සෑම වසරකම සැප්තැම්බර් මස 26 වැනි දින අන්තර්ජාතික වශයෙන් උපත්පාලනය නැතිනම් පවුල් සැලසුම පිළිබඳව අවධානය යොමු කෙරේ. ඒ ලෝකයේ ඕනෑම තැනක සිදුවන සෑම ගැබ් ගැනීමක්ම අත්‍යවශ්‍ය ගැබ්ගැනීමක් බවට පත්කර ගැනීමේ දැක්ම පෙරදැරි කරගෙනය. උපත් පාලනය තුළින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සුරක්ෂිත කර දීමත් අරමුණු කරගෙන මෙම දිනය අන්තර්ජාතිකව රට රටවල සැමරීම සිදුවෙයි. මෙවර මෙම දිනය සමරනු ලබන්නේ %ඔබේ ජීවිතය-ඔබේ අනාගතය-ඔබේ සිරුර ගැන දැනගන්න^ (It’s your life, it’s your future, know your body) යන තේමාවෙනි. උපත් පාලනය නැතිනම් පවුල් සැලසුම්කරණය යන්නෙන් කාන්තාවන් වඳකිරීම අරමුණු නොකෙරෙන අතර, පවුලකට අවශ්‍ය දරුවන් ගණන කොපමණ සංඛ්‍යාවක් වුවත් එම දරුවන් අතර සුදුසු පරතරයක් තීරණය කිරීමට හා අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගැනීම සඳහා හඳුන්වාදෙයි. පවුල් සැලසුම් ක්‍රම හරහා කාන්තාවන්ගේ සෞඛ්යාරක්ෂිත බව ගර්භිණී සමයේත්, දරු ප්‍රසූතියේදීත්, ප්‍රසූතියෙන් පසුවත් තහවුරු කිරීම බලාපොරොත්තු වෙයි.
විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව බැලීමේදී මාතෘ මරණ වාර්තා වීම් අතරින් 99෴ක්ම වාර්තා වන්නේ අඩු ආදායම් ලබන රටවලිනි. එයට හේතු ලෙස අඩු වයස් ගැබ් ගැනීම් හා වයසින් වැඩි ගැබ් ගැනීම් යන ඒවාද මූලික වන බව හඳුනාගෙන ඇත. අවුරුදු 18ට අඩු වයසේදී ගැබ් ගැනීම ගැබිනි සමයේ අවදානම් දැරීමට හේතුවන බව ඔවුන් පෙන්වා දෙයි. දරු උපත් දෙකක පරතරය අවුරුදු දෙකක් වීම මත මවගේත්, දරුවාගේත් සෞඛ්‍යය රැකගැනීමට හිතකර තත්ත්වයක් ඇතිකෙරෙන නමුත් එය අවුරුදු පහකට වඩා වැඩි නොවිය යුතු බවද ඔවුන් සඳහන් කරයි. තවද ස්වාභාවික ගබ්සාවීමක් සිදුවූ අවස්ථාවක නැවත ගැබ්ගැනීමක් සිදුවීම මාස 6කට පසුව වීම සෞඛ්යාරක්ෂිත බැවින් ඒ වනතුරු ගැබ් ගැනීමක් සිදුනොවන ලෙස ආරක්ෂාකාරී වීමටද පවුල් සැලසුම් ක්‍රම දායකත්වය දක්වයි. වයසින් වැඩි කාන්තාවන් ගැබ්ගැනීම හේතුවෙන් ඔටිසම්, ඩවුන්සින්ඩ්‍රෝම් වැනි ආබාධවලට ලක්වූ දරුවන් බිහිවීම වළක්වා ගැනීමටද පවුල් සැලසුම් ක්‍රම මගින් ආරක්ෂාකාරී බවක් ලබාදෙයි. එසේම පවුල් සැලසුම් ක්‍රමවල අතිරේක වාසියක් ලෙස ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාව ලබාදීමද සිදුවෙයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන ආකාරයට පවුල් සැලසුම් ක්‍රම භාවිතය තුළින් ලොව පුරා සිදුවන මිලියන 24ක් වන ගබ්සා (මිලියන 14ක්ම අනාරක්ෂිත ගබ්සා කිරීම් වේ.), මිලියන 6ක ස්වාභාවික ගබ්සා වීම්, හැත්තෑ දහසක් වන මාතෘ මරණ, ලක්ෂ 5ක් වන ළදරු මරණ වළක්වාගත හැකිවනු ඇත. ලෝකයේ තත්ත්වය එසේ වන විට පසුගිය වසරේ ලෝක පවුල් සැලැසුම් දිනය වෙනුවෙන් Bayer health care සමාගම මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය, ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහල මහතා සඳහන් කළේ තරුණ වයසේ අනවශ්‍ය ගැබ්ගැනීම් සිදුවීමට එක් හේතුවක් ලෙස උපත්පාලන ක්‍රම පිළිබඳ නොදැනුවත්භාවය සඳහන් කළ හැකි බවයි.
ආසියාතික රටක් ලෙස අප රටේ අනවශ්‍ය හෝ සැලසුම් නොකළ ගැබ්ගැනීම් රැසක් සිදුවන බව සැබෑවකි. නමුත් ඇමෙරිකාවේ පවා සිදුවන දරු උපත් 10න් 06ක්ම සැලසුමකින් තොරව සිදුකෙරෙන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව යෞවන වයසේදී උපත් පාලනය පිළිබඳව දැනුමක් නොමැතිව ඇතිකර ගන්නා ලිංගික සබඳතාවලින් ගැබ්ගන්නා දැරිවියන් ගණනින් අඩුකර ගැනීමට උපත් පාලනය පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතුය.
උපත් පාලනය කිරීම සඳහා ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටීම එක් ක්‍රමයක් වුවද එය ප්‍රා‘යෝගික නොවන්නකි.
ආගමික හා මානසික හේතු, පෞද්ගලික හේතු, සෞඛ්‍යමය හේතු, හැඟීමක් නොවීම, අනාගත සැලසුම් යන හේතු නිසා පවුල් සැලසුම් කිරීමට ගනු ලබන තීරණය යුවළක් සාකච්ඡාවෙන් පසු එක්ව ගත යුත්තක් සේ දැක්විය හැකිය.
මෙලෙස සඳහන් කරන විට අපට පවුල් සැලසුම් ක්‍රම ලෙස අනුගමනය කළ හැකි දෑ මොනවාද යන ගැටලුව මේ සම්බන්ධයෙන් දැනුවත් නොවන අයෙකුට සිහියට නැගෙනු නොඅනුමානය. සාමාන්‍යයෙන් පළමු දරු උපත ප්‍රමාද කිරීම සඳහා වඩාත් සුදුසු ගිලින පෙති හෝ උපත් පාලන කොපු භාවිත කිරීම බවට වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
එසේම දරුවන් අතර පරතරය පවත්වා ගැනීම සඳහා ලූපය, හෝමෝන ක්‍රම, කොන්ඩම් ක්‍රම භාවිත කිරීම යෝග්‍ය වේ.
ලූපය, හෝර්මෝන ක්‍රම, සැත්කම් ගැළපෙන්නේ දරුවන් සීමාකිරීම අපේක්ෂා කරන අයටයි. බොහෝදෙනා
ස්වාභාවික සහ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීමට පෙළඹුණත් එම ක්‍රමවල විශ්වාසවන්ත බවක් නැත.
කොන්ඩමය
සාර්ථක තාවකාලික පවුල් සංවිධාන ක්රමයකි. මෙයින් සරු බවටද බලපෑමක් සිදු නොවෙයි. නිසි අන්දමට භාවිතයෙන් 97෴කට වැඩි සාර්ථකත්වයක් බලාපොරොත්තු වීමට පුළුවන.
මේ ක්‍රමයෙන් කායික සබඳතා මගින් සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවක්ද සැලසෙයි.
අවශ්‍ය අවස්ථාවලදී පමණක් භාවිත කළ හැකියි.
හෝමෝන ක්‍රම අතර ඇති ගිලිනපෙති
භාවිතයට පහසුයි. නැවත ඉක්මනින් සරුභාවයට පත්විය හැකියි.
උපත් පාලනයට අමතරව සැලසෙන තවත් වාසියක් ලෙස පියයුරු ඇතුළු ප්‍රජනක පද්ධතිය ආශ්රිත පිළිකා සෑදීමේ ඉඩකඩ අවම කරයි.
විවාහ වූ සැණින්ම දරුවකු පිළිසිඳ ගන්නවාට අකමැති නම් විවාහයට මාසයකට හෝ මාස දෙකකට පෙර සිට පෙති භාවිතයට ගත හැකිය.
මෙහි සාර්ථකභාවය 99.99% කි.
හෝමෝන එන්නත් කිරීම
මෙය ඉතා සාර්ථක ක්රමයකි. ආර්ථවහරණය සිදුවනතුරු වුවත් ආරක්ෂිතව භාවිත කළ හැකියි. භාවිත කළයුතු වන්නේ මාස 3කට වරක් පමණි. මිලෙන් අඩු පහසුවෙන් ලබාගත හැකි ක්රමයකි.
පවුල් සැලසුම් එන්නතෙහි අඩංගුව ඇත්තේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනයයි. එන්නත් කරනු ලබන මාංස පේශියේ සිට ක්‍රමයෙන් රුධිරයට හෝර්මෝනය නිකුත් කරනු ලැබේ.
මෙයින්ද උපත් පාලන පෙතිවලින් කෙරෙන දේම සිදුවෙයි.
මෙහි සාර්ථක භාවය 99.97% කි.
සම යට තැන්පත් කරන හෝර්මෝන කරල්
මෙයද දිගුකාලීන ක්රියාකාරීත්වයක් සහිත ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු පවුල් සැලසුම් ක්රමයකි. විවිධ වෙළෙඳ නාමවලින් කරල් වර්ග ඇති අතර, ඒවායේ ක්‍රියාකාරී කාලය වර්ගය අනුව වෙනස් වේ. මෙහි සාර්ථක බව 99.99෴කි.
ලූපය
ඔසප් වී පළමු දින 12 ඇතුළත තැන්පත් කළ හැකිය. දරු ප්‍රසූතියට පසු හෝ ගබ්සාවකින් පසු ලූපයක් භාවිත කරනවා නම් ප්‍රසූතියෙන් සති හතරකට පසු තැන්පත් කළ යුතුයි. දස වසරක් පමණ ගැබ් නොගෙන සිටීමට මෙම ක්‍රමය භාවිත කළ හැකිය.
මෙම ක්‍රමවලට අමතරව පවුල සම්පූර්ණ කරගත් යුවළකට සැත්කම්වලට ලක්ව ස්ථිරවම උපත් පාලනය සිදුකළ හැකිය.
පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව තොරතුරු හා අවශ්‍ය පහසුකම් ලබාගත හැකි ස්ථාන.
1. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සායන හරහා
2. පවුල් සෞඛ්‍ය කාර්යාංශය හරහා
3. රජයේ රෝහල්වල පවත්වන පවුල් සංවිධාන සායන හරහා
4. පවුලේ වෛද්‍යවරයා හමුවීමෙන්
5. ප්‍රජනන සෞඛ්‍ය සායන මගින්
6. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය හරහා
7. Bayer health care ආයතනය මගින් හඳුන්වා දී ඇති
YOUR-LIFE.COM වෙබ් අඩවිය හරහා ඔබට වැඩි විස්තර ලබා ගත හැකිය.