පසුගිය 17 වැනිදා යෙදී තිබූ මෙරට මෑත ඉතිහාසයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම ලංකා පුත්‍රයෙකු වන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 153 වැනි ජන්මදින සංවත්සය සැමරීමට ලැබීම ශ්‍රී ලාංකික සියලු දෙනා ලද භාග්‍යයකි. රට, ජාතිය හා ආගම යන ත්‍රිවිධ රත්නයේ අභිවෘද්ධිය හා ආරක්ෂාව උදෙසා තම මුළු ජීවිතයම කැප කරමින් මෙරට ජාතික වීරවරයෙකු ලෙස හෙතෙම සිදුකළ උදාර සේවය නැවත ලංකා මාතාවට අවශ්‍යම යුගයක් බවට පත්ව ඇත.
මෙරට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවැති කාලයේ %සිංහලයනි නැගිටිව්^ යනුවෙන් අභීත සිංහනාද කළ ප්රමුඛ ජන නායකයා අනගාරික ධර්මපාලතුමන්ය. ඉංග්‍රීසීන් විසින් 1815දී කන්ද උඩරට යටත් කරගනු ලැබීමෙන් මෙරට ස්වාධීනත්වයේ මළබෙරය වැයිණි. බලලෝභී, අදූරදර්ශී දේශීය නායකයන් අතළොස්සකගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ අවාසනාවන්ත තත්ත්වය උදාවිය. එහි ප්‍රතිඵලයක් ලෙස යටපත් වෙමින් පැවැති ජාතිකාභිමානය, එකමුතු බව හා ආගමික හැදියාව යළි පණ ගැන්වීමේ උදාර චේතනාවෙන්ම ඔහු ඒ සඳහා දැරූ ප්රයත්න අප්‍රමාණය.
මෙකල සිංහල බෞද්ධ ජනතාවට විදේශීය පාලකයන්ගෙන් මෙන්ම, ඔවුන්ගේ දේශීය අනුගාමිකයන්ගෙන්ද විඳින්නට සිදුවූ හිරිහැර හා ගැහැට අපමණය. වසර 1864 සැප්තැම්බර් 17 වැනිදා දොන් ඩේවිඩ් හේවාවිතාරණ ළදරුවා උපත ලබනුයේ රටේ මෙබඳු තත්ත්වයක් පවතිද්දීය. ඔහු ජාතියේත්, ආගමේත් අනාගත විමුක්තිදායකයෙකු වෙතැයි එදා සිතූ කෙනෙක් නොවූහ. කුඩා ඩේවිඩ් හේවාවිතාරණට අධ්‍යාපනය සඳහා පළමුවෙන් දෙමටගොඩ බැප්ටිස් සිංහල පාසලටත්, එතැනින් කොළඹ ශාන්ත බෙනඩික් විදුහලටත්, අනතුරුව කෝට්ටේ ක්‍රිස්තියානි විදුහලටත් යෑමට සිදුවිය. මේ විදුහල්වලදී ඉංග්‍රීසි භාෂාවද, එකල අනිවාර්යය විෂයයක් වූ ක්‍රිස්තු ධර්මයද හොඳින් ඉගෙනීමට සිදුවීම ඔහුගේ අනාගත ක්‍රියාවලිය සකස් කරගැනීමට ඉවහල් විය. සිය විභාගයන්ගේද සහාය ඇතිව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් විසින් අරඹන ලද විද්‍යෝදය පිරිවෙන මේ ජාතික වීර පුත්‍රයාගේ දිවිමග එකලු කළ සරසවි බිමවිය. ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ සෙවණෙහි සිංහල, පාලි හා බුදුදහම උගත් මෙම වීර පුත්‍රයා 1878 දී ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී ඉගෙනීමට පැවැරුණු සියලු දේ මැනවින් උගත්තේ, බයිබල් පාඩමෙන්ද සෑමවිටට ප්‍රථමයා වෙමිනි. එතුමාට ලක්දිව සමය සමයාන්තර කරුණු සංසන්දනාත්මකව ඉගෙනීමට රුකුලක් විය. ඔහුගේ සහජ දක්ෂතාවක් වූ කථිකත්වයද එයින් ඔප්නැංවිණි. එකල විවිධ කරුණු මුල්කර ගනිමින් මෙරට වාදවිවාද පැනනැගිණි.
1873 වසරේදී පැවැති 'පානදුරාවාදය' යථෝක්ත වාද අතර ප්රමුඛස්ථානයක් ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ අදහසක් ලොව පුරා පහළ විය. එහි විස්තර අසා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු ජාතික හෙන්රි ස්ටිල් ඕල්කට්තුමාද, වතාවක් සමාජ සේවිකාවකද වූ බ්ලැවැට්ස්කි මැතිනියද විද්‍යෝදය පිරිවෙනේදී හමුවීම, තරුණ හේවාවිතාරණගේ ජීවිතයට නව ආලෝකයක් ගෙනදීමට සමත්වූ සිදුවීමකි. මේ කාලයෙහි තවදුරටත් උසස් අධ්‍යාපනයක් ලැබීම පිණිස යා යුතු බෞද්ධ පාසලක් රටෙහි නොවූ හෙයින් එතුමාගේ සිත කෙමෙන් ඕල්කට්තුමාගේ හා බ්ලැවැට්ස්කි මැතිනියගේ සමාජ සේවා කටයුතු සඳහා වැඩි වැඩියෙන් යොමුවිය. ඕල්කට්තුමා විසින් ඇමෙරිකාවේදී අරඹන ලද 'පරමවිඥාර්ථ සමාගම' අප රටටද ඵලදායක විය. 'සත්‍යයට වඩා උසස් ආගමක් නැත^ යන්න පදනම් කර ගනිමින් සමස්ත ලෝක සහෝදරත්වයක් ගොඩනගා ගැනීමේ අදිටනින් එම සංවිධානය ආරම්භ කරන ලදී.
ලෝකයේ සෑම රටක්ම තම රට, ජාතිය, ආගම, භාෂාව ආරක්ෂා කරගැනීම, රැකගැනීම, දියුණුව දැකීම එකම අරමුණයි. තම රටේ බලාපොරොත්තු වන්නේ ආර්ථික, සමාජීය හා දේශපාලන වශයෙන් දියුණුවකි. සෑම ජාතියකටම සංස්කෘතික උරුමයක් ඇත. ඒ තුළින් ගොඩනැගුණු අනන්‍යතාවක්ද ඇත. තම අනන්‍යතාව රැකෙන පරිදි ජාතියක් ගොඩනැගේ නම්, එම රටේ ජනතාව තම රටට, ජාතියට හා භාෂාවට ආදරය කරති. ජාතිය, ආගම, සංස්කෘතිය හා බැඳුණු ආදරය %ජාත්‍යාලය^ වශයෙන් හඳුන්වයි. නැතහොත් %ජාත්යවාත්සල්යය^ වශයෙන්ද හඳුන්වයි. 'ජාතිකත්වය' යනුවෙන් හඳුන්වන්නේද මෙයයි.
එම රටේ වෙසෙන වෙනත් ජාතියකට හෝ සංස්කෘතියකට හෝ ආගමකට වෙනස්කම් කිරීමක් හෝ ගැරහීමක්, හිංසනයක් සිදුවන්නේ නම්, එය හඳුන්වන්නේ 'ජාතිවාදය' ලෙසය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා කිසිදු ආගමකට හෝ ජාතියකට ගැරහීමක් කර නොමැත.
තම රටේ ජාතියේ අනන්‍යතාව රැකගැනීමට රළු භාෂාවක් භාවිත කළේ සිංහලයන් සඳහාමය. 'සිංහලයනි අවදි වෙයව්, ඇස් ඇරපියව්^ යනාදී වශයෙන් එතුමා ප්‍රකාශ කළේ, අපේ රටට අනාගතයේදී සිදුවිය හැකි දෙය පිළිබඳවය.
එම වකවානුවේදී ධර්මපාලතුමා සිංහලයාට අපේකම තේරුම් කර දුන්නේය. අතීතයේ අදීන ජාතියක්, සිංහලයාගේ බුද්ධාගම හා බැඳුණු සංස්කෘතියක් සහ ඒ හා බැඳුණු ආර්ථික රටාවක් දක්නට ලැබිණි. විදේශිකයන්ගේ ආක්‍රමණ සමග මෙය ක්‍රමයෙන් නැතිව යන්නට විය. ඉංග්‍රීසි ජාතියේ ආගමනයත් සමග මෙය වැඩි වන්නට විය.
ඔහු විසින් එදා ප්‍රකාශ කරන ලද අනාවැකිය අද සක්සුදක් සේ සැබෑවී හමාරය. සිංහල ජාතියේ අනන්‍යතාව හා හෙළ උරුමය රැකගැනීමට දැඩි වෙහෙසක් දැරීමට එතුමාට සිදුවිය. එබැවින් සිංහලයන් ඇමතුවේ වේගවත් රළු කතා භාෂා ශෛලියකිනි. දෙමවුපියන් තම දරුවන් හදාවඩා යහමගට යොමුකිරීමට බැණවදින අවස්ථා එමටය. දඬුවම් කරන අවස්ථාද ඇත. අනගාරික ධර්මපාලතුමාද අනුගමනය කළේ එවැනි ප්රතිපත්තියකි. ධර්මපාලතුමා එවකට සිටි සිංහලයා ගැන දැක්වූ අදහස්වලින් එය සනාථ වෙයි. &සිංහලයා ආර්ය ජාතියක් බව සැබෑ නමුත් ඔවුන් අතර කුසීත, කාලකණ්ණි, පාපතරයන් ඉන්නවා. ඔවුන්ට සේවය කළත් බණිනවා. නොකළත් බණිනවා, සේවය කළොත් වැඩියෙන් බණිනවා. නොකර සිටියොත් අඩුවෙන් බණිනවා. නැතහොත් බණින්නෙම නැත. ඒවාට සිනාවෙවී සේවය කිරීමට පුළුවන් නම් හොඳයි. බැරි නම් බෑ. මා ගැන කවදාවත් යමක් කමක් ඇති සිංහල මිනිස්සු හෝ ඔවුන්ගේ පත්තර හොඳ කිව්වේ නැත. ඔවුන් කළේ මට බැන්නයි. මා කරන වැඩවල අයවැය බලන්න ඉල්ලුවයි පමණයි. මෙහි පුදුමය නම් අයවැය බලන්න ඉල්ලුවේ තුට්ටුවක්වත් නොදීපු ඇත්තොයි. මා මළ පසු මොනවා කියාවිදැයි මම නොදනිමි.* එදා ධර්මපාලතුමා පැවසූ ආකාරයේ නරුමයෝ සහ මුග්ධයෝ අද ද සිටිති.
බුදුන් උපන් දේශයෙන් බුදුදහම අතුරුදන් වීම වළක්වා නැවත ස්ථාපනය කිරීම හා 'බුද්ධගයාව බේරාගනිව්, ශ්‍රී මහා බෝධිය බේරා ගනිව්' යන හඬ නගමින් තම ධන පරිත්‍යාගයෙන් බුද්ධගයාව ගොඩනගා අද තත්ත්වයට පත්කරනු ලැබුවේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා විසිනි. 1891 මැයි 17 වැනිදා ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් %මහා බෝධි සමාගම^ ආරම්භ කරන ලදී. ලංකාවෙන් භික්ෂූන් වහන්සේලා සිවුනමක් ඉන්දියාවේ බුද්ධගයාවට වැඩම කළහ. එම භික්ෂූන් වහන්සේලා ලවා බුදුදහම පැතිරවීමට කටයුතු සම්පාදනය කෙරිණි. 1892 ඔක්තෝබර් මාසයේ 'මහා බෝධි සඟරාවේ' මූලස්ථානය කල්කටාවේ පිහිටුවන ලදී. 1893 සැප්තැම්බර් ලෝක බෞද්ධ පිබිදීමක් ඇති කරන ලදී. මෙහිදී බුදුරදුන්ගේ පණිවුඩය ලෝකයා හමුවේ තැබූ ඔහුට ඉන්දියාවේ ධර්ම ප්රචාරක කටයුතුවලට සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ සහායද නොඅඩුව ලැබිණි. එදා පල්ලියේ තිබුණු %ඉරිදා ඉස්කෝලය^ වෙනුවට පන්සල මුල්කර ආරම්භ කළ 'දහම් පාසල' නිසා ඉටුකළ මහඟු සේවයට අප සදා ණයගැතිය. එහෙත් ධර්මපාල චින්තනය තබා එවැනි උතුමෙකු සිටි බවද නොදන්නා පිරිස්ද අප අතර සිටීම කනගාටුදායකය.
වරද දුටු තැන එය කියා දීම උන්වහන්සේගේ සිරිතකි. අවුරුදු 40කට ආසන්න කාලයක් තිස්සේ ආගමික සේවාවල නිරත වී අනගාරික ධර්මපාලතුමා වී උපසම්පදාව ලබාගත්තේය.
ලංකාවේ බුදුදහමත් සමග සිංහලයාට උරුම වූ සංස්කෘතිය ආරක්ෂා වී තිබිණි. 1505න් පසු විදේශ ආක්‍රමණ නිසා ක්‍රමක්‍රමයෙන් සිංහලයාගේ වටිනා සංස්කෘතිය විනාශය කරා ගමන් කරන්නට විය. අනගාරික ධර්මපාලතුමා මෙම විනාශය දැක එය බේරාගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීය. 'සිංහල බෞද්ධයා' පුවත්පත ආරම්භ කර සිංහල භාෂාවත්, ආගමත්, සංස්කෘතියත් රැකගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට විය. 1881 ධර්මපාලතුමා ඉන්දියාවේ බුද්ධ ධර්මය ප්‍රචලිත කරන අවධියේ බුද්ධාගම විනාශ කිරීමේ බලවේග රාශියක් දක්නට ලැබිණි. 'සංකර්' නමැති පුද්ගලයෙකු විසින් ඇතිකරන ලද සංවිධානයකින් දහස් ගණනින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කෙරිණි. 'හියුං සාං' ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ බුද්ධාගම ප්‍රධාන ආගමක් බවට පත්ව තිබූ බව සැලකේ. රජවරු පවා බුද්ධාගමේ දියුණුවට කටයුතු කර ඇති බව සඳහන් වේ.
වර්තමානයේ බොහෝ දෙනෙකුට හෙතෙම කළ සේවය අමතක වී ඇත. ඔහු විසින් රෝපණය කළ වෘක්ෂයේ මුදුන් මුල වශයෙන් සැලකුවේ හෙතෙම ආරම්භ කළ 'මහාබෝධි' සමාගමයි. එදා ඔහු විසින් ඉන්දියාවේ සහ ලෝකයේ අනෙක් රටවල බුදුදහම ප්‍රචලිත කිරීමට යොදාගනු ලැබුවේ මහාබෝධි සමාගමයි. බුදුන් වැඩ සිටි වැදගත් ස්ථාන මහාබෝධි සමාගම යටතට පවරා ගෙන ලෝක බෞද්ධවාසීන්ට වැඳපුදා ගැනීමට හැකි වාතාවරණයක් ගොඩනගනු ලැබීය. පාසල් මට්ටමින් හෝ 'ධර්මපාල චින්තනය' ජනතාව අතරට ගෙන යෑමට වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යය. අපේකම, සාරධර්ම පිරිහී යන යුගයක ධර්මපාල චින්තනය පාසල් විෂයය මාලාවට ඇතුළත් කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. ඒ සඳහා රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වේවායි මම ප්‍රාර්ථනා කරමි.
ඌගේ ජාතියේ අනෙක් උදවිය ඌ වට කරගෙන ඒකට කන් දී සිටිනවා. අපේ සිංහල ගොන්තඩියන් මොකද කරන්නේ? එක්කෝ රා බොනවා. නැත්නම් සූදු කෙළිනවා. ඒත් නැත්නම් දෙදණ තුරුළු කරගෙන බූරු ඇඳක නිදියි.
මේ අන්දමට 1931 දක්වා මෙතුමාගේ මුළු ජීවිත කාලය මිඩංගු කළේ ජාතික, ආගමික සේවා සඳහාය. එම වසරේදීම මවුබිමට ආයුබෝවන් කී ඔහු ඉන්දියාවට ගොස් තමන්ගේ පුරෝගාමීත්වයෙන් බරණැස ඉසිපතනාරාමයේ ඇරඹූ මූලගන්ධ කුටි විහාරයේදී %සිරි දේවමිත්ත ධර්මපාල^ නමින් 1931 ජූලි 31 වැනිදා පැවිදි විය. පැවිදි වීමෙන් දෙමසකට පසු 1933 ජනවාරි 13 වැනිදා උපසම්පදාව ලැබූ උන් වහන්සේ 1933 අප්‍රේල් 29 වැනිදා %සම්බුදු සසුන පහළ කරනු පිණිස^ යළි යළිත් ඉපදේවායි පතමින් සිහි නුවණින් යුතුව අවසන් හුස්ම හෙළූහ.
දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයා සම්බුදුදහම ලොව පුරා පැතිර වූවාට පසුව එම කාර්යය සාර්ථකව ඉටුකළ ධර්ම දූතයා අනගාරික ධර්මපාලතුමාය. ලන්ඩන් නගරයේ බෞද්ධ මධ්‍යස්ථානයක්ද ඔහු විසින් පිහිටුවන ලදී. කල්කටාවේ ධර්මරාජික මහා විහාරය, බුද්ධගයාවේ හා මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලා පිහිටුවීය. තම පෞද්ගලික දේපොළ එක්කර භාරකාර අරමුදලක් පිහිටූ හෙතෙම, මහාබෝධි සමාගමේ ශාසනික කටයුතු සඳහා වෙනම භාරකාර මණ්ඩලයකට එය භාර කළේය. තවත් 25 වතාවක් දඹදිව ඉපදී බුදුසසුන නංවාළමියි යන්න එතුමාගේ ප්‍රාර්ථනය විය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට අමාමහ නිවන් සුවය ලැබේවා..!
ජාතික භික්ෂු සම්මේලනයේ උපදේශක
ශාස්ත්‍රපති ගලගම ධම්මරංසි හිමි