බලශක්ති ප්‍රභවයන් ක්‍රමක්‍රමයෙන් ක්ෂය වී යාම ආරම්භ වීමත් සමග අද වනවිට ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබෙන්නේ පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදයන් වෙතය.ශ්‍රී ලංකාවට එය වඩා වැදගත් වන්නේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ වන විට බලශක්ති උත්පාදන කාර්ය සඳහා වැය කරමින් පාරිසරික අර්බුදයන්ටද එහි අතුරු ඵලයක් ලෙස මුහුණ දෙමින් සිටින රටක් වශයෙනි. බලශක්ති උත්පාදනය සඳහා ස්ථිරසාර ප්‍රවේශයක් ලෙස ආරම්භ වූ සූර්යබල සංග්රාම ව්‍යාපෘතිය පිළිබඳවත්, එය දැනට ලබා ඇති සාර්ථකත්වය පිළිබඳවත් අද වෙත විග්‍රහයක් ගෙන එන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාය.
'ශ්‍රී ලංකාව ගත්තොත් අද වෙනකොට අපේ විදුලි බලය නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් සිදුවෙන්නේ ගල් අඟුරු බලාගාර මාර්ගයෙන්. ඒ වගේම ඩීසල් බලාගාරත් අප සතුව තිබෙනවා. මේ බලාගාරවලින් සිදුවන පරිසර හානියත් සැලකිය යුතු මට්ටමක තිබෙනවා. ඒ වගේම නඩත්තු සහ බලශක්ති නිෂ්පාදනයට යන වියදම පවා අධිකයි. මේ නිසා අපිට සිදුවෙලා තිබෙනවා පරිසර හිතකාමී සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රමවේද සඳහා අවධානය යොමු කරන්න. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ හරිත බලශක්ති සංකල්පය අනුව ගිහින් අපිට හැකිවුණා %සූර්යබල සංග්‍රාමය^ නමින් සූර්ය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට ලබාගැනීමට සාර්ථක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.
සූර්ය බල සංග්රාම ව්‍යාපෘතිය මීට වසරකට පමණ පෙර අපි ආරම්භ කළේ ශ්‍රී ලංකාවේ නිවාස දසලක්ෂයක පියැසි සූර්ය බලාගාර ඇති කරලා මෙගා වොට් දහසක බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. හරිත බලශක්තියේ ප්රගතිශීලී හැරවුම විදියට සූර්යබල සංග්‍රාමය අපි හඳුන්වන්නේ ඒ නිසයි. සමකයට ආසන්න රටක් විදියට සූර්ය ශක්තිය ප්රශස්ත ලෙස ලබාගන්න අවශ්‍ය නිසා මේ බලශක්තිය අපි ලබාගන්නේ පෙරවරු 6ත් පස්වරු 6ත් අතර කාලසීමාවේදියි. මෙහි තිබෙන විශේෂතම කාරණය වෙන්නේ අපි මේ සූර්යාලෝකය හරහා ලබාගන්නා බලශක්තිය පාරිභෝගිකයාගෙන් මිලදී ගැනීමයි. සූර්යබල සංග්‍රාමය යටතේ වහල උඩ තිබෙන බලාගාරය හැදුවට පස්සේ ඒ බලාගාරයෙන් ජනනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්වීම සිදුවෙනවා. ජාතික විදුලිබල පද්ධතියෙන් තමයි පාරිභෝගිකයාට අවශ්‍ය විදුලිය සැපයීම සිදුවෙන්නේ. මෙතන ක්‍රියාත්මක වෙන්නේ %වහල මත පියැසි බලාගාරය^ කියන සංකල්පය.
මේ ඇතිකරන දසලක්ෂයක සූර්ය බලාගාර අතරින් 20෴ ක ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී පවුල්වලට ලබාදීම හරහා එවැනි පවුල් ලක්ෂ දෙකක් පමණ විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීම මගින් ඔවුගේ ජීවන තත්ත්වය නගාසිටුවීමත් මෙතනදි අපි අරමුණු කරගෙන තිබෙනවා. සූර්යබල සංග්රාම ව්‍යාපෘතිය හරහා විදුලි පාරිභෝගික ජනතාවට ලැබෙන සුවිශේෂී ප්රතිලාභ ගත්තොත් මෙතනදි ඔවුන්ට තෝරාගන්නා ක්‍රමය අනුව මාසික විදුලි බිල සඳහා වැයවෙන මුදල සම්පූර්ණයෙන් උපයාගැනීමේ හැකියාව තිබෙනවා. වසර 07ක් දක්වා නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වාණිජ බැංකු රැසකින්ම සූර්ය පැනල මිලදී ගැනීම සඳහා 4% ඉඳලා 8% දක්වා වූ අවම පොලී අනුපාත යටතේ ණය පහසුකම් සලසා තිබෙනවා. සූර්ය පැනල මිලදී ගැනීමට පාරිභෝගිකයා විසින් ලබාගන්න ණය මුදල ඔබ ලබන අාදායමෙන් ඒ ණය මුදල සහ පොලිය ගෙවීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පාරිභෝගිකයන් ඔවුන්ගේ පියැසි සූර්ය බලාගාරය හරහා නිෂ්පාදනය කරන සෑම අතිරික්ත විදුලි ඒකකයක් සඳහාම අප විසින් ඔවුන් සමග එළඹෙන ගිවිසුම යටතේ පළමු වසර 7 තුළදී රුපියල් 22ක මුදලක් සහ 8 වැනි වසරේ සිට සෑම අතිරික්ත විදුලි ඒකකයක් සඳහාම රුපියල් 15.50ක මුදලක් හිමි වෙනවා.
ජනතාවට මෙතනදි තමන්ගේ විදුලි පරිභෝජන රටාව අනුව තෝරාගත හැකි යෝජනා ක්‍රම තුනක් පවතිනවා. පළමු ක්‍රමවේදය වෙන්නේ වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය ඒකක ගණන, පරිභෝජනය කරන විදුලි ඒකක ගණනට වඩා අඩුනම් එම වෙනසට පමණක් මණ්ඩලයට මුදල් ගෙවීමට පාරිභෝගිකයාට හැකියාව තිබෙනවා. ජනනය කරන ඒකක ප්‍රමාණයේ අතිරික්තයක් තිබෙනවා නම් වසර 10ක් දක්වා හිඟ අවස්ථාවන්වලදී හිලව් කිරීමට එම ශේෂය ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. (Net Metering)
දෙවැනි ක්‍රමවේදය වෙන්නේ තමන්ගේ වහල මත සවිකරන සූර්ය පැනල මගින් ජනනය කරන විදුලි ඒකක ගණන නිවාස හිමියා විසින් පාවිච්චි කරන ලද විදුලි ඒකක ගණනට වඩා වැඩි නම් මණ්ඩලය විසින් නිවාස හිමියාට ගෙවීමක් සිදුකරනවා. නිවසේ ජනනය කළ විදුලි ප්‍රමාණය අඩු නම් ගෙහිමියා මණ්ඩලයට ගෙවීමක් සිදුකරනවා (Net Accounting).
තෙවැනි ක්‍රමවේදය තමයි තම වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස හිමියන්, නිෂ්පාදනය කරන විදුලි ඒකක ගණනට
මණ්ඩලය මගින් නිවාස හිමියාට ගෙවීම් සිදුකරනු ලබනවා. නිවසේ විදුලි පරිභෝජනය සඳහා වන බිල්පත ගෙහිමියා විසින් මණ්ඩලයට ගෙවනු ලබනවා (Net Plus).
පාරිභෝගිකයාට සූර්යබල සංග්‍රාමය මගින් මේ විදිහට ප්රතිලාභ ලැබෙද්දි රටටත් ඒ හරහා ලැබෙන ප්රතිලාභ ගණනාවක් තිබෙනවා. සූර්ය බලය කියන්නේ නොමිලයේ ලැබෙන බලශක්ති ප්‍රභවයක් ඒ නිසා දැනට බලශක්ති උත්පාදනයට යොදාගන්නා ගල් අඟුරු සහ ඉන්ධන සඳහා විශාල වශයෙන් වැය කරන විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කරගැනීමට හැකියාව පවතිනවා. තාප බලාගාර ඔස්සේ සිදුකරන විදුලි ජනන ක්‍රියාවලියේදී වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් වසරකට මෙ.ටො 150,000 ක පමණ ප්‍රමාණයක් අඩු කර ගැනීමට පුළුවන්. ඒ ඔස්සේ පාරිසරික හානිය අවම කරලා තිබෙනවා. විදුලි පද්ධතියේ සමතුලිතතාව මේ හරහා රැක ගැනීමට හැකිවෙනවා වගේම විදුලි බලය සම්ප්‍රේෂණය සහ බෙදාහැරීමේ හානිය අවම වෙනවා.
ඒ වගේම දැනට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පමණක් සීමාවෙලා තිබෙන විදුලිබල නිෂ්පාදන කාර්යයට සමස්ත ජනතාවටම සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා. මේ හරහා රට පුරාම විසිරුණු කුඩා පරිමාණ විදුලි නිෂ්පාදනාගාර පද්ධතියක් නිර්මාණය වෙන නිසා එය ජාතික විදුලි සුරක්ෂිතතාවට ධනාත්මක ලෙස බලපානවා. පාරිභෝගිකයනන් විශාල ප්‍රමාණයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්වෙන නිසා මෙමගින් විදුලි ජනනය ඔස්සේ ලැබෙන ආදායම තුළ රටේ ආදායම් බෙදීයාමේ විෂමතාව අඩු කරගන්න පුළුවන්.
තවත් වැදගත් කාරණයක් වෙන්නේ 2025 වසර වන විට සූර්යබල සංග්‍රාමය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙ.වො 1000ක ප්‍රමාණයක් එක්කර ගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ක්ෂේත්රයේ ඇතිවන පිබිදීමත් එක්ක ඍජු වශයෙන් සහ වක්‍රව නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. පසුගිය වසරේ අපට හැකිවුණා ජාතික විදුලිබල පද්ධතියට මේ හරහා මෙගාවොට් 100ක බලශක්තියක් ලබාදෙන්න. එය විශාල ජයග්‍රහණයක් වෙනවා වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයත් පෙන්නුම් කරන විශේෂ අවස්ථාවක් වෙනවා'
විශේෂ ස්තුතිය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් පැතුම් මහතාට.