අද වන විට සමස්ත ලෝකයම විවිධාකාරයෙන් දේශගුණික ව්‍යසන හේතුවෙන් පීඩා විඳින්නේ මිනිසා විසින්ම පරිසරය වෙත කෙරෙන කෙනහිලිකම් නිසාවෙනි. ශ්‍රී ලංකාවටද එය පොදු ධර්මතාවක් වන බව පසක් කිරීමට පසුගිය කාල වකවානුව තුළදී අප විසින් මුහුණදුන් අමිහිරි අත්දැකීම් රාශියක්ම සමත් විය. එම විපත් ශ්‍රී ලංකාව දියුණුව කරා යන ගමනට එතරම් සුබදායක වන්නේ නැත. එම නිසා ස්ථිරසාර සංවර්ධන ව්‍යාපෘති සහ නිෂ්පාදන ක්ෂේත්රවල අවශ්‍යතාව ඉතා තදින් මතුවී තිබේ. ඒ සඳහා මුලපිරීමක් ලෙස අද සිට (16දා) ඇරඹෙන %Sri Lanka Next-2017^ වැඩසටහන පිළිබඳවත්, ඒ සඳහා පසුබිම් වූ ගෝලීය සහ දේශීය වශයෙන් අප මුහුණ දෙමින් සිටින දේශගුණික වෙනස්වීම් පිළිබඳවත් කතාබහ කිරීමට පරිසර අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ඩබ්ලිව්.එල් සුමතිපාල සහ කාලගුණික වෙනස්වීම් අංශයේ අධ්යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග යන මහත්වරුන් අප 'අද' සමග සම්බන්ධ කර ගතිමු.
වර්ෂාපතනයේ වත්මන් විකෘතිතාවත් මිනිසා විසින් සිදුකළ ප්‍රබල පාරිසරික හානි නිසයි
මේ වන විට ලෝකය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශගුණික වශයෙන් පවතින තත්ත්වය පිළිබඳ මේ විග්‍රහය ගෙන එන්නේ මහාචාර්ය ඩබ්ලිව්.එල් සුමතිපාල මහතාය.
අපි සාමාන්‍යයෙන් දේශගුණික විපර්යාස ලෙස හඳුන්වන්නේ දීර්ඝකාලීනව අපේ වායුගෝලයේ සිදුවන විවිධ සිදුවීම් නිසා ඇතිවන කාලගුණික තත්ත්වයන්ගේ දිගුකාලීන වෙනස්වීම්වලට. අද අපි ලෝකයේ සිදුවන සිදුවීම් අරගෙන බැලුවොත් හොඳින්ම පෙනෙන කාරණයක් තමයි දේශගුණික විපාර්යාසවල බලපෑම් ඉතාමත් තදින් සහ සුලභව ඇති වෙමින් තිබෙන බව. ශ්‍රී ලංකාවටත් මේ වෙනකොට එම තත්ත්වයට යම් මට්ටමකට මුහුණපෑමට සිදුවී තිබෙනවා. ඒ වගේම ලෝකයේ ගෝලීය උෂ්ණත්වය පිළිබඳ දත්ත වාර්තා අධ්‍යයනය කරනකොට හොඳින්ම පෙනෙන දෙයක් තමයි ලෝකයේ ගෝලීය උෂ්ණත්වය කෙටි කාල සීමාවක් තුළ විශාල වැඩි වීමක් පෙන්නුම් කර තිබෙන බව. ඒ වගේම ඉතිහාසය තුළ මෙතෙක් මෙවැනි වැඩි වීමක් වාර්තා වෙලා නැහැ. මීට හේතුසාධක සලකා බැලීමේදී කැපී පෙනෙන ප්‍රධානම හේතුව තමයි වායුගෝලයේ හරිතාගාර වායූන් වැඩි වීම කියන කාරණය. ඒ හරිතාගාර වායුන් වැඩි වීමත් ශීඝ්‍රයෙන් සිදුවෙලා තිබෙනවා.
විශාල වශයෙන් ලෝකය කාර්මීකරණය වීම, පොසිල ඉන්ධන දහනය ඉහළ යෑම ආදී කාරණා නිසා වායුගෝලයට නිකුත්වන අහිතකර වායූන් ප්‍රමාණය ස්වාභාවිකව අවශෝෂණය කරගන්නා ප්‍රමාණයට වඩා වැඩි වී තිබෙනවා. සාමාන්‍යයෙන් මේ පිටවන වායු ප්‍රමාණය සහ අවශෝෂණය කරගන්නා වායු ප්‍රමාණය අතර සමතුලිතතාවක් තිබෙනවා. එය සමතුලිත නම් මේ ආකාරයෙන් ගෝලීය උෂ්ණත්වයේ විශාල වැඩි වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් මේ වන විට සිදුවෙමින් පවතින් විපර්යාස පිළිබඳව සැලකීමේදී එම හරිතාගාර විමෝචනය සහ අවශෝෂණයේ බරපතළ බිඳවැටීමක් සිදුවෙලා තිබෙන බව ඉතාමත් පැහැදිලියි. ඒ නිසා ලෝකයේ කාලගුණික තත්ත්ව තුළ විශාල වෙනස්වීම් පවතිනවා. දැඩි නියඟයන්, අධික වර්ෂාපතන තත්ත්ව, සුළි සුළං තත්ත්ව ආදිය මේ වනවිට සුලභ වෙලා තිබෙනවා.
මේ පරිසර පද්ධතිය එහෙමත් නැත්නම් සොබාදහම විසින් පාරිසරික තත්ත්වයන්ගේ සමතුලිතතාවක් පවත්වාගෙන යනවා. නමුත් පරිසර පද්ධතිය තුළ මිනිසාගේ මැදිහත්වීම මත හෝ වෙනත් හේතු මත සීමාව ඉක්මවා යන වෙනස්වීමක් සිදුවුණොත් අසාමාන්‍ය සිදුවීම් පරිසරයේ ඇති වෙනවා. ඒ වගේ අසාමාන්‍ය සිදුවීම් තමයි දැන් ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වෙන්නේ. උදාහරණයක් විදියට පසුගිය දිනවල ඇමරිකාවට බලපෑ දැඩි කුණාටු තත්ත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය ගැන කතා කරද්දි පොළොව සහ වායුගෝලය කියන පද්ධතිය තුළදී සූර්යයාගෙන් ලැබෙන ශක්තියෙන් වැඩිම ප්‍රමාණයක් රැඳෙන්නේ සාගර ජලය තුළයි. ඊට හේතුවක් තියෙනවා. සූර්යයාගේ උෂ්ණත්වය අනුව වැඩිම ප්‍රමාණයක් පිටවෙන්නේ දෘශ්‍යාලෝකය. ඒ දෘශ්‍යාලෝකය වායුගෝලය හරහා ලෝකයේ නිවර්තන කලාපයට වැඩි වශයෙන් පතිත වෙනවා. මේ නිවර්තන කලාපීය භූමියේ වැඩි වශයෙන් තිබෙන්නේ සාගර. එම නිසා එම සාගර ජලයේ මේ ශක්තීන් උරාගැනීමට ඇති හැකියාව වැඩියි. අපි මේ පොළොව සහ වායුගෝල පද්ධතියේ උෂ්ණත්වය උරාගැනීමේ ප්‍රභව ලෙස මේ පද්ධතීන් හඳුන්වනවා. මේ ප්රභවයන්ට හැකියාව තිබෙනවා ලෝකයේ වායුගෝලය පාලනය කරන්න. මේ ආකාරයෙන් සාගරවල උෂ්ණත්වය ඉහළ යෑම හේතු කරගෙන සොබාදහම විසින් එය පාලනය කරන්න විවිධ ක්‍රමවේද භාවිත කරනවා. ඒ එක් ක්‍රමවේදයක් තමයි නිවර්තන සාගර ආශ්‍රිතව හටගන්නා හරිකේන් වැනි කුණාටු තත්ත්වයන්. එයින් සිදුකරන්නේ සාගරයේ තිබෙන ඉතා විශාල තාප ප්‍රමාණයක් ඉහළට උරාගෙන එය උෂ්ණත්වය අඩු ප්‍රදේශ වෙත ගෙනයාම.
මේවා අපිට විපත් වුණාට මම දකින ආකාරයට ඇත්තටම මේවා සොබාදහම විසින් සමතුලිතතාවන් ඇතිකරගන්න ස්වාභාවිකව ඇතිකරන දේවල්. මේවා අතීතයේ ඉඳන්ම සිදුවුණ දේවල්. නමුත් ඉස්සර හරිකේන් වැනි තත්ත්ව වසරකට ඇතිවුණේ 5ක් වගේ නම් වර්තමානය වෙද්දි එය 10ක් පමණ වෙනවා වගේම පෙරට වඩා විශාලත්වයෙන් සහ ප්‍රබලත්වයෙන් ඉතාමත් වැඩියි. ඒ නිසා ස්වාභාවික විපත්වලින් ඇතිවන හානිය මේ වෙද්දි ඉතාමත් ප්‍රබල වෙලා තිබෙනවා. එවැනි ප්‍රබල හානි ගෙන එන්න මිනිසා විසින් සිදුකරන පාරිසරික හානි තමයි මූලිකවම මග පාදලා තිබෙන්නේ.
ලෝකයේ තත්ත්වය එසේ වෙද්දි ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සලකලා බැලුවොත් අපි දකින කාරණයක් තමයි වර්ෂාපතනයේ සැලකිය යුතු වෙනස් වීමක්. වාර්ෂික වර්ෂාපතනයෙන් ලැබෙන ජල ප්‍රමාණයේ විශාල වෙනසක් නොමැති වුණත් වර්ෂාවේ තීව්රතාෙව් වැඩි වීමක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම වර්ෂාපතනය ඇතිවන කාලය, රටාව සහ ප්රමාණයෙත් වෙනස්වීමක් දකින්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවල කෙටි කාලයක් තුළ ඉතා ධාරාණිපාත වර්ෂාවක් ඇතිවෙනවා. එයින් ඇතිකරන ප්‍රතිඵල තමයි සෝදාපාළුව සහ ක්ෂණික ගංවතුර තත්ත්වයන්. සාමාන්‍යයෙන් ක්‍රමිකව ඇතිවන ගංවතුරකින් සිදුවන හානිය අපිට විවිධ ක්‍රමවේද ඔස්සේ අවම කරගන්න හැකියාවක් පවතිනවා. නමුත් ක්ෂණිකව ඇතිවන ගංවතුර තත්ත්වයකදී සිදුවන හානිය විශාලයි. ඒ වගේම සෝදාපාළුව සහ ක්ෂණික නාය යෑමේ අවදානමත් ඉහළයි.
ඔක්තෝබර් මාසය කියන්නේ අන්තර් මෝසම් කාලයක්. සාමාන්‍යයෙන් මේ කාලයේදී සවස් කාලයේ ආරම්භ වෙලා රාත්‍රිය පුරාම අකුණු ගසමින් ඉතා තද වර්ෂාවක් ඇති වෙනවා. දිවා කාලයේදී හොඳින් පායනවා. අතීතයේ ඉඳලා සාමාන්‍යයෙන් වර්ෂාව ඇති වුණේ ඒ විදියටයි. නමුත් දැන් අපිට හොඳින්ම දැකගන්න පුළුවන් ඒ තත්ත්වයේ පැහැදිලි වෙනස් වීමක් සිදුවී තිබෙන ආකාරය. සාමාන්‍ය රටාව විකෘති වීමක් සිදුවී තිබෙනවා. ඒ හේතුව නිසා අපේ කෘෂිකර්මාන්තය විශාල අවදානමකට ලක්වෙලා තිබෙනවා. ඒ අනුව පෙනෙනවා අපේ නිරිතදිග කලාපය එන්න එන්නම වර්ෂාව වැඩි වීම නිසා දිගින් දිගටම තෙත් වෙනවා. පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර ආදී කෘෂිකර්මාන්තය මූලික වූ ප්‍රදේශ වලට දිගු වියළි කාලයන් ඇති වෙනවා. අවශ්‍ය ප්‍රදේශ සඳහා මෙවන විට වර්ෂාව නොලැබී යනවා වගේම එතරම් වර්ෂාවක් අවශ්‍ය නොවන ප්‍රදේශ සඳහා දැඩි වර්ෂාපතනයක් ඇති වෙනවා. ඒ නිසා ඉතාමත්ම පැහැදිලියි ශ්‍රී ලංකාවත් මේ වන විට බරපතළ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙමින් සිටින බව. වන විනාශයන්, හරිතාගාර විමෝචනය ආදී ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිහින් තිබෙනවා.
මේ ව්‍යසන තත්ත්වයන්ගේ අහිතකර ප්රතිවිපාකයන් අවම කරගැනීමට අපි තවමත් ප්‍රමාද නැහැ. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්. ඒ නිසා කර්මාන්ත සහ සංවර්ධන කටයුතු අපිට ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ඒ කටයුතු පරිසරය අමතක කරලා සිදුකිරීමට යාම සහ පාරිසරික ගැටලු සඳහා පැලැස්තර විසඳුම් යෙදීම දිගුකාලීනව දරුණු ප්‍රතිවිපාක ඇති කිරීමට සමත් වෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි මේ සෑම අංශයක්ම ස්ථිරසාර ලෙස දියුණුවට පත්කිරීමට සහ සංවර්ධනය කළ හැකි නිසි ප්‍රායෝගික ක්‍රමවේදයක්.
තිරසාර සංවර්ධනය නීලහරිත සංවර්ධන උපාය මාර්ගික දිශානතියකට අනුගත කිරීමේ අරමුණෙන් අප මෙය සිදුකරනවා
ආචාර්ය සුනිමල් ජයතුංග මහතා
අධ්යක්ෂ (කාලගුණික වෙනස්වීම්)
පරිසර අමාත්‍යාංශය
දේශගුණික විපර්යාසවල බලපෑම වර්තමානයේ මිනිසා ඇතුළු මිහිතලවාසී සියලු ජීවීන් මුහුණපාන ප්‍රධාන අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ අභියෝගය ශ්‍රී ලංකාවටත් පොදු කාරණයක්. මේ පාරිසරික වශයෙන් ඇතිවී තිබෙන විපත්වලට මූලිකම හේතුවක් වී තිබෙන්නේ මිහිතල උණුසුම ඉහළ යෑම හෙවත් හරිතාගාර ආචරණය. ඒ කියන්නේ හරිතාගාර වායු නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම. මිනිස් ක්‍රියාකාරකම් මේ සඳහා ඍජුව බලපා තිබෙනවා. මේ සියවස අවසන් වීමට පෙර ගෝලීය උෂ්ණත්වය 2C0 කට වඩා වැඩි වීමට නියමිත බවට මේ වෙද්දි විද්‍යාඥයෝ අනතුරු හඟවලා තිබෙනවා. උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් කඳු දියවීම, වර්ෂාපතන රටාවන් වෙනස්වීම, දිගුකාලීන නියං තත්ත්ව, නාය යෑම්, ජල ගැලීම් ආදී ව්‍යසන රැසකට මෙම තත්ත්වය හේතු වෙනවා.
2015 වසරේ පැරිස් නුවරදී එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ වූ ලෝක නායක සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම 2C0 කට අඩු ප්‍රමාණයකින් පවත්වාගත යුතු බව තීරණය කෙරුණා. ශ්‍රී ලංකාවත් ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ ක්‍රියාවලියේදී නියමුවකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා බලශක්ති නිෂ්පාදනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය හා අනෙකුත් කර්මාන්තයන් ඇතුළු සියලු කේෂේත්‍රවල තිරසාර සංවර්ධනය නීලහරිත සංවර්ධන උපාය මාර්ගික දිශානතියකට අනුගත කිරීමේ අරමුණෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල සංවිධානයෙන් %SRI LANKA NEXT- 2017^ ජාතික සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය අද (16දා) සහ හෙට (17දා) දෙදින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මෙහි ඉලක්කය වෙන්නේ නීල හරිත ආර්ථිකයක් තුළින් තිරසාර සංවර්ධනය ළඟාකර ගැනීමයි.
වැඩසටහනේ අරමුණු පිළිබඳව සඳහන් කළොත්,
දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සම්බන්ධයෙන් දේශීය සහ ගෝලීය වශයෙන් පවතින යාවත්කාලීන තොරතුරු එක්රැස් කිරීම සහ බෙදාහැරීම.
¡ නීලහරිත ආර්ථිකයක් සම්බන්ධව ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සහ සාමාන්‍ය ජනතාව අතර දැනුවත්භාවය ඇතිකිරීම හා ඔවුන්ගේ සක්‍රීය සහභාගිත්වය ශ්‍රී ලංකාවේ පාරිසරික හා ආර්ථික තිරසාරභාවය සඳහා ලබාගැනීම.
¡ තිරසාර සංවර්ධනය උදෙසා නිර්මාණශීලිව පරිසර සංරක්ෂණය මගින් දායකත්වය දක්වන ප්‍රමුඛයන් ඇගයීම හා දිරිගැන්වීම.
¡ දේශගුණික විපර්යාසයන් අවම කිරීම සම්බන්ධව ජාතික වශයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම හා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට උනන්දු කිරීම.
¡ බහුපාර්ශ්වීය ගිවිසුම් සම්බන්ධව ජාතියක් වශයෙන් අප සතු දායකත්වය විදහා දැක්වීම.
ආදිය පෙන්වා දෙන්න පුළුවන්. මේ යටතේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා,
¡ ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සම්මන්ත්‍රණය
¡ පරිසරය පිළිබඳ ජනාධිපති සම්මාන උලෙළ
¡ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය
¡ දේශගුණික විපර්යාස පිළිබඳ තරුණ සමුළුව
¡ පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රදර්ශනය
¡ SAARC – SACEP – ADB දේශගුණික වෙනස්වීම් සම්මන්ත්‍රණය
¡ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් පිළිබඳ විද්වත් කතිකාව
¡ පාසල් සිසුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්
¡'සොබා චලන සිතුවම් කෙටි' චිත්‍රපට උලෙළ
¡ පරිසර චිත්‍රපට ප්‍රදර්ශනය
පොලිතීන් තහනමත් සමග පරිසර හිතකාමී නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් ලැබෙමින් පවතිනවා. ඒ අනුව එම නව නිෂ්පාදන සහ නිෂ්පාදකයන් හඳුන්වා දීමත් මෙහිදී සිදුවෙනවා. මීට අමතරව උමාඔය ව්‍යාපෘතිය හරහා ඇති වී ඇති පාරිසරික ගැටලු පිළිබඳ විශේෂ සම්මන්ත්රණයක්ද පැවැත්වෙනවා.