ජීවත්වීමේ අයිතියත්, සම අයිතිවාසිකම් භුක්තිවිඳීමේ අයිතියත් සියල්ලන්ම සතුය. ලෝකයේ කිසිවෙකුටත් එය නොවෙනස් අතර, ආබාධ සහිතවූවන්ද, අනෙක් නිරෝගී මිනිසුන් මෙන්ම සියලු අයිතිවාසිකම්වල හිමිකම් ඇතිවුන්ය. ස්වාධීනව තමාගේ කටයුතු සිදුකරගැනීමට ඇති නොහැකියාව මත ආබාධිත යැයි නම් ලැබුවද, සිතින් සවිමත් ඔවුහු ජිවිතයට මුහුණදෙන්නට වෑයම් දරන්නෝය.
‘ජාත්‍යන්තර ආබාධ සහිතවූවන්ගේ දිනය’දෙසැම්බර් 03 වන යෙදෙන අතර, මේ සටහන ශ්‍රී ලංකාවේ ආබාධ සහිතවූවන් පිළිබඳවය.
ශ්‍රී ලාංකීය ජනගහනයෙන් 7%ක පමණ පිරිසක් ආබාධිත වූවන් අතර වෙති. සමස්තයක් වශයෙන් ගත් කල තමන්ගේ කටයුතු තනිවම සිදුකරගත නොහැකි පුද්ගලයන් ආබාධිතයන් ලෙස සලකයි. එක් ඇසක් නොපෙණුන පමණින් ඔහු හෝ ඇය ආබාධිත නොවන අතර, එවන් තත්ත්වයක් ජීවත්වීමට අභියෝගයක්ද නොවේ.
ආබාධ සහිතවූවන් සමාජයේ වෙන් කිරීමකට හෝ අවමන් කිරීමකට ලක්නොවන අන්දමේ පරිපාලනමය නීතිරීති සඳහා 1996 අංක 28 දරණ පනත යටතේ පදනම සකසා තිබේ. සමාජ සේවා දෙපාර්තමේන්තුවත්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලයත් ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීමට බැඳී සිටින අතර, ආබාධිත වූවන් සමාජයේ හුදෙකලා නොවූ අය බව හඟවමින් මෙසේ කටයුතු කරනු ලබයි.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සමාජ සේවා අමාත්‍යාංශය මගින් ලබාදෙන සේවා
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමටත්, අභිසංවර්ධනය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් වගබලාගැනීමට 1996 අංක 28 දරණ පනත යටතේ ජනාධිපතිවරයා විසින් ආබාධ සහිත තැනැත්තන් උදෙසා මෙම අමාත්‍යාංශයේ ජාතික සභාවක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව ජාතික සභාව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වෙයි.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව සහ ජාතික මහලේකම් කාර්යාලය විසින් ඉටුකරන කාර්යභාරය
* ආබාධ සහිත පුද්ගලයන්ගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම
* ආබාධ ඇතිවීමේ ප්‍රධාන හේතු වැළැක්වීම සහ පාලනය කිරීම
* ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධව නිවැරදි සංඛ්‍යාලේඛන පවත්වාගෙන යාම
* ආබාධ සහිත පුද්ගලයන් පුනරැත්ථාපනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම
* ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරාලීම
* ආබාධ සහිත පුද්ගලයන් භෞතික පරිසරයට යෝග්‍ය පරිදි සැකසීම සඳහා වැඩසටහන් හා ප්‍රතිපත්ති සකස් කිරීම හා මාර්ගෝපදේශ ලබාදීම
* ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා ඒවා වැඩිදියුණු කිරීම
* ආබාධ සහිත පුද්ගලයන් සඳහා පිහිටුවන ලද ආයතනවල කටයුතු මෙහෙයවීම
ආබාධ සහිත පුද්ලයන් සඳහා මෑතකදී අරඹන ලද වැඩසටහන් සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?
* ආබාධ සහිත තැනැත්තන් සිටින පවුල් සඳහා මසකට රැපියල් 3000ක දීමනාවක් ලබාදීම මහින්ද චින්තන වැඩසටහන යටතේ සිදුකරයි. පවුල් 16,600 ක් සඳහා මේ වනවිට එය ක්‍රියාත්මක අතර, 2013 වසර සඳහා රැ. මිලියන 598 ක් වෙන්කර තිබේ.
* ජංගම සේවා හා ආධාරක උපකරණ නිකුත්කිරීම් සිදුකරන අතර, මේ වනවිට ජංගම සේවා 116 ක් පවත්වා ඇත. ආධාරක උපකරණ සඳහා රැපියල් මිලියන 18 ක මුදලක් වැයකර තිබේ. රෝද පුටු, කිහිලිකරැ, අත්වාරැ, ළඟ පමණක් පෙනෙන කන්නාඩි, ත්රෛසිකන්, කොමඩ් සහිත රෝද පුටු, ශ්‍රවණ උපකරණ ආදිය මෙසේ ආධාරක උපකරණ වර්ග ලෙස ලබාදෙයි.
* නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර ආබාධවූවන් සඳහා ණයක් ලෙස නොව, ප්‍රදානයක් ලෙසින් එක් නිවසකට රැ. 250,000 ක් ලබාදීමට කටයුතු කරයි. මේ වසර තුළ දැනට නිවාස අලුත්වැඩියා කරදීම් සහ නිවාස ඉදිකිරීම් ලෙස නිවාස 443 ක් වෙත එම ප්‍රතිපාදන ලබාදී ඇත.
* ආබාධ සහිත වූවන් සඳහා රජයේ සහ පොදු ගොඩනැගිලි සඳහා ප්‍ර‘වේශ මාර්ග සකස්කිරීමේ කටයුතු ක්‍රියාත්මක වන අතර, රෝද පුටු ප්‍ර‘වේශ, අන්ධ පුද්ගලයන් සඳහා විදුලි සෝපාන බොත්තම් හඳුනාගැනීමේ ක්‍රම ආදී සියල්ල සකස් කළ යුතු වෙයි. ඒ සඳහා අදාළ ආයතන මගින් ප්‍රතිපාදන සකසාගත යුතු අතර ස්ථාන කිහිපියක ඉදිකිරීම්, සමාජ සේවා අමාත්‍යාංශය මගින් එම කටයුතු සිදුකර තිබේ.
* ආබාධ සහිත වූවන් සඳහා ස්වයං රුකියා ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, එමගින් උපරිමය රැ. 25,000කට යටත්ව ස්වයං රුකියා ආධාර ලබාදෙයි. දැනට 334කට අධික පිරිසකට මෙසේ රැපියල් මිලියන 6.87 ක් පමණ වැයකර තිබේ.
* මීට අමතරව රෝගීන් සඳහා වෛද්‍යධාර ලබාදීමටද සමාජ සේවා අමාත්‍යාංශය කටයුතු කරයි. උපරිමය රැ.25,000 ක් දක්වා, හදවත් සැත්කම්, වකුගඩු බද්ධකිරීම්, උකුල්ඇට බද්ධකිරීම්, දණිස් කටු බද්ධකිරීම්, කර්ණ පටක සැත්කම් සඳහා මෙන්ම ඖෂධ ලබාගැනීමටද ආධාර ලබාදෙයි.
* ආබාධ සහිත වූ දූ දරැවන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදෙන අතර, 2013 වසරේ සැප්තැම්බර් දක්වා දරැවන් 111 ක් සඳහා රැ. 634,797 ක් ලබාදී තිබේ.
* බ්‍රේල් ක්‍රමය, සංඥා භාෂාව, චලතාව හා දිශානතිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සඳහා පාඨමාලා පවත්වන අතර, එමගින් ආබාධ සහිත පුද්ගලයන්ට සිය කටයුතුවලදී වඩා පහසුවක් ලබාදෙයි.
* රජයේ පාසල්වල ඉගෙනුම ලබන දෘශ්‍යාබාධිත සිසුන්ගේ ප්‍රශ්න හා උත්තර පත්‍ර බ්‍රේල් ක්‍රම විද්‍යාවට අනුව පරිවර්තනය කිරීම, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්තා බ්‍රේල් ක්‍රම විද්‍යාවට පරිවර්තනය කිරීම හා උසස් පෙළ විභාගයට පෙනී සිටින දෘශ්‍යාබාධිත සිසුන්ට අධ්‍යාපන පහසුකම් ලබාදීම සිදුකරයි.
* 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 20 වැනි වගන්තිය යටතේ, ආබාධිත වූවන් සම්බන්ධව කටයුතු කරන ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කරයි.
* සුව කළ නොහැකි රෝගීන් සඳහා වන රාජගිරිය වික්ටෝරියා නිවාසය සඳහා මසකට රැ. 500,000 බැගින් වූ වියදම් මුදල් ලබාදී ඇත.
මීට අමතරව ජාතික සභාවේ අනුමැතිය යටතේ ආබාධිත බව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සිංහල හා දමිළ භාෂාවට නැගෙන අතර, එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. සුදු සැරයටිය භාවිත කරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා අභිසංවර්ධනය සඳහා සුදු සැරයටි නෛතික රුකවරණ සංදේශය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදනයට උපදෙස් ලබාදීම සඳහා 2013.10.17 දින අනුමැතිය ලබාදි තිබේ.
සමාජ සේවා දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන
* වාත්තීය පුහුණු මධ්‍යස්ථාන
ගම්පහ දිස්ත්‍රික්කය
- සීදූව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (0112 253 503)
- අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (0332 279 321)
- වෘත්තීය පුහුණු අංශය, පුනරැත්ථාපන රෝහල, රාගම (0112 958 212)
මහනුවර දිස්ත්‍රික්කය
- කැටවල ලෙව්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (0812 225 403)
- වත්තේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (0812 476 209)
හම්බන්තොට දිස්ත්‍රික්කය
- තෙළඹුයාය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (0602 489 296)
විශේෂ සේවා මධ්‍යස්ථාන
මුල් කාලයේදීම ආබාධ සහිත ළමුන් හඳුනාගෙන පුනරැත්ථාපනය හා උපදේශන සේවා ලබාදීම
- ළමා මාර්ගෝපදේශන සේවා මධ්‍යස්ථානය, අංක 11, වෙල පාර, නාවින්න, මහරගම (0112 746 801)
මන්දබුද්ධික තත්ත්වයෙන් පෙළෙන අය රුක බලාගැනීම (දෙමාපිය, භාරකරැවන් නැති)
- ජයවිරැ සෙවණ මධ්‍යස්ථානය, නෝතම්බලම්වත්ත, පුවක්පිටිය, අවිස්සාවේල්ල (0602 361 999)
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ලබන ස්වේච්ඡා සංවිධාන මගින් පාලනය වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන
කොළඹ දිස්ත්‍රික්කය
- සර්වෝදය සුවසෙත කාන්තා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මොරටුව (0112 647 158)
ගම්පහ දිස්ත්‍රික්කය
- ඉස්ලාමීය ආබාධිත පුනරැත්ථාපන මධ්‍යස්ථානය, තිහාරිය (0332 287 840)
කළුතර දිස්ත්‍රික්කය
- සුඛිත කාන්තා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, හොරණ (0342 261 037)
මාතර දිස්ත්‍රික්කය
- සවිය සංවර්ධන පදනම, කුඹුරැගමුව (0912 234 281)
කුරැණෑගල දිස්ත්‍රික්කය
- සාන්ත ජෝසප් බිහිරි සත්ව සඳහා මධ්‍යස්ථානය කුලියාපිටිය (0372 282 471)
රත්නපුර දිස්ත්‍රික්කය
- ආබාධිත වෘත්තීය පුහුණු ආයතනය, බළන්ගොඩ (0452 287 673/ 0454 905 820)
- විභවි සංවර්ධන පදනම, කලවාන (0455 676 037)
බදුල්ල දිස්ත්‍රික්කය
- ආබාධිත වෘත්තීය පුහුණු ආයතනය බණ්ඩාරවෙල (0572 223 705)
පුත්තලම දිස්ත්‍රික්කය
- ස්වර්ණදාම පදනම, නාත්තන්ඩිය (0322 251 222)
අනුරාධපුර දිස්ත්‍රික්කය
- ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය, තලාව (0252 275 022)
විශේෂ ස්තුතිය
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා
අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියට
සමාජ සේවා නිලධාරී
සුනිල් ගලහේන මහතා