22 වන අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරය සඳහා මහ නාහිමිනමක් තෝරා පත්කරගැනීම අද (07 දා) පස්වරු 3.00 ට අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
එක් එක් වකවානු තුළ අස්ගිරි මහා විහාරයෙහි ප්රධානත්වයට පත් මහ තෙරුන් වහන්සේලා ‘දාන භාර තෙර ‘ අස්ගිරි ගණේනායක, අස්ගිරි විහාර ගණයේ නායක යන නම් වලින් හඳුන්වා ඇති අතර “මහානායක" යන පදවි නාමය භාවිතයට ගැනෙන්නේ ක්‍රි.ව.1765 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අස්ගිරි මහා විහාරයට හා මල්වතු මහා විහාරයට වෙන වෙනම මහානායක පදවි දෙකක් පත් කොට එයට නිසි වටාපත් පිළිගැන්වීමත් සමගිනි.
ඉන් පසු මුලින්ම මල්වතු පාර්ශ්වයේ තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත හිමියන්ට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියත් අස්ගිරි පාර්ශ්වයේ උරුලෑවත්තේ ශ්‍රී ධම්මදස්සී මහානායක මාහිමිපාණන්ට අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවියත් ක්‍රි.ව.1765 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිගැන්වීමෙන් පසු මල්වතු අස්ගිරි උභය විහාරවල මහානායක පදවි පිරිනැමීම ඇරඹී ඇති බව වංශකතාවල දැක්වෙයි.
ක්‍රි.ව.1765 වර්ශයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ඇරඹි මල්වතු අස්ගිරි උභය විහාර සඳහා මහානායක පදවි පිරිනැමීමෙන් පසු එදා සිට අද දක්වා අස්ගිරි පාර්ශ්වයේ මහානායක පදවි දැරූ මහානාහිමිවරු මෙසේය.
අතිගරු උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි මහනායක මාහිමිපාණන් වහන්සේ (1765 -1778)
අතිගරු ඉදවලුගොඩ ශ්‍රී ධම්මපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1978 - 1807)
අතිගරු පොතුහැර ශ්‍රී රතනපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1807 -1814)
අතිගරු මාවතගම ශ්‍රී සෝභිත මහනායක මාහිමිපාණන් වහන්සේ (1814 -1822)
අතිගරු යටවත්තේ ශ්‍රී චන්ද්‍රජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1822 -1822)
අතිගරු යටන්වල ශ්‍රී සුනන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1824 -1835)
අතිගරු කොටගම ශ්‍රී ගුණරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1835 -1845)
අතිගරු උඩුමුල්ලේ ශ්‍රී රතනජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1849 -1851)
අතිගරු යටවත්තේ ශ්‍රී සුවර්ණජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1853 - 1868)
අතිගරු වත්තේගම ශ්‍රී සුමංගල මහනායක මාහිමිපාණන් වහන්සේ (1869 -1885)
අතිගරු යටවත්තේ ශ්‍රී චන්දජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1886- 1892)
අතිගරු කපුලියද්දේ ශ්‍රී පියදස්සී මහනායක මාහිමිපාණන් වහන්සේ (1893 -1914)
අතිගරු අඹගස්වැවේ ශ්‍රී රතනජෝති මහනායක මාහිමිපාණන් වහන්සේ (1914 -1921)
අතිගරු ගුන්නෑපාන ශ්‍රී සරණංකර මහනායක මාහිමිපාණන් වහන්සේ (1921 -1929)
අතිගරු මුල්ලේගම ශ්‍රී ගුණරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1929- 1947)
අතිගරු යටවත්තේ ශ්‍රී ධම්මරතන මහනායක මාහිමිපාණන් වහන්සේ (1947- 1966)
අතිගරු උඩුගම ශ්‍රී රතනපාල මහනායක මාහිමිපාණන් වහන්සේ (1966 -1970)
අතිගරු ගොඩමුන්නේ ශ්‍රී ධම්මානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1970 -1975)
අතිගරු පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහනායක මාහිමිපාණන් වහන්සේ (1975 -1999)
අතිගරු උඩුගම ශ්‍රී බුද්ධරඛිත මහනායක මාහිමිපාණන් වහන්සේ (1999 -2015)
අතිගරු ගලගම ශ්‍රි අත්ථදස්සී මහනායක මාහිමිපාණන් වහන්සේ (2015 -2016)
21 වන අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරය දරු අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ 22 වන මහානායක ධුරය සඳහා මහනාහිමිනමක් තෝරා පත්කරගැනීම අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහනාහිමිපාණන් වහන්සේලා දෙනම ප්රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව රැස් වී සිදුකිරීමට නියමිතය.
මහානායක ධුරය අපේක්ෂා කරන මහතෙර නමක් විසින් ඉදිරිපත් කෙරෙන අයදුම් පත්‍රය ලේකඛාධිකාරී හිමියන් විසින් සභාගත කෙරු පසු එම තනතුර දැරීමට අයදුම්පත ඉදිරිපත් කළ නාහිමියන්ගේ යෝග්‍යතාව සැලකිල්ලට ගෙන සංඝ සභාවේ යෝජනා ස්ථිරත්වයෙන් සුදුසු හිමිනමක් අස්ගිරි පාර්ශ්වයේ 22 වන මහානායක ධුරය සදහා තෝරා පත් කර ගැනීම පුරාණ චාරිත්‍රවලට අනුව සිදුකරනු ලබන බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්යා ලේඛකකාධිකාරි පූජ්යා නාරම්පනාවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
(උපුටා ගැනීම - මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් විසින් සකසා අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ ප්‍රදර්ශනය කර ඇති ඡායාරූප හා විස්තර වලින්.මෙහි ඇති කරුණු පිළිබඳ සවිස්තර සටහන් ලබාදීම - අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්)