ශ්‍රී ලංකාව තුළ විදුලියෙන් භාවිත වන වාහන වර්ධනය වීම හේතුවෙන් ඒ සඳහා අවහ්‍ය ආරෝපණ සේවා ලබා දෙන මධ්‍යස්ථාන සංඛ්‍යාවද වර්ධනය වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් විදුලියෙන් ක්‍රියාත්මක වාහන 5500 ක් පමණ තිබෙන අතර ඒ සඳහා සේවය ලබාදෙන විවිධ ආරෝපණ සේවා මධ්‍යස්ථාන 70 කට ආසන්න සංඛ්‍යාවක් පවතී.
ක්‍රමක්‍රමයෙන් විදුලි මෝටර් රථ ඉහල යාමත් හා ආරෝපණ මධ්‍යස්ථාන සදහා ඉල්ලූම වැඩි වීමත් සමගගින් එම ක්ෂේත්රයෙහි විධිමත් වර්ධනය සදහා යනියාමනය හදුන්වා දීමට කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ සඳහා කැබිනට් පත්රිකාවක්ද ඉදිරිපත් කර තිබේ. ඒවා නියාමනය කිරීමේ ප්‍රධාන ආයතනය ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට බලය පවරා ඇත.සම කටයුතු කරයි.
මෙහි මූලික පියවර ලෙස විදුලි බලපනත සංශෝධනය කිරීමට නියමිතය. ඒ හරහා මහජන උපයෝගිතා කොමිසමට තවත් බලතල පැවරෙන අතරිවිදුලිසැපයීම නිර්වචනය කිරීම වෙනස් කරමින් එය වාහන සඳහා විදුලි සැපයීමටද එක් කිරීමට නියමිතය.
විදුලි මෝටර්රථ මධ්‍යස්ථාන නියාමනය කිරීම හරහා මූලික වශයෙන්ම කොමිෂන් සභාව සම බලාපොරොත්තුවන්නේ මිලගණන්, පාරිභෝගියන්ගේ ආරක්ෂාව, පාරිභෝගියකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මධ්‍යස්ථානවලට අවශ්‍ය පහසුකම් සැපයීම යනාදී දෑ සඳහා ස්ථිර විසඳුම් ලබාදීමයි.
මෙහිදී කොමිෂසන් සභාව විසින් දැනට හඳුනාගත් ගැටලූ කිහිපයක්ද පවතී. අඛණ්ඩ විදුලි සැපයීමක් නොමැති වීම ඒ අතරින් ප්‍රධාන කරුණකි. විදුලිය බිඳවැටීම හරහා සීමිත මධ්‍යස්ථාන සංඛ්‍යාවක් පවතින හෙයින් පාරිභෝගියකයෝ අසීරුතාවට පත්වෙති.
මධ්‍යස්ථානවල පවතින ආරෝපණ යන්ත්‍රයේ තිරයේ සටහන් වන කරුණුවල නිවැරදිතාව පිළිබඳව ජනතාව සෑහීමකට පත් නොවේ. ඒ ලබාදුන් වොට් ප්‍රමාණය නිසි ආකාරයෙන් තහවුරු කරගැනීමට ඇති ගැටලූකාරී තත්ත්වය හේතුවෙනි. මේ සඳහා ලබාදුන් විදුලි ප්‍රමාණය පෙන්වීම සඳහා ආරෝපණයට පෙර හා පසු යනාදී ලෙස මනු කියැවීමක් අවශ්‍යවෙයි.
සාමන්‍යයෙන් මෙවැනි මධ්‍යස්ථානවල ගාස්තු අය කිරීමේ ක්‍රම දෙකක් පවතී. එක් ක්‍රමයක් වන්නේ කිලෝවොට් පැය ගණනට අයකිරීමය. අනෙක් ක්‍රමය වේලාව අනුව අයකිරීමය. මෙහිදී කාලයට අනුව ගාස්තු අයකිරීම පිළිබඳව පාරිභෝගිකයෝ එතරම් විශ්වාසයක් නොතබති. මේ හේතුවෙන් විශ්වසනීය මිනුම් ක්‍රමයක් ගැන අවධානය යොමුකළ යුතුවෙයි.
ඇතැම්විට විදුලි වාහනමිලදී ගැනීමේදී බොහෝ දෙනෙකු සිතන කරුණක් වන්නේ එය සෘජුව විදුලියට සම්බන්ධ කළ හැකිබවයි. නමුත් මෙම වාහනවල ප්ලග් (පේනුවක්) බොහේ විට වාහනයකින් වාහනයකට වෙනස්වෙයි. උදාහරණයක් ලෙස ජපානයේ ලීෆ් මෝටර්රථයට ඇම්පියර් 20 පේනුවක් පවතී.
එයින් ඇම්පියර් 15ක පමණ විදුලියක් පාරිභෝජනය කරයි. මේ සඳහා ගැළපෙන කෙවෙණියක් වෙළෙඳපොළ තුළ රුපියල් 10000ක් වැනි ඉහළ මිලක් ගනී. මිල අධික වීම හේතුවෙන් තත්ත්වයෙන් බාල කෙවෙණි මිලදී ගැනීමට කටයුතු පාරිභෝගිකයෝ කටයුතු කරති. එය අනතුරුදායක තත්ත්වයකි. මන්දයත් පැය 10ක් පමණ එක දිගට ආරෝපණය වීම හේතුවෙන් එවැනි කෙවෙණි අධික ලෙස රත් වී උණු වී යා හැකි බැවිනි.
ඉහත දැක්වු කරුණු සැළකිල්ලට ගෙන මේ සියලූ ගැටලූ හේතුවෙන් විදුලි මෝටර්රථ ආරෝපණ මධ්‍යස්ථාන නියාමනය කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සම මේ පිළිබඳව මහජන උපදේශනයක් පැවත්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඉහත ගැටළු ද ඇතුළුව විදුලි මෝටර් රථ පාරිභෝගිකයින් හා ආරෝපන මධ්‍යස්ථාන වලට අදාල සියලූම කරුණු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට සිය යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට මෙම මහජන අදහස් දැක්වීමේදී අවශ්ථාව ලැබෙනු ඇත.
ඒ පිළිබඳව විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස්ද සැළකිල්ලට ගෙන ලබාගනිමින් අවශ්‍ය රෙගුලාසි, මාර්ගෝපදේශ, ප්‍රමිති හා ගස්තු ක්‍රමවේද සකස් කර කිරීමට නියමිතය. මෙම මහජන උපදේශනය සැප්තැම්බර් මාසයේදී පමණ පැවත්වීමට සැළසුම් කර ඇත.
නව යාන්ත්‍රණය මේ වසර අගභාගයේදී හෝ ලබන වසර මුලභාගයේදී ක්‍රියාත්මක වීමට නියමිතය. මධ්‍යස්ථාන නියාමනය කිරීම හේතුවෙන් ගාස්තු වෙනසක් සිදු නොවන අතර සිදුවන්නේ ඒකමතික ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමය.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ විවිධ අයුරින් විදුලි මෝටර්රථ ආරෝපණය සඳහා ගාස්තු අයකරයි. උදාහරණයක් ලෙස කොළඹ අවට කිලෝවොට් පැයකට රුපියල් 50ක් පමණත් දුර බැහැර රුපියල් 70ක් පමණ මුදලකුත් අයකරයි. දිවයිනේ සෑම ස්ථානයකම විදුලි මිල ඒකකාරී හෙයින් මෙවැනි ආකාරයට විවිධ වූ ගාස්තු අයකිරීම සාධාරණ නොවන අතර එක් අගයක් අය කළ යුතු වෙයි. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම අවධානය යොමු කර තිබේ. නියාමනය කිරීම මගින් ආරෝපණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් මෙන්ම සේවය ලබාගන්නා පාරිභෝගිකයෝද ආරක්ෂාවෙති.
තොරතුරු ලබාදීම - ජයනාත් හේරත්
(අධ්යක්ෂ ආයතනික හා සන්නිවේදන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම)