් පසු එළියට ඇවිත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටින්නේ, අත්තනෝමතික ලෙස බැසිල්ලා මහින්දලා බලය පාවිච්චි කරන නිසා වෙනත් ඇමති කෙනෙකුට තීරණ ගැනීමේ හැකියාවක් නැති බවටයි. එමෙන්ම තමා අමාත්‍යවරයෙක් ලෙස එකල ලැබූ අමිහිරි අත්දැකීමක් බවත්, ඒ නිසා ඔවුන්ගෙන් ඉවත් වී පැමිණෙන්න එය හේතුවක් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි. එලෙස ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම අද නව දුම්වැටි සමාගම් ලියාපදිංචි කිරීමට කළ අයවැය යෝජනාවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් නොගැනීම හාස්‍යයට කරුණකි. පික්ටොරියල් වොර්නින් අවස්ථාවේ එවන් සිත් රිදීමක් යම් හෙයකින් ඔහුට අමාත්‍යවරයෙකුව සිටියදී සිතුණා නම් දැන් ඔහු රටේ ජනාධිපතිවරයා ලෙස කෙබඳු මට්ටමින් කම්පාවට පත්විය යුතුදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. මෙයින් අන් හැමදේටම වඩා එක් දෙයක් පැහැදිලි වනු ඇත. එනම් පාර්ලිමේන්තුවේ සිටින සෑම කෙනෙක්ම තමන්ගේ යුතුකම පැහැර හැර ඇති බවයි.
ජනාධිපති වරෙක මාධ්‍යයට ප්‍රකාශ කරනුයේ අරක්කු බොන අයට ඡන්දය දෙන්න එපා යනුවෙනි. නමුත් එය නතර කළ යුත්තේ රාජ්‍යතන්ත්‍රය තුළිනි. රටක ප්‍රතිපත්ති සකස් විය යුත්තේද එයට අනුකූලවය. අයවැය මගින් මත්පැන් සම්බන්ධ කරුණු කාරණා ලිහිල් කර එවැනි දේ පානය කරන ජනතා නියෝජිතයන්ට ඡන්දය නොදෙන ලෙස කීම සාධාරණද? එසේනම් මහජනයා සිදුකළ යුත්තේ එවන් ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට නැවත කිසිදාක ජනතා වරමක් නොදී සිටීමය.
ජනාධිපතිවරයා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කිරීම හා මත්පැන් අලෙවි සැල් විවෘතව තබන වේලාවන් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛනය අවලංගු කළේ ජනාධිපතිතුමාට ඒ පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් නොකළ බව සඳහන් කරමිනි. මෙවන් ඒකමතික තීරණ ගන්නා වූ සමාජයක ජනාධිපති අපේක්ෂා කරන්නා වූ සාධාරණ දේශපාලන රාමුවක ගොඩනැගිය හැකිද යන්නත් උභතෝකෝටිකයකි. කාන්තා නිදහස ඇතිකරන මුවාවෙන් බියර් කර්මාන්තයට කාන්තාවන් පාවා දීම හා මද්‍යසාර අලෙවි සැල් විවෘතව තබන වේලාවන් වෙනස් නොකිරීමට දැඩි පියවර ගත්තා සේම, අයවැයේදී සම්මත කරගත් බියර් බදු අඩු කිරීම, නව සිගරට් සමාගම් ලියාපදිංචියට ඉඩකඩ සැලසීම, මද්‍යසාර බලපත්‍ර ක්‍රමය ලිහිල් කිරීම හා ජනතාවට හානිකර යෝජනාවන්ද ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත් වීම යටතේ සිදුවේ යැයි සිතන වැඩි දෙනාගේ විශ්වාසයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd