Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
ලියුම්කරු විසින් 1978 වර්ෂය ආසන්න කාලයේදී රටේ කිරි අවශ්‍යතාවෙන් 70%කට වැඩි ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ බවට සඳහන් කළද, 1970 දශකයට අදාළ කිරි නිෂ්පාදන හා ජනගහනය දත්ත සලකා බලන කළ ජාතික කිරි අවශ්‍යතාවෙන් 40-50% පමණ රට තුළ නිෂ්පාදනය වී ඇති බව සඳහන් කරනු කැමැත්තෙමු. තවද, 1978 වර්ෂයට පෙර සංවෘත ආර්ථිකයක් යටතේ ළදරු කිරිපිටි සහ රෝගීන් සඳහා වූ විශේෂිත කිරිපිටි හැරුණු කොට අනෙකුත් කිරිපිටි ආනයනය සඳහා දැඩි සීමා පැවතිණි. 1978 වසරින් පසු විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වීමත් සමගම, කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනයට පැනවූ සම්බාධක ඉවත් වීමත් සමග ඇතිවූ තරගකාරීත්වය හමුවේ බහුජාතික සමාගම් විසින් විවිධ නිෂ්පාදන විවිධ ප්‍රමාණයන්ගෙන් ආනයනය කරන ලදී. එනිසා එකිනෙකට වෙනස් වූ ආර්ථික ක්‍රමවේදයන් දෙකක් යටතේ වෙනස් වූ ප්‍රතිපත්තිමය තීරණයන් හා ආනයන තත්ත්වයන්, එකම රාමුවකට දමා සන්සන්දනාත්මකව සලකා බැලීම තාර්කික නොවන බව පෙන්වා දෙනු කැමැත්තෙමු.
ලියුම්කරු විසින් මහ බැංකු වාර්තාව උපුටා දක්වමින් 2016 වර්ෂයේ කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 384ක් ලෙස දක්වා ඇතත්, සමස්ත කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 454ක් බව දන්වා සිටිමු. එය පෙර වර්ෂය වූ 2015 සමග සන්සන්දනාත්මකව වැඩි වූ අයුරු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව සිදු කරන ලද සමීක්ෂණ දත්ත වාර්තා අනුව පහත වගුවෙන් පෙන්වා ඇත.
පශු සම්පත් උප අංශය 2015 2015 වාර්ෂික වෙනස් වීම (%)
1 කිරි ගන්නා දෙනුන්
සංඛ්‍යාව 249,953 367,124 46.87
මීදෙනුන් සංඛ්‍යාව 95,591 118,105 23.55
2 කිරි නිෂ්පාදන 403.22 454.62 12.75
එළකිරි 331.19 377.74 14.06
මීකිරි 72.03 76.10 5.65
3 කිරි එකතු කිරීම - ප්‍රධාන ගැනුම්කරුවන් (ලීටර් මිලියන)
218.44 230.74 5.63
4 කිරි ලීටරයක නිෂ්පාදන වියදම (ලීටරයට/ රුපි.)
සියුම් පාලන ක්‍රමය 32.31 31.99 -0.99
අඩ සියුම් පාලන ක්‍රමය 27.50 28.56 3.85
නිදැලි ක්‍රමය 10.86 14.13 30.11
5 ගොවියාට ගෙවන මිල (ලීටරයට/රුපි.) එළ කිරි 58.95 66.32 12.50
මී කිරි 66.39 74.82 12.70
6 කිරි සඳහා වෙළෙඳ පොළේ මිල
137.5 142.34 3.52 (ලීටරයට/රුපි.)
මූලාශ්‍රය - සැලසුම් අංශය - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
දේශීය කිරි කර්මාන්තය නංවා කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වූ රිදියගම ගොවිපළට ආනයනය ගව දෙනුන්ගෙන් කිරි දෙවීම ආරම්භ වීම, නැවුම් කිරි සඳහා කිරි ගොවීන් වෙත සතුටුදායක මිලක් ගෙවීම නිසා පෙර පැවැති ලීටරයට රුපියල් 32ක මිල, පැවැති රජය විසින් රුපියල් 50ක් දක්වා වැඩි කළ අතර, ඉන්පසු රුපියල් 60 දක්වා සහ 2016 වසරේ රුපියල් 70ක් ගෙවීම නිසා සහ මහා පරිමාණ කිරි නිෂ්පාදන සමාගම් වෙතින් වූ කිරි ඉල්ලුම ඉහළ යෑම කිරි නිෂ්පාදනය සියයට 12.8කින් ඉහළ යෑමට හේතු වූ කරුණු ලෙස දැක්විය හැකිය.
සමස්ත කිරි නිෂ්පාදනයෙන් සියයට 83.2ක් වූ එළකිරි නිෂ්පාදනය ලක්ෂ්යමය පදනම මත ලීටර් මිලියන 377ක් දක්වා 2015 වසරට වඩා සියයට 14ක වර්ධනයක් පෙන්වූ අතර, මීකිරි නිෂ්පාදනය ලීටර් මිලියන 76ක් දක්වා සියයට 06ක වර්ධනයක් පෙන්වීය. මේ අතර කිරි ලබාගන්නා එළදෙනුන් සංඛ්‍යාව 367,124ක් දක්වා සියයට 47ක ආකර්ෂණීය වර්ධනයක් පෙන්වූ අතර, මී දෙනුන් සංඛ්‍යාව 118,105 දක්වා සියයට 24ක වර්ධනයක් දැක්වීය.
1978 වසරේ මිලියන 14ක් පමණ වූ ජනගහනය 2016 වන විට මිලියන 21.2ක් වූ අතර, වැඩි වන ජනගහනයට සාපේක්ෂව කිරිගව ගහනය වැඩි වීමක් සිදු නොවිණි. එසේම ජනතාවගේ ජීවන තත්ත්වය සහ ආහාර පරිභෝජන රටාව වෙනස් වී ක්ෂණික ආහාර සඳහා ජනතාව යොමු වීමත් සමගම කිරිපිටි පරිභෝජනයට ඇති විශාල ඉල්ලුම හමුවේ ඇති වූ තරගකාරීත්වය මත බහු ජාතික සමාගම් විසින් ඉල්ලුමට සරිලන සේ කිරිපිටි ආනයනයට නැඹුරුවක් ඇති විය. දේශීය කිරි නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවෙන් 59%ක් පමණක් සැපිරීම නිසා පවතින රජයන්ට ජනතා අභිලාෂයන් සපුරාලීම සඳහා රුපියල් බිලියන 34ක් වැනි මුදලක් යෙදවීමට සිදු විය. එනමුත් රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත දීර්ඝ කාලීනව පැවැති සිවිල් අරගල හමුවේ අඩපණව පැවැති උතුරු නැගෙනහිර පළාත්වල කිරි කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කිරීමත්, කිරි එකතු කිරීම් ක්‍රමවත් වීමත් සමග ඇති වූ සක්‍රීය දායකත්වය හේතුවෙන් දේශීය කිරි කර්මාන්තය තවදුරටත් වර්ධනය විය.
කිරි සඳහා ආකර්ෂණීය වෙළෙඳ පොළක් රට තුළ නිර්මාණය වීමත් සමගම 2015 සහ 2016 වර්ෂවල කිරි එකතු කිරීම සියයට හයක වර්ධනයක් පෙන්වීය. ඒ හා සමගාමීව කිරි ශීත කිරීම් මධ්‍යස්ථානවල යටිතල පහසුකම් ක්ෂණිකව වැඩිදියුණු කිරීමට නොහැකි වූ අතර, ඇතැම් සමාගම් කිරි ප්‍රවාහනය ආර්ථිකමය නොවූ, මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමූ හෙයින් ඒ ප්‍රදේශවල ගොවීන්ගේ කිරි බාර ගැනීමට, රජයේ ප්‍රධාන ගැනුම්කරු වූ %මිල්කෝ’ ආයතනයට සිදු විය. කිරි මිලදී ගැනීමේදී කිරිවල මේද ප්‍රතිශතය සියයට 2.5ට වඩා වැඩිවිය යුතු අතර, ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සියයට 8.75ට වඩා වැඩි විය යුතුය. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී මෙය මනිනුයේ ලැක්ටෝමීටරයෙනි. ලැක්ටෝමීටර පාඨාංකය සාමාන්‍ය එළකිරිවල 1.028 - 1.033 අතර තිබිය යුතුය. ගොවීන් විසින් ඇතැම් අවස්ථාවල කිරි අස්වැන්න වැඩිකිරීමට කිරිවල ජලය එකතු කළ විට ලැක්ටෝමීටර අගය 1.028ට වඩා අඩුවේ. කිරිවල උකුගතිය වැඩි කිරීමට සීනි, පිටි වැනි ද්‍රව්‍ය එකතු කළ විට එම අගය 1.033ට වඩා වැඩි වේ. එහිදී ලැක්ටෝමීටර අගය 1.028ට අඩු සහ 1.035ට වැඩි වූ නිසි ප්‍රමිතියට අනුකූල නොවන කිරි බැහැර කිරීමට සිදුවීම, කිරි මහපාරේ හැලීමක් ලෙස හුවා දැක්වීම මහජනතාවට මෙන්ම දේශපාලන අධිකාරියටද වැරදි වැටහීමක් ඇති කරවන්නකි.
දේශීය කිරි ගොවියා රැකගැනීමේ අභිලාෂයෙන් මිල්කෝ ආයතනයේ කිරි ශීත කිරීම් මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කොට සිදුකළ පොළොන්නරුව සහ දිගන කර්මාන්ත ශාලා නවීකරණ කටයුතු මේ වන විට අවසන් වී ඇති අතර, අඹේවෙල කර්මාන්ත ශාලාවේ නවීකරණ කටයුතු 2017 වසරේ පළමු කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂිත වී තිබිණි. වගු අංක 02න් කිරි එකතු කිරීම් සහ ශීත කිරීම් දත්ත දක්වා ඇත.
පශු සම්පත් උප අංශය 2015 2016 වාර්ෂික වෙනස් වීම (%)
1 කිරි එකතු කිරීම 218.44 230.74 5.63
ප්‍රධාන කිරි එකතු කිරීම් ආයතනය
121.66 126.72 4.15
වෙනත් 96.78 104.02 7.48
2 ශීත කිරීමේ මධ්‍යස්ථාන ගණන
287 284 -3
ශීත කිරීමේ මධ්‍යස්ථාන ධාරිතාව
916,793 908,443 -0.91
3 ශීත කිරීමේ මධ්‍යස්ථානවල එකතු කිරීම් පළාත් අනුව (ලීටර)
මධ්‍යම 71 72,460,850 74,675,407 0.03
වයඹ 54 44,007,504 43,206,014 -0.02
උතුරුමැද 47 29,181,009 28,876,360 -0.01
නැගෙනහිර 41 20,748,825 20,133,225 -0.03
ඌව 27 18,610,461 19,163,507 0.03
උතුර 09 14,747,166 17,831,200 0.21
බස්නාහිර 21 7,296,760 13,028,472 0.79
දකුණ 7 3,498,336 11,633,551 2.23
සබරගමුව 10 1,904,152 1,935,493 0.02
වෙනත් 185,290
මූලාශ්‍ර සැලසුම් අංශය - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
දියර කිරිවලින් කිරි ආශ්රිත නිෂ්පාදන සිදු නොකිරීම සහ බෙදා හැරීමේ ක්‍රමවේදයක් රට පුරා නොතිබීම යන්න ලියුම්කරු විසින් සඳහන් කළද, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිරි නිෂ්පාදනය 2016 වසරේදී ලීටර් මිලියන 11 සිට 17.9 දක්වා ඉහළ ගිය අතර, 'මිල්කෝ’ සමාගමේ කිරි එකතු කිරීම ලීටර් මිලියන 70 දක්වා සියයට 9.4කින් වර්ධනය විය. සමස්ත කිරි හා අශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම සියයට 16.8ක වර්ධනයක් දැක්වූ අතර, කිරි හා කිරි යොදය අපනයනය සියයට 267ක ආකර්ෂණීය වර්ධනයක් පෙන්වීය. දේශීය වශයෙන් විවිධ කිරි ආශ්රිත නිෂ්පාදන හා ක්‍රමවත් වෙළෙඳ පොළක් සැකසී ඇති බවත්, නෙස්ලේ, ෆොන්ටෙරා, පැලවත්ත, ලංකා මිල්ක් ෆුඩ්ස්, කොත්මලේ, ඩේරිස්, රිච්ලයිෆ් වැනි ආයතන ඔවුන්ගේ කිරි ආශ්රිත නිෂ්පාදන රට පුරා පවතින වෙළෙඳ පොළට ඉදිරිපත් කරන බවත් අප කවුරුත් හොඳින්ම දන්නා කරුණකි. ඒ නිසා දේශීය කිරි නිෂ්පාදනය අරාජික වී නොමැත. 2014 වර්ෂයේදී %මිල්කෝ’ ආයතනය නිපද වූ කිරි ආශ්රිත නිෂ්පාදන වගු අංක 03න් දැක්වේ.
නිෂ්පාදිතය ඒකකය ප්‍රමාණය
දියර කිරි ලීටර 17,158,948
කිරි පිටි කි.ග්රෑ. 4,209,281
බටර් කි.ග්රෑ. 716,124
ගිතෙල් කි.ග්රෑ. 57,524
චීස් කි.ග්රෑ. 24,130
අයිස්ක්‍රීම් ලීටර 4,638,492
යෝගට් ලීටර 5,311,875
පැණි බහාලුම සහිත මුදවපු කිරි ලීටර 558,694
උකු කිරි කි.ග්රෑ. 412,951
මූලාශ්‍රය - සැලසුම් අංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
2015 වසර හා සැසඳීමේදී සත්ත්ව ආහාරවල මිල අඩු වීම හේතුවෙන් ජාතික කිරි නිෂ්පාදනයේ සාමාන්‍ය නිපැයුම් පිරිවැය රුපියල් 31.99 දක්වා ශත 32කින් පහළ ගිය අතර, සාමාන්‍ය ගොවිපොළ මිල ලීටරයට රුපියල් 66.32ක් දක්වා රුපියල් 7.37කින් වැඩි වීම මගින් ගොවියාට ඉහළ මිලක් ලබාගත හැකි විය. 2015.07.16 දින සිට ක්‍රියාත්මක වූ මිල්කෝ ආයතනයේ කිරි මිලදී ගැනීමේ මිල දර්ශනය සමග සසඳා බලන විට කිරිවල මේද ප්‍රතිශතය 3.9%ක් සහ මේද නොවන ඝන ද්‍රව්‍ය 9.2%ක් මත මෙම මිල තීරණය වී ඇති අතර, ලීටරයට රුපියල් 70 ලබා ගැනීමට මේද ප්‍රතිශතය 4.8%ත් සහ මේද නොවන ඝනද්‍රව්‍ය ප්‍රමාණය 9.1%ක් විය යුතු වේ. ප්‍රමිතිගත කිරිවලට මෙම මුදල ලැබෙන අතර, මෙම ප්‍රතිශත දිනපතා එකම අගයක රඳා පවතින්නේ නැත.
ගොවීන් කිරි අස්වැන්න වැඩි කිරීමට එකතු කරන නොයෙකුත් ආකලන ද්‍රව්‍ය, කිරි මුරයේ මුල් දින 45-55ට පසුව කිරි අස්වැන්න අඩුවීම, ප්‍රවේණික හේතු, පාලනය, පෝෂණය, සනීපාරක්ෂාව, දෙනගේ තත්ත්වය, වයස යන විවිධ හේතූන් මත කිරි අස්වැන්න සහ සංයුතියේ වෙනස් වෙයි.
ඒ අනුව මෙම මේද ප්‍රතිශතය හා මේද නොවන ඝනද්‍රව්‍ය වෙනස් වීම හේතුවෙන් මිල උච්චාවචනය වන නිසා මෙවැනි නිශ්චිත මුදලක් සෑම විටම දිය යුතුය යන්න පිළිගත නොහැකිය.
අද වන විට පශු වෛද්‍යවරුන් 850කට ආසන්න ප්‍රමාණයක් දිවයිනේ සෑම පළාතකම සත්ත්ව සෞඛ්‍ය කටයුතු ඉටු කරනු ලබන අතර, සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් 600කට අධික ප්‍රමාණයක් ව්‍යාප්ති කටයුතු සිදු කිරීමට යොදවා ඇත.
සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවුවද, සුදුසුකම් සහිත අපේක්ෂකයන් ප්‍රමාණවත් තරම් නොමැති වීම හේතුවෙන් නිලධාරී හිඟය සැපිරීමට නොහැකි විය. එම නිසා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් මහනුවර, කරඳගොල්ල සහ අනුරාධපුර, සීප්පුකුලම ශ්‍රී ලංකා සත්ත්ව පාලන විද්‍යාලවලින් වසරකට 200කට ආසන්න සත්ත්ව පාලන ඩිප්ලෝමාධාරීන් බිහි කිරීම තීව්ර කළේය. එම සියලුම ඩිප්ලෝමාධාරීන් දිවයිනේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවලටත්, මධ්‍යම රජයේ සත්ත්ව අභිජනන මධ්‍යස්ථාන සහ තාක්ෂණික අංශ සියල්ලටමත් අනුයුක්ත කර ගැනීමට නියමිතය. එනිසා නුදුරේදීම ව්‍යාපෘති කටයුතු සඳහා පවතින නිලධාරී හිඟය ක්‍රමයෙන් පියවී යනු ඇත.
කිරි ගම්මාන ව්‍යාපෘතිය අඳ ක්‍රමයට දීම, උසස් ආරයේ ගැබ්ගත් දෙනුන් බෙදාදීම, කිරි ගව පාලන ප්‍රජා මූල සංවිධාන ඇති කිරීම, ස්වයංපාලිත කිරිගොවි සමිති පිහිටුවීම සහ ගොවි සහනාධාර එම සමිති හරහා ගොවීන්ට ලබාදීම, ඒකාබද්ධ කාබනික ගම්මාන පිහිටුවීම, කිරි ගොවීන් සවිබල ගැන්වීමේ වැඩසටහන්, වැස්සි පැටවුන් අතිදැඩි කිරීම් ව්‍යාපෘතිය, කිරි ගව ආරය උසස් කිරීමේ කෘත්‍රිම සිංචන ක්‍රමවේදය, කිරි ගොවීන් ඇගයීමේ වැඩසටහන, ජීවවායු ඒකක පිහිටු වීම, තෘණ වගා සංවර්ධන වැඩසටහනක්, එන්නත් සාර වැඩසටහන්, සත්ත්ව නිරෝධායන සහ පශු විමර්ශන වැඩසටහන් යනාදිය මගින් කිරි ගොවියාගේ තත්ත්වය නගාසිටුවීමටත්, එමගින් දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම තුළින් ආනයනය කරන කිරිපිටි ප්‍රමාණය අවම කිරීමටත් රජය කටයුතු කර ඇත.
කිරි කර්මාන්තකරුවන් සංවර්ධනය කරමින් ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමට ගමන් කරවීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දේශීය න්‍යෂ්ටික ගවරැළේ ජානමය විභවය ශීඝ්‍ර‘යෙන් ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවක් විය. එම නිසා ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ මෙහෙයවීම මත දෛනිකව අවම කිරි ලීටර 15ක් ලබා දිය හැකි කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී. මෙමගින් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවලින් වයස අවුරුදු දෙක- දෙකහමාරක් වන රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වන %ජර්සි ප්‍රිෂියන්’ දෙමුහුන් ගැබ්ගත් දෙනුන් 2000ක් පළමු අදියරේදී ආනයනය කෙරිණි.
එම දෙනුන් මහුනවර, මාතලේ, හැටන් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධිත කිරි ගොවිපොළ 21කට එළ ගවදෙනෙකු රුපියල් ලක්ෂ 02ක් වැනි සහන මිලකට බෙදා දී ඇත. දෙවැනි පියවරේදී සතුන් 3000ක් ආනයනය කර මධ්‍යම, ඌව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධිත වූ කිරි ගොවිපොළ සතු ගොවීන් තෝරා ඔවුන්ට ලබාදී ඇත.
එහිදී ඔවුන්ගේ මුදල් ආයෝජන හැකියාව සහ සාර්ථකව කිරිගව කර්මාන්තයේ නියැළීමේ හැකියාව, සතුන්ට ප්‍රමාණවත් ආහාර මහ ජලය ලබාදිය හැකි ප්‍රමාණවත් ඉඩම් හිමිවීම, කම්කරු ශ්‍රමය ලබා ගැනීමේ හැකියාව ආදී කරුණු සැලකිල්ලට ගෙන ඇත.
එමගින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පිරිදි දේශීය කිරි ගොවිපොළවල නිපදවන කිරිවල ප්‍රමාණත්මක හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට හැකිවනු ඇත.
ඉහත දැක්වූ කරුණු අනුව දේශීය කිරිගව කර්මාන්තය නගාසිටුවමින් කිරිවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂණය කිරීමට
ශ්‍රී ලංකා රජයේ ධනාත්මක ප්‍රවේශය සාධනය කිරීමට කටයුතු කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ රාජකාරිවල නිරත අප සැමගේ වගකීම සහ වගවීම වී තිබේ.
වෛද්‍ය නිහාල් වෙදසිංහ අධ්යක්ෂ ජනරාල්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd