සෞඛ්‍ය ඇමති රාජිතගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 10ක් ලබාදීම පිළිබඳ මාස කීපයකයට පසු පාර්ලිමේන්තුව තුළ නැවතත් කතාබහක් ඉකුත් සතියේ අසන්නට ලැබුණු පුවත ජනමාධ්‍ය වාර්තා කළේය.
සැබවින්ම සෞඛ්‍ය ඇමතිවරයාට හෝ වෙනත් ඇමතිවරයෙකුට තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එසේ ජනාධිපති අරමුදලෙන් යම් ප්‍රදානයක් ලබාගත නොහැකිද? ජනතාව සිය ප්රශ්නය නැවත අලුත් කළහ.
මැති ඇමතිවරුන්ට රිසි පරිදි යම් අරමුදලකින් තම අවශ්‍යතාව වෙනුවෙන් මුදල් ලබා ගැනීමට බාධකයක් නැතැයි බහුතර ජනතාව ගතවූ මහින්ද සන්ධාන සමයේ සිට ලබා ඇති අත්දකීම් සිහිපත් කළෝය.
ජනාධිපති අරමුදලෙන් මැති ඇමතිවරුන්ට පමණක් නොවේ, ජනතාව දැන සිටි පරිදි සුලභව රටවැසියන්ගේ යම් රෝගී අවශ්යතාවන්හිදීද මෙම අරමුදල යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් එදත් අදත් යම් ප්‍රතිපාදන ලබා දුන් බව ජනතාව දනිති.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ ගමේ මිනිහෙකුට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ලක්ෂ හත අටක් අවශ්‍ය තැන ග්‍රාමසේවා සහතිකය, වෛද්‍ය සහතිකය, ප්‍රාදේශීය ලේකම් සහතිකය, දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහතික ආදී වශයෙන් වාර්තාවිශාල ප්‍රමාණයක් සපයමින් ඒ සඳහා දැඩි ප්රයත්නයක යෙදිය යුතු පුවතකි.
එහෙත් රාජිතට ලක්ෂ සියයක් ලබාදුන්නේ කිනම් කඩදාසියක් යටතේද යනුවෙන් තවත් පැනයකි.
එසේනම් රටේ සෑම පුරවැසියෙකුටම යුක්තිය සහ සමාජය ඉදිරියේ සමානාත්මතාව යටතේ සලකනු ලබන්නේ නම් කාටත් වැලඳෙන ලෙඩදුක්වලදී යම් ඇමතිවරයෙකුට එක් හැන්දකින්ද, ඔවුන් නඩත්තු කරන ජනතාවට කන් හැන්දකින්ද බෙදීමේ ක්‍රමයක් රට තුළ පවතින්නේ ඇයිද සහ කෙසේද යනුවෙන් අනුර කුමාරගෙන් බරපතළ චෝදනාවකි.
අනුර කුමාර පවසන පරිද එසේ නොවිය යුතු බව ජනතාවද සිහිපත් කරති.
නමුත් මෙයට පෙරද අසනීපයකදී ප්‍රතිකාර වෙනුවෙන් මෙවැනි ප්‍රතිපාදන මැති ඇමතීන්ට නිකුත් කර ඇති බව ඒ කතාවට පිළිතුරු දුන් වජිර යාපා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අනවශ්‍ය ප්‍රශ්න තර්ක මතුකිරීම නුසුදුසු බවද එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි පිළිකුල සහ මවිතය පළකරන බවද ඔහු පැවසීය.
එසේනම් කවුරු කවුරුත් තම නිලය බලය තුළ ජනාධිපති අරමුදල යටතේ මෙයට පෙර ලොකු ඉලක්කම්වලින් මෙම ගනුදෙනුව කර ඇති බව පැහැදිලිය. කෙසේවුවද අවශ්‍ය තැන අවශ්‍ය පරිදි යම් දායකත්වයක් වෙනුවෙන් රජයේ පොදු අරමුදලක අවශ්‍යතාව මතුවන තර්ක විතර්ක සනාථ කරයි.
මෙම අර්බුදය පාලකයන්ට සිහිපත් කරන්නේ ගමේ කම්කරුවාට මෙන්ම රටේ සෞඛ්‍ය ඇමතිවරයාටද ලෙඩ හැදෙන බවකි. එසේම දිළින්දාට මෙන්ම රට කරවන මැති ඇමැත්තන්ටද ලෙඩ දුකේදී නැති බැරිකම් ආර්ථික ප්‍රශ්න මතුවන කතාවකි.
මෙම ප්‍රශ්න කිරීම තුළ අනුර කුමාර මන්ත්‍රීවරයා ඇසුවේ එකම අරමුදලකින් එක් ජනකොටසකට එක් ආකාරයකින්ද, තවත් වරප්රසාදලාභී පිරිසකට තවත් ආකාරයකින්ද බෙදාගත හැකිද? කෙසේද? ඒ ඇයි? යන පැනයකි.
එසේනම් ජනතාව අසන්නේද ඇත්තටම පාලකයාත්, පාලිතයාත් එකම රටක පුරවැසියන් නම්, ඔවුන් පත්කළේද අපි නම් ඔවුන්ට මාසිකව ලක්ෂ හත අටක නඩත්තුවක් ගෙවන්නේත් අප නම් මෙබඳු තීරණාත්මක හිමිකමක් පාලිතයාගෙන්අහිමි කරන්නේදැයි පැනයකි.
ජනාධිපති අරමුදල හෝ වෙනත් අණපනතකින් එසේ එක් පාර්ශ්වයකට පමණක් වඩා වාසි සහගත වනකොන්දේසි පනවා ඇත්තේ කෙසේද යනුවෙන් ජනතාව විමසති.
අනෙක් අතට විශාල පරතරයක් සහිතව එසේ වෙනසක් පනවා තිබේ නම් ඒවා නැවත සංශෝධනය කරමින් කාගේත් අවශ්‍යතාව අනුව පොදු නිර්ණායකයන් සම්මත කර මුදල් ගෙවිය නොහැකිද යනුවෙන් තවත් ප්රශ්නයකි.
එහිදී ලබාදිය යුතු ප්‍රතිකාරය අනුව උපරිම සහ අවම ගෙවීමේ ක්‍රමයක් සමග දේශීය සහ විදේශීය සැත්කම් වශයෙන් කාටත් සමාන ක්‍රමයකට එය සම්පාදනය කළ නොහැක්කේ ඇයිද යන්න තවත් පැනයකි. එසේ කළ නොහැකි නම් ජනතාව සහ රටේ පාලකයන් යනුවෙන් හරස් බාධකයක් පනවා මැරෙන්නට පණ අදින ලෙඩාටත් ජීවත්වන්නට යත්න දරන පාලකයන්ටත් වශයෙන් වෙනසක් ලෙස පවත්වාගත යුතුදැයි තවත් තර්කයකි.
සෞඛ්‍ය ඇමතිවරයා ඉලක්ක කර අනුර කුමාර මන්ත්‍රීවරයා අසන ප්රශ්නය තුළ ඇත්තේ ලංකාවේ සුවසේවය ඉහළ යැයි පවසන ඇමතිවරයාට තමන්ගේ සැත්කම ලංකාවේ මහ රෝහලකින් කර ගැනීමට නොහැකි වූයේ ඇයිද යනුවෙන් තවත් පැනයකි. ඒ තමන්ගේ සෞඛ්‍ය සේවය පිළිබඳ තමාටවත් විශ්වාසයක් නැති නිසාදැයි අනුර කුමාර රාජිතගෙන් ඇසුවේය.
ප්රශ්නයේ දෙපැත්තකි. එකක් ජාත්‍යන්තර සම්මුතීන් අනුව රෝගී අයිතිවාසිකම් විමසීමේදී හැම රෝගියෙකුටම තමන්ගේ රෝගය පිළිබඳ පැහැදිලිව අසා දැන ගැනීමට රෝගියාට හිමිකමක් ඇත. තමන් කැමති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය සපයා ගැනීමට ඔහුට අවකාශය තිබේ. තවද තමන් කැමති වෛද්‍යවරයෙකු තෝරාගැනීම හෝ මාරු කිරීමේ අයිතියද ඔහු සතුය.
ඒ අනුව සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට හෝ ඇමරිකාවේ එංගලන්තයේ රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමේ හිමිකමද හැම මිනිසෙකුටම නැත්තේ නොවේ. (රෝගීන්ගේ අයිතිවාසිකම් යනුවෙන් පාරිභෝගික අයිතියක් ලෙස 1960දී ඇමරිකාවේ ජනාධිපති කෙනඩි මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකි) එහෙත් ප්රශ්නයේ අනෙක් පැත්ත එය නොවේ.
හිමිකමක් වුවද එය යුක්තිදාමයට අනුගත සාධාරණ සහ සදාචාරාත්මක ක්‍රියාවක් නොවන්නේ ඒ හිමිකම තිබූ පමණින් ඒ සඳහා තමන්ගේ මුදලක් වෙනුවට ජනතාව නමින් පවත්වාගෙන යනු ලබන අරමුදලකින් ඒ වියදම පියවා ගැනීමේ විෂම බවක් පවතින්නේ නම් එසේ පියවාගත හැකි මුදල කොපමණද යන්න නැවත විමසුමට ලක් කළ යුතු කරුණකි.
ඇමතිවරයෙකු හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු හට තම රෝගය වෙනුවෙන් අවශ්‍ය තරම් වියදමක් හෝ ප්‍රමාණවත් ජනතාව නමින් පවතින පොදු අරමුදලකින් ලබා දිය හැකි නම් එකී වරප්‍රසාදය ගමේ නැති බැරි මිනිසා වෙත ළඟා වීමේදී සොච්චමක් දක්වා හැළී යාම ජනතාවටද ප්රශ්නයකි.
ඒ සොච්චම ලබා ගැනීමටත් අතන මෙතැන කර්යාල අතර කාලය කා දමමින් තවත් අමතර කාලයක් සහ යම් වියදමක් දැරීමට සිදුවන්නේ නම් එය රෝගී අයිතිවාසිකම්ද දෙආකාරයකින් ක්‍රියාත්මක වීම පිළිබඳමැසිවිල්ලකි.
ගමේ කම්කරුවා දවස් ගණනාවක් රෝහල් තුළ වෛද්‍යවරුන් සහ කන්තෝරු තුළ නිලධාරීන්ට කටඋත්තර බඳිමින් වාර්තා ලබාගැනීමට කාලය කා දමති. කායිකව සහ මානසිකව ඔත්පල වෙති. එහෙත් බලය ඇත්තෝ හෝ ඇති හැකි අය එක් දුරකථන නියෝගයෙන් මේ ලිපි සියල්ල ක්ෂණිකව ලබාගනිතියි ජනතාව නඟන චෝදනාවද අසාධාරණ නැත.
කෙතරම් හොඳ දෙයක් වුවද සදොස් ආකරයෙන් සිදුවන්නේ යැයි ජනතාව තුළ සාධාරණ සැකයක්මතුවන තැනකදී සිදුවන්නේ හොඳක් කරලත් නැති බැණුම් අසනවා යැයි කතාබහකි. එසේනම් එතැන හොඳක් සිදු වී නැත. සිදුව ඇත්තේ අවශ්‍ය දේ සිදුනොකිරීම නිසා අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වීම පමණි.
රජය පැත්තෙන්ද ඇමතිවරුන්ට මෙම අරමුදල භාවිතය පිළිබඳ යම් කරුණු තිබිය හැකිය. නැති බැරි රටවැසියාත්, රටේ ඇමතිවරයාත් අතර පවතින රුපියල් ශත සහ ඩොලර් යුරෝ බිලියන ගණනාවක වෙනස සාධාරණීකරණය කිරීමටද යම් සාක්ෂි තිබිය හැකිය. එහෙත් ඒ සාක්ෂි අසාධාරණ ලෙස යුක්තිය සහ සාධාරණය ඉටුවීමට හානියක් නම් එය යහපත් දෙයක් නොවන බවමේ සංවාදය ඇසුණු ජනතාව අවධාරණය කරති.
ඉස්සරත් එහෙම වෙලා තියෙනවා යැයි වජිර යාපා අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඉස්සරත් එහෙම කළා නම් හැමදාම සිදුවී ඇත්තේ නැති බැරි එකාට නොව ඇති හැකි අය ජනතාව නමින් පවතින පොදු අරමුදල්ද භාවිත කර ඇති බවට කතාවකි. ජනතාව දකින සමාජ අසාධාරණය එදත් සිදුවී තිබේ නම් අදත් එයම සිදුවිය යුතුද? හෙටත් එසේම සිදුකළ යුතුද? ජනතාවට පැනයකි.
වකුගඩු බද්ධයට, හදවතසිදුරට, ශ්‍රව්‍ය උපකරණ සවිකර ගැනීමට යැයි රුපියල් විස්ස තිහ වශයෙන් අලෙවි කරමින් පොදු ප්‍රවාහන සේවා තුළට ගොඩ වී සහ නගර පුරා රුපියල් ලක්ෂ තුනහතරක් එකතුකර ගැනීමට සොයා යමින් මුදල් එකතු කරන රෝගීන් රට පුරා එදා මෙන්ම අදටත් බිහිවන්නේ ද මේ හේතුව නිසාමය.
එනිසා මෙවැනි අර්බුදගත ගැටුම් මතුවිය හැකි හැමදේටම පොදු ප්‍රතිපත්තියක් සහ ඒ වෙනුවෙන් වඩා සර්ව සාධාරණ නිර්ණායක සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ජනතාවඅවධාරණය කරන්නේ එහෙයිනි.
ජනතාව යහපාලන ආණ්ඩුවක් ස්ථාපනය කළයුතු යැයිජනවාරි 8 වෙනස සිදුකරන විට ජනාධිපති අරමුදලද ඒ යහපාලනය තුළ තවත් එක් සාධකයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මන්ද මහින්ද පාලන සමයේදී ජනාධිපති අරමුදලේද ඇතැම් සදොස් ගනුදෙනු සිදුවී ඇතැයි එකල ජනමාධ්‍ය හරහා අනාවරණය වූ හෙයිනි.
එසේම මෙරට කළ හැකි හෝ කළ නොහැකි සැත්කම් යනුවෙන් පොදුවේ අංශ දෙකකි. කළ හැකි දේ වෙනුවෙන් මෙරට මෙන්ම විදෙස් රටවල්ද තෝරා ගත්තද මෙරට තුළ කළ නොහැකි ප්‍රතිකාර සඳහා අනිවාර්යයෙන්ම විදෙස්ගත විය යුතුමය.
එයින් අදහස් වන්නේ මෙරට සුවසේවයේ කඩා වැටීමද යන තර්කයට යොමු වන්නේ මට මගේ රෝහල විශ්වාසයි හෝ මගේ වෛද්‍යවරුන් විශ්වාසයි යනුවෙන් සහතිකයක් ලබාදිය හැකි නම් බවද ජනතාව පවසති.
එසේ නොවී මෙරට කළහැකි සැත්කමත් විදෙස් රටක කර ගැනීමේදී අපට මේ සුවසේවය හොඳ නම් එම ප්‍රතිකාරය සඳහා පාලකයන්ටලක්ෂ සිය ගණන් බෙදා ගැනීම සුදුසුදැයි යන ප්රශ්නය නැවත නොඇසිය යුතුය. එසේනම් ජනාධිපති අරමුදලද විධිමත් නිර්ණායකයන්ට යොමු විය යුතු බව ජනාධිපතිවරයාට දැනිය යුතුය.
එහෙත්පොදුවේ පැහැදිලි වන තවත් කරුණක් වන්නේ අපේ සුවසේවය මෙතරම් විශ්වකර්ම යැයි ඇමතිවරයා පැවසුවද අදටත් පොරොත්තු ලේඛන පරීක්ෂණ සඳහා යෙදවිය යුතු අධික වියදම් සහ ඒ වෙනුවෙන් ජනතාවට පෞද්ගලික රෝහල් සඳහා ගෙවිය යුතු අප්‍රමාණ වූ මුදල දැරිය නොහැකි බවය.
අනෙක ජීවිත අවදානම පිළිබඳ පවතින කුකුස තුළ සැබවින්ම හොඳ සේවයක් ඇතත්, එය යහපත් ආකාරයෙන් වඩා ඵලදායී තත්ත්වයට පත්කර ගැනීමට එදා මෙදා ඇමතිවරුන්ට තිබෙන නොහැකියාව බවද පැහැදිලිය.
ජනතාවගේ නමින් පවතින අරමුදල්වලින් ගෙවන මුදලින් සුවසේවයේ පවතින අඩුපාඩු පිළිසකර වන්නේ නම් නැතිබැරි වුන්ට අතට ලක්ෂයක් හමාරක් නැතත්, මියැදෙන්නට පෙර ඉදිම්වා මියෙම්වා යනුවෙන් හිත හදාගෙන සැත්කමකට යොමුවිය හැකි බවට ජනතාව පවසන කතාවද බැහැර කළ නොහැකිය.
මේ කරුණු සියල්ල යම් පාලකයෙකුට ඇමැතිවරයෙකුට හෝ ජනාධිපති අරමුදලට චෝදනාවක් නොව මෙවැනි අරමුදලක් තවදුරටත් යාවත්කාලීන කර වඩාත් අර්ථවත් කිරීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුකරවීමක් බව පැවසිය යුතුය.
රටේ දේශපාලන නායකයන්ද ජනතාවට අයත් නොවන්නේදැයි එවිට යම් පාලකයෙකුට ප්‍රශ්නයක් මතු වනු ඇත. බළලා මල්ලෙන් එළියට පනින්නේද එතැනය. එසේනම් ජනතාවට එක් හැන්දකින්ද, පාලකයන්ට තවත් හැන්දකින්ද බෙදෙන ක්‍රමය සාධාරණදැයි ලිපිය නිම කිරීමට පෙර නැවත ප්‍රශ්නාර්ථයක් ලෙස ජනතාව අසන දෙයින්ම ලිපිය අවසන් කරමු.