Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
මීට අමතරව රටේ තිබෙනා මාර්ග තදබදයට විසඳුම් සෙවීම සඳහා විදේශ විශේෂඥයන්ගේ දැනුම පවා ලබාගැනීමට කටයුතු කළේය. එහෙත් අදටත් මාර්ග තදබදය අවම කිරීම සඳහා රට තුළ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නැත.
මාර්ග තදබදය අවම කිරීම සඳහා රජයේ කාර්යාල ආරම්භ වන හා අවසන් වන වේලාවන් වෙනස් කිරීමට තීරණය වූ අතර, නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ ප්‍ර‘දේශයේදී මේ වනවිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් තිබේ.
මීට අමතරව පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කර කලට වේලාවට ගමනක්බිමනක් යාමට මගීන්ට අවස්ථාව ලබාදීමට බව පවසමින් ප්‍රමුඛතා මාර්ග සංකල්පයක්ද හඳුන්වා දෙනු ලැබිණි.
මෙම සංකල්පය මේ වනවිට බත්තරමුල්ල පිටකොටුව හා ගාලුපාර පිටකොටුව යන මාර්ගවල ක්‍රියාත්මක කරමින් තිබේ. මෙම වැඩපිළිවෙළවල් දෙක තුළිනුත් මාර්ග තදබදයට විසඳුම් නොලැබෙන බව මේ වනවිට තහවුරු වී ඇත. මේ නිසා කොළඹ නගරයට කිලෝමීටර් 20කට අධික දුරක සිට සෑම මාර්ගයකම දවසේ බොහෝ කාලයක් මාර්ග තදබද දක්නට ලැබේ.
පොදුවේ වර්ග කිලෝමීටර් 65610ක කුඩා භූමියක් පිහිටි ශ්‍රී ලංකාව තුළ මේ වනවිට වාහන 68 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබෙන බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
මෙම වාහනවලින් ලක්ෂ 05ත් 06ත් අතර ප්‍රමාණයක් දෛනිකව කොළඹ නගරයට හා කොළඹ නගරය පසුකර යන බවට සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී තිබේ.
රටේ වාහන ප්‍රමාණය රටට දරාගත හැකිද යන්න සේම රටේ ප්‍රධාන නගරයට දෛනිකව වාහන ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් ඇතුළු වීම නගරයට දරාගත හැකිද යන ගැටලු මේ වනවිට පැන නැගී තිබේ.
රටක් සංවර්ධනය වීමේදී පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් වීම එක් සාධකයක් ලෙස සලකනු ලබයි. එහෙත් ලක්ෂ 68කට අධික ලියාපදිංචි වාහන අතරේ පොදු මගී ප්‍රවාහන සේවයේ යෙදෙනා බස් රථ ප්‍රමාණය 28,000කට ආසන්නය.
මෙම ප්‍රමාණයෙන් 23,000කට අධික බස් ප්‍රමාණයක් පෞද්ගලික අංශය සතු වන අතර, බස් රථ 5000කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ප්‍රවාහන සේවය වන ලංගමය සතුය.
මේ අනුව රටේ පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙන්නේ පවුලේ වාහන ලෙස සැලකෙන ත්‍රිරෝද රථ, කාර් රථ, වෑන් රථ වැනි වාහන හා ඉඩම් වාහන, බර වාහන වැනි වාහන අතරේය.
එක් දිනකදීම ලක්ෂ 68කට අධික වාහන ප්‍රමාණයක් මාර්ගවල ගමන් නොකළත්, මෙම වාහනවලින් අතිබහුතර ප්‍රමාණයක් දෛනිකව මාර්ගවල ගමන්කිරීම සිදුවේ. මේ තරම් වාහන ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා රට තුළ මාර්ග පද්ධතිය පුළුල් වී නොමැත. එසේ නම් මාර්ග තදබදය අවම කිරීමට නම් මුලින්ම සිදු කළ යුතු වන්නේ රටට වාහන ගෙන්වීම යම් කාලයකට සීමා කිරීමය.
මෙහිදි පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමද ප්‍රධානතම කටයුත්තකි. පොදු ප්‍රවාහනයෙන් ජනතාවට කලට වේලාවට රාජකාරියට යාමට, පෞද්ගලික ගමන්බිමන් යාමට නොහැකි වන නිසා මුදල් ඇති නැති බහුතර පිරිසක් තමන්ගේ කියා වාහනයක් භාවිත කිරීමට උත්සාහ කරනු ලබයි.
මේ නිසා පොදු මගී සේවයට ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය හඳුන්වා දී නිශ්චිත වේලාවක් තුළදී ගමනාන්තයට ළඟාවීම හා නිශ්චිත වේලාවක් තුළදී ගමන් ආරම්භ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
නමුත් වර්තමානයේ ක්‍රියාත්මක වන චක්‍රීය කාලසටහන් ක්‍රමය නිසා බස් රථයක ගමනාන්තය අවසන් කළ යුතු වෙලාවක් නොමැත.
මේ නිසා ලාභය පමණක් මත ක්‍රියාත්මක වන පෞද්ගලික බස් රථ සේවය වැඩි වැඩියෙන් රුපියල් ශත සොයා ගැනීම සඳහා මග දිගට කොට කොටා ගමන් කරමින් තිබේ. බොහෝ මාර්ග මං තීරු දෙකකට සීමා වී තිබීම නිසා කොට කොටා යන බස් රථ පසුපස සියලුම වාහනවලට ගමන් කිරීමට සිදුව ඇත. මේ හරහා අප කවුරුත් නොසිතන ආකාරයේ මාර්ග තදබදයක් නිර්මාණය වී ඇත.
එහෙත් මෙම ගැටලුවට විසඳුම් සෙවීමට කිසිදු බලධාරියෙකු ඉදිරිපත් වන්නේ නැත. අඩුම තරමින් බස් නැවතුම්පොළවල්වල පොලිස් නිලධාරීන් යොදවා මෙම තත්ත්වය අවම කිරීමටවත් කටයුතු කරන්නේ නැත.
නීතියක් ක්‍රියාත්මක නොවන නිසා පෞද්ගලික බස් රියදුරන් තමන්ට රිසි සේ රිය ධාවනය කරනු ලබයි. වාර්ෂික බස් ගාස්තු සැලසුම් සකස් කරන බස් හිමියන් නියෝජනය කරන සංගම් පවා මෙම කටයුතු අවම කර ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන්නේද නැත.
ඔවුන් සෑම විටම සඳහන් කරන්නේ ආණ්ඩුව මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට කටයුතු නොකරන බවයි. නමුදු බස් සංගම්වලට උවමනාවක් තිබෙනවා නම් ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය නොමැතිව වුවත් යම් ක්‍රමවේදයකට අනුව බස් රථ ධාවනය කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. එහෙත් රුපියල් ශත වෙනුවෙන් පමණක් පෙනී සිටින බස් සංගම් ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නැත.
ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වන විදුලි සංඥා ක්‍රමයත් මාර්ග තදබදයට තවත් හේතුවක් වී ඇත. පදික මාරු ක්‍රමයෙන් ඉවත්වී ගුවන් පාලම් මගින් ජනතාවටට පාර මාරු වීමට අවස්ථාව ලබාදිමට ලෝකයා පෙළඹී සිටියදී අප රට තවමත් සිදුකරන්නේ මහ පාරේ කහඉරි හෝ සුදුඉරි ඇද ජනතාවට පාර මාරු වීමට අවස්ථාව සලසා දීමය.
මීට අමතරව මාර්ග සංඥා පුවරු මීටර් දහයෙන් පහළොවෙන් ස්ථාපිත කරමින් තිබෙන අතර, ඒ හේතුවෙන්ද මෙතෙක් මාර්ග තදබද නොතිබූ ප්‍ර‘දේශවල පවා මාර්ග තදබදය විශාල ලෙස ඇතිවෙමින් තිබේ.
මාර්ග තදබදයට විසඳුම් සොයනා කිසිදු කණ්ඩායමක් මේ පිළිබඳව අවධානය යොමුකර නොමැති අතර, අඩුම තරමින් ප්‍රධාන පාර ආසන්නයේ තිබෙනා පාසල් වෙත ගමන් කිරීමටවත් ගුවන් පාලම් ඉදිකර දීමක් සිදුකරන්නේ නැත. පසුගිය කාලයේදී කොළඹ පන්නිපිටිය ප්‍ර‘දේශයේ පාසල් ඉදිරිපිට ගුවන් පාලමක් ඉදිකළ අතර, ඒ හරහා අදාළ පාසල ආසන්නයේ තිබූ මාර්ග තදබදයට යම් විසඳුමක් ලැබී තිබේ.
මේ ආකාරයට ප්‍රධාන මගී මාරු වෙනුවට ගුවන් පාලම් ක්‍රමය හඳුන්වාදීම තුළින් පදික මාරුව අසලදී පදිකයන් මාරු වෙන තෙක් වාහන රියදුරන්ට බලා සිටීමට සිදුවෙන්නේ නැත. මෙම ක්‍රමය හරහා රිය අනතුරුද අවම කර ගැනීමට හැකියාවක් ලැබේ.
එහෙත් සංඥා පුවරු ඉදිකිරීමේදී හා කහඉරි සුදුඉරි ඇදීමේදී ලැබෙන කොමිස් මුදල නොලැබීම හෝ වෙනත් කාරණයක් නිසා කිසිදු බලධාරියෙකු එවැනි ක්‍රමවේදයක්, යෝජනාවක් කරන්නේ නැත.
අඩුම තරමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙම ක්‍රමය හඳුන්වාදීම පිළිබඳවත් බලධාරීන්ගේ අවධානයක් නැත.
මීට අමතරව මාර්ග තදබදයට විසඳුමක් ලෙස දෙහිවල, දෙමටගොඩ, නුගේගොඩ, කැලණිය වැනි ප්‍ර‘දේශ කිහිපයක ගුවන් පාලම් ක්‍රමය හඳුන්වා දුන්නත් ගුවන් පාලම් දෙපස මාර්ගවල බස් රථ ගමන් කිරීම නිසා ගුවන් පාලම් ඉදිකිරීමේ අරමුණු සියයට සියයක් ඉෂ්ට කරගැනීමට නොහැකි වී තිබේ.
රුපියල් ශත වෙනුවෙන් පමණක් කටයුතු කරන බස් රථ රියදුරන් ප්‍රධාන මාර්ගයේ ගුවන් පාලම හරහා යාමට හැකියාව තිබියදීත් දෙපස මාර්ගයේ ගමන් කර අනෙක් පසින් එන වාහනවලටත් අවහිරතා ඇති කරනු ලබයි.
මේ නිසා ප්‍රධාන මාර්ගය දෙපස රථවාහන තදබදයක් ඇතිවි ගුවන් පාලමෙන් ගමන් කරන වාහනවලටද බාධා එල්ල වෙමින් තිබේ.
මාර්ග තදබදයට විසඳුම් සෙවීමේදී මෙවැනි පුංචි කාරණා පිළිබඳව පවා අවධානය යොමු කිරීමෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකියාව ඇත.
එමෙන්ම කාර්යබහුල වේලාවන් තුළ කන්ටේනර් හා බර වාහන ධාවනයට ඉඩ දීම හරහාත් විශාල මාර්ග තදබදයක් නිර්මාණය වී ඇත. අඩි 40 කන්ටේනරයක් ගමන් කිරීමේදී වාහන හතර පහක හෝ බස් රථ දෙකක පමණ ඉඩ ඇහිරී යනු ලබයි. යම් මාර්ගයක කිලෝමීටරයක් දෙකක් තුළ මෙවැනි වාහනයක් දෙකක් ගමන් කළහොත් ඇතිවන මාර්ග අවහිරතාව පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත.
ප්‍රධාන නගර ආශ්‍රිතව විශාල ගොඩනැගිලි ඉදිවෙමින් තිබෙන අතර මේ සඳහා අවශ්‍ය සිමෙන්ති, වැලි, ගල්, පස් වැනි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පැය 24 පුරාම සිදුවෙමින් තිබේ.
කොළඹ නගරය ගතහොත් දිනකට වැලි ලොරි 300කට අධික ප්‍රමාණයක් ඇතුළු වන බවට වාර්තා වන අතර, පොදුවේ කොළඹ හා තදාසන්න ප්‍ර‘දේශවලට වැලි හා ගල් පැටවූ ලොරි දහසකට අධික ප්‍රමාණයක් පැමිණෙන බවද වාර්තා වේ.
මීට වසර කිහිපයකට පෙර බර වාහන හා කන්ටේනර් කොළඹ නගරය තුළ ධාවනය කිරීමේදී යම් කාලසටහනක් අනුගමනය කරනු ලැබිණ. එහෙත් අද වනවිට එම කාල සටහන් ක්‍රමය අහෝසි වී ගොස් ඇති අතර, මේ හේතුවෙන් පැය 24 පුරාම කොළඹ නගරයටත් කොළඹ නගරය හරහාත් බර වාහන කන්ටේනර් ගමන් කරනු ලබයි.
මේවා පාලනය කිරීම සඳහා එක පෑන් ඉරකින් දෙකකින් තීන්දු තීරණ ගත හැකිය. එහෙත් කුමන හේතුවක් නිසා හෝ මෙවැනි තීන්දු තීරණ ගැනීමට බලධාරීන් පෙළඹෙන්නේ නැත. මීට අමතරව කොළඹ ඇතුළු සෑම නගරයකම දෛනිකව පැමිණෙන වාහනවලින් 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් නගරය පසු කරමින් වෙනත් නගරවලට ගමන් ගන්නා වාහන බවටත් සමීක්ෂණ වාර්තා හෙළිකර තිබේ.
මේ නිසා නගරයට නොපැමිණ නගරය පසු කර යාමට නගරය අවට පිහිටි අතුරු මාර්ග විකල්ප මාර්ග ලෙස හඳුන්වාදිය හැකිය. එහෙත් රට තුළ එවැනි විධිමත් වැඩපිළිවෙළක් දියත් කරන්නේ නැත.
මෙම ක්‍රමය හම්බන්තොට නගරයේදී ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, මේ නිසා හම්බන්තොට නගරයේ පැවති මාර්ග තදබදය විශාල ලෙස අඩුවෙමින් තිබේ. එහිදී බස් රථ හා නගරයට පැමිණෙන වාහන ලේවාය හන්දියෙන් හා හොන්නෝරු හන්දියෙන් නගරයට ඇතුළු වීම සිදුවේ.
එහෙත් උඩ මළල පල්ලේ මළල පසුකර යන සියලුම වාහන හොන්නෝරු හන්දියෙන් ඉදිරියට ගමන් කරයි. මීට අමතරව රතුපස්ගොඩැල්ල, අම්බලන්තොට ප්‍ර‘දේශය පසුකර යන වාහන සියල්ලම ලේවාය හන්දියෙන් ඉදිරියට ගමන් කර නගරය මගහැර ගමන් කරනු ලබයි.
තිස්සමහාරාම නගරයේදීත් බොහෝ වාහන තිස්ස වැව් කණ්ඩිය මතින් ගමන් කර තිස්සමහාරාම නගරය මගහැර යාමට කටයුතු කරයි.
මීගමුව ප්‍ර‘දේශයේදීත් මේ ආකාරයේ වැඩපිළිවෙළක් දියත් වන අතර, මේ හරහා එම නගරවල මාර්ග තදබදය යම් තරමකට හෝ විසඳී ඇත.
මේ ආකාරයට ප්‍රධාන නගරවලදී විකල්ප මාර්ග හඳුන්වාදීමෙන්ද මාර්ග තදබදයට විසඳුම් සෙවිය හැකිය. එහෙත් ප්රශ්නය වී තිබෙන්නේ මෙවැනි පුංචි කාරණා පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු නොවීමය. එමෙන්ම කාර්යබහුල වේලාවන් තුළදී තනි තනි වශයෙන් වාහන රැගෙන යන පුද්ගලයන්ට යම් බදු මුදලක් පැනවීම තුළින් කුඩා වාහන නගරයට ඇතුළු වීම සීමා කරගත හැකි අතර, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් පොදු ප්‍රවාහන සේවය ඉතාමත් ශක්තිමත් විය යුතුය.
මේ නිසා මාර්ග තදබදයට සැබෑ විසඳුම් ලබා නොදී කාර්යාල වේලාවන් වෙනස් කිරීමෙන් හෝ ප්‍රමුඛතා මංතීරු ලබාදීමෙන් පමණක් ගැටලුව විසඳෙන්නේ නැත. මෙවැනි විසඳුම් තුළින් සිදුවන්නේ නැති ප්‍රශ්න ඇති කිරීමය.
පොදුවේ රජයේ කාර්යාල ආරම්භ වන වේලාවක් තිබේ. ජනතාව රාජකාරියක් කර ගැනීමට පැමිණෙන්නේ මෙම වේලාව ගණනය කිරීමෙනි. එහෙත් රාජකාරියට වාර්තා කිරීමට යම් කාල පරාසයක් ලබාදීමට කටයුතු කළහොත් අදාළ නිලධාරියාට අවසන් විනාඩියේ හෝ රාජකාරියට වාර්තා කළ හැකිය.
මේ නිසා වෙලාව වෙනස් කරන්නේ නම් කාල පරාසයක් ලබා නොදී නිශ්චිත වෙලාවක් නියම කළ යුතුය. වෙලාව වෙනස් කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාරණය තම දරුවන්ද රැගෙන එකම වේලාවක රාජකාරියට ගමන් කරන පිරිස් අධෛර්යමත් කිරීම නම් එය එතරම් සාර්ථක නොවන්නේය. මන්දයත් පාසල් වේලාව හා කාර්යාල වේලාව අතර පැයක පරතරයක් තැබීමට කටයුතු කළත් දෙමවුපියන් දරුවන් පාසලට රැගෙන ඒම නතර නොකරන නිසාය.
මේ හරහා රාජකාරියට යාමට විශාල කාල වේලාවක් ඉතිරි වනනිසා ඔවුන් කඩිසර ගමනින් රාජකාරී ස්ථානවලට යන්නේ නැත. මේ නිසා ප්‍රායෝගික නොවන විසඳුම් සෙවීමට පෙර සිදුකළ හැකි, සාර්ථක කරගත හැකි විසඳුම්වලට යා යුතුය.
මෙම ගැටලු විසඳීම සඳහා වර්තමාන ආණ්ඩුව අමාත්‍යාංශ දෙක තුනක් ඇතිකර තිබුණත්, එම අමාත්‍යාංශ නියෝජනය කරන ඇමතිවරුන් සිදුකරන්නේ තමන්ගේ ජනප්‍රියත්වය සඳහා විවිධ ප්‍රකාශ කිරීම පමණි. ඔවුන් ඉදිරිපත් කළ යෝජනා මේ භූමියේ ක්‍රියාත්මක කරනු ලැබුවේ නම් අද මෙරට සුරපුරයකි. එහෙත් කතාව මිස වැඩ නැති දේශපාලඥයන් නිසා ප්රශ්නය දිනෙන් දිනම උග්‍ර වෙමින් තිබේ.
මේ නිසා වාහනවලින් පාසල් වෙත යන දරු දැරියන්ට නියමිත වේලාවට තම පාසල්වලට යාමට උදේ හතරට පහට අවදි වී සූදානම් වීමට සිදුව තිබේ. පාසල නිම වීමෙන් පසු පවා නිවසට යාහැකි වන්නේ පාසල නිම වී පැය කිහිපයක් ගතවීමෙන් පසුවය. මේ නිසා අනාගතය භාරගැනීමට සිටිනා දරු දැරියන් රෝගී වූ පරපුරක් වීමටද ඉඩ තිබේ.
පාසල් දරු දැරියන්ට අමතරව පොදු ප්‍රවාහන සේවයෙන්, තමන්ගේ වාහනයකින් රාජකාරියට යන සියලුම දෙනාටත් අත්විඳීමට සිදුව තිබෙන්නේ මෙවැනි ඉරණමකටය. එනම් සෑම ප්‍රධාන නගරයක් ආශ්‍රිතවම කිලෝමීටර් 08ක් හෝ 09ක් ගමන් කිරීමට පැයකට අධික කාලයක් ගතකිරීමට සිදුවන නිසාය.
ඡායාරූප - සරසි නෙත්මිණි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd