Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
විහාරස්ථානයේ දායකයන් සහ විහාරාධිපතිත්වය අතර යම් නෛතික අර්බුදයක් වෙනුවෙන් ඇති වූ කරුණක් උදෙසා එප්පාවල පොලීසිය තමන්ගේ නොනිල සහ අශෝභන චර්යාවන් භාවිත කළේය. එය පොලිස්පතිවරයාගේ විශ්වසනීයත්වයටත් උත්තරීතර පොලීසියේ ගරුත්වයටත් සිදු කළ හානිය මේ වනවිට ගිහි-පැවිදි බෞද්ධයන් මෙන්ම වෙනත් ආගමිකයන්ගේද දැඩි දෝෂ දර්ශනයට ලක් වූ පුවතකි.
අදාළ නල්ලමුදාව විහාරස්ථානයේ පමණක් නොවේ. ලංකාවේ බොහෝ විහාරස්ථාන මෙන්ම වෙනත් ආගමික මධ්‍යස්ථාන අතරද එහි නායකත්වය, භාරකාරකත්වය විහාරාධිපතිත්වය සඳහා හිමිකම්, උරුමකම්, අයිතිවාසිකම් පිළිබඳ අර්බුද නැත්තේ නොවේ. ගිහි පැවිදි වශයෙන් මෙන්ම මැනිය නොහැකි තරමට ඒවා සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික සහ නෛතික අර්බුදයන්ට අනුගතවීමද ස්වාභාවිකය.
එහිදී කළ යුත්තේ එවැනි කරුණක් සම්බන්ධයෙන් ආවේගකාරී ලෙස හැසිරෙන පාර්ශ්වයන් අතර කෝපය වෛරය ගැටුම
තව තවත් උත්සන්න වන තැනට ක්‍රියාත්මක වීමට ඉඩදීම නොවේ. ඒවා සංසිඳෙන ආකාරයට අදාළ නෛතික පාර්ශ්වයන් මැදිහත්වීම බව භාවනා නොකරන ජනතාව ඉදිරියේ බවුන් වඩන පොලීසිය මෙනෙහි කළ යුතුය. මෙරට නීතිය සහ සාමය රැක ගැනීමට ඉදිරිපත් වන අංශ බහුතරයක් මෙතෙක් නොදන්නා හෝ පිළිනොගන්නා සත්‍ය බවටද එය පත්ව ඇත.
රත්නපුර නගරය මැද්දේ මෙයට වසර තුනකට පෙර නිලැඳුම් ලා ගත් පිරිමි පොලිස්කාරයෙකුගේ අමානුෂික ප්‍රහාරයට බට්ටී ලක් වන්නීය. ආසන්නතම වශයෙන් හම්බන්තොට රජයේ දේපළ විකිණීම සම්බන්ධයෙන් රැස්වීමක් වාර්තා කිරීමට ගිය ඇපල් පුවත්පතේ මාධ්‍යවේදියාට ප්‍රහාර එල්ල කරන්නේද පොලීසියේ නිලැඳුම් ලා ගත් ඉහළ මැරයෙකි. ඉකුත්දා කතරගම පොලීසිය වටකර එයට ගම්වැසියන් ගල්මුල් ප්‍රහාර එල්ල කරන්නේ පොලීසියේ ප්‍රජා සත්කාරක සේවා සහ නීතිය පිළිබඳ ඇති නොහැකියාව මේ යැයි ජාත්‍යන්තරය දක්වා පෙන්වා දුන් පුවතක් වශයෙනි. අවස්ථානුකූලව සිද්ධි සමනය කළ හැකි දක්ෂ නිලධාරීන් සිටින්නේ නම් මෙවැනි සිදුවීම් වැළැක්විය හැකි බවට සාම විද්වත්හු පෙන්වා දෙන යථාර්ථය පොලීසියේ ඉහළ ලොක්කන්ට ඇසෙන්නේ නැත. ජනතාව පවසන්නේ එසේ ඇසුණේ නම් ඒ ඒ පොලිස් නිලධාරීන්ට ඉහළ ඇත්තන්ගේ තුටුපඬුරු තාන්න මාන්න ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වී යනු ඇතැයි පවතින බියකි. එ නිසා රටේ නීතිය වෙනුවට ලොකු ලොක්කන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන බවට චෝදනාවකි.
මේ කිසිවෙකුට රටේ නීතිය ගැන දැනුමක් නැතැයි නීතිවේදීහු අවධාරණය කරති. නැතිනම් පවතින නීතියට ගරු කිරීමට තරම් නීතිගරුක දැක්මක් සිය වෘත්තීය වපසරිය තුළ ප්‍රගුණ කර නැතැයි ඔවුහු පෙන්වා දෙති.
එහෙත් සමාජ විද්වත්හු අවධාරණය කරන්නේ පැමිණිල්ලක් කළද එය භාර ගැනීමටත්වත් උනන්දු නොවන පොලිස් නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී සීමාව ඉක්මවා කටයුතු කිරීමට යොමුවීම තුළ දේශපාලනීකරණය වූ සහ අල්ලස, දූෂණය, වංචාව සම්බන්ධයෙන් ප්‍රතිපාදන පවතින සදොස් ක්‍රියාවලියක කොටස්කරුවන් බවට පත්ව ඇති පුවතකි.
හිටපු පොලිස්පති මහින්ද රෙජිමයේ රූකඩයක් වී යැයි එදා චෝදනා කළ යහපාලන බළකාය මෙදා තමන් පත් කරගත් පොලිස්පතිවරයා සමයේ සිදුවන ක්‍රියාකාරකම් ඉදිරියේ කළ එකම දේ පොලීසියේ නිලැඳුම් ලා ගත් ඇත්තන්ට දිනපතා භාවනාව ඉගැන්වීම පමණකැයි පොලීසිය ඇතුළෙන්ම චෝදනාවකි. එහි ප්‍රතිඵලයක් ලෙස වෙසක් සතියේ එප්පාවල පොලීසිය එය ආදර්ශයට ගනිමින් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ පොලිස් මෙත් වැඩීදැයි ජනතාව අසති. පොලීසියේ සුපුරුදු වෛරී භාෂාවෙන් සෙත් පැතූ බවටත් ජනතාව දුම්රිය බස් රිය තුළ තවත් සංවාදයක් ආරම්භ කළහ.
නීතිය සහ සාමය පිළිබඳ හිටපු ඇමතිවරයා මාරු කිරීමෙන් පසු හෝ අගමැතිවරයා අතට ඒ කටයුතු භාර ගැනීමෙන් පසු හෝ නැවත එක්සත් ජාතික පක්ෂයේ කීර්තිධර පුද්ගලයෙකු පත් කළා යැයි වගකිවයුත්තෝ ජනතාව ගොනාට ඇන්ද වුවත් පොලීසිය තුළ නිලඳුම් ලා ගත් ඇතැම් පිරිස් පොලිස් ක්ෂේත්රයේ හැම මුල්ලකටම රිංගා සිත් සේ තමන් පීඩාවට පත් කරන හැටි ජනතාව පිළිකුලෙන් බලා සිටිති.
නැතහොත් මෙතෙක් සිදුවූ සිදුවීම් දෙස බලා හෝ ඔවුන් නිදොස්වනු ඇත. එවැන්නක් සිදු නොවන්නේ පාලකයන්ගේ නොහැකියාව ඔවුන් මැනවින් දන්නා නිසාය. නැතහොත් ලබන සතියේ %බට්ටිලාට^ පහරදුන් නිලධරියා මෙන් එප්පාවල පොලිස් නිලධාරියා නැවත සේවයේ පිහිටුවන බවද අනුගාමිකයන්ද හොඳින්ම දන්නා හෙයිනි.
පොලිස් නිලැඳුම් ලා ගත්තද තමන්ටත් මෙවැනි පිළිකුල් අශෝභන සිදුවීම් වස ලජ්ජාවක් යැයි පවසන පොලීසියේ මහත්වරු වැඩිය. එහෙත් ඒ මහත්වරුන්ටද සේවයෙන් විශ්‍රාම ගත් පසු ජනතාව අතර මැනෙන්නේ හොරා පොලිස් ලාහෙන්ම හෝ තක්කඩි දූෂිත යන බුසලෙන්ම බවද ඔවුහු මැසිවිලි නගති. ඒ තරමටම මේ වනවිට සැබෑ යහපත් ගුණගරුක මානව හිතවාදී සැබෑ මිනිසුන්ටද පොලීසියේ රාජකාරිය වහකදුරු වී ඇතැයි පවසති.
එහෙත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ යන විදිහට ඒවා නිවැරදි කළ යුතු ඉහළ ඇත්තෝද රාජකාරීමය හෝ දේශපාලනීකරණමය හෝ ආර්ථික නැතහොත් වෙනත් බලවේගවලට යටත්ව පහළ පොඩ්ඩන් හසුරුවන කතාවකි.
පොලීසියේ යමෙකුට පහර දුන්නා යැයි ඇසෙන චෝදනාවේදී පළමුව කළ යුත්තේ ඒ පසුපස ඇති හස්තයන් සෙවීම විනා ජනතාවගේ හිත හැදීමට කෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීම නොවේ. එසේම විරෝධතා දැක් වූ ජනතාව උසාවි දක්කා ගමත් - පොලීසියත් - ජනතාවත් අතර පවතින විරසකය වැඩි කිරීම නොවන බව ද සමාජ විද්වත්හු අවධාරණය කරති.
එදා මහින්දලාගේ ආණ්ඩුව රාජපක්ෂගේ මැර රෙජිමය ලෙසින් මෙදා යහපාලන ආණ්ඩුව චෝදනා කළහ. සුදු වෑන් බළකාය ගැන පැවසූ යහපාලනයේ මෛත්‍රීලාට රනිල්ලාට දැන් පොල් අත්තේ පැහැරූ බළලා මෙන් නීතියත් සාමයත් වෙනුවෙන් පවතින දුඟඳ වසා ගැනීමට නොහැකි තැනට පත්ව ඇතැයි විපක්ෂය චෝදනා කරති. දෙවුන්දර නිලමේගේ සිට සෝපානයේ කම්කරුවාගේ කම්මුල් පහරේ සිට පොලිස්පතිවරයාට හැමදාමත් චෝදනා පෙළකි. නීතිය නවන කතාව රාවණා බලයටත් නාමල් මෙන්ම විපක්ෂ භික්ෂූන් වහන්සේලා සහ ඒකාබද්ධ විපක්ෂයටත් ප්‍රබල සාක්ෂියක් බවට පත්ව ඇත.
කෙසේ හෝ පොලීසිය සිදුකර ඇති නීතිවිරෝධී නොමනා ක්‍රියාවන් නිසා දශක ගණනාවක් තිස්සේ ජනතාව පොලීසියෙන් දුරස්වෙමින් සිටින බව පැහැදිලිය. එහෙත් අඩුම තරමින් පොලිස් ප්‍රජා ඒකකයක් ඇතත් පොලීසිය කෙරෙහි ජනතාව තුළ පවතින ආකල්පය පිළිබඳ අදහස් වීමසීමට හෝ පොලිස්පතිවරයා උනන්දුවී නැත. ඒ තරමට මෙරට පොලීසිය උකටලීය. ජනතා ප්‍රශ්න තේරුම් ගැනීමට වුවමනාවක් නැති අතර පැවැත්මට ඉහළ සහ පහළ නිලධාරීන්ද ඉහළ ඇත්තන්ට බාල්දු වෙමින් කටයුතු කරන බව සමාජ විද්වත්හු අවධාරණය කරති.
නමුත් අපිත් ජනතාව අතරේ යැයි පැවසීම වෙනුවෙන් පොලීසිය කරන්නේ මුදලාලිගෙන් බලෙන් ලබා ගන්නා දෑ මගින් දන්සල් පැවැත්වීමය. නැතහොත් සමාජ සේවා ආයතන බිය වද්දා ඇස් කන්නාඩි, ලේ දන්දීම වැනි හෝ තමන්ට අදාළ නොවන වෙනත් අමාත්‍යාංශවලින් කළයුතු දේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයට යටතේ බලෙන් කිරීම යැයි වෙසක් සතිය විමසුමට ලක් කරන ජනතාව පෙන්වා දති.
පොලීසිය සතු වගකීම් වහා නිවැරදි කළ යුතුය. පොලිස්පතිවරයාගේ සිට කම්කරුවා දක්වාත් ඒවා කඩිනමින් නිවැරදි විය යුතුය. එහිලා ජනාධිපතිවරයා අගමැති හරහා අදාළ ඇමතිවරයා දක්වාත් අප්‍රමාදව මැදිහත්විය යුතු යැයි ජනතාව පවසති.
අනෙක් අතට විහාරස්ථාන දේපොළ ආශිතව සිදු වන මෙවැනි අර්බුදවලදී ඒ ඒ නිකායන්හි නායක හිමියන්ගේ වගකීම කෙබඳුද යන තර්කය බොහෝ භික්ෂූන් වහන්සේලාගේ සංවාදයට හේතු වූ කරුණක් බව ඇසුණි. අර්බුදගත විහාරස්ථනය මල්වතු සියම් නිකායට අයත් එකක් බවත් එම ස්ථානයට පසුකාලීනව පැමිණි අමරපුර නිකායේ භික්ෂූන් වහන්සේ නමක එතැන විහාරාධිපතීත්වය දරමින් දායකයන්ගේ වත්පිළිවෙත්හි යෙදී ඇත. එය පසුව නඩු නිමිත්තක් ලෙස අධිකරණයට ඉදිරිපත් වූ පුවත එප්පාවල පැත්තෙන් ඇසුණි.
එහිදී සියම් නිකායට සම්බන්ධ මුල් හිමිනම අධිකරණයේ පැවරූ නඩුවකින් උන්වහන්සේට එහි විහාරාධිපති ධුරය හිමිවූ පසුව පැමිණි අනෙක් නිකායේ හිමියන්ට එතැනින් ඉවත්වීමට සිදුවූ පුවත සමඟ මේ අර්බුදය උදා වූ බව පැවසේ.
එසේනම් ත්‍රෛනිකායික මහා භික්ෂුන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් තමන්ගේ විහාර දේපොළ පිළිබඳ ලේඛන තිබේ නම් මෙතැන උසාවිය දක්වා යා යුතු අර්බුදයක් මතුවිය නොහැක.අමරපුර සහ මල්වතු පාර්ශ්වයේ වගකිවයුතු හිමිවරුන් මෙවැනි අවස්ථාවලදී සුදුසු සාකච්ජාවක් පවත්වා තමන් සතු ලේඛන අනුව ඒවායේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් තීරණය කළ හැකිය. එවිට මෙවැනි සිදුවීම් උසාවි පොලීසි ගාණේ ගොස් අවසානයේ දායකයන් පොලීසි උසාවි හිරගෙවල් තුළ තැපිය යුතු නැතැයි ප්රශ්නය දෙස මධ්‍යස්ථව බලන භික්ෂූන් වහන්සේලා අවධාරණය කරති.
එහෙත් එසේ සිදු නොවන්නේ නම් එහි ඇති අභ්‍යන්තර සහ සැඟවුණු කතාබහද වෙනම සෙවිය යුතුය. මන්ද මෙවැනි නායකත්ව අර්බුද, හිමිකාරීත්වය පිළිබඳ අර්බුද ඇති විහාරස්ථාන සිය ගණනාවක් අදටත් පවතින හෙයිනි.
නමුත් මෙම අර්බුදයේ තවත් කතාවකි. එනම් සියම් නිකායේ පන්සලකට අමරපුර නිකායේ හිමිනමක ගෙන්වා ගැනීමේ චෝදනාවක්ද එහි නීතියෙන් බලය හිමි වූ විහාරාධිපති හිමියන් අවධාරණය කරති. එයද නිකායික වශයෙන් පවතින යම් සම්ප්‍රදායන් නොසලකා හැරීමකි. එය භික්ෂු සංස්ථාව තුළ සාමය වෙනුවෙන් තියුණු අවධානය යොමු කළ යුතු කරුණකි.
දායකයන්ගේ සැදැහැති බව පිළිබඳ තවත් අර්බුදයකි. ගමේ පන්සලට භික්ෂුවක් නැති පාඩුව වඩා දැනෙන්නේ මරණයක්, පාංශුකූලයක්, පිරිතක් බණක් දෙසිය යුතු අවස්ථාවකදීය. එහිදී ඒ වත්පිළිවත් වෙනුවෙන් විහාරස්ථානට භික්ෂූන් වහන්සේ නමක දැඩි අවශ්‍යතාවකි.
අර්බුදගත මෙම විහාරස්ථානය ආශ්‍රිතව මේ වනවිට දායකයන් දෙකට බෙදී ඇතැයි පැවසේ. බුදුදහමේ පරමාර්ථය වෙන්වූ අය එක් කිරීම විනා එක්වූ අය වෙන් කිරීම නොවේ. එහිදී අවශ්‍ය වන්නේ මෛත්‍රිය, උපේක්ෂාව සහ සාකච්ඡාව වැනි ගුණධර්ම නම් ලංකාවේ විහාරස්ථානවලින් ඒවා බැහැර වන්නේ ඇයිද යන ප්රශ්නය සැදැහැතියෝ අසති.
අනෙක රට පුරා බොහෝ විහාරස්ථාන වෙතින් ජනතාව දුරස්වීමට දායකයන් අතර පවතින
තරගයද ඉවහල්ව ඇතැයි ඉකුත්දා අප පුවත්පතට කරුණු දැක් වූ අස්ගිර් පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කළ ප්‍රකාශයද මෙහිදී සිහිපත් කළ යුතුය. එනිසා දායකයන්ද මෙවැනි අවස්ථාවලදී සිහි බුද්ධියෙන් කටයුතු කිරීමේ වගකීම අමතක නොකළ යුතුය.
රාජ්‍ය ආරක්ෂක අංශවලින් ජනතාවට සිදුවන හිරිහැර වැළැක්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පනවා ඇති නීති උල්ලංඝනය පිළිබඳ ලංකාවේ පොලීසියට ලබන සැප්තැම්බරයේදීත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට උත්තරදීමට මෙයද තවත් චෝදනාවක් විය හැකිය. එදාට ඒ නොහැකියාව ඉදිරියේ එන්ජීඕවලට හෝ ඒකාබද්ධ විපක්ෂයට හෝ කොටි ඩයස්පෝරාවට ඇඟිල්ල දිගු කිරීමට වාර්තා ලිවීම ලංකාව් ප්‍රතිරූපයට නොගැළපෙන කරුණක් බව ද කිව යුතුම ය.
එක් ගරු විනිසුරුවරයෙකු ගෙන් මෙවැනි සිදුවීම් පිළිබඳ මේ ලියුම්කරු කළ විමසීමකට අනුව ලද පිළිතුරෙන් මේ ලිපිය අවසන් කරමු. ඔහු පැවසුවේ,
“ උඩ බලා ගෙන කෙළ ගැහුවොත් මුහුණට වැටෙනවා. අපේ සමහර භික්ෂූන් වහන්සේලා සහ ගමේ දායකයන් දෙපිරිසකට බෙදී ගෙනෙන ඉඩම් අරවුල්වලදී අපටත් ඒ පව්කාරකම්වල කොන් අල්ලන්නට සිදුවෙනවා. මේක අන් ජාතීන් අතර අපේ බුද්ධ ධර්මය හාස්‍යයට ලක්වන කරුණක්. අපටත් අවවාද අනුශාසනා දිය යුතු භික්ෂූන් වහන්සේලාම දේපළ වෙනුවෙන් අර්බුද ඇතිකර ගන්නවා නම්, යනුවෙන් ඔහු පවසා සටියේය.
“ භික්ෂුවකගේ පැවැත්මත් කුරුල්ලෙකුගේ පැවැත්මත් එක සමාන විය යුතු යැයි බුදු හිමි පෙන්වා දුන්නහ. එක් නායක හිමිනමක් පවැසූ කතාවද මෙයට එකතු නොවන්නේ අඩුවකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd