Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
මේ රටේ මිනිසුන් හැමදෙයටම මැසිවිලි නගයි. මේ දිනවල අප මැසිවිලි නගන්නේ තද අව් රශ්මියටය. නමුත් ස්වභාවධර්මයා විසින් අපට නොමසුරුව ලබා දී ඇති සූර්ය ශක්තියේ ගැබ්ව ඇති අප්‍රමාණ ප්‍ර‘යෝජන ගැන අප මඳක් හෝ සිතන්නේ නැත. එය මදිවාට යමක සැඟවී ඇති ඵල ප්‍රයෝජන හා වටිනාකම කියා දෙන්නට වෑයම් කරන අතළොස්සක් ප්රගතිශීලීන් අද නැත්නම් හෙට කලකිරීමට පත්ව නිහඬ වන තැනට ඔවුන්ව පත් කරන්නට අපි ගජ හපන්නු වෙමු. මෙහි ඇති අවාසනාවන්තම තත්ත්වය නම් එසේ බාධා වැටකඩුළු දමන්නන් පාලනයේ උසස් ස්ථානවල සිටින්නන් වීමය. නොහොත් මෙසේ බාධා ඇති කරන්නේ රටට ඇතිවන අර්බුදවලට විසඳුම් සෙවිය යුතු වගකීම් දරන්නන්ම වීමය.
රටේ ප්‍රමුඛතම බලශක්ති විශේෂඥයෙකු ලෙස හඳුන්වනු ලබන ආචාර්ය තිලක් සියඹලාපිටියගේ අදහස් උපුටා දක්වමින් පසුගිය 2017 අප්‍රේල් 18 සිලෝන් ඩේලිමිරර් පුවත්පතේ ලිපියක් පළකර තිබුණි. එම ලිපිය අනුව ශ්‍රී ලංකා ආර්ථික සංගමය අමතමින් ආචාර්යවරයා කියා තිබුණේ වහළ මත ඉදිකරන සූර්ය ශක්ති පද්ධති නිසා ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් ඇති වන නිසා එම පද්ධති සඳහා ධාරිතා ගාස්තුවක් නියම කළ යුතු බවයි.
මෙම ගාස්තුව කිලෝ වොට් 1කට රු. 3500 ක් විය යුතුය යැයිද එම විද්වතා යෝජනා කර ඇත.මෙම අදහස ඉදිරිපත් කර ඇත්තේ ශේෂ පරිභෝජන මීටර ක්‍රමය (net metering) හඳුන්වා දෙන්නට පුරෝගාමී වූ වියතෙක් විසින් වීම මෙහි අවාසනාවන්තම තත්ත්වයයි. සූර්යය බල සංග්‍රාමය ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දෙන ලද එම ක්‍රමයෙනුත් කිසිදු වෙනසක් ඇති නොවූ බව මෙහිදී පෙන්වා දිය යුතුය. තවද මෙම මීටර ක්‍රමය නිසා ලංකා විදුලිබල මණ්ඩලයට අලාභ ඇති වනු ඇතැයි එවකට එයට විරෝධතා පැනනැගුණු ආකාරයද ආචාර්ය සියඹලාපිටියට මතක ඇතුවාට සැකයක් නැත.
එක අතකින් ආචාර්යවරයාගේ එම මූලාරම්භයට අප ස්තුති කළ යුතුය. මන්දයත් කලකට පෙර සූර්යය ශක්ති පද්ධති සංකල්පයට එරෙහිව විවිධ හා තාක්ෂණික කෝණයෙන් සිදුකරන ලද කිසිදු පදනමක් නොමැති විවේචන එල්ලවෙමින් තිබුණි. ආචාර්යවරයා ප්රමුඛ වුණු ශේෂ පරිභෝජන මීටර් සංකල්පයේ සාර්ථකත්වය නිසා සූර්යය ශක්ති සංකල්පය ඉදිරියට පැමිණියේ මෙම ගම්පෙරළි අතරය. බලශක්ති තත්ත්වය මැනවින් විමසුමට ලක් කළ බොහෝ නැණවත් පාරිභෝගිකයන් ජාතික විදුලි ජාලකයට තමන්ද දායකත්වයක් ලබාදිය යුතුය යන දේශප්‍රේමී මානසිකත්වයෙන් යුතුව අප රටට නොමඳව දායාද වී තිබෙන සූර්යය ශක්තිය නම් වන ස්වාභාවික ප්රභවයට ආදේශ වන්නට වූයේ එහි ගැබ්ව තිබෙන ආර්ථික හා පරිසර හිතකාමී ලක්ෂණද හොඳින් වටහා ගනිමිනි.
ආරම්භයෙහි මෙම සංකල්පය ප්‍ර‘යෝජනයට ගත් පාරිභෝගිකයන් එවිට මෙයින් ලද හැකි මූල්‍ය වාසි ගැන වැඩියෙන් නොසිතූහ. වහළ මත සවි කරන සූර්ය ශක්ති පද්ධති සඳහා වැය වන මුදල ස්ථාවර ගිණුමක තැන්පත් කර එයින් ලැබෙන පොලී මුදල වැඩි වන විදුලි බිලේ වෙනස ගෙවීමට භාවිත කළ හැකිය යැයි ඔවුන් මෙයට දායක වීමෙන් වළක්වන්නට පවා ඇතැම් ජ්‍යේෂ්ඨ වෘත්තිකයන් වෑයම් කළද ඔවුහු එම තර්ක මායිම් නොකළහ.
ප්රාරම්භයෙහිම මෙම සංකල්පයට සහය දක්වමින් සූර්යය බලශක්තිය සිහිනය නොනැසී තිබෙන්නට දායක වුණු මෙවන් පුද්ගලයන්ට අප ස්තුතිවන්ත විය යුතුය. වර්තමානයෙහි මෙම ක්ෂේත්රය සැලකිය යුතු අන්දමින් වර්ධනය වී තිබෙන්නේ හා මෙය පිළිබඳ පුළුල් උනන්දුවක් ඇති වී තිබෙන්නේ මෙම පුරෝගාමීන්ගේ කැපවීම නිසාය. ක්ෂේත්‍ර‘යේ පඬිවරුන් පවා විවිධ ඍණාත්මක අදහස් දක්වමින් සිටින වත්මන් අවධියෙහි විදුලිය හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සූර්යය බල සංග්‍රාමය නමින් ගන්නා ලද නිර්භීත පියවරද පැසසුමට ලක් කළ යුත්තකි.
කවුරුන් කෙසේ කීවත් බලශක්ති අර්බුදයට අපට දැනට ඇති හොඳම කෙටිකාලීන විසඳුම වන්නේ වහළ මත සවිකරන සූර්යය ශක්ති පද්ධතියන්ය. නොකඩවා රටට විදුලිය සැපයීමට නම් ආනයනික තෙල් මේ සඳහා වන හොඳම හා එකම විසඳුම යැයි අධූරදර්ශීව තර්ක කරමින් නොසිට මෙම යථාර්ථය වගකිවයුත්තන් නොපමාව වටහාගන්නා තරමට එය රටට යහපත් වනු ඇත. එපමණක් නොවේ. 2016 රු. බිලියන 13.2ක පාඩුවක් ලැබූ හා එයට නොදෙවෙනි පාඩුවක් මෙම වසරෙහි අත්කර ගැනීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩලයට අලුත් බලාගාරවලට වැය කිරීමට මුදල් නොමැති තත්ත්වයක් උද්ගතව ඇත. මෙවන් පසුබිමක තනිපුද්ගල පාරිභෝගිකයන් මෙසේ මණ්ඩලයට සහන ලබාදීමට ඉදිරිපත්ව තිබීම ගැන මණ්ඩලය ඔවුන්ට ස්තුති කළ යුතුය. නමුත් සිදුවන්නේ අනෙකකි.
දැන් අප විදුලිය උත්පාදනය කිරීම සඳහා විවිධ මූලාශ්‍රවලට වැය වන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව සූර්යය ශක්ති පද්ධතියට වැය වන මුදල සසඳා බලමු. මෙම දත්ත ලබාගන්නා ලද්දේ ශ්‍රී ලංකා පොදු පහසුකම් කොමිසමේ වෙබ් අඩවියෙනි. පහත වෙබ් අඩවියෙන් ප්රවිශ්ට විය හැකිය.
http:/www.pucsl.gov.lk/english/news/generation-data-bst-submission-april-sep/ (විදුලි උත්පාදන දත්ත තොග සැපයුම් අයක්‍රම ප්‍රධානය අප්‍රේල් සැප්තැම්බර්)
මෙම බලාගාරවලට මාසිකව ස්ථාවර ධාරිතා ගෙවීම් මෙන්ම පණගැන්වීමේ සහ වසා දැමීමේ ගාස්තුද ලබාදෙනු ලැබේ. සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද 2015 සඳහා වන බලශක්ති ශේෂ වාර්තා මෙහි මෙය සඳහන් වෙයි. තෙල් මුල්කරගත් බලාගාර සඳහා වන උත්පාදන පිරිවැයේ සාමාන්‍ය කිලෝ වොට් එකක් සඳහා රු.29.82ක් වන අතර, මෙය නිල ප්‍රකාශයක් ලෙසින් අපට ගත හැකිය.
ඒ අනුව වහළ මත වන සූර්යය ශක්ති පද්ධතියට කිලෝ වොට් එකකට ගෙවන රු. 22 නිශ්චය වශයෙන්ම මණ්ඩලයට බරක් විය නොහැකිවා පමණක් නොව පළමු වසර 08කට පසු ගැබ්ව ඇති ප්රතිලාභ නිසා එය රු. 15.50 දක්වා පහත වැටෙන විට එය දැවැන්ත ඉතිරියක්ද වනු ඇත. විදුලිය සැකසුරුවමින් භාවිතකරන මෙන් අතිශය පීඩනයට ලක්ව ඇති මණ්ඩලය මහජනයාගෙන් ඉල්ලා සිටින අතර, ඩීසල් ජෙනරේටර් භාවිත කරන්නන්ට කිලෝ වොට් එකකට රු. 36ක් ගෙවීමටද මණ්ඩලය ඉදිරිපත් වෙයි. එනමුත් වහළ මත වන සූර්යය ශක්ති පද්ධති නිසා ඇතිවන ප්‍රතිඵලය මෙයට සමාන වන අතර, එය සඳහා මණ්ඩලයට වැය කරන්නට සිදුවන්නේද සාපේක්ෂව සුළු මුදලකි.
මේ අතර සූර්යාලෝකය තිබෙන්නේ දහවල් කාලයේ පමණක්ය යනුවෙන් තර්කයක් ඉදිරිපත් කරනු ලබන නමුත් එය වලංගු තර්කයක් නොවේ. මන්ද වහල මත වන සූර්යය ශක්ති පද්ධති මගින් විදුලිය උත්පාදනය වන විට ඩීසල් මුල්කර ගත් බලාගාරවල විදුලිය ජනනය දහවල් කාලයේදී ඉතිරිවන අතර, ජල විදුලි බලාගාරවලටද මෙම වාසිය අයත් වෙයි. 2017 අප්‍රේල් 06 ගල්අඟුරු බලාගාර තුනම ක්‍රියාත්මක වෙමින් තිබෙන විට හා 2017 අප්‍රේල් 16 ඉන් එකක් පමණක් ක්‍රියාත්මක වෙමින් තිබෙන විට වූ උත්පාදන විස්තර පහත දෛනික උත්පාදන වගුවේ දක්වා ඇත. මෙම දින දෙකෙහිම දහවල් කාලයේ අවම පරිභෝජන හෝරාවල පුරා සැලකිය යුතු ලෙසින් තෙල් IPP භාවිතකරන ලද අතර, මෙම මූලාශ්‍රවලින් මිලදී ගන්නා ලද විදුලිය වෙනුවට වහළ මත වන සූර්යය ශක්ති පද්ධතිවලින් උත්පාදනය කරන විදුලිය භාවිත කරන්නට හැකිය.
වහළ මත වන සූර්ය ශක්ති පද්ධතිවලින් උත්පාදනය කරනු ලබන විදුලිය වැඩිකර ගැනීමේ හැකියාව තිබෙන හෙයින් දහවල් කාලයෙහි IPP සහ මණ්ඩලයේ ඩීසල් බලාගාර මත යැපීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවමකර ගත හැකිය. මේ නිසා ඇති කළ හැකි සාධනීය වෙනස මෙම ප්‍රස්ථාර සහ මිල වගුව මගින් ඉඳුරා දැකගත හැකිය.
සූර්යය ශක්තිය ස්ථිර නොවන හා අවිනිශ්චිත මූලාශ්රයක්ය යැයිද ඒ නිසා එය ජාතික විදුලි ජාලකයේ අස්ථාවර බවට තුඩුදිය හැකිය යැයිද නොකඩවා තර්ක කරනු ලැබේ. එනමුත් සූර්යය ශක්තිය කලින්ම පූර්ව නිගමනය කළ හැකි තාක්ෂණ දැන් සොයාගෙන ඇති අතර, විවිධ රටවල මෙම තාක්ෂණ දැන් භාවිතයේද තිබෙන හෙයින් මෙම තර්කය අද දිනට වලංගු වන්නේ නැත. ජාතික විදුලි ජාලයට පුනර්ජනනීය මූලාශ්‍රවලින් 100% ක් දායකත්වය ලබාගැනීමට දැන් තාක්ෂණික බාධා කිසිවක් නැත යැයිද වත්මන් බලශක්ති වාතාවරණය අනුව 30෴ දක්වා වන දායකත්ව නොවැදගත් යැයි සැලකිය යුතුය යැයිද CSIRO නම් ඔස්ට්‍රේලියා රජයේ ප්‍රධාන තාක්ෂණ හා විද්‍යා ආයතනය පෙන්වා දෙයි.
මෙම තොරතුරු පිළිබඳ වැඩි විස්තර (reneweconomy.com.au/csiro-says-australia-can-get-100-per-cent-renewable-enerty-86624/) යන වෙබ් අඩවියට පිවිසීමෙන් බලාගත හැකිය. මෙමගින් පෙනී යන්නේ ජගත් තලයේ සිදුවන මෙම අභිනව තාක්ෂණික විපර්යාස ගැන අපගේ විශේෂඥයන් තවමත් සිටින්නේ අඳුරේ බවයි. කෙසේවුවද වත්මන් ජාල තත්ත්වය යටතේ වුවද අප රටේ වහළ මත වන සූර්යය ශක්ති පද්ධති තුළින් අවශෝෂණය කළ හැකි ශක්ති ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ආචාර්ය සියඹලාපිටිය විසින්ම ප්‍රධානත්වය දුන් හා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහය ඇතුව මණ්ඩලය විසින් 2014 වසර සිදුකරන ලද අධ්‍යයනයකින් සනාථ විය. ඒ අනුව අප බලාපොරොත්තු වන්නේ සූර්යය බලශක්ති මූලාශ්‍රය අදිරිමත් කරනවා වෙනුවට එය වැඩිදියුණු කිරීමට ආචාර්ය සියඹලාපිටිය වැනි වියතුන් කටයුතු කරනු ඇත කියාය.
සූර්ය ශක්තියේ විභවය හා වුපල ප්‍රයෝජන ගැන හා එයට අදාළව ලොව රටවල ප්‍රවර්ධනය කර ඇති හා ප්‍රවර්ධනය කරමින් තිබෙන නවීන තාක්ෂණ ගැන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට හා අදාළ ප්‍රධානීන්ට කරුණු පැහැදිලි කිරීමට වඩාත් හොඳින් ස්ථානගත වී සිටින්නේද ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා වැනි අයවලුන්ය.
ආරම්භයෙහි මෙහි ප්‍රයෝජනය කර ගත්තේ ඉහළ පෙළේ පාරිභෝගිකයන් වූ අතර, දැන් තත්ත්වය වෙනස් වී ඇත. වසර 2020 වන විට මෙගා වොට් 200ක විදුලිය උත්පාදනය කරන වහළ මත සවිකරන සූර්යය ශක්ති පද්ධති මිලියනයක් භාවිතයට ගෙන ඒමට විදුලි බල අමාත්‍යවරයා ඉලක්ක කර ඇත. එමෙන්ම 2025 වන මෙගා වොට් 1000ක් සූර්යය ශක්ති පද්ධති මගින් උත්පාදනය කිරීමටද අපේක්ෂා කරයි. මෙයට ග්‍රාමීය සූර්යය ශක්ති පද්ධති ව්‍යාපෘති යටතේ එම පද්ධති සඳහා තම නිවෙස්වල වහල කුලී පදනම යටතේ ලබාදෙනු ඇති නිවැසියන්ද ඇතුළත් වනු ඇත.
මෙම ඉලක්ක සියල්ල සාක්ෂාත් වනු ඇත්තේ විදුලි බලය සඳහා වන ඒකාධිකාරිය හිමි එකම රාජ්‍ය ආයතනය වන ලංකා විදුලිබල මණ්ඩලය සූර්ය ශක්ති සංකල්පයට අකුල් හෙලීම නවතා රුකුල් දෙන්නට කටයුතු කළහොත් පමණි. මේ අතර LECO සමාගම විසින් ගෙන ඇති ධනාත්මක පියවර සියල්ලන්ගේම පැසසුමට ලක්විය යුත්තකි. එම සමාගම ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා එක්ව සූර්යය ශක්ති පද්ධති භාවිත කරන්නන් සඳහා සහන පොලී ණය ලබාදෙන්නට පවා පියවර ගෙන ඇත. එනමුත් රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද 50%ණය පොලී සහනය තවමත් ක්‍රියාත්මක වී නොමැත.
ආචාර්ය සියඹලාපිටිය විසින්ම පෙන්වා දෙන පරිදි හා ඉහත දක්වා ඇති පරිදි බැටරිවල සීමිත භාවිතය වුවද සූර්ය ශක්ති පද්ධති උපරිම දායකත්වය වේගවත් කරනු ඇති අතර, එයද රටට වාසිදායක වනු ඇත. ආනයනය කරනු ගැඹුරු චක්‍ර බැටරි සඳහා තීරු බදු ඉවත් කිරීමෙන් රජයටද මෙයට සහය විය හැකිය. එනමුත් දේශීය බැටරි කර්මාන්තය ආරක්ෂා කිරීම වැනි නොවැදගත් ඉසව්වකට වාසි සලසා දීමේ නාමයෙන් දැනට ආනයනික බැටරි වලට ඉහළ තීරු බද්ධක් අය කිරීම කිසිසේත් ප්රඥාගෝචර වන්නේ නැත. මෙහි හාස්‍ය මුසු අවාසනාව නම් එසේ ආරක්ෂා කරනු ලබන දේශීය බැටරි කර්මාන්ත මගින් විදුලි බල ක්ෂේත්රයට අවැසි ගුණාත්මකභාවයෙන් යුත් බැටරි නිෂ්පාදනය නොවීම හා මේ හේතුවෙන් පාරිභෝගිකයන් වැඩියෙන්ම මිලදී ගන්නේ ආනයනික බැටරි වර්ග වීමත්ය.
ආයෝජකයන්ගේ තීව්ර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙගා වොට් 10ක සූර්ය ශක්ති උද්‍යාන තුනක් ඉදිකරන ලදී. පසුගිය කාල පරිච්ඡේදයෙහි සූර්ය ශක්ති පද්ධතිවල මිල ඉතා ඉහළ මට්ටමක පැවති අවදියේ පවා සූර්ය ශක්ති ක්ෂේත්රය වැඩිදියුණු කිරීමේ අටියෙන් ලොව බොහෝ රටවල නා නාප්‍රකාර දිරි දීමේ සැලසුම් හඳුන්වා දෙනු දැකිය හැකි වූ නමුත් අප රටේ මාරුවෙන් මාරුවට පැමිණි රජයන් විසින් කරන ලද්දේ සූර්ය ශක්ති ක්ෂේත්රයට විවිධ තහංචි හා වැටකඩුලු දැමීම පමණි. මෙය සඳහා පදනම් විරහිත තාක්ෂණික මහදැනමුතුකම් දෙන්නන්ටද අප රටේ කවදත් හිඟයක් නොවීය.
එය හැර නව සංකල්පයක් ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන්නට සිදුවන අභියෝගවලට විසඳුම් ලබාදෙන්නන් මෙහි විරල අතර, එවැනි අතළොස්සකටද සහය දෙනු වෙනුවට සිදුකරන්නේ කකුලෙන් පස්සට ඇදීමය. අවාසනාවකට අප රටේ තත්ත්වය මෙය වුවද ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව වැනි අප වැනි වූම ග්‍රීෂ්ම කලාපීය රටවල් මෙම නොමසුරු ස්වාභාවික සම්පතෙන් අසීමිත ඵල නෙළමින් සිටිති. වැඩි විස්තර සඳහා කරුණාකර පහත වෙබ් අඩවියට පිවිසෙන්න.https://thinkprogress .org/solar-delivers-cheapest-electricity-ever-anywhere-by-any-technology-c2ef759ac33f
මනසින් නගා ගත් රකුසන් ගැන බිය වීම හා අනුන් බියවැද්දීම නවතා දමා හිස ඔසවා බැලූ පමණින් අප සිසාරා පෙනෙන මෙම දැවැන්ත ස්වාභාවික දායාදවල ගැබ්ව ඇති ඵල ප්‍ර‘යෝජන අත්කර ගන්නා ක්රමෝපායන් ගැන අප සැම සිතන්නට දැන් හොඳටම කාලයයි. සූර්ය ශක්ති පද්ධති මත රැඳී මෙගා වොට් 60 ක් සඳහා වූ ලංසු කැඳවීම් තවමත් ප්රදානයකර නොමැත. එමෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබ මාදුරු ඔය ජලාශයේ ඉදිකිරීමට යෝජනා වී ඇති මෙගා වොට් සියයේ සූර්ය ශක්ති ව්‍යාපෘතිය විෂයයෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථාවරය කුමක්දැයි තවමත් පැහැදිලි නැත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් එය ඉතා ප්‍ර‘යෝජනවත් පූර්වාදර්ශයක් වී තවත් එවැනි රටට වැඩදායී මූලාරම්භ කිහිපයක්ම බිහි වනු නිසැකය. මණ්ඩලය මෙම ව්‍යාපෘතියට කොළ එළිය පෙන්වනු ඇතිද නැත්නම් ජාතික විදුලි ජාලකයට අවශෝෂණය කළ හැක්කේ සීමිත සූර්ය ශක්ති හා සුළං බලය යැයි කියමින් මෙම අමිල ව්‍යාපෘතිය ඝාතනය කරනු ඇතිද? මෙයට පෙර ජාලක අස්ථාවරතාවය සම්බන්ධයෙන් මණ්ඩලය ප්‍රකාශයට පත්කළ සියලුම අනාවැකි සිතින් මවාගත් බිල්ලන් යැයි පසුව ඔප්පු විය. එව් අභූත අනාවැකි සමගම එතෙක් මෙතෙක් ජාලකයට එක්කර ඇති විදුලිබල ප්‍රමාණය සූර්ය ශක්තියෙන් මෙගා වොට් 80ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 125කි.
සූර්ය ශක්ති උද්‍යාන වැනි නවීන ක්ර‘මෝපායවල ඇති වැදගත්කම වටහා ගන්නා අතරම ඩීසල් මුල්කර ගත් බලාගාරවලට තව තවත් ආදීන නොවී රජය තම වැටකඩුලු ඉවත්කර ගන්නේ නම් මෙම ව්‍යාපෘති මාස 12, 18 ක කෙටි කාලයකින් ක්‍රියාත්මක කළ හැකි වීම මෙහි ඇති තවත් අමතරව වාසියකි. මෙයට සාපේක්ෂව වහළ මත ඉදිකරනු ලබන සූර්ය ශක්ති පද්ධති සඳහා ගතවන්නේ මාස කිහිපයක් පමණි.
දැන් අපට අවශ්‍ය වන්නේ මනාව සැලසුම් කරගත් බලශක්ති සංකලනයකි.
වහළ මත වන සූර්ය ශක්ති පද්ධති කෙටිකාලීන විසඳුම් ලබාදෙනු ඇති අතර, සූර්ය ශක්ති උද්‍යාන වලින් අඩු පිරිවැය සහිත තොග විදුලි බලය උත්පාදනය කර ගත හැකිය. මෙවිට සිය ප්‍ර‘යෝජනත්වය දැනටමත් සනාථ කර ඇති සුළං බලයද අප අමතක නොකළ යුතුය. මන්නාරම දූපතේ යෝජනා වී ඇති මෙගා වොට් 100 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය නොවලහා කටයුතු කරනු ඇත යනු සැමගේම අපේක්ෂාවයි. මෙයින් තවත් එවැනි බලාගාර ගණනාවකට දොර විවර කරනු ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කවදත් සවන් යොමන හා විශ්වාස තබා ඇති ආචාර්ය තිලක් සියඹලාපිටිය වැනි අයගෙන් අප උදක් අයැද සිටින්නේ ඔවුන්ගේ දැනුම හා නිපුණත්වය ප්‍ර‘යෝජනය ගනිමින් මෙම අගනා හා කාලීන වෙනස සිදුකිරීමේ බර උසුලන්නා බවට පත්වෙන මෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd