Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
ජීවිතයේ තරුණ කාලය කියන්නේ පුදුමාකාර කාල සීමාවක්. මේ කාලය කෙටියි වගේම අපේ ජීවිතවලින් හරි ඉක්මනට ගෙවිලා යන කාල සීමාවක්. ඒ කාලයේදී අපට බොහෝදේවල් විඳින්න වගේම විඳවන්නත් සිද්ධ වෙනවා.
අපි කවුරුත් කැමති ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙමේ. නමුත් අපිටම තමා පුළුවන් ජීවිතය විඳිනවාද? විඳවනවාද? කියන එක තීරණය කරන්න. ඒ අතර විඳවන ජීවිත අතර ජීවිතය විඳින, ජීවිතයේ අරුත සොයා වන්දනාවේ යෙදෙන තරුණයන් කිහිප දෙනෙකුගේ සොඳුරු අත්දැකීම් ඔබ හා බෙදාගන්න 'අද' අපි තීරණය කළෙමු.
ජීවිතයේ තරුණ කාලය කියන්නේ පුදුමාකාර කාල සීමාවක්. මේ කාලය කෙටියි වගේම අපේ ජීවිතවලින් හරි ඉක්මනට ගෙවිලා යන කාල සීමාවක්. ඒ කාලයේදී අපට බොහෝදේවල් විඳින්න වගේම විඳවන්නත් සිද්ධ වෙනවා. අපි කවුරුත් කැමති ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙමේ.
නමුත් අපිටම තමා පුළුවන් ජීවිතය විඳිනවාද? විඳවනවාද? කියන එක තීරණය කරන්න. ඒ අතර විඳවන ජීවිත අතර ජීවිතය විඳින, ජීවිතයේ අරුත සොයා වන්දනාවේ යෙදෙන තරුණයන් කිහිප දෙනෙකුගේ සොඳුරු අත්දැකීම් ඔබ හා බෙදාගන්න 'අද' අපි තීරණය කළෙමු.
“වන්දනාකරුවෝ“ කියන නම ඇසූ සැණින් ඔබට සිහියට නැගෙන්නේ කුමක්ද? එහිදී අනිවාර්යයෙන්ම ඔබේ සිහියට නැගෙන්නේ වන්දනාවේ යෙදෙන වැඩිහිටි නඩයක් වෙන්න පුළුවන්. මොකද “වන්දනාව“ කියන කාරණය අද තාරුණ්‍යයෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. අද තරුණයන් බොහෝවිට යන්නේ වන්දනා නොව චාරිකායි. නමුත් මේ කණ්ඩායම යෙදෙන්නේ චාරිකාවක නොව වන්දනාවකය.
ඇත්තෙන්ම මොවුන් වෙනස් අරමුණක් වෙනුවෙන් වන්දනාවේ යෙදෙන පිරිසක්. වන්දනාව කියන නම අපි කාටත් හුරුපුරුදු අපේ සංස්කෘතික ආගමික පසුබිමක් සමග ජීවිතයට එක් වූවක්. අතීතයේ පටන් මිනිසා ඉරට, හඳට, ගස් වැල්වලට වන්දනාවේ යෙදුනා.
නමුත් මේ කණ්ඩායම ඊට වඩා වෙනස් වන්නේ ඔවුන්ගේ අර්ථකථනය ඊට වඩා වෙනස්වන බැවින්. එනම් ගහට, ගලට, සතා සිවුපාවට, සොබාදහමට, ආගමට, සංස්කෘතියට මේ සියලු දේට යම් ගෞරවයක්, භක්තියක් ඇතුව ජීවිතයේ අරුත සොයා යන පිරිසක් තමයි මේ “වන්දනාකරුවෝ'' කියන්නෙ.
මොවුන්ගෙ ආරම්භය සිදු වන්නෙත් එක්තරා සුවිශේෂී ගමනකින්මයි. ඒ ළහිරු, ප්‍රගීත්, ගයාන් හා ජීවන්ත යන මේ මිතුරන් සිවුදෙනාගේ තරුණ හිතට නැඟුණු හිතුවක්කාර අදහසක් අනුව ගිය ගමනකින්. ඒ රේල් පාර දිගේ බදුල්ලේ සිට තලවාකැලේට දවස් හයක් කිලෝමීටර් 104ක් ගෙවා දැමූ අතිශය දුෂ්කර අත්දැකීම් වලින් නිමවුණු සුන්දර ගමනකින්.
ඒ ගමනට මොවුන් අපූරු නමක් ලබාදී තිබුණා. ඒ ''පීලි දෙකක් උඩ දවස් හයක්'' ලෙසයි. දුෂ්කරම ගමන දුරම ගමන කරගනිමින් දින 6ක් පුරාවට ගොඩනැගුණු මිතුදමත් සහෝදරත්වයත් අද වන්දනාකරුවන්ගේ ගමන්මගේ තිඹිරිගෙය බවට පත්වෙලා.
රේල් පාරේ පයින්ම ඇරඹි මේ වන්දනාව, අද වනවිට ඔවුන් වෙනසකට ලක් කර තිබෙනවා. ඒ ඔවුන්ගේ ආත්මයට ඈඳුණු ගමන් සගයෙකු ඔවුන් සමග එකතු වෙලා තියනවා. ඒ ක්ලැසික් වර්ගයේ ස්කූටර්. මොවුන් ගමනට මේ දේ එකතු කර ගන්න එක හේතුවකුත් තිබෙනවා.
ඒ අන් කිසිම යතුරුපැදියකට නොමැති අමතර රෝදයක් තිබීම වගේම මේ ස්කූටරයෙන් මේ ගමනට අමුතුම ඔපයක් ලැබෙන නිසායි. ඇත්තෙන්ම මොවුන් මේ ස්කූටරයෙන් යන්නේ සුළුපටු දුරක් නම් නෙමේ. කිලෝමීටර් සිය ගණනක් රටේ මේ කොනේ සිට එහා කොනටත් ඔවුන් ගමන් කරන්නේ මේ ස්කූටර්වලින්. ඉතිං එහෙම සංචාරයක නිරත වෙද්දි පැච් යනවා කියන කාරණය සාමාන්‍යයි.
නමුත් ඒ බාධාව පවා ඔවුන්ගේ මේ තෝරා ගැනීමෙන්ම මගහැරී තිබෙනවා. වන්දනාකරුවන්ගේ දෛනික ගමන් සගයා වෙලා තියෙන්නේ මේ ස්කූටර්ම වීම විශේෂත්වයක්. ඒ වගේම ඔවුන්ගේ මේ ගමන්වලට කියාපු වාහනේ. මොකද මේ විදියෙ ගමනකට බඩු භාණ්ඩ ගෙනියන්න බැහැ අන් කිසිම යතුරුපැදියකින්.
ස්කූටර ඔවුන්ට ඒ බාධාවටත් පිළිතුරු ලබාදී තියෙනවා. ඒ වගේම මේ ස්කූටර්වලින් රට වටේ යද්දි හිතට දැනෙන ගැම්ම මොන වගේද කියලා මේ පිංතූර වලින්ම ඔබට හැඟේවි.
මේ වන්දනාකරුවො ගැන මම කියනවාට වඩා ඔවුන්ගේ අත්දැකීම් ඔවුන්ගෙන්ම විමසන එක තවත් රසවත් නිසා මේ කණ්ඩායම අපි සම්බන්ධ කර ගත්තෙමු. එහිදී ඔවුන් මේ සොයන ජීවිතේ අරුත කුමක්ද කියා අහන්න අපි අමතක නොකළෙමු. ඒ ප්‍රශ්නයට ඔවුන් ලබාදුන්නේ හරි අපූරු පිළිතුරක්.
''ජීවිතයට අරුතක් සොයා වන්දනාකරුවෝ* ඇත්තෙන්ම මෙය සුවිශේෂී ගමනක්. ජීවිතයට අරුතක් සොයනවා කිව්වම හිතයි ඇයි දැන් ජීවිතේට අරුතක් නැද්ද? මොකද්ද ඔය හොයන අරුත කියා. ඇත්තටම අපි ජීවිතේ අරුත සොයන්නෙ වෙනස්ම ආකාරයකට කිව්වොත් ඒක නිවැරදියි. ඒ කියන්නෙ අපේ ගමන තේරුමක් ඇතිව යායුතු ගමනක්.
අපි කණ්ඩායමක් විදියට තීරණයකට එනවා අපේ මේ ගමන්වල අවසානයෙ ඉතිරි වන දේ අර්ථාන්විතව අතීතයට එකතු විය යුතුයි කියා. ඒ නිසා අපි පළමුව එය ආරම්භ කරන්න පස්සර මඩොල්සිම ගල්ලුල්ල විද්‍යාලයට පොත්පත්, පෑන්, පැන්සල් වගේ ඉගෙනීමට අවශ්‍ය උපකරණ අරගෙන යනවා.
ඒවා අපි ගෙනියන්නෙ මහා තෑගි ගොඩක් හැටියට නෙමේ. අපිට පුළුවන් සහ අපිට හැකි මට්ටමින්. මෙහිදී අප උත්සාහ කරන්නෙ තෑග්ගකට වඩා පිපෙන්නට වෙර දරන යහපත් සමාජයකට පිටුවහලක් වෙන අධ්‍යාපනය වෙනුවෙන් පුංචි හරි උපකාරයක් කරන්න. එයින් ලැබෙන පූර්වාදර්ශයයි අපි අගයන්නෙ. අපේ ප්‍රාර්ථනාව තමා ඔවුන්ගේ අනාගතය යහපත් වෙනවා දකින්න.
මෙහි දෙවෙනි අදියර ලෙස 2016දී බිබිල, මැදගම නන්නපුරාව ආශ්රිත පාසල් 4කටත් නැවත පොත්පත් ෙබදා දීම සිදුකළා. මෙහිදී අපි තවත් දෙයක් සිදුකළා. ඒ සෑම පාසලකම පැළයක් සිටුවීම. එයින් අපි බලාපොරොත්තු වන්නෙ සොබා දහම, පරිසරය ගැන නොසිතන කාලවකවානුවක අපි කරන චිත්රනය ළමා මනස තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි.
එහි තෙවන අදියර විදියට මේ අවුරුද්දේ වැල්ලවාය ප්‍රදේශයේ දුෂ්කර පාසල් කීපයක් ආශ්‍රිතව සිදුකෙරුණා.
මේ වගේ සමාජ සත්කාරවල යෙදෙන මේ නඩයේ තවත් විශේෂත්වයක් තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ සමහර වන්දනාවන්ට විවිධ වු අර්ථකථන වගේම විලාසිතාවන් ද එක් කර තිබීමයි. ඒ තුළින් ඔවුන් ඔවුන්ට ආවේණිකත්වයක් ගොඩනගා ගන්නවා වගේම තාරුණ්‍යයෙන් ඈත්වෙන දේවල් ආපසු ළඟා කර ගැනීමට දරන උත්සහයක් කිව්වොත් නිවැරදියි. ''ද සරම් චාරිකාව'' කියන්නෙ අන්න ඒ වගේ අපූරු ගමනක ඇරඹුමක්. ඒ නිසාම මේ ගමන ගැන ඔවුන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
''ද සරම් චාරිකාව'' අපේ වෙනස්ම ගමනක්. එහි පළමු චාරිකාව වූයේ ඩෙල්ෆ් දූපතට යාම. ලංකාව දූපතක් වගේම ඩෙල්ෆ් කියන්නෙත් දූපතක්. ඒ නිසාම අපි ඒ ගමන ''දූපතෙන් දූපතට'' ලෙස නම් කළා. ඒ වගේම අපි ඒ චාරිකාවට සරම එකතු කර ගත්තා. සරම ඇඳ ගත්තම ඒ ගමන තවත් සුවිශේෂී වෙනවා. අපි ඒ තෝරාගැනීමට හේතුවක් තමා තාරුණ්යයෙ හීනමානයෙන් අයින් කරන සරම අපි තරුණයන් විදියට නැවතත් එය සමාජගත කරනවා.
මේ ගමන ගැන කිව්වොත් අපි ඩෙල්ෆ් දූපතට ස්කූටර් 5ක් රැගෙන යනවා. ඒ කුරිකට්ටුවාන් ජැටියෙන් බෝට්ටුවට දාගෙන. නාවික හමුදාවෙන් ලැබුණු සහයෝගයත් මේ අවස්ථාවෙදි අපි මතක් කරනවා. අපි දවස් දෙකක් පුරාවට ඩෙල්ෆ් දූපතේ වැදගත් සියලු දේවල් නරඹනවා. ඒ අතර ඩෙල්ෆ් දූපතේ වන අශ්වයන් දැකගැනීම විශේෂයි.
මේ චාරිකාවෙ දෙවැනි අදියර වූයේ ඉතිහාසගත චාරිකාවයි. ඒ ලංකාවේ එහා කොනේ ඉඳන් මෙහා කොනට. ඒ කියන්නේ කොළොම්තොටින් සංගමන් කන්ද තුඩුවට. ඒක සුවිශේෂී ගමනක්. කොළොම්තොටින්, රත්නපුරින්, බෙරගලින්, වැල්ලවායෙන්, මොනරාගලින්, පොතුවිල්ෙවලින් සංගමන් කන්ද තුඩුවට යාමයි අපේ අරමුණ.
එහිදී පානම ගමට, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට, පානම වෙරළට, මුහුදු මහා විහාරයට යන්න අමතක කළේ නැහැ. මේ ගමනේ විශේෂත්වය තමා සංගමන්කන්ද තුඩුවේ රාත්‍රිය ගත කිරීම. මොකද ලංකාවේ කොණටම වෙලා, නැගෙනහිර අහස යට සුන්දර රාත්‍රියක්.
මේ වෙන කොට ද සරම් චාරිකාවෙන් ලංකාවේ තුන් කොණටම ගිහින් තිබෙනවා. තව තියෙන්නේ දෙවුන්දර තුඩුව. ඒ ගමනත් වැඩි ඈතක නෙවෙයි.
මේ වගේ දින ගණනක වන්දනාවේ යාමේදී කාලය මොවුන් වෙන් කර ගන්නෙ කොහොමද කියන එක මට නැගුණු ප්‍රශ්නයක්. මෙහි සාමාජිකයන් විවිධ ආයතනවල රැකියාව කරන අය. ඒ ගැන ඔවුන් දැක්වූයේ මේ වගේ අදහසක්.
''අපේ කණ්ඩායමේ සියලු දෙනා වෘත්තිකයන්. ඒ නිසා අපේ නිදහස් වීම අනුව අපි මේ වන්දනා ගමන් සැලසුම් කර ගන්නවා. ඒ සියලු දේවල් සමබර කර ගැනීමේ වගකීම අපේ කණ්ඩායමේ සියලු දෙනාට පැටවිලා තිබෙනවා. ඒ වගේම මේ ගමන සැලසුම ගැන කතා කළොත් අපේ ගමන්වල සරලත්වය මිසක් සංකීර්ණ වූ ටුවර් ප්ලෑන් කිරීමක් නැහැ.
මොකද අපේ ගමනෙ නවාතැන වෙලාවකට මහ කැලයක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් කඳු ගැටයක්, දිය ඇල්ලක් ළඟ වෙන්නත් පුළුවන්. හැබැයි ඒ දිනේට යන්න සැලසුම් කරන තැන් වලට යන්නෙ සැලසුමක් ඇතිවයි. ‘කන වේලාව, නාන වේලාව, නතර වෙන තැන් වගේ චාරිකාවක ප්‍රධාන අවශ්‍යතා වන්දනාකරුවො වන අපට විශේෂයක් නොවීමත් විශේෂත්වයක්.
අද වෙද්දි වන්දනාකරුවො මුහුණු පොතේ ජනප්‍රිය වී තිබෙනවා. ලංකාවේ සංචාරයන් අතර වන්දනාකරුවන්ට ඇත්තේ ආවේණිකත්වයකි. ඔවුන්ගේ ගමන, ඔවුන් ගමන් විලාසය, ඔවුන්ගේ දැක්ම, සමාජ භාවිතය ඒ වගේම සන්නිවේදනය සුවිශේෂීය.
ඔවුන් මේ යන අපූරු ගමන් වල ඡායාරූප වගේම වීඩියෝ මේ වනවිට සමාජ ජාල හරහා සමාජගත කර තිබෙනවා.මේ දේවල් දකින බොහෝ පිරිසක් මොවුන් සමග සම්බන්ධ වීමට ආසාවෙන් ඉන්න බව මුහුණු පොතේ ඔවුන්ගේ ඡායාරූපවලට වැටෙන අදහස්වලින්ම පැහැදිලි වෙනවා. ඉතිං ඒ වගේ අයට තමා “සීමාවෙන් එහා වන්දනාකරුවෝ එක රෑනට“විවෘත චාරිකාව සංවිධානය කරන්නෙ. ඒ පිළිබඳ ඔවුන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
මේ වෙනකොට අපේ කණ්ඩායමේ 07 දෙනෙක් ඉන්නවා. ගයියා, ප්‍රගීත්, ළහිරු, මංජු, චින්තා, බිරේ, ක්‍රිෂා තමා ඒ. අපි උත්සාහය වුණේ වන්දානාකරුවන්ගෙන් ඒ සීමාව අතික්‍රමණය කරමින් ඒ සීමාවෙන් එහාට යන්න. ඒ කියන්නෙ සීමා රහිත වෙන්න නෙවෙයි. ඒ වගේම අපිත් එක්ක එකතු වුණු අයගේ බැඳීම් වැඩි කර ගන්න. ඊටත් වඩා ප්‍රධාන වෙන්නෙ අපි ගන්න රහ සහ යම් තරමින් හෝ විඳින ජීවිතය අපේ අත්දැකීම් හැමෝමත් එක්ක බෙදාගන්න. එක රෑනක වෙන්නෙ ඒ නිසයි.
මේ ගමන යන්නෙත් ක්ලැසික් ස්කූටර්වලින්මයි. ඒ නිසා ලංකාවේ ක්ලැසික් ස්කූටර් තිබෙන ඕනෙම කෙනෙකුට අපි ආරාධනා කළා. මේ වගේ දෙයක් ලංකා ඉතිහාසයේ වුණේ පළමු වතාවටයි. මේ ගමනට ස්කූටර් 50ක් 60කට ආසන්න ප්‍රමාණයක් ගමනට ලෑස්ති වුණා. මේ ගමනේ අපේ තවත් අරමුණු වෙන්නේ ලංකාවේ ක්ලැසික් ස්කූටර්වලට තැනක් ලබාදීම හා ක්ලැසික් ස්කූටර් පදින අය අතර සම්බන්ධතාවක් ගොඩනැගෙන්න පසුබිමක් නිර්මාණය කිරීම.
2016 ඒ ගමන ගියේ අපි රත්නපුරය හරහා සූරියකන්දේ සුන්දර වංගු දහයෙ වලාකුළු කපාගෙන දෙනියායට. මේ ගමන හරහා නිදහසින් තොර ජීවිතවලට ජීවිතේ විඳින්න පුළුවන් වුණා. නාගරිකරණයෙන් ඔද්දල් වුණු හිත්වලට ඒ ටික කාලය අස්වැසිල්ලක් වුණා. මේ කාරණා නිසාම අපි මේ වසරෙත් මේ වගේ වන්දනාවක් සංවිධානය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ පිළිබඳ වැඩි විස්තර අපි ඉදිරියේදී මුහුණු පොත හරහා ඔබව දැනුවත් කරනවා. අපිත් එක්ක එකතු වෙන්න කැමති පිරිසට මෙහිදී අපි විවෘතව ආරාධනා කරනවා. ඒ ගමන් වැඩි ඈතක නෙවෙයි මේ ලබන සැප්තැම්බරයේ. ඉතිං මේ හෝඩුවාව ජීවිතේ විඳින්න කැමති ඔබටයි. ඔබත් මෙය අවස්ථාවක් කර ගන්න මොවුන් සමග ඒ සුන්දරත්වය සහ වෙනස අත් විඳින්න.
වන්දනාකරුවන්ට අවසානයක් තියේවී. නමුත් වන්දනාව කිසිදාක අවසන් නොවේවී. අපෙන් පසු පසු පරපුරක් මේ සංකල්පයට රැගෙන යාවී. ලෝකය වෙනස් විදියට දකීවී. වෙනස් ආකල්පයක් ලොවට ගෙනයාවී. කෙසේ හෝ යහ සමාජයක කොටස්කරුවෝ ලෙස අපි, අප දෙස බලා නිහතමානීව සතුටු වෙමු.
අපි කාලය වෙලාව මිල මුදල් රස්තියාදුවෙන් නාස්ති නොකළෙමු කියා. අපි මනුස්සකම් හොයා ගියෙමු. යම් කිසි දාක අපි ඒ දෙස බලා සතුටු වන්නෙමු. ජීවන ගමන සුන්දර වන්දනවාක්ම වේවා. වන්දනාවට කාලය හා අවකාශය තබමින් නවතිමු.'' මේ වන්දනාකරුවෝය.
You Tube - Wandanakaruwo Lanka
Face book - https://www.facebook.com/wandanakaruwo/
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd