කොළඹ නගරය %වරාය නගරය^ නමින් ආරම්භ වුවද දැන් එය ජාත්‍යන්තර මූල්‍ය නගරය බවට පරිවර්තනය වී අවසන්ය. ලෝකයේ ඕනෑම මූල්‍ය සමාගමකට ස්වකීය මූල්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට මේ යටතේ හැකියාව ලැබෙන අතර, එය ලංකාවේ ආර්ථික ක්ෂේත්රයට සාධනීය වූ ප්‍රබල බලපෑමක් එල්ල කිරීමට සමත් වේ. ඇතැම් විට මේ හරහා සමාජ හා සංස්කෘතික තත්ත්වයන් පවා පුළුල් වෙනසකට භාජනය විය හැකිය. ලංකාවට නැවුම් අත්දැකීමක් වන මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 269කි. එහි ගොඩකිරීම් කටයුතු මේ වන විට නිමා කිරීමට ආසන්නය. ඒ සමගම මෙහි ව්‍යාපෘති සමාගම වන චයිනා හාබර් සමාගම විසින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ එකඟතා ගිවිසුමකටද පසුගියදා බීජිං නුවරදී අත්සන් කරනු ලැබීය. මේ අවස්ථාවට සහභාගි වූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා මාධ්‍ය අමතමින් මෙහි ඉදිරි වැඩකටයුතු පිළිබඳ සවිස්තරාත්මක අර්ථකථනයක් සැපයීය.
2016 වර්ෂයේ අත්සන් කර, ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් මගින් දැනට සංවර්ධනය වන කොළඹ මූල්‍ය වරාය නගරයේ ගොඩබිම සකස් කිරීම 60%කින් පමණ අද වන විට නිමකර අවසන්ය. මෙම ගොඩකිරීම් කටයුතු එළැඹෙන වසරේ ජූලි මාසය වන විට අවසන් කිරීමට ව්‍යාපෘති භාර චයිනා හාබර් සමාගම අපේක්ෂා කරයි. මෙම සංවර්ධන ව්‍යාපෘති භාර සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ආයෝජනයෙන් නව නගරය තුළ ප්‍රථම ගොඩනැගිලි සංකීර්ණය හා ඊට සමගාමීව වෙනත් අයෝජනවලට මුලපිරීම ලාංකේය මූල්‍ය ආර්ථික ක්ෂේත්රයේ නවමු ආරම්භයක් සනිටුහන් කරන්නක් විය. චීනයේ බීජිං නුවරදී මේ සඳහා වන ගිවිසුම්වලට එළැඹීම සිදු විය. මෙහි ගොඩකරන මුළු ඉඩමේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 269කි.
එමෙන්ම මෙය මෙරටට නවමු අත්දැකීමකි. ලංකාවේ අලුතින් ගොඩබිමක් නිර්මාණය වීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වන්නකි. මේ නිසා මෙහි හිමිකාරීත්වය කෙරේ ප්‍රබල ගැටලුවක් මුල් කාලයේදී පැන නැගුණු දෙයකි. නමුත් මේ පිළිබඳ නාගරික සංවර්ධන අධිකාරියත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, චයිනා හාබර් සමාගමත් එක්ව ත්‍රිපාර්ශ්වික එකඟතාවකට පැමිණ මෙහි තිබූ නීත්‍යනුකූල අංශය විසඳා ගැනීමට කටයුතු කෙරිණි.
ඉන් පසුව විශේෂයෙන් හඳුනා ගත් හෙක්ටයාර 20ක භූමිය ආරම්භයේ ගොඩනැගීමට මෙම ව්‍යාපෘති සමාගම අපේක්ෂා කරනුයේ මෙම ගොඩකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නිමාවීමටත් ප්රථමයෙනි. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කිරීමට ඔවුන් විසින් එකඟත්වය පළකර තිබේ. එය එළැඹෙන ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.
මූල්‍ය සේවා පහසුකම් සැපයීම සඳහා සුවිශේෂී කාර්යාල පහසුකම් හා නේවාසික පහසුකම්ද සහිතව එම ගොඩනැගිලි ත්‍රිත්වය මහල් 45 සිට 60 දක්වා උසකින් යුතුව ඉදිකිරීමට මෙම සමාගම අපේක්ෂා කරයි. මෙම ගොඩනැගිලිවල පහත මාලය ආපන ශාලා, අලංකාර සාප්පු සංකීර්ණ, පාරිභෝගික පහසුකම් හා විනෝදාස්වාදක ස්ථානවලින් සමන්විතය. එයට අමතරව පාසලක් හා රෝහලක්ද මෙහි ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මෙය ජාත්‍යන්තර මූල්‍ය නගරයක් වන බැවින් මෙහි පාලනය හිමිවනුයේ කොළඹ මහ නගර සභාවට නොවේ. මෙම කොටස සඳහා සුවිශේෂී පාලන තන්ත්රයක් මේ වන විට හදමින් පවතී. විශේෂයෙන් බදු ආදී කටයුතු සඳහා වූ මූල්‍යමය අංශය, පරිපාලනමය අංශය ඇතුළු සියල්ල අඩංගු නීතිමය කෙටුම්පතක් ලබන අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙය ක්‍රියාත්මක වන්නේ විශේෂයෙන්ම මූල්‍යමය ආයතනවල අවශ්‍යතා සිදු කිරීමටය. ඒ අනුව ලෝකය පුරා තිබෙන මූල්‍ය ආයතනවලට තමන්ගේ මූලස්ථාන මෙහි ස්ථාපිත කිරීම සඳහා ආරාධනා කිරීමේ හැකියාව චයිනා හාබර් සමාගමට නීතිමය රාමුව යටතේ හිමි වේ.
මෙම මූල්‍ය නගරයේ විශාල ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය වුවද, ඒ සඳහා භාවිතයට ගනුයේ හරිත ප්‍රවාහන සේවයකි. මූල්‍ය නගරයේ අවශ්‍යතා හෝ විනෝදාස්වාදයට එන ඕනෑම පුද්ගලයෙකුට හෝ පිරිසකට පාගමනින්, බයිසිකලයෙන් හෝ පොදු ප්‍රවාහන සේවාවක් වන සැහැල්ලු දුම්රිය සේවා මගින් තම ප්‍රවාහන අවශ්‍යතා සපයාගත හැකිය. මොටර් රථ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනුයේ අවසානයටය.
මෙයට ප්‍රවේශ වීම සඳහා කටුනායක සිට පෑලියගොඩ හරහා අධිවේගී මාර්ගයක් ඔස්සේ නව මාර්ගයක් සකස් කෙරේ. ඒ වගේම පවතින මාර්ග තදබදය සමග මෙහි ප්‍රවේශයට ගැටලුවක් ඇති නොවන අයුරින් කොල්ලුපිටිය සිට වරාය නගරය දක්වා උමං මාර්ගයක්ද සකස් කිරීමට මේ යටතේ යෝජනා කර ඇත. එය කොල්ලුපිටිය දුම්රිය නැවතුම්පළ අසල සිට ගාලුමුවදොර පිටිය හරහා වරාය නගරයට ඇතුළු වේ. ඒ සඳහා අවශ්‍ය පාරිසරික හා සමාජීය බලපෑම් අධ්‍යයනය මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව ව්‍යාපෘති නිලධාරීන් විසින් සිදුකරනු ලබයි. ජනාධිපති කාර්යාලයට, ෂැන්ග්‍රිලා හෝටලයට හා ගාලුමුවදොර හෝටලයට මෙම උමං මාර්ගය හරහා පිවිසුම් මාර්ග සකස් කිරීමටද අපේක්ෂිතය.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට දිස්වන දර්ශන පථයට හෝ ගාලු මුවදොර පිටියේ හෝ එම හෝටලයේ දර්ශන පථයට බාධාවක් නොවන අයුරින් මෙම උමං මාර්ගය සකස් කෙරේ. එසේම ගාලුමුවදොර පිටිය මුහුදු දිශාවට තවත් මීටර් 30කින් පමණ දිගු වීමක් මේ ව්‍යාපෘතිය හරහා සිදුවේ. මෙම උමං මාර්ග අභ්‍යන්තරයේ සැහැල්ලු දුම්රිය සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. මෙම මූල්‍ය නගරයේ ගොඩනැගිලි ඉදිකිරීමට අමතරව නගර මධ්‍යයේ උද්‍යානයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබේ. සැලසුම් කර ඇති පරිදි මෙය ඇත්තෙන්ම ගාලුමුවදොර පිටියට වඩා විශාල උද්‍යානයකි. මෙය දියුණු මාදිලියේ එකක් වුවද සෑම ජනතාවටම විවෘත වූවක් වීම සුවිශේෂී කරුණකි. පසුගිය ආණ්ඩු සමයේ මෙය වරාය නගරයේ ෆෝමියුලා ධාවන තරග පැවැත්වීම සඳහා වෙන්කර තිබුණද, මූල්‍ය නගරය බවට පරිවර්තනය වීමත් සමග එය පොදු ජනතාවට විනෝද විය හැකි, නිදහසේ ගතකළ හැකි ස්ථානයක් බවට පත්කර තිබේ. මෙම උද්‍යානයේ අවශ්‍යතා සඳහා ගෙන එන සියලුම කාබනික පස් නිර්මාණය කරනු ලබන්නේද කොළඹ නගරයේ දිරාපත් වන කසළ යොදාගෙනය.
ගොඩකිරීම්වලින් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙය ලාංකේය භූමියක් බවට නීත්‍යනුකූලව ප්‍රකාශ කළ පසු 99 අවුරුදු බද්දක් යටතේ නැවත එහි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා චයිනා හාබර් සමාගමට එම නව ව්‍යාපෘතිය බාර කෙරේ. එමෙන්ම එයට අයත් යටිතල පහසුකම් එනම් ජලය, විදුලිය සැපයීම පිළිබඳ මේ වන විට විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය හා එක්ව අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර තිබේ.
කසළ කළමනාකරණය කිරීම සඳහා මෙහිදී විශේෂ පියවර අනුගමනය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව 2019 වර්ෂය අගභාගය වන විට ඕනෑම කසළක් බාරගත හැකි %අරුවක්කාරු^ කසළ රඳවනය මේ වන විට ඉදිකරමින් පවතී. මෙම වරාය නගර ව්‍යාපෘතිය 2014 වර්ෂයේ අගභාගයේදී කඩිනමින් ආරම්භ කළද, මේ සම්බන්ධ නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් රැසක්ම පැනනැගිණි. මෙම ව්‍යාපෘතියේ ගොඩකිරීම් සම්බන්ධව පාරිසරික අධ්‍යයනයක් සිදුකර තිබුණද, ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු පාරිසරික අධ්‍යයනයක් සිදු නොවීම බරපතළ ගැටලුවකි. නමුත් පාඨලී චම්පික රණවක මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ පරිසර අධ්‍යයන වාර්තාවක් සිදුකෙරිණි. ඒ අනුව මෙහි සකස් විය යුතු බොහෝ කාරණා අනාවරණය විය. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියෙන් හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ පිළිබඳ අවශ්‍ය කරන උපදෙස් මේ වන විට ලැබී අවසන්ය. මෙයට සමගාමීව සමාජ බලපෑම් පිළිබඳ අධ්‍යයනයක්ද සිදුකෙරිණි. එහිදී විශේෂයෙන්ම ධීවර ජනතාවගෙන් නැගුණු ප්‍රශ්නවලට විසඳුම් දීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට අපේක්ෂිතය. ඉදිරියේදී මේ සියල්ලට යෝග්‍ය පරිදි මූල්‍ය නගරය ඉදි කෙරේ.
මෙය ඍජු ආයෝජනයක් ඔස්සේ සිදුවන නිසා මෙරට ආර්ථිකය ශක්තිමත් වීමටද, තවත් අතකින් මෙරට රුපියල ශක්තිමත් වීමටද සිදුකරනු ලබන විශාල අායෝජන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ කිසිදු ආයතනයක් නොවේ. මේ සඳහා සියල්ල ආයෝජනය කරනුයේ විදේශ මූල්‍ය අයෝජකයන්ය.
රාජ්‍ය ණයභාවයට මේ හරහා කිසිදු මුදලක් එක් වන්නේද නැත. ඒ අනුව 2025 වන විට මෙහි සියලු වැඩකටයුතු අවසන් කිරීමට නියමිතය. මේ හරහා රැකියා අවස්ථා 80,000ක් පමණ ලාංකේය ජනතාවට විවෘත වන අතර, මෙරට දකුණු ආසියාවේ ඉහළ ස්ථානයකට ගෙන ඒමට එමගින් හැකියාව ලැබේ. ඒ ඔස්සේ වාණිජ ලෝකයේ නවමු අත්දැකීමක් ලාංකිකයන්ට මෙම ව්‍යාපෘතිය හරහා තිළිණ කෙරේ.