Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
මෙම සියලුම ආපදාවන් ස්වාභාවික විපත් ලෙස සලකා මේ රටේ පාලකයන් හා ජනතාව සිත සනසා ගැනීමද පසුගිය කාලයේදී දැකගත හැකි විය. එහෙත් විද්‍යාත්මකව මේ පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන කාරණය වන්නේ සොබාදහම අපට විරුද්ධ වී තිබෙන්නේ සොබාදහමට අප විරුද්ධ වීම නිසාය. යම් රටක පැවැත්ම රඳා පවතින්නේ රටේ පවතින පරිසර පද්ධතියේ ශක්තිමත්භාවය මතය. මේ පිළිබඳව නොදැනුවත්ව පරිසරය විනාශ කළ රටවල් අද වන විට සකස්කරන ගොඩනැගිලි, නිවාස තුළ පවා ශාක පැළෑටි රෝපණය කිරීමට පෙළඹී තිබේ. විදේශ රටවල සියලුම වැරදි ක්‍රියා ආදර්ශයට ගන්නා ශ්‍රී ලංකාවාසීන් පරිසරය රැකගැනීම පිළිබඳව ආදර්ශය වැළඳ ගන්නා ආකාරයක් දක්නට නැත. මේ නිසා ශ්‍රී ලංකාව ආපදාවන්ට ලක්වන රටවල් අතරට ඇතුළත් වෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ වන ආවරණය ගැන සලකා බැලීමේදී 1920 වසරේදී සමස්ත භූමියෙන් 49%ක වන ආවරණයක් පැවති අතර, 2005 වසර වන විට වන වැස්ම සමස්ත භූමියෙන් 20%ක් දක්වා පහළ වැටී තිබේ. මේ වන විට සමස්ත වන වැස්ම 16% දක්වා අඩු වී තිබෙන බවට පරිසරවේදීහු පෙන්වා දෙති. 1990 සිට 2000 වසර දක්වා කාලය තුළ ලංකාවට දළ වශයෙන් හෙක්ටයාර 26,800ක වන භූමි ප්‍රමාණයක් අහිමි වී තිබෙන අතර, එතැන් පටන් මේ දක්වා කාලය තුළත් හෙක්ටයාර 20,000කට වැඩි වනාන්තර ප්‍රමාණයක් රටට අහිමි වී තිබෙන බවට පරිසර සංවිධාන පෙන්වා දෙයි. ගස්කොළං විනාශකර දැමීමට අමතරව වගුරු භූමි ගොඩ කිරීම, කඩොලාන පරිසර පද්ධති විනාශ කිරීම, කුඩා කුඩා කඳු විනාශකර දැමීම, ඇළවේළි අවහිර කර ගොඩනැගිලි ඉදිකිරීම වැනි විනාශකාරී ක්‍රියාවන්ද බහුලව සිදුවේ.
මීට අමතරව රට තුළ ඉදිකර තිබූ වැව් අමුණු විශාල ප්‍රමාණයක් විනාශකර දැමීම හා ජල මූලාශ්‍ර ඉහළ ප්‍ර‘දේශවල පැවතිය යුතු පරිසර පද්ධතිය විනාශකර දැමීම වැනි ක්‍රියා නිසා ජල මූලාශ්‍ර රොන්මඩවලින් පිරී පැවතීමත් රට තුළ ආපදාවන් ඇතිවීමට බලපා තිබෙන කරුනුය. ගංගා ඇළදොළවල් ආශ්‍රිතව පැවතිය යුතු රක්ෂිත ප්‍රදේශ විනාශකර දැමීම, අධික ලෙස වැලි ගොඩදැමීම හා ගංඟා ඇළදොළ අවට අනවසර ගොඩකිරීම් සිදුකර නිවාස ගොඩනැගිලි ඉදිකිරීමද ආපදාවන් ඇතිවීමට බලපාන කාරණය. සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් වලට සොබාදහම කොතරම් දඬුවම් ලබාදුන්නත් මෙරටේ පාලකයන්, ජනතාව, වැලි, පස්, ගල්, දැව ජාවාරම්කරුවන් පාඩම් ඉගෙන ගන්නා ආකාරයක් දක්නට නැත.
පරිසරය රැක ගැනීම පිළිබඳව මෑතකාලීනව බලයට පත්වූ සෑම පාලකයෙක්ම ජනතාවට පොරොන්දු කන්දරාවක් ලබාදුන්නත්, මේ දක්වා බිහිවූ කිසිදු පාලකයෙකුට රට තුළ සිදුකරන පරිසර විනාශය නවතා දැමීමට නොහැකි වී ඇත. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් වැඩිම පොරොන්දු ලබාදුන් නායකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එමෙන්ම පරිසරය රැකගැනීම පිළිබඳව මහ ඉහළින් කතා කළ නායකයන් අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ප්‍රමුඛස්ථානය හිමි වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන ආකාරයට පරිසරය රැක ගැනීමට තිබෙන උනන්දුව, උත්සාහය සපථ කර ගැනීම සඳහා අමාත්‍යාංශ බෙදා දීමේදී පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතටද ගනු ලැබිණි. එහෙත් වනාන්තර විනාශකර දැමීම, සංවර්ධනයේ නාමයෙන් සිදුකරන කඳු විනාශකර දැමීම්, වගුරු භූමි ගොඩ කිරීම් අඩුවක් නැතිව සිදුවෙමින් පවතී.
ඉදිකරමින් තිබෙනා අධිවේගී මාර්ග පස් මත සකස් කිරීම නිසා කුඩා කුඩා ජල පාරවල් අවහිර වී ඇති අතර, කුඹුරු හා වගුරු භූමි දෙකඩ වීමද සිදුවෙමින් තිබේ. ගස්කොළං සහිත කඳු පන්ති සමතලා භූමි බවට පත්වී ඇති අතර, මෙම තත්ත්වය නිසා පරිසර ඛණ්ඩනය වීමද සිදුවී තිබේ. මේ නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශ කුඩා වැස්සකටත් ජලයෙන් යටවන අතර, සතියක් දෙකක් වර්ෂාව නොලැබී ගියහොත් එම ප්‍ර‘දේශවල ජනතාවට ජල හිඟයකට මුහුණදීමට සිදුව තිබේ.
ආපදාවක් සිදුවුවහොත් ඊට අවශ්‍ය කටයුතු කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක්ද රට තුළ ඇතිකර තිබේ. මේ අනුව යම් ආපදාවක් සිදුවූ පසු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනත්, ජනතාව වෙනුවෙන් කටයුතු කරන අනෙකුත් රාජ්‍ය ආයතනත් සහන සැපයීම සිදුකරනු ලබයි. රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන ආකාරයට පසුගිය වසර දෙක තුළ සිදුවූ නාය යෑම්, ගංවතුර හා වියළි කාලගුණ තත්ත්වය නිසා ආපදාවන්ට ලක්වූ ජනතාවගේ කටයුතු සඳහා රුපියල් මිලියන තිස්අටදහසකට වැඩි ප්‍රමාණයක් වැයකර තිබේ. මෙම වසර දෙක තුළදී ජීවිත 400කට අධික ප්‍රමාණයක් අහිමි වී තිබෙන අතර, කැඩී බිඳී ගිය නිවාස සංඛ්‍යාව දහස් ගණනකි.
ආපදාවන්ට ලක්වූවන්ට ප්‍රතිචාර දැක්වීමට රට තුළ වැඩපිළිවෙළක් තිබුණද, ආපදා අවම කිරීමට අදටත් රට තුළ නිසි වැඩපිළිවෙළක් සැලසුම් කර නැත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත් වී ආපදාවන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනුවත්කිරීම් සිදුකළද, ආපදාවක් ඇතිවීමට බලපාන සොබාදහම රැකගැනීමේ වැදගත්කම පිළිබඳව කිසිදු ආයතනයක් ජනතාව දැනුවත් කරන්නේද නැත. සොබාදහමට විරුද්ධව කටයුතු කළහොත් එහි ඵලවිපාක විඳින්නට සිදුවන බව දැන දැනත් බොහෝ මිනිසුන් සොබාදහමදහම රැකගැනීමට කටයුතු කරන්නේද නැත. සොබාදහම රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙරටේ සමහර ජනතාවට වැටහී ගියද, රටේ ජාවාරම්කාර දේශපාලඥයන්ට ඒ පිළිබඳව වැටහීමක් ඇති ආකාරයක් දක්නට නැත.
අඩුම තරමින් වනය, වනජීවීන්, වගුරු බිම්, ඇළදොළ ගංගා ආරක්ෂා කිරීම සඳහා සිටින දේශපාලඥයන් සහ සමහර නිලධාරීන්ටත් සොබාදහම රැක ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුමක් නැති තරම්ය. මේ නිසා වනසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන්කර තිබෙනා ජාතික වනඋද්‍යාන, රක්ෂිත භූමි පවා සමහර දේශපාලඥයන්, දේශපාලන හිතවතුන් ඉවක්බවක් නොමැතිව විනාශකර දමමින් තිබේ. එමෙන්ම වගුරු බිම් ගොඩකිරීම, ජල මූලාශ්‍ර විනාශකර දැමීම, කාණු හා ජලය බැස යන මාර්ග හරස්කර නිවාස ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීමද දේශපාලඥයන්ගේ මැදිහත් වීම මත සිදුවෙමින් තිබේ.
ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට හා මැතිවරණයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන මුදල් සොයා ගැනීමට දේශපාලඥයන් මැදිහත්ව සිදුකරන මෙවැනි ක්‍රියාවන්ගේ ඵලවිපාක විඳීමට සිදුවන්නේ දේශපාලඥයන් පසුපස යන පිරිසටය. සමහර අවස්ථාවල පරිසර විනාශයට කිසිදු සම්බන්ධයක් නොමැති පිරිස්වලට පවා සොබාදහම ලබාදෙන දඬුවම් විඳීමට සිදුව ඇත. මේ අනුව මේ වසරේ ගෙවී ගිය මාස 05ක කාලය තුළදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම කුමන හෝ ආපදාවකට ලක්වී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වසරේ ජනවාරි පළමු වන දින නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිස්ත්‍රික්ක 05කට ඇතිවී තිබූ වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් 85,500කට අයත් පුද්ගලයන් 273,224ක් පානීය ජල හිඟයකට මුහුණදී සිටියහ. වියළි කාලගුණයක් ඇතිවී තිබූ පුත්තලම, කුරුණෑගල, අනුරාධපුරය, මන්නාරම, වවුනියාව දිස්ත්‍රික්කවල වගා කටයුතුවලටද බලපෑම් එල්ල වී තිබූ අතර, මේ නිසා ජනජීවිතයටත් විශාල බලපෑමක් ඇතිවිය.
මාර්තු පළමු වන දින වන විට පුත්තලම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, මන්නාරම යන දිස්ත්‍රික්ක 06 තුළ පවුල් 110,481කට අයත් පුද්ගලයන් 357,144ක් වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටියහ. අප්‍රේල් පළමුවන දින වන විට මෙම දිස්ත්‍රික්ක 06ට අමතරව රත්නපුර, මුලතිව්, වවුනියා යන දිස්ත්‍රික්කවලටත් වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම් ඇතිවී තිබූ අතර, මේ අනුව දිස්ත්‍රික්ක 09ක පවුල් 134,165 කට අයත් පුද්ගලයන් 436,458ක් පීඩාවට පත්විය.
මැයි පළමුවන දින වන විට අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, අම්පාර, පොළොන්නරුව, මන්නාරම, මුලතිව්, වවුනියා, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, යාපනය යන දිස්ත්‍රික්ක 11 තුළ පවුල් 184,154කට අයත් පුද්ගලයන් 613,326ක් වියළි කාලගුණය නිසා පීඩාවට පත්ව සිටියහ. ඉන් දින 25කට පසු එනම් මැයි 25 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිස්ත්‍රික්ක 20කට ඇතිවී තිබූ තද වැසි හා ගංගා පිටාරගැලීම් නිසා පවුල් 35,129කට අයත් පුද්ගලයන් 138,292ක් පීඩාවට පත්ව සිටි අතර, මිය ගිය ප්‍රමාණය 16කි. අවතැන් කඳවුරු 241ක් තුළ පවුල් 13,199කට අයත් පුද්ගලයන් 53,616ක් රඳවා තැබීමටත් සිදුවිය.
මැයි 28 වන දින වන විට පුද්ගල මරණ 23ක් සිදුවී තිබූ අතර, ආරක්ෂිත කඳවුරු තුළ පුද්ගලයන් 75,013 ත් රඳවා තැබීමටත් සිදුවිය. විනාශයට පත් නිවාස ප්‍රමාණය 5191කි. ජුනි 01 වන දින නිකුත් කළ දෛනික වාර්තාවට අනුව පුද්ගල මරණ
26දක්වා ඉහළගොස් තිබූ අතර, විනාශයට පත් නිවාස ප්‍රමාණය 6700 ඉක්මවා තිබුණි.
වර්ෂාවක් දෙකක් ඇතිවූ පමණින් පැවති වියළි කාලගුණ තත්ත්වය අවසන් වූවා යැයි කිව නොහැක. මන්දයත් වියළි කාලගුණ තත්ත්වය නිසා කුරුණෑගල පුත්තලම දිස්ත්‍රික්කවල කන්න 05කින් වගා කටයුතු සිදුකර නැත. මේ නිසා ගොවිතැන් කටයුතුවලින් ජීවත් වූ ජනතාව තම බඩට යමක් දමාගැනීම සඳහා නොවිඳිනා දුක් විඳිමින් සිටිති. වියළි සලාක යම් යම් ප්රමාණයන්වලින් ලබාදීම සිදුකළත්, ඒ තුළින් ජනජීවිතය ගොඩනැගීමට හැකිවන්නේ නැත. මීට අමතරව මාසයක දෙකක කාලයක් පුරා ඇදහැලිය යුතු වර්ෂාව පැයක් දෙකක් තුළ ඇදහැලීම නිසා ගංවතුරෙන්, වැසි වතුරෙන් පීඩාවට පත් වූ ජනතාවගෙන් අති බහුතරයකගේ නිවාස හා නිවාස තුළ තිබූ වටිනා දේපළවලටත්, රථවාහනවලටත් හානි සිදුවිය.
පැයකින් දෙකකින් වැසි වතුරෙන් ගංගා ජලයෙන් ජනතාවට පීඩාවක් ඇති කිරීමට හැකි වුවත්, යළිත් ජනජීවිතය ගොඩනගා ගැනීමට ජනතාවට වසර 10ක් 15ක් දුක්විඳීමට සිදුවනු ඇත. සමහර පිරිසට ජීවිතය අවසන් වනතුරුම අහිමි වී ගිය දේපළ නිවාස යළි සකස්කර ගත නොහැකි වනු ඇත.
මැයි 31 වන දින නිකුත් කළ දෛනික වාර්තාවට අනුව පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 307කට අලාභහානි සිදුව තිබෙන බවට සඳහන් කර තිබේ. ආණ්ඩුව පවසන ආකාරයට මෙම සියලුදෙනාටම රක්ෂණභාර අරමුදල හරහා වන්දි මුදල් ලබාදීමට නියමිතය. ආපදාවන්ට ලක්වූ ජනතාවට වන්දි මුදල් ලබාදීම, වියළි සලාක ලබාදීම රජය විසින් සිදුකළ යුතු යුතුකම්ය.
එහෙත් ජනතාවට වන්දි මුදල් හා වියළි සලාක ලබාදීමෙන් සමස්ත රටේම ජනතාවට සුරක්ෂිතභාවයක් ඇතිවන්නේ නැත. සමස්ත ජනතාවටම සුරක්ෂිතභාවයක් ඇතිකිරීමට නම් ආපදාවන් වළක්වා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකළ යුතුය. එම කටයුතුවල ප්‍රධානම කාරණා වන්නේ පරිසරයේ සමතුලිතතාව රැක ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමය. ඒ සඳහා වනසම්පත රැකගැනීම, තව තවත් ගස්කොළං සිටුවා වනවැස්මේ ප්‍රමාණය ඉහළ දැමීම, මධ්‍යම කඳුකරය ඇතුළු කඳු ආශ්රිත ප්‍ර‘දේශවල සිදුකරන විනාශකාරී ක්‍රියාමාර්ග නවතා දැමීම, ජලය බැස යන මාර්ග අවහිර කරමින් සිදුකරන සංවර්ධන කටයුතු නවතා දැමීම, වගුරුභූමි කඩොලාන පරිසරය රැකගැනීම ප්‍රධාන වශයෙන් සිදුකළ යුතුව තිබේ.
මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පෙරමුණ ගතයුතු අතර, වර්තමානයේදී ආපදා අමාත්‍යාංශය වාරිමාර්ග ජල සම්පත් අමාත්‍යාංශ තුනම එක් ඇමතිවරයෙකු යටතට පත්ව තිබෙන නිසා මෙම කටයුත්ත සිදුකිරීම එතරම් අපහසු වන්නේද නැත. සමස්ත රටටම සුරක්ෂිතභාවයක් ඇති කිරීමට පාලකයන්ට අවශ්‍යතාවක් තිබෙනවා නම් මෙම අමාත්‍යාංශයට ඉඩම් කෘෂිකර්ම වනජීවී වන සංරක්ෂණ විෂයන්ද එකතු කළ යුතුය. එසේ කළහොත් රට තුළ විධිමත් වැඩපිළිවෙළක් කිසිදු බාධාවකින් තොරව සිදුකළ හැකිය.
එහෙත් වර්තමානයේදී ඇමති විෂයන් බෙදා දීම තුළ එකිනෙකට පරස්පරතාවන් ඇතිවී තිබෙන අතර, මේ නිසා එක් අමාත්‍යාංශයක් යම් හොඳ වැඩක් කරන විට තවත් අමාත්‍යාංශයකට එයට විරුද්ධව කටයුතු කළ හැකිය. කෙසේ හෝ වර්තමාන විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ආපදාවන්ට ලක්වූ ජනතාවට වියළි සලාක වන්දි ලබාදෙන අතරතුර රටේ පවතින වැව් ජලාශ ඇතුළු ජල මූලාශ්‍ර සුද්ධ පවිත්‍ර කිරීමට අවස්ථාව හිමිවී තිබේ. එමෙන්ම ජලසම්පත් කළමනාකරණය අමාත්‍යවරයා යටතේ පවතින නිසා ජල සම්පත සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම හා ජල මූලාශ්‍ර ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී ක්‍රියා නවතා දැමීමටත් අවස්ථාව හිමිව ඇත.
වර්තමාන විෂයභාර අමාත්‍යවරයා බලයට පත්වූ වහාම %ආපදාවට පෙර සූදානම^ වැඩසටහන දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කළ අතර, මේ නිසා පසුගිය දිනවල සිදුවූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් සිදුවීමට ගිය මහා විනාශය විශාල ලෙස අඩුකර ගැනීමටත් හැකි විය. පීඩාවට පත් ජනතාවගේ හා ආරක්ෂිත කඳවුරුවල සිටි ජනතාවගේ සුව දුක් විමසමින් අවශ්‍ය කටයුතු සිදුකළ අතර, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය නිලධාරීන්ගේ සහයද නිවැරදි ලෙස නිවැරදි අවස්ථාවේදී ලබා ගැනීමට කටයුතු කළේය.
දැන් සිදුකළ යුතුව තිබෙන්නේ %ආපදාවට පෙර සූදනම^ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවන අතරතුර ආපදාවක් නොවීමට රට සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.
එසේ නොවුණහොත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට, ආපදා සහන මණ්ඩලයට හා ආණ්ඩුවලට සිදුවන්නේ හැමදාම ජනතාවට නියං සහනාධාර, ගංවතුර සහනාධාර, කඳු නායයාම්වලට ලක්වූවන්ට සහනාධාර ලබාදෙමින් සිටීමටය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd