ලාංකේය පාසල් පද්ධතියේ නවමු හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් පරිසරයට හිතැති දරුවෙකු බිහිකිරීමට ක්‍රියාවෙන් ඇපකැප වන පාසලක් ලෙස මහරගම, නාවින්න ප්‍රදේශයේ පිහිටි පොලිමත් ජාත්‍යන්තර පාසල හඳුන්වාදිය හැකිය. මෙය රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන උපාලි ගුණසේන මහත්ගේ නායකත්වය යටතේ 'දිවි පැවැත්මට ඉගෙනීම' යන සංකල්පය පෙරදැරි කරගනිමින් මේ වසරේ සිට නිල වශයෙන් ක්‍රියාත්මක විය. දේශීයත්වය තිබෙන ජාත්‍යන්තර දරුවෙකු බිහිකිරීම අරමුණු කරගෙන පූර්ව ළමා වියේ සිට උසස් පෙළ දක්වා මෙහි අධ්‍යයන කටයුතු සිදුකරනු ලැබේ.
එකී අධ්‍යයන කටයුතු සාමාන්‍ය පාසලකට වඩා සුවිශේෂී අයුරින් සිදුකරන අතර, දරුවාට එමගින් ස්වාභාවික පරිසරය, ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ මනා අවබෝධයක් ලබාදේ. කිසිම රසායනික ද්‍රව්‍යයක් නොදැමූ එළවළු වර්ග සේම නොයෙක් මල් වර්ග හා පලතුරුවලින් සමන්විත මෙම පාසල් භූමිය තුළින් ප්‍රායෝගිකව පරිසරයේ ඇති දේවල් හා සිදුවන ක්‍රියා ළමයින්ට සැබැවින්ම අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමි වේ. හරිතවත් වර්ණයෙන් බැබළෙන ඵලදරා ඇති වෘක්ෂලතාවන් සියල්ලටම ජලය වුවත් සැපයෙනුයේ ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන සූර්ය බල ශක්තියෙනි.
ක්ෂණික ආහාරවලින් වැළකී පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමේ සිට සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුමක් කුඩා කාලයේ සිටම මෙම පාසලේ පෝෂණවේදීන්ගේ උපදෙස් තුළින් දරුවන්ට ලබා දේ. ඉදිරියේදී මෙම පාසලෙන්ම නෙළාගත් එළවළු හා පලතුරුවලින් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කටයුතු කිරීම විදුහල්පතිවරයාගේ තවත් අපේක්ෂාවකි.
මෙහි පාසලත් සමග දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යන අතර, එය උදෑසන 11.30 සිට රාත්‍රී 9.00 දක්වා විවෘත කර තබයි. ඇතැම් අවස්ථාවල දෙමවුපියන්ගේ අවශ්‍යතා අනුව කාලය වෙනස් වීම සිදුවන අතර, එකී කාලය තුළ දරුවාට අවශ්‍ය සෑම අවශ්‍යතාවක්ම මෙම පාසල විසින් සපුරා දේ.
මෙම අරමුණු, ඉලක්ක අනුව වෙනත් ජාත්‍යන්තර පාසල්වල නොමැති මැද මාවතේ ගමන් කරන පරිසරයත් සමග මුසු වූ පාසලක් ලෙසින් හඳුනාගත හැකිය.
විදුහල්පති, උපාලි ගුණසේකර
ශ්‍රී ලාංකීක අනන්යාතාවක් තිබෙන අන්තර්ජාතික මට්ටමේ පුරවැසියෙක් බිහිකිරීම පොලිමත් විද්‍යාලයේ එක් ඉලක්කයක්. ජීවත්වෙන්න ඉගෙන ගන්න එක අපේ පාසලේ ආදර්ශ පාඨය. බොහෝ පාසල්වල සිදුකරන්නේ විෂය දැනුම ලබා දී වෘත්තිකයෙක් කරන එක. එක් වෘත්තියකට හෝ වෘත්තීන් කිහිපයකට හෝ ක්‍රීඩා අතින් ඉහළටම යන්න ළමයින්ට විෂයානුබද්ධ ඉගැන්වීමක් එයින් ලබා දෙනවා. දෙමවුපියන්ගේ අරමුණ වෙලා තිබෙන්නෙත් ඒක. නමුත් පොලිමත් විද්‍යාලයේ අපි අපේක්ෂා කරන්නේ ජීවත් වෙන්න උගන්වන එක. ලෝකයේ ආගම් අතර, ජාතීන් අතර ප්‍රශ්න ඇතිවෙන්නේ අපි එක තැනක හිරවෙලා හිටියොත්. ඒ නිසා ලෝක ප්‍රජාවට ගැළපෙන ගෝලීය පුරවැසියෙක් නිර්මාණය කරන එක යුනෙස්කෝව මෑතකදී කළ ප්‍රකාශයක පවා සඳහන් වෙනවා. යම් ක්ෂේත්රයකට වෘත්තිකයෙක්, දක්ෂයෙක්, ප්‍රවීණයෙක් බිහිකරන එක ගැන අපේ කිසිම අකමැත්තක් නැහැ. තෝරාගත් ක්ෂේත්රවලින් ඉදිරියට යන්න ඕන. ඒ වගේම ජීවත් වෙන්න ඉගෙනගෙන නැතිනම් ඔහුට හෝ ඇයට ජීවත් වෙන්න බැරි වෙනවා. සමාජයේ ප්‍රශ්න ඇතිවන්නේ ජීවත් වෙන්න හරිහැටි ඉගෙනගෙන නැති නිසා. ඒ නිසා අපේ පාසලේ ජීවත් වීම සඳහා ඉගෙනීම යන තේමා පාඨය ඉතාම අර්ථවත් එකක් ලෙස මම සිතනවා.
පොලිමත් කියන නමින් අරුත් ගන්වන්නේ බොහෝ දක්ෂතා ඇති පුද්ගලයා කියන අර්ථයයි. (the person of lot of talent). අපි පොලිමත් යන නමින් හඳුන්වන්නේ එක විෂය පථයකට පමණක් දක්ෂ කෙනෙක් නොවේ. නොයෙක් දක්ෂතා රැසක් තිබෙන දරුවෙක්. මෙම විදුහල නිල වශයෙන් ආරම්භ කළේ මේ වර්ෂයේ ජනවාරි මාසයේ. මේ කාලය තුළ දරුවන්ට විෂය මාලා එක්කම පාසල් කාලය තුළදීම නොයක් ක්‍රීඩා (මේසපන්දු, ජිම්නාස්ටික්, කැරම්, චෙස්) සිදුකරනවා. ළමයෙකුට අවශ්‍ය යැයි සම්මත කුසලතා සියල්ල ඒ ළමයට ලබාදෙන්න අපිට අවශ්‍යයි. ඒ එක්කම අපි මේ පාසල තුළින් මවුබස සහ ගණිතය පිළිබඳ හැම කෙනෙකුටම හැකියාවක් ලබා දෙන්න උත්සාහ කරනවා.
අපේ මේ පාසල සෑමවිටම අනෙකුත් පාසල්වලට ආදර්ශයක් දීම සඳහා සැකසුණු පාසලක්. ඒ තුළින් ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතියට අලුත් දෙයක් එකතු කරන්න අපි අපේක්ෂා කරනවා. අපේ පාසල එකතු කරන්න යන දේ අතරේ අනෙක් පාසල්වලටත් ගන්න යමක් තිබෙයි කියලා මම හිතනවා.
දුලාරි මහත්මිය
මම පාසල ආරම්භ කළ මුල් කාලයේදීම මගේ පළමුවැනි ළමයා ඇතුළත් කළා. මේ පාසලේ ඉගෙනුම් ක්‍රමය සකස් වෙලා තිබෙන විදිහට මම ගොඩාක් කැමතියි. පාසලේ සිටින විටදීත් දරුවාට නිවස වගේම හැඟීමක් එයින් දැනෙනවා. ළමයින්ට සුදුසුම පරිසරයක් තිබෙන පාසලක් ලෙස මේ පාසල හඳුන්වන්න පුළුවන්. දරුවන්ට ආස හිතෙන ඔවුන් කැමති හැමදෙයක්ම මෙහි තිබෙනවා. ඇත්තෙන්ම මම ගොඩක් සතුටු වෙනවා මගේ දරුවව මේ පාසලට ඇතුළත් කිරීමට ලැබීම ගැන.
කළණි කුමාරිනායක මහත්මිය
මගේ ළමයා අන් අයත් එක්ක එකතු වෙලා ඉන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පාසලේ ගුරුවරුන් වුණත් ළමයින් සමග මුසුවෙලා වැඩකරන විදිහ වුණත් හරිම සුහදශීලියි. ඒ නිසා මගේ දරුවා අධ්‍යාපනය වගේම යාළුවෝ, ගුරුවරු එක්ක එකතුවෙලා සුහදව දැන් වැඩ කරන එක ගැන මට තිබෙන්නේ විශාල සතුටක්. ෙම් ෙකටි කාලයට මගේ දරුවගේ විශාල ෙවනසක් මම දැක්කා. මගේ ඥාති හිතවෙතකුෙග් මාර්ගෙයන් පාසල ගැන දැනගත්තත් දැන් මම හිතනවා මගේ දරුවා අැතුළත් කළ පාසල අැත්ෙතන්ම ෙහාඳයි කියලා.
ෆාරිස් ස්මයිල් ප්‍රධාන විධායක නිලධාරී Achievers Lanka Business School (Pvt) Ltd
මෙම පාසල ආරම්භ කර මාස කිහිපයක් ඇතුළත මේ තරම් සාර්ථකත්වයක් ලැබීමට මේ පාසලේ ඉගෙනුම් ක්‍රමවේදය හා ඉගෙනුම් පරිසරය ප්රබලව බලපෑ දෙයක්. ෙමහි අාරම්භෙය්දී උසස්ෙපළ හදාරන ළමයි සදහා විද්‍යා අංශෙයන් පැවැත් වූ සම්මන්ත්රණ සදහා ළමයි 600ක් පමණ සහාභාගි වීම තුළින්ම ඒ් බව පැහැදිලි ෙවනවා. අනාගතයේදී මේ පාසල තුළින් විශාල සේවයක් සිදුවේ යැයි මම අපේක්ෂා කරනවා. තවත් දස වසරකින් පසුව බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වන පාසලක් බවට මෙය පත්වෙන්න පුළුවන්. ක්‍රියාකාරකම් ඇතුළත් අධ්‍යයන සියල්ල පෙළගස්වා ඇති ආකාරයට මම හුඟක් කැමතියි. මම මේ පාසලේ විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි පාසලක් ලංකාවට හඳුන්වා දීම පිළිබඳව.
ෂෙහානි දිල්රුක්ෂිකා / ජායාරූප - ඉසුරු පෙරේරා