Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
පිළිකා රෝගයේ ඇති භයානකම ඔබට අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැත. පිළිකා රෝගය වැලඳුණු විට එම රෝගියා පමණක් නොව ඔහුගේ සමීපතමයෝද ඉන් පීඩාවට පත්වෙති.
ලෝකයේ තාක්ෂණික වශයෙන් මෙතරම් දියුණු තත්ත්වයක පැවතියද පිළිකාව නිට්ටාවටම සුව කර ගැනීමට තවමත් නොහැකිවීම ඉතා කනගාටුදායක තත්ත්වයකි.
ඒ නිසා ලෝකය පුරාම පීඩාවට පත් වූ පිරිස අපමණය. දැනට ලබාදෙන පිළිකා ධූරක ඖෂධ ඉතා ඉක්මනින් ප්‍රතික්‍රියා කිරීම නිසා මේ ඖෂධ ලබාගැනීමෙන් බොහෝ රෝගීන්ගේ කෙස් කලඹ පවා අහිමි වීමක් සිදු වෙයි. මේ හේතුව නිසා ඔවුන් මානසික වශයෙන් පීඩාවට පත්ව සාමාජය තුළ මුළු ගැන්වීමක් ද සිදු වෙයි.
මේ නිසාම පිළිකා රෝගයෙන් කෙස් කලඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ විග් ලබාදීමේ ව්‍යාපෘතියක් 'පිළිකා සරණ භාරය' සහ 'රමණි ප්‍රනාන්දු සැලෝන්' ආයතනය ඒකාබද්ධව ආරම්භ කර ඇත. මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිකා රෝගයෙන් කෙස් කලඹ අහිමි වූ රෝගීන්ට ඉතාම සතුටුදායක ආරංචියක් වනු නොඅනුමානය. මන්ද එයින් ඔවුන්ට මානසික වශයෙන් හෝ සුවපත් වීමට හැකියාවක් ලැබෙන හෙයිනි. මේ නිසා මේ සද්කාරය සම්බන්ධව ඔබ දැනුවත් කිරීමට 'අද' අපි තීරණය කළෙමු.
මෙම ව්‍යාපෘතියෙහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් බොරැල්ල හරස් පාරේ පිහිටි රමණි ප්‍රනාන්දු සැලෝන්හිදී පසුගිය 20දා පැවැත්වුණි. ඒ අවස්ථාවට පරිත්‍යාගශීලීහු රැසක් පිළිකා රෝගීන් වෙනුවෙන් ස්වකීය කෙස් කලඹ පරිත්‍යාග කළහ.
මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම පිළිකා සරණ භාරය හා රමණි ප්‍රනාන්දු සැලෝන් හා ලලිත් ධර්මවර්ධන මහතා යන පාර්ශ්ව අතර අත්සන් තැබීම පසුගිය 17දා මහරගම අපේක්ෂා රෝහල අසල පිහිටි පිළිකා සරණ භාරය කාර්යාලයේදී සිදුවිය.
සාමාන්‍යයෙන් ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කලඹක වෙළඳ පොළ වටිනාකම ඉහළ අගයක් ගනු ලබනවා. එය රුපියල් එක් ලක්ෂ අනූදාහක් පමණ වන අතර එක් කෙස් කලඹක් සැකසීමට පරිත්‍යාගශීලීන් 8 - 15ත් අතර පිරිසක් හිස කෙස් අවශ්‍ය වන බවට හා හිස කෙස් මිලිග්‍රෑම් 500ක මිල රුපියල් 70,000ක් පමණ වන බව මෙහිදී අනාවරණය විය.
''පිළිකා සරණ භාරය'' විසින් ස්වාභාවික හිස කෙස් සැපයීමෙන් පසු රු. 25,000ක සහන මිලකට සකසන ලද කෙස් කලඹක් පිළිකා සරණ භාරය වෙත සැපයීමට ලලිත් ධර්මවර්ධන මහතා මෙහිදී එකඟ වී ඇත.
මේ උත්සවයට විශාල පිරිසක් සහභාගි වීමද කැපී පෙනෙන කරුණකි. මන්ද අපේ ජාතිය පරිත්‍යාගශීලීන් වන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ.
මෙම සද්ක්‍රියාව සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පිළිකා සංගමයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සහභාගී වූ අතර එහිදී අදහස් දැක්වූ ඔහු මෙසේ පවසා සිටියේය.
''අද දින ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලුදෙනාටත් විශේෂයෙන් ලංකාවේ පිළිකා රෝගීන්ටත් ඉතාම සුවිශේෂී දවසක්. මගේ වෛද්‍ය ජීවිතය අවුරුදු 20ක් පමණ වෙනවා. මම ඒ කාලය නිරන්තරව ගත කළේ පිළිකා රෝගීන් සමගයි. තාමත් අපේ රටේ පමණක් නෙවේ ලෝකයේ කොපමණ වෛද්‍ය විද්‍යාව දියුණු වුවත් යම් කිසි කෙනෙකුට රෝග විනිශ්චයට අනූව ඔබට පිළිකාවක් වැලඳී ඇති බව පැවසුවාම මුළු ජීවිතයම කඩා වැටෙනවා.
නමුත් අමතක කරන්න එපා අප සියලු දෙනාගෙම ශරීරයේ මේ පිළිකා සෛල තිබෙන බව අපි කවුරුත් මේ රෝගයෙන් මිදුණ පිරිසක් නෙමේ. ඒ නිසා අපට පිළිකාවක් වැලඳෙන්නෙ නැහැ කියලා ස්ථිර නිගමනයකට ඒම අපහසුයි.
නමුත් ලෝකෙම ඒ වගේම අපේ රටෙත් සමාජයේ මතයක් තියෙනවා පිළිකාවක් කියන්නෙ තමන්ගෙ කරුමයට වැලඳෙන රෝගයක් කියලා. පිළිකා රෝගීන් සමහර වෙලාවට අපි සමාජයෙන් කොන් කරලා දානවා. හරියට මරණ සහතිකය අතට දුන්නා වගේ හිතනවා.
නමුත් පිළිකාවක් වැලඳුණු රෝගියෙකු තුළ ඇතිවන ඒ මතය ඔහුගෙන් දුරස් කරන්න අපි විශාල සටනක නිරත වෙනවා. මම එක උදාහරණයක් පවසන්නම්. පිළිකාවක් වැලඳිලා මහරගම අපේක්ෂා රෝහලට එන බොහෝ කාන්තාවන් මාව මුණගැසුනම අහන්නෙ ''ඩොක්ටර් බෙහෙත් ගන්න නම් පුළුවන්. හැබැයි කොණ්ඩෙ යයිද?'' මම එතකොට කියන්නෙ බෙහෙත් ගත්තම කොණ්ඩෙ ගියත් මොකද රෝගය හොඳ වෙනව නම් කියලයි.
විශ්වාස කරන්න සමහර රෝගී කාන්තාවන් ඉන්නවා තමන්ගෙ කොණ්ඩෙ රැකගන්න රෝගයට ලබාදෙන බෙහෙත් පවා ප්‍රතික්ෂේප කරන. මේ හේතුව නිසා පිළිකා ධූරක ඖෂධ ලබා නොගත්ත අවස්ථා පවා තිබෙනවා.
කාන්තාවකට වරලස, කොණ්ඩය කියන දේ ඉතාම වැදගත්. පංච කල්‍යාණයේ වටිනා අංගයක් තමා කේෂ කල්‍යාණය කියන්නෙ. අපේ හෙළ සාහිත්යකරුවත් කාන්තා රූපයේ දිගු වරලස ගැන වර්ණනා කර තිබෙනවා. ඒ නිසා කොණ්ඩය කියන දේ හරි වැදගත්. මොකද බාහිර පෙනුම ගැන අපි සියලු දෙනාම උනන්දු වෙනවා.
ඒ වගේම බාහිර පෙනුම නැති වුණාම වෙන තව දෙයක් තමයි තමන් බාහිර සමාජයට මුහුණ දෙන්න බිය වීම. විශේෂයෙන්ම සමාජයේ යම් යම් වෘත්තීමය කටයුතු කරන සමාජයත් සමග ගැටෙන බොහෝ රෝගීන් බය වෙනවා වගේම ඔවුන් මුළු ගැන්වෙනවා මේ බාහිර ස්වරූපය නැති වුණාම.
නමුත් ආත්ම ශක්තියකින් යුක්තව නැවත සමාජයට මුහුණ දෙන්න පුළුවන්කමක් වගේම තමන් කරගෙන ආ වෘත්තීමය කටයුතු හා වෙනත් දෑ බියෙන් සැකෙන් තොරව ඉදිරියටත් කරගෙන යන්න පුළුවන් වීම මේ විග් එකක් ලබාදීමෙන් සිදු වෙනවා.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු වශයෙන් මේ පිළිබඳ අද් දැකීම් රැසක් මා සතුව පවතිනවා. එක දවසක් මගෙන් ප්‍රතිකාර ගැනීමට ආව අවුරුදු 29 අම්මා කෙනෙක්. ඒ මවට පියයුරු පිළිකාවක්. පුංචි දරුවෙක් ඉන්නවා අවුරුදු තුන හමාරක. ඇය මා සමග පැවසුවා දැන් ඔපරේෂන් එක කරලා ඉවරයි.දැන් පිළිකා ධූරක ඖෂධ ලබාගන්න තියෙන්නෙ කියා.
ඒත් ඒකට සති ගාණක් ඉන්න වෙනවා. දරුවා නතර කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව ඇය පැවසුවා. අපි ඊට පස්සෙ දරුවා නරත කිරීමට තැනක් සොයාදී පිළිකා ධූරක ඖෂධ ලබාදුන්නා. පළමු මාත්‍රාවෙන්ම ඇගේ කෙස් කලඹ ගැලවිලා ගියා.
ඊට පස්සෙ මේ මව සතියකින් ගියා ඇයගේ පුතා බලන්න. පහුවදා එනවා මන් ගාවට අඬාගෙන ඩොක්ටර් මට ඉඳලා වැඩක් නැහැ මට පිළිකාවක් තියා මොකුත් හැඳුනත් කමක් නැහැ.දැන් මගේ පුතා මාව අඳුනන්නෙ නැහැ මාව ප්‍රතික්ෂේප කරනවා කියලා.
මේ නිසා ඒ කාලයේ අපි සෑහෙන දුක් වින්දා සහ සෑහෙන සොයා බැලුවා ස්වාභාවික හිස කෙස් ඇති විග් එකක් හොයා ගන්න. ලංකාවේ තිබුණෙ නැහැ. පිටරටින් ගෙන්නුවොත් රුපියල් ලක්ෂ එක හමාරක් ,ලක්ෂ දෙකක් වෙනවා. ඉතිං දරිද්‍රතාවෙන් පෙලෙන මේ වගේ කෙනෙකුට ඒ වගේ මුදලක් වැය කරන්න බැහැ. අනික ලංකාවේ කවුරුත්ම මුණගැසුණෙත් නෑ මිනිස් කොණ්ඩයෙන් විග් හදන.
මේ වගේ කාරණා නිසාම අපේ භාරකර මණ්ඩලයේ වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මට කීවා විග් හදන වැඩේ කොහොමහරි සිදුකරන්න ඕන කියලා. මේ නිසා ඇය රමණි ප්‍රනාන්දු මහත්මිය මුණ ගැසුණා. එතුමිය පැවසුවා ඇයගේ ආයතනය හරහා කොණ්ඩය කපා දෙන්න කැමතියි කියලා.
ඒ වගේම එතුමිය මේ සියල්ල නොමිලේ සිද්ධ කර දෙන්න කැමති බව දැන ගන්න ලැබුණි. ඇය මේ වැඩේට සම්බන්ධ වුණාම මේ සද්ක්‍රියාව හරියටම හරියන බව මම දැනගෙන හිටියා. අද වන විට එතුමියගේ සියලු ආයතන (Ramani Fernando salon) වල පිළිකා රෝගීන් සඳහා හිස කෙස් දන් දෙන්නන්ගෙන් කෙස් භාරගැනීම සිදු කරනවා. ඇය මේ කාර්යයට සම්බන්ධ වීම අපිට ලොකු ශක්තියක්.
ඒ වගේම අපිට මේ ක්‍රියාවේදී ලලිත් ධර්මවර්ධන මහතා මුණ ගැසුණා. ඔහු ලංකාවේ මිනිස් හිස කෙස්වලින් විග් හදන එකම පුද්ගලයායි. අපි ඔහුත් එක්ක සාකච්ඡා කළාම මෙහි ඇත්ත තත්ත්වය අපිත් සමග පැවසුවා. ලංකාවේ මිනිස් හිස කෙස් මිලදී ගන්න තැනක් නැහැ. අවශ්‍ය කරන හිසකෙස් ඔක්කොම පිටරටින් ගෙවන්න අවශ්‍ය බව ඔහු පැවසුවා.
ලංකාවේ සැලෝන් දාලා තිබෙන විදියට කොණ්ඩ ඕන තරම් ඇති කියලා හිතුවට ඇත්තටම එහෙම නැහැ. සාමාන්‍යයෙන් මීටරයක හිසකෙස් ප්‍රමාණයක් රු 100,000 ටත් වැඩියි. මේවායේ මිල ඉතාම අධිකයි.
ඒ අතරෙදි ඔහු පැවසූ අනික් කරුණ තමයි විග් එකක් හදන්න සාමාන්‍යයෙන් දවස් 15ක් 14ක් යන බව සහ විශාල මුදලක් වැය වෙන බව. නමුත් ඉතාම නිහතමානීව මේ සද්කාරය ගැන තිබෙන උනන්දුව නිසා ඉතාම අඩු මුදලකට නිෂ්පාදන මුදල පමණක් අරන් අපිට විග් හදලා දෙන්න ඔහු කැමති වුණා.
ඒ වගේම මොන තරම් සම්බන්ධකම් තිබුණත් තමන්ගේ කේෂ කල්‍යාණය පූජා කරන පිරිසක් අපිට මේ සඳහා අවශ්‍යයි. පසුගිය සති කීපය තුළ අපේ කාන්තාවෝ අපි නොසිතූ ආකාරයට මේ තරම් උනන්දුවකින් හිසකෙස් දන් දීමේ කටයුත්තට එයි කියලා අපි හිතුවේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා දාන පාරමිතාව පිළිබඳව. දාන පාරමිතාවේ උපපාරමිතාවක් තමා තමන්ගේ ශරීර අවයව දන් දීම. මම හිතනවා මේ හෙඳින් හදා වඩා ගත්ත කේෂ කල්‍යාණය දන් දීම විශාල පුණ්‍යකර්මයක් හැටියට. මේ පිළිබඳව දැනගත්තු දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල සිටින පිරිස් ඉතාම ස්වේච්ඡාවෙන් තමන්ගේ වරලස දන් දෙන්න ඉදිරිපත් වුණා.
ඒ වගේම පිටරට ඉඳන් ලංකාවට නිවාඩුවට පැමිණි අපේ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් බොහොම කැමැත්තෙන් මේ සඳහා ඉදිරිපත් වුණා. ඒ පිරිසට අපි ගෞරවයක් පුද කරන්න ඕනෙ. මෙම වැඩසටහනේ සමාරම්භක දවසෙත් 12 දෙනෙක් ස්වේච්ඡාවෙන් මීට සම්බන්ධ වුණා. මේ සියලු දෙනා කරන්නේ වටිනා සද්ක්‍රියාවක්.
ඒ වගේම පිළිකා සරණ භාරය සහ ඒ හා සම්බන්ධ වන සියලු දෙනාගේ අවංක කැපවීම සහ උත්සාහය නිසා අසරණ පිළිකා රෝගියෙකුගේ මානසික සුවය සඳහා මේ සද්කාරය අපිට ආරම්භ කිරීමට හැකි වූවා.''
හිසකෙස් නොමැති අයෙකුට ඔබේ හිසකෙස් සහයක් විය හැකියි.
ඔබත් මේ සද්ක්‍රියාවට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වනවා ඇති. මන්ද එය මේ භවයේදී ඔබට කරගත හැකි විශාල පුණ්‍යකර්මයක් වන නිසාවෙනි. ඔබ ඔබේ කෙස් පරිත්‍යාග කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් පහත මාර්ගෝපදේශ අනුව එය සිදු කළ යුතුය.
හිසකෙස් පරිත්‍යාග කිරීම සම්බන්ධ මාර්ගෝපදේශ
හිසකෙස් ප්රදානය කරන්නන්ට
ඔබ ඔබේ හිසකෙස් පරිත්‍යාග කිරීම හිසකෙස් නොමැති කාන්තාවකට අගනා ත්‍යාගයක් ලබාදීමකි. එසේ ලබාදෙන අගනා ත්‍යාගය අපතේ නොයන බවට වග බලා ගැනීමට අවශ්‍ය බැවින් හිසකේ කැපීමට පෙර කරුණාකර ඔබේ හිසකෙස් පහත සඳහන් අවශ්‍යතාවලට අනුකූල වන බවට තහවුරු කරගන්න. එසේ නොවුන හොත් ඔබේ පරිත්‍යාගය තැනූ කෙස් කලඹක් බවට පත් කිරීමට නොහැකිවනු ඇත.
- කොණ්ඩයක් සෑදීමට අවම වශයෙන් පොනිටේල් 8-15ක් අවශ්‍ය වේ.
- ඔබේ හිසකෙස් අවම වශයෙන් අඟල් 8ක් වත් දිග විය යුතුයි.
- ඔබට පරිත්‍යාග කළ හැකි හිසකෙස් වල උපරිම දිග පිළිබඳ සීමාවක් නැත.
- පරිත්‍යාග කිරීමට පෙර හිසකේ තෙල්, හෙයා ස‘ප්‍රේ , මූස් හෝ වෙනත් ආලේපනවලින් තොරව පිරිසුදුව තිබිය යුතුය. එම නිසා , හිසකෙස් කැපීමට දිනකට පෙර හිස කෙස් ෂැම්පු හා කන්ඩිෂනර් යොදා සොදා පිරිසුදු කර කිසිම හැඩගැන්වීමකින් හෝ අමතර නිෂ්පාදන ගැල්වීමකින් තොරව තබාගත යුතුය.
- පරිත්‍යාග කිරීම සඳහා කැපීමට පෙර හිසකේ වියළි තත්ත්වයේ තිබිය යුතුය.
- හිසකේ පොනිටේලයක් ලෙස හෝ ගොතා තිබිය යුතුය.
- වර්ණ ගන්වන ලද හෝ පර්ම් කරන ලද හිසකේද පිළිගනු ලැබේ.
- පැසුණු හිස කෙස් මේ සඳහා පිළිගනු ලැබේ.
- ලේයර් කරන ලද කෙටිම කොටසේ දිඟ අගල් 08ක් වේනම්, ලේයර් කරන ලද හිසකේද පරිත්‍යාග කළ හැකිය.
- කැරෙලි ගැසුණු කෙස් අවම අඟල් 8ක් වන ලෙස ඇද කෙලින් සිටින ලෙස සකස් කළ හැකිය.
පරිත්‍යාග කිරීමට තරම් ඔබේ හිසකෙස්වල දිග ප්‍රමාණවත් නොවේනම් කුමක් කළ හැකිද?
- ඔබේ හිසකෙස් වැවෙන්නට හැර පරිත්‍යාග කරන්න
ඉදිරි දිනෙක කරන පරිත්‍යාගයක් වෙනුවෙන් ඔබේ හිසකෙස් සූදානම් කළ හැක්කේ කෙසේද.
- කෙස් වල තෙතමනය රඳවා ගැනීමට හා හානි වීමෙන් ආරක්ෂා කරගැනිමට උපකාරී වීමට සෑම සේදීමකින්ම පසුවම කන්ඩිෂනර් වර්ගයක් භාවිත කරන්න.
- ස්නානය කර අවසන් වූ වහාම තෙත කොණ්ඩය බුරුසුවකින් පිරීම සිදුකිරීමෙන් වළකින්න. කොණ්ඩය සෝදා කන්ඩිෂනර් යෙදීමෙන් පසුව ඈතින් ඈත දැති පිහිටා ඇති මෘදු පනාවක් යොදා ගනිමින් අග සිට මුලට ටිකෙන් ටික පීරමින් සෙමෙන් ගැට හරින්න.
- තෙත බේරෙන කොණ්ඩයට විදුලි වියළනයක් භාවිත කිරීමෙන් වළකින්න. වියළීම ඉක්මන් කිරීමටත් තාපයෙන් වෙන හානිය වැළැක්වීමටත් විදුලි වියළනය භාවිත කිරීමට පෙර වැඩි ජලය ඉවත් කිරීමට ඔබේ හිසකෙස් විනාඩි 10-15ක් තුවායකින් ඔතා තබන්න.
- හිසකෙස් කැඩී යාමට හේතු විය හැකි බැවින් පමණට වඩා බුරුසුවකින් හිස පීරිම නොකරන්න. නිරතුරුව, මෘදු ලෙස බුරුසුවකින් හිස පිරීම හිසකෙස් වල මහා සෞඛ්‍යයත් ස්වාභාවික තෙල් හිසකෙස් තුළ ගමන් කිරීමත් වර්ධනය කරයි.
- නිතරම ඔබේ හිසකෙස් වල තෙල් ගල්වන්න.
පිළිකා රෝගීන් උදෙසා කෙස් කලඹක් ලබාදීමේ ව්‍යාපාරයට අනුග්‍රහය දක්වමු.
කෙස් කලඹක් නිෂ්පාදනය කිරීම කිරීම කාලය වැය වනවා මෙන්ම වියදම් අධික කාරණයකි.
මිනිස් කෙස්වලින් කෙස් කලඹක් නිෂ්පාදනය කරන ලංකාවේ සිටින එකම නිෂ්පාදකයා වන ලලිත් ධර්මවර්ධන මහතා මෙම වැඩසටහනට සහයෝගීතාව දක්වා තිබෙන අතර සාමාන්‍ය වියදම රු. 190,000 ක් වන සැකසූ කෙස් කලඹක් රු. 25,000 ක සහන මිලකට සකස් කිරීම සිදු කරයි.
සැකසූ කෙස් කලඹකට අනුග්‍රහය දක්වා රෝගියෙකුගේ ජිවිතය වෙනස් කිරීමට මේ ඔබට ලැබෙන අවස්ථාවයි.
ඔබ දුර බැහැරක සිට හිසකෙස් තැපැල් කර එවීමට අදහස් කරයි නම්
- කපන ස්ථානයෙන් කොණ්ඩය එකතු කර ඉලාස්ටික් පටියකින් පෝනිටේලයක් බැඳ ගන්න. ඉලාස්ටික් පටිය තිබිය යුත්තේ ඔබ කොණ්ඩය කපන ස්ථානයට මඳක් පහළින් වන අතර කැපූ පසු කොණ්ඩය වෙන් නොවන සේ දැඩිව බැඳ තිබිය යුතුය.
- කොණ්ඩය කැපූ පසු එම පෝනිටේලය කිසිදු හේතුවක් නිසා සේදීම හෝ මෝස්තර දැමීම නොකළ යුතුය.
- පෝනි ටේලය ඉටිබෑගක් (සප්ලොක්) වැනි පිරිසුදු ඇසුරුමක බහා එවන්න.සේවාදායකයාගේ නම, ලිපිනය සහ දුරකථන අංක ඇතුළත් කරන්න.
එහිදී මේ තොරතුරු වැදගත් වන්නේ ''පිළිකා සරණ භාරය'' යටතේ සියලු දායකයන් ලිපියකින් අමතා සහතිකපතක් පිරිනමන බැවිනි.
රමණි ප්‍රනාන්දු සැලෝන්ස්, නො.32, එලිබෑන්ක් පාර, කොළඹ 05.
හෝ
රමණි ප්‍රනාන්දු සැලෝන්ස්,නො.26,බොරුල්ල හරස් පාර, බොරුල්ල.
වැඩි විස්තර සඳහා - 011 2 363 211
සටහන / ඡායාරූප - සරසි නෙත්මිණි
ශ්‍යාමල් මුතුනායක Thursday, 24 June 2021 11:07 PM
කෙස් දන් දීම පිරිමි පාර්ශ්වයටත් සිදු කල හැකිද..?
Reply : 0 7
ඩබ්.ඒ.එන්.ආර්.ජයසේකර Monday, 26 July 2021 09:38 AM
මමත් කැමති කොන්ඩේ දෙන්න.
Reply : 2 4
Sahasra lankeshwarie Monday, 26 July 2021 08:14 PM
මම කොන්ඩය දෙන්න කැමතියි..
Reply : 1 1
P.m.s.maduwanthi Wednesday, 20 October 2021 04:30 PM
මම කැමති මගේ කොන්ඩය දෙන්න.
Reply : 0 0
දුලානි රශ්මිකා Friday, 05 November 2021 07:35 AM
මං කැමති මගෙ කොන්ඩෙ දෙන්න ❤️
Reply : 0 1
Dilrukshika Friday, 19 November 2021 06:06 PM
මම කැමැති මගේ කොන්ඩය දෙන්නට
Reply : 0 2
ඉරෝෂනී රණතුංග Sunday, 21 November 2021 03:55 PM
අනේ මමත් කැමතියි මගේ කොන්ඩෙ දෙන්න.
Reply : 0 0
ආශා දිල්රුක්ෂි Tuesday, 23 November 2021 07:31 AM
මමත් කැමතියි මගේ කොණ්ඩයත් දෙන්න
Reply : 0 0
A w rathnayake Monday, 20 December 2021 04:06 AM
මමත් කැමතියි මගේ කොණ්ඩේ දෙන්න
Reply : 0 2
R.L.A.H.T.Gunasinghe. Thursday, 30 December 2021 05:49 PM
I like to donet my .
Reply : 0 0
Malshi Nimsara Friday, 31 December 2021 06:08 AM
මමත් කැමති කොන්ඩෙ දෙන්න.කොහොමද දෙන්නෙ?
Reply : 0 1
Savindi gunarathne Wednesday, 27 April 2022 01:36 PM
Matale shakawak nadda.
Reply : 0 0
Shashika Sunday, 26 June 2022 04:04 PM
Bohoma pin. Man kurunegala . Mehe kohatada denna puluwan danna kenek innawanam kiyannako
Reply : 0 0
සදුනි Thursday, 25 August 2022 01:27 PM
හොදයි
Reply : 0 0
T.M .සදුනි නිසංසලා Thursday, 25 August 2022 01:28 PM
ඉතාමත් අගේ කරනවා මේ වැඩ පිලිවෙල
Reply : 0 0
සදුනි Thursday, 25 August 2022 01:29 PM
හොදයි
Reply : 13 133
සදුනි Thursday, 25 August 2022 01:30 PM
අගෙ කරනවා
Reply : 0 0
හංසිකා පියුමාලි Sunday, 04 September 2022 11:45 AM
මමත් කැමති කොන්ඩෙ දෙන්න
Reply : 0 0
Hashini Thursday, 01 December 2022 06:50 AM
අපටත් හිසකෙස් දන්දීමට අවසයි
Reply : 0 0
w.A.ලක්මිනී මධුෂිකා Thursday, 15 December 2022 05:41 AM
හිස කෙස් දන්දීමට අවශ්‍යයි.
Reply : 0 0
එජානි අමරසිංහ Friday, 06 January 2023 11:29 AM
මම කැමතියි මගෙ කොන්ඩේ දෙන්න . මට දිනයක් , වේලාවක් දෙන්න .
Reply : 0 0
j c b ජයතිලක Friday, 24 March 2023 05:36 PM
මමත් කැමතියි කොන්ඩය දන්දෙන්න
Reply : 0 0
Chathurika sewwandi Sunday, 23 April 2023 04:14 AM
මගේ කොන්ඩය දෙන්න කැමති මම..කොහොමද එය සිදු කරන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd