ගම්පහ ප්‍රදේශයේ වසර ගණනාවක සිට සක්‍රියව සිදුකෙරෙන පස්කැපීම් සහ වනාන්තර එළිකිරීම්, වැලිගොඩදැමීම්, ගල්කොරි පවත්වාගෙන යාම සහ නළ ළිං හෑරීම නිසා මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය විශාල පරිසර අර්බුද රැසකට මුහුණදෙමින් සිටින අතර, පානීය ජල හිඟය උග්‍ර ගැටලුවක් බවට පත්වී ඇත. මේ ගැටලුවට පිළියමක් සෙවීම සඳහා Aurora ස්වේච්ඡා සංසදයවිසින් පාරිසරික සහ ස්වාභාවික සම්පත් සංරක්ෂණ හා මානුෂීය සහන වැඩසටහන් ආරම්භකර ඇත.
මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වනුයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ඉවුරු දෙපස සහ අතු ගංගා ආශ්‍රිතව විශේෂ පාරිසරික කලාපයක් ඇතිකිරීම තුළින් වර්තමානයේ පවතින උග්‍ර ජල අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලබාදීමයි. මෙහිදී ඔවුන් එම ව්‍යාපෘතිය සඳහා තෝරාගත් ආවරණ ප්‍රදේශ වන්නේ අත්තනගල්ල, ගම්පහ, කොටුගොඩ, මිනුවන්ගොඩ සහ සීදුව සහ ප්රදේශයන්ය.
මෙහිදී අත්තනගලු ඔය ආශ්‍රිතව සිදුවන පරිසර දූෂණය පිළිබඳ ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත. අත්තනගලු ඔය සබරගමු කඳු ප්‍රදේශයෙන් ආරම්භ වී මීගමුව කලපුවෙන් මුහුදට එක්වන ඔය කිලෝමීටර් සියයක පමණ ප්‍රදේශයක විහිදී යන අතර, එය ගම්පහ ප්‍රදේශයේ පවතින ප්‍රධානතම ජල මූලාශ්‍රය වන අතර, ප්‍රදේශයේ ජීවත්වන බොහෝ පිරිසකගේ පානීය ජල අවශ්‍යතාව සපුරමින්, අක්කර 4,000කට අධික ප්‍රමාණයක් පෝෂණය කරමින් ගලා බසී.
නමුත් වර්තමානය වනවිට මෙකී ජල මූලාශ්‍රය නිසි පරිදි කළමනාකරණය නොකිරීම සහ අවිධිමත් කසළ බැහැර කිරීම තුළ දිනෙන් දිනම උග්රපාරිසරික අර්බුදයක් වෙත ගමන් කරමින් සිටියි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2012 සහ 2013 වසරේදී අත්තනගලු ඔයෙන් ලබාගත් සියලු ජල සාම්පල අපවිත්‍රබව මෙම සංවිධානය මෑතකාලීනව කළ සොයාබැලීම් අනාවරණය කරගෙන ඇත.
මීට අමතරව Aurora සංවිධානය විසින් පහත සඳහන් පාරිසරික ගැටලු රාශියක් මේ වනවිට හඳුනාගෙන ඇත. ඒ අතර,
01. දශක ගණනාවක් තුළ සිදුකරන ලැබූ වන සංහාරයේ දිගුකාලීන ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් සිදුවී තිබීම.
02. මෑතකාලීනව මහා පරිමාණයෙන් සිදුකරන භූගත ජල සම්පත (confined water) නළ ළිං හරහාඋකහාගැනීම නිසා අවට ප්‍රදේශයේ උල්පත් ජලය සිඳී යාම.
03. ගම්පහ දිස්ත්‍රික්කයේ දීර්ඝකාලීනව පවත්වාගෙන යනු ලබන පස් ජාවාරම සහ සක්‍රිය ගල්කොරි තුළින් ජලස්තර පහතට යාම.
04. අවිධිමත් කැළිකසළ බැහැර කිරීම හරහා ජල මූලාශ්‍ර අපිරිසුදු වී තිබීම.
05. අනවසර වැලි ගොඩදැමීම මගින් ලවණ සහිත මුහුදු ජලය ඔය හරහා ඉහළට පැමිණීම.
06. අදාළ රාජ්‍ය ආයතනවල තහනම් නියෝග නොසලකා හරිමින් සිදුකරන ගංගා ඉවුරු, කුඹුරු සහ තෙත්බිම් ගොඩකිරීම.
07. බලධාරීන්ගේ නොසැලකිලිමත් බව සහ අදූරදර්ශීභාවය නිසා අනාගත ප්රතිලාභ සහිත ස්වාභාවික සම්පත් ඌන උපයෝජනය වී පැවතීම.
ඉහත සඳහන් පාරිසරික සහ සමාජීය ගැටලු උග්රවීමට බලපෑ මූලික හේතු ලෙස බලධාරීන්ගේ (රාජ්‍ය නියාමන ආයතනවල) අක්‍රිය බව සහ ප්‍රජාවගේ පරිසරය කෙරෙහි දක්වන නොසැලකිලිමත් බව හේතුවන බව මෙහිදී හඳුනාගෙන ඇත.
එම ගැටලු හේතු කරගෙන ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යයෙන් පිරුණු පාරිසරික කලාපයක් ඇති කිරීම සඳහාAurora සංවිධානය විසින් කෙටිකාලීන හා දිගුකාලීන ව්‍යාපෘති මාලාවක් මේ වනවිට හඳුනාගෙන ඇත. එහිදී තෝරාගත් වයස් 10 ක් තුළ අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ ඔය ඉවුරු දෙපස කුඹුක්/ මී/ගොඩපර පැළ 10,000 ක් රෝපණය කිරීමේ වැඩසටහන සංවිධානය කිරීම එහි ප්‍රධාන සැලසුමකි.
එහිදී පළමු අදියර ලෙස නියමු ව්‍යාපෘතියක් අත්තනගලු ඔය ඉවුරු දෙපස කුඹුක් පැළ 100 ක් සිටුවීම හා සංරක්ෂණය කිරීමට කටයුතු යොදා ඇත. එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ තම්මිට සිට කොටුගොඩ දක්වා ප්‍රදේශය තුළය. එය මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
මීටඅමතරව ඔවුන් අවදානම් ප්‍රදේශ අදාළ පාලන ආයතන සහ අවට ප්‍රජාවගේ සහභාගිත්වය යටතේ පිරිසුදු කිරීම, අනවසරයෙන් සිදුවන කැළිකසළ බැහැර කිරීම සහ ඉවුරු ගොඩකිරීම වළකාලමින් තහනම් නියෝග සහිත දැන්වීම් පුවරු සවි කිරීම, මහජනතාව දැනුවත් කිරීම වැනි කරුණු රැසක් මෙම ව්‍යාපෘතියට අන්තර්ගතව ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ ජල උල්පත් සීඳී යාමේ ගැටලුවට විසඳුමක් සෙවීමේ Aurora සංවිධානයේ ප්‍රධාන කාර්යභාරය වේ.