වර්තමානයේදී ගෝලීය වශයෙන් මානව වර්ගයා මුහුණදෙන ප්‍රශ්න රාශියකි. පිපිරෙන ජනගහනය, හිතකර හා ආරක්ෂාකාරී වාසස්ථාන, න්‍යෂ්ටික බල අරගලය, කාලගුණික විපර්යාස යනාදිය ඉන් කිහිපයකි.
එහෙත් අනාගතය සඳහා උද්ගත වන විශාල අභියෝග ගැන කුමක් කිව හැකිද? තව වසර තිහකින් සිදුවීමට නියමිත ලෝකයේ විසඳාගැනීමට තිබෙන ප්‍රශ්න කුමක් විය හැකිද? අනාවැකි කියන්න බැහැ. නමුත් විද්‍යාව හා තාක්ෂණයේ වර්තමාන ප්රවණතා තුළින් ඉස්මතු විය හැකි හා විසඳුම් ලැබිය හැකි සමහරක් පිළිබඳ අපට ඉඟියක් පළ කළ හැකියි. මතු දැක්වෙන්නේ ඉන් කිහිපයක් පිළිබඳවයි.
මිනිසාගේ ජාන වෙනස් කිරීම (Genetic Modification of human)
මිනිස් ජාන (DNA) සංස්කරණය කිරීමට ඉඩ සලසන ක්‍රමයක් පිළිබඳ විද්‍යාඥයන් අතර කතිකාවක් ඇරඹී ඇත. එය Crispr ලෙස හඳුන්වන අතර ඉන් %හැපෙනසුලු^ යන අර්ථයක් දෙයි. එහි කාර්යය වන්නේ පිළිකා වැනි ලෙඩරෝග නැසීමට හැකි ආකාරයෙන් මිනිස් ජාන (DNA) වෙනස් කිරීමයි. එහෙත් එය සදාචාරාත්මක පැත්තෙන් අඳුරු පැතිකඩක් නිර්මාණය කළහොත්? එය සුජනන විද්‍යාවට තර්ජනයක් ඇති කරන නිර්මාණ ශිල්පීන්ගෙන් පිරී යනු ඇත. එමගින් නිශ්චිත ප්‍රමාණයේ බුද්ධියක් හා යම් යම් ශාරීරික ලක්ෂණවලින් හෙබි බිළිඳුන් නිර්මාණය කෙරෙනු ඇත. එය ඉදිරි අනාගතයේදී පුළුල් පරාසයක පැතිරී යන ප්රතිවිපාකයක් විය හැකි අතරම, මිනිස් ජාන වෙනස් කරන කාර්යය කරනු ලබන සෑම පරීක්ෂණාගාරයක මෙන්ම විශ්වවිද්‍යාලවල සදාචාරවාදියෙකුව සේවා නියුක්ත කරන තරමටම විශාල අභියෝගයක් වනු ඇත. එවැනි තත්ත්වයකදී මිනිසා යනු කවරෙක්ද? යන්න අර්ථ ගැන්වීමට පුළුල් දෘෂ්ටිකෝණයන්ගෙන් විමසා බැලීමට සිදුවන බව නවසීලන්තයේ වෙලිංටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ, ආචාරධර්ම පිළිබඳ මහාචාර්යවරයා වන %නිකලස් ආගර්^ පවසයි.
පෙරට වඩා වැඩිවන වැඩිහිටි ජනගහනය (Aged population)
ලෝක ජනගහනය පුපුරා යෑම පිළිබඳ මතුවන ප්‍රශ්න සමග පොර බදිමින් සිටින අපට පුද්ගලයන්ගේ සාමාන්‍ය ආයු කාලය වැඩිවීම නිසා මතුවන ප්‍රශ්නවලටද මුහුණදීමට සිදුවනු ඇත.
ලෝකයේ සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රැකබලාගැනීමේ අවශ්‍යතාව මේ වනවිට මතු වී ඇත. සියවසක් ජීවත් වන අයගේ සංඛ්‍යාව පනස් ගුණයකින් පමණ වැඩිවනු ඇත. වර්තමානයේ එම ප්‍රමාණය ලොව ජනගහනයෙන් පන්ලක්ෂයක් නම්, වසර 2100 වනවිට එය දසලක්ෂ විසිහයක් පමණ වනු ඇත.
එක්සත් රාජධානිය, ජපානය, චීනය ඇතුළු බොහෝ රටවල වයස අවුරුදු හැටපහ ඉක්ම වූ පුද්ගලයන් බහුල සමාජයක් දැකිය හැකි වනු ඇත. ඉදිරි දශක දෙක තුළ වැඩිහිටි ජනගහනය රැක බලාගැනීම වෙනුවෙන් නව ක්ර‘මෝපායන් (ජපානයේ වැඩිහිටියන් බලාගන්නා රොබෝවරුන් මෙන්) ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.
නෂ්ට නගර (Lost Cities)
නගර ආශ්‍රිතව සිදු වී ගෙන යන වෙනස්කම්වලට කදිම නිදසුනක් වශයෙන් %මියාමි^ නගරය හැඳින්විය හැකිය. ඉහළට නගින මුහුදු රළ පෙළ ක්‍රම ක්‍රමයෙන් නගර ගිලගනිමින් සිටියි. කාලගුණික විපර්යාස නිසා සිදුවන ජල ගැලීම්, මහාමාර්ග වසා සිටීම අද සුලබ දසුනක් බවට පත් වී ඇත.
වෙනස් වන කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් නව ගොඩනැගිලි නිර්මාණය වන බව සැබෑය. නමුත් එය පැලැස්තර දැමීමක් පමණක් බඳුය. මේ නැඹුරුව දිගටම පැවතුණහොත් බොහෝ නගර, දිවයින් මෙන්ම පහත් භූමි මට්ටමක පිහිටා තිබෙන බංග්ලාදේශය වැනි රටවල්ද නොපෙනී යනු ඇත. කලාපීය ආර්ථික ගැටුම් උග්‍ර වන අතර, සරණාගතයන් බහුල වනු ඇත.
නගරාශ්‍රිත ජනගහනය වැඩිවීම නිසා නගර තදබදය දැනටමත් උග්‍ර වී ඇත. කාලගුණය විසින් ජනයා එළවා දැමීම, පවතින යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම යනාදිය නගර ආශ්රිත සේවා සහ ආර්ථිකයන් තුළ ප්‍රබල ගැටලු මතු කෙරෙනු ඇත.
සමාජ මාධ්‍යවල බලපෑම (Effect from social media)
සමාජ මාධ්‍ය, සන්නිවේදනයේ ප්‍රබලම භූමිකාව බවට පත් වී ඇත. බොහෝ පුද්ගලයන් අද පුවත් ලබාගන්නේ ඒ හරහාය. සමාජ මාධ්‍ය නිසා පුද්ගලයන්ට පෞද්ගලිකත්වයක් නොමැති තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතියි. අපගේ හැඟීම්, කැමැත්ත, නිර්නාමිකත්වය හා පෞද්ගලිකත්වය යන සියල්ල සයිබර් අවකාශයේ රැවටීම්වලට ගොදුරු වනු ඇත.
සමාජ මාධ්‍ය ආයතන මේවා පාලනය කළ යුතු අතර, නීතිය ක්‍රියාත්මක කරන ආයතන මේ පිළිබඳව දැඩි අවධානයකින් පසු විය යුතුය.
එමෙන්ම ව්‍යාජ පුවත් හා තොරතුරු පැතිරීමෙන් සමාජයේ විශ්වසනීයත්වය බිඳ වැටී ගැටුම් නිර්මාණය වනු ඇත.
භූ-දේශපාලන නොඉවසුම්තාවන් (Geopolitical Tension)
පසුගිය කාලය පුරාවටම දේශපාලනික අස්ථාවරත්වයන් සහ භූ-දේශපාලනික අසමතුලිතතා ලෝකයේ බොහෝ රටවල ඉස්මතු වෙමින් පැවතිණි. එය ඊළඟ දශක කිහිපය තුළ ගෝලීය ස්ථාවරත්වය දුර්වල කෙරෙන ප්‍රබල බලවේගයක් වනු ඇත.
උතුරු කොරියාවේ මිසයිල දියත් කිරීම, දේශසීමා හරහා දහස් ගණනින් සරණාගතයන් පලා යෑම, මැතිවරණවලදී %හැකර්වරුන්^ මැදිහත් කරගැනීම, ලෝක ව්‍යාප්ත ජාතිකවාදී හා අන්තවාදී හැඟීම් යන සියල්ල හරහා නිමා නොවන දේශපාලනික ගැටුම් මතුවනු ඇත.
සිරියානු සරණාගතයන්ගේ තත්ත්වය, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය වෙන් වීම, හැකර් පහරදීම්, න්‍යෂ්ටික මිසයිල හා වෙනත් අන්තරායකර තාක්ෂණවේද භාවිතය යන සියලු කාරණාවලින් පෙන්වා දෙන්නේ සාමය පවත්වාගැනීමේ අවශ්‍යතාවයි.
හයිපලූප් තාක්ෂණය (Hyperloop Technology)
නාගරීකරණය නිසා ඇතිවන රථවාහන තදබදය, වායු දූෂණය හා ඉන්ධන පරිභෝජනය යන සියල්ලට විසඳුමක් වශයෙන් ගමනාගමනය සඳහා %හයිපලූප්^ තාක්ෂණය යොදා ගැනෙනු ඇත. හයිපලූප් යනු ලෝකයේ ඕනෑම තැනකට පුද්ගලයන් හෝ භාණ්ඩ ඉතා ආරක්ෂිතව, කාර්යක්ෂ්මව හා පාරිසරික බලපෑම් අවම කරන ආකාරයෙන් ප්‍රවාහනය කළ හැකි ඉතා වේගවත් ගමනාගමන ක්රමයකි. මෙම ක්‍රමය මගින්, මගී හෝ භාණ්ඩ ප්‍රවාහන රථයක් වානේ තලයක් තුළ රික්තක හා විද්‍යුත් (Vacuum and electric) බලයෙන්, ගුවන් යානයක් තරම් වේගවත්ව දිවෙන අතර, රථවාහන නිසා ඇතිවන පාරිසරික බලපෑම මුළුමනින්ම නැති කරන නිසා ෙමය අපූර්ව තාක්ෂණික ප්‍රවාහන මාධ්‍යයක් වනු ඇත.
රියදුරු රහිත වාහන ක්ෂණිකව වේගයෙන් ඉදිරියට යන අතර, ප්‍රධාන තාක්ෂණික සමාගම් හා මෝටර් රථ නිෂ්පාදකයන් ඉදිරි වසරවලදී මිනිසුන් නිදහස් වාහන තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරනු ඇත. ශීඝ්‍ර සංවර්ධනයක් ඇති චීනය වැනි රටවල ජනයා විසින් පාරිසරික හා යටිතල පහසුකම් සඳහා කෙරෙන ඉල්ලුම විශාල වශයෙන් වැඩිවන අතරම රියදුරු රහිත මෝටර් රථ ආරක්ෂාකාරී, පරිසර හිතකර මෙන්ම මාර්ගයේ තර්ජනයක් නොවන බවට සහතික විය යුතුව ඇත.
ක්ෂය වන සම්පත් (Dwindling Resources)
විසි එක්වැනි ශතවර්ෂයේ ඇතිවන නව තාක්ෂණික උපකරණ සහ උපාංග සඳහා විරල පාංශු ලෝහ අවශ්‍ය වේ. සාමාන්‍ය %ස්මාර්ට්^ ජංගම දුරකථනයක අමුද්‍රව්‍ය හැටක් පමණ අඩංගු වෙයි. එය පෘථිවියේ ස්වාභාවික සම්පත්වල ක්ෂයවීමට දැඩි ලෙස බලපානු ඇත. ලෝකයේ විරල පාංශු ලෝහවලින් 90%ක් පමණ ඇති චීනයේ එම පතල් තවත් දශක 02කින් පමණ ක්ෂය වී යනු ඇති අතර, ඒවා සඳහා හොඳ ආදේශකයක් සොයාගැනීම අසීරු වනු ඇත.
වෙනත් ලෝකවල වාසස්ථානගත වීම
අභ්‍යවකාශ සංචාරය ආරක්ෂාකාරී වෙයිද? අඟහරු හෝ වෙනත් ග්‍රහලෝකයක ජීවත් වීම සඳහා මිනිසුන්ට ඉඩකඩ සැලසීම විශාල අභියෝගයකි. අභ්‍යවකාශ තරණයේ ස්වාමීත්වය දරන නියෝජිත ආයතන අද බිලියනපතියන් වන අතර, එය ඕනෑම කෙනෙකුට ළඟා විය හැකි ස්ථානයක් කිරීමට පියවර ගැනීම තුළ තවත් බොහෝ අභියෝග මතු කරනු ඇත.
වැඩිදියුණු කළ බුද්ධිය
බුද්ධිය වැඩිදියුණු කිරීම සඳහා ඖෂධ භාවිත කිරීම අද සාමාන්‍ය දෙයකි. එය කෝපි වැනි සාමාන්‍ය බීමක් හෝ %මෝඩැෆිනිල්^ වැනි ඖෂධයක් විය හැකිය. දැනට වඩා වේගවත්ව සිතිය හැකි ඖෂධ මෙන්ම, මිනිසාගේ සාමාන්‍ය හැකියාවන්ගෙන් ඔබ්බට සිත යොමු කළ හැකි තාක්ෂණික රෝපණයන් ලෝකය පුරා විද්‍යාගාරවල පර්යේෂණයන්ට බඳුන් වෙමින් පවතියි. එය මතු කරන ප්රශ්නය වන්නේ, එවන් වැඩිදියුණු කිරීම් ලබාගත නොහැකි අයට සිදුවන්නේ කුමක්ද යන්නයි.
එය අසමානතාව පුළුල් කර දැමීමක් මෙන්ම ධනවතුන්ට තව තවත් ධනවතුන් වීමට ඉඩ සැලසීමක් වනු ඇත. එපමණක් නොව එය නීතිමය හා සදාචාරාත්මක ගැටලු මතු කරනු ඇත. ඔබ විභාගයකට පෙනී සිටීමට පෙර කෝපි කෝප්පයක් පානය කිරීම පිළිගත හැකි වුවත්, ඖෂධයක් භාවිත කිරීම හෝ කෘත්‍රිම ඇඟිල්ලක් භාවිතා කිරීම පිළිගත හැකි වේද?
මිනිසාට අභියෝග කරන කෘත්‍රිම බුද්ධිය (AI)
මානව බුද්ධිය ඉක්මවා යන කෘත්‍රිම බුද්ධිය අද අපේ ජීවිතවලට පැමිණ ඇත. බහුතරයකගේ දෘෂ්ටිකෝණයෙන් එය අපේ ජීවිතවලට තර්ජනයක් වන බව පිළිගත්තද, සුළු පිරිසක් කෘත්‍රිම බුද්ධිය බලවත් නොවන බව පවසයි. එබැවින් ජාන සංස්කරණයේදී මෙන්ම තාක්ෂණය හා AI ප්‍රජාව ඔවුන්ගේ කාර්යයන්වලදී ආචාරධර්ම හා සමාජීය අනුමැතීන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
අප ජීවත්වන පිළිවෙළ හා විදිහ AI විසින් වෙනස් කිරීමකට පාදක විය හැකිවාක් සේම එය නිර්මාණය කළ නිර්මාණකරුවන්ගේ පාලනය අනුව අක්‍රමවත්ව ක්‍රියා කරමින් මානව ව්‍යවසනයක්, ජීවිත අහිමි කිරීමක් හෝ මිලියන ගණනින් ඩොලර් නාස්ති කිරීමක් නොකරන බවට සහතික කළ හැකිද?
මූලාශ්‍රය - future now වෙබ් අඩවිය ඇසුරිනි.
රොහාන් ඩයස්