Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා
ලෝකයේ ජනමාධ්‍ය අතරින් ජනප්‍රියම මාධ්‍ය වන්නේ මුද්‍රිත මාධ්‍යයි. අපි දන්නා පරිදි අවුරුදු 200ක්, 300ක් සිට පැවැති එකී මාධ්‍ය අතරින් පුවත්පතට හිමිවන්නේ ප්රමුඛස්ථානයක්. මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමේ සිට මේ දක්වා කාලය තුළ කිසියම් ලෙසකින් පුවත්පත්, සඟරා යන මුද්‍රිත මාධ්‍යය සමාජයේ පැවැත එන්නකි. සාමාන්‍ය අදහස නම් අලුත් මාධ්‍යයක් පැමිණන විට ඒ මාධ්‍යය නිසා සමාජයේ තිබෙන වෙනත් මාධ්‍යය යටපත් වෙනවා කියන කාරණය. උදාහරණයක් ලෙස අප ගත් විට ගුවන්විදුලියේ ආගමනයත් සමග බොහෝ පුද්ගලයන් පැවසුවේ පුවත්පත් මාධ්‍යය බිඳවැටෙයි කියා. අවසානයේ රූපවාහිනිය ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍යයක් ලෙස පැමිණීමත් සමග බොහෝ අයගේ මතය වුණේ අනෙක් මාධ්‍ය සියල්ල යටපත් වෙයි කියා. රූපවාහිනියේ පැමිණිම බොහෝ අය පැවසුවේ පුවත්පත් මාධ්‍යය සම්පූර්ණයෙන්ම නැති වේවි, පුවත්පත් කියවන්නන් අඩු වේවි වගේ මතයන්. නමුත් සමාජ විකාශනය දෙස බැලූ විට එක් එක් මාධ්‍යය ඒ ඒ මාධ්‍යයට හිමි අනන්‍යතාව අනුව සමාජයේ තහවුරු වෙලා තිබෙන බව මෙම සිදුවීම් දෙස බැලීමේදී පෙනී යන කාරණයක්. එක් මාධ්‍යයක් අනෙක් මාධ්‍යයට වඩා ගුණාත්මක ලක්ෂණ තිබුණත්, සමාජය තුළ ඒ මාධ්‍යය ඉල්ලන, එකී මාධ්‍යය ඇසුරු කරන ප්‍රමාණයක් සිටිනවා. කෙසේ නමුත් වර්තමානය දෙස බැලීමේදී විශේෂයෙන් 90 දශකයේ මැද භාගයේ ලෝක ව්‍යාප්ත ජාලය (www) පැමිණීමෙන් පසුව වෙබ් අඩවි මගින් තොරතුරු අදහස් පැතිරීම තිබූ තත්ත්වයට වඩා පුළුල් වීමක් සිදු වුණා.
බොහෝ විට පුවත්පත්වල ස්වභාවය නැතිවී යයි, ගුවන්විදුලි හඬ නැතිවී යයි, රූපවාහිනී යන්ත්‍රයක් අවශ්‍ය නොවී එය වෙබ් අඩවියකින් බලා ගැනීමේ තත්ත්වයක් උදා වෙයි ආදී වශයෙන් සමාජය තුළ නොයෙකුත් අදහස් ගලාගෙන ගියා. අද අපි දකිනවා විශාල ප්‍රමාණයක් වෙබ් අඩවි බිහි වෙලා, සමාජ මාධ්‍යය ජාල පුළුල් වෙලා, ජංගම දුරකථනය සහ නව මාධ්‍යය අතර සම්බන්ධතාව ඇති වී වසර 10කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙන බව. අන්තර්ජාල වෙබ් අඩවි පැමිණ දැන් වසර 35ක් පමණ ගත වී තිබුණද, තාක්ෂණික ප්රවණතා අතරේ තවදුරටත් මේ සියලු මාධ්‍යය ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ගමන් කර තිබෙන බව පැහැදිලි කාරණයක්.
මේ අතරින් පැරණිම මාධ්‍ය වන පුවත්පත් මාධ්‍යය ලෝකයේ වැඩිපුරම අභියෝග ලක්ව ඇති මාධ්‍යය වශයෙන් හඳුන්වන්න පුළුවන්. දෛනිකව මිලදීගත යුතු, දෛනිකව ලබාගත යුතු මාධ්‍යයක් ලෙස පුවත්පත් මාධ්‍ය හඳුනා ගන්න පුළුවන්. අනෙකුත් මාධ්‍යවල මෙවැනි අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. අනෙකුත් මාධ්‍යවල යම් ප්රමුඛත්වයක් මගින් අවශ්‍ය තැනට කැඳවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් පුවත්පත් මාධ්‍යය ලබා ගැනීම සඳහා යම් වේලාවක් වෙන් කරන්න අවශ්‍ය වෙනවා සේම ඒ වෙනුවෙන් යම් පිරිවැයක්ද දැරීමට සිදු වෙනවා. තාක්ෂණික ප්රවණතා අනුව මෙම තර්ජනය මුද්‍රිත මාධ්‍යයට ප්රබලයෙන් එල්ල වූ දෙයක්.
ඒ අදහස තිබුණත් අප සමස්තයක් ලෙස බැලූ විට ලෝකයේ බටහිර රටවල පුවත්පත් මාධ්‍යයේ යම්කිසි පිළිගැනීමක් තිබෙන බව පැවසිය හැකි කරුණක්. බටහිර රටවල වැඩිහිටි ජනගහනය අතර තවමත් පුවත්පත් ජනප්‍රියයි. එයට හේතුව වෙන්නේ ඔවුන්ගේ සංස්කෘතියේ දෛනික ජීවිතයේ එක් කොටසක් ලෙසයි ඔවුන් පුවත්පත හඳුන්වන්නෙ. ඇතැම් නිවාසවල උදෑසන ආහාරය ගන්නා වේලාවේ පුවත්පත කියවමින් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් උදෑසන ආහාරය ගැනීම සිදු කරනවා. කාලයත් සමග මෙය ආහාර මේසයේ අනිවාර්යය දෙයක් බවට පත්ව තිබෙනවා. මේ විදියට තමයි පුවත්පත සංස්කෘතික කොටසක් බවට පත්ව තිබෙන්නෙ.
නමුත් තරුණ ප්‍රජාව පුවත්පත් මාධ්‍යයෙන් මඳක් මිදුණත්, මුද්‍රිත මාධ්‍යයේ තවදුරටත් රැඳී සිටීමේ ප්රවණතාවන් දක්නට තිබෙනවා. යුරෝපයේ සඟරා මාධ්‍යය තවමත් ඉතාම ජනප්‍රියයි. 2016 වර්ෂයේ අවසන් කාලයේ ඇති සංඛ්‍යාලේඛන පිරික්සීමේදී පෙනී යන කාරණයක් වන්නේ ලෝකයේ පුවත්පත් කියැවීම 05෴කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අයුරින් පුවත්පත් කියැවීම වර්ධනය වී තිබෙන්නෙ ආසියානුකරයේ පුවත්පත් විකිණීමේ සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යමින් පවතින නිසා.
යුරෝපයේ යම්යම් පුවත්පත් සමාගම් නොයෙක් කාලසීමාවල වසා දමනවා. නමුත් ආසියානු කලාපයේ විශේෂ ලක්ෂණයක් නම් පුවත්පත් නිරන්තරයෙන් ආරම්භ වීමයි. නව පුවත්පත් මෙන්ම නව පුවත්පත් සමාගම් ආරම්භ වීම නිසා 2015 වර්ෂයට සාපේක්ෂව පුවත්පත් ක්ෂේත්රයේ වර්ධනයක් අත්කර ගැනීමට ආසියානු කලාපයේ රටවල් බොහෝමයකට හැකිව තිබෙනවා. ලෝක පුවත්පත් සංගමය ඇස්තමේන්තු කර තිබෙන පරිදි ලෝක ජනගහනයෙන් බිලියන 2.7ක් පුවත්පත්වල මුද්‍රිත පිටපත් කියවන බව අනාවරනය කර තිබෙනවා. මෙය ඇත්තෙන්ම ඉතා ඉහළ අගයක්. මේ ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී, පුවත්පත තවදුරටත් පැහැදිලි මාධ්‍යයක් බවට පත්ව ඇති බව අපට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ලෙස තවත් ඉදිරියට ගොස් අප බැලුවොත් අපට අනුමාන කළ හැක්කේ සැබැවින්ම අභියෝගයට ලක්ව ඇත්තේ පුවත්පතේ මුද්‍රිත පිටපත පමණක් වන බවයි.
පුවත්පතේ මුද්‍රිත කොටස අභියෝගයට ලක්වුවත් පුවත්පත කියන දෙය තවමත් මාධ්‍යයක් ලෙස තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇමෙරිකාවේ 2017 වර්ෂයේ මුල් කාලයේ කළ සමීක්ෂණ තුළින් අනාවරණය වෙන්නේ කිසියම් ලෙසකින් ඇමෙරිකානු ජනගහනය මිලියන 169ක් පුවත්පත් කියවන පුද්ගලයන් ලෙසයි. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ ඒ මිලියන 169ම මුද්‍රිත පිටපත කියවනවා කියලා. ඔවුන්ගේ සමීක්ෂණ මගින් අනාවරණය කර දක්වන්නේ මුද්‍රිත පිටපත කියවන්නන්, වෙබ් පිටපත කියවන්නන් සහ ජංගම දුරකථනයෙන් පුවත්පත කියවන්නන් යන පාර්ශ්ව ත්‍රිත්වයම ගැනයි.
නමුත් මේ පාර්ශ්ව ත්‍රිත්වයම කියවන්නේ පුවත්පතේ සංස්කරණය. පුවත්පතේ පිටු පෙරළා නොබැලීම ඒ රටවල බහුලව තිබෙන දෙයක්. ඔවුන් නව මාධ්‍යයට පැමිණ වුවත් සොයනු ලබන්නේ තමන් දන්න තමන්ට හැරු පුරුදු පුවත්පතයි. ප්‍රධාන ඇමෙරිකානු පුවත්පත වන %නිව්යොර්ක් ටයිම්ස්^ පුවත්පත, %ද වෝල් ස්ට්‍රීට් ජර්නල්^ යන පුවත්පත් දෙකට තිබෙන ඉල්ලුම සෑම විටම ඉහළ යන්නේ අප සාකච්ඡා කරන මුද්‍රිත මාධ්‍යය, වෙබ් සහ ජංගම දුරකථන යන පාර්ශ්ව ත්‍රිත්වය සදහාමයි. මුද්‍රිත පිටපත කියවන ප්‍රමාණයේ අඩුවක් තිබුණත් පුවත්පත කෙරේ කිසියම් කැමැත්තක් ජනතාව අතර ඇතිව තිබෙනවා.
මෙවැනි කැමැත්තක්, උනන්දුවක් ඇතිව තිබෙන්නේ කුමක් නිසාද යන්න අපි විමසා බැලිය යුතුයි. නව මාධ්‍යය පැමිණ ජනප්‍රිය වී තිබුණත් විශ්වාසනීයත්වය යන සාධකයේදී බොහෝ දුරට ප්‍රමුඛතාවට පත්ව තිබෙන්නේ පුවත්පතයි. යම්කිසි දෙයක් මිනිසුන්ට පිළිගත හැකිවන අයුරින් තර්කානුකූලව ඒ සඳහා හොඳම උදාහරණ භාවිත කරමින් තවදුරටත් තිබෙන්නේ පුවත්පත්වල පමණක් බව මිනිසුන් විශ්වාස කරන දෙයක්. මුද්‍රිත පිටපත නොවුණත් වෙනත් මාධ්‍යය ඔස්සේ වෙනස් ලෙසකින් හෝ පුවත්පත ඇතුළු කරන්නේ ඒ බැවින්.
ලෝකයේ පුවත්පත්වල අලෙවිය වැඩියෙන්ම තිබෙන රටවල් පහ ගතහොත් ඉන් තුනක්ම ආසියානු රටවල් වීම සුවිශේෂී කාරණයක්. වැඩිම පුවත්පත් අලෙවියක් සිදුවන්නේ චීනයේ. එය මිලියන 93ක් පමණ වෙනවා. මිලයන 78ක් පමණ අලෙවි කරමින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නේ ඉන්දියාවයි. ජපානය මිලියන 70ක් පමණ අලෙවි කරනවා. ඒ අනුව ලෝකයේ වැඩියෙන්ම පුවත්පත් අලෙවි වන රටවලින් පළමු, දෙවැනි සහ තෙවැනි යන ස්ථාන තුනම වාර්තා වෙන්නේ ආසියානු කලාපයෙන්.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 55ක් පමණ අලෙවි වෙනවා. මේ ආකාරයෙන් තමයි ලෝකයේ පුවත්පත් වැඩියෙන්ම අලෙවි වන රටවල දත්ත සඳහන් වෙන්නෙ.
ඒ අනුව අනෙකුත් රටවලට සාපේක්ෂව ආසියානු කලාපයේ මුද්‍රිත පුවත්පත් කියැවීමේ ප්‍රවණතාව අනෙකුත් කලාපවල තිබෙන රටවලට වඩා වැඩි වශයෙන් දැකගන්න පුළුවන්.
ඉන්දියාව පුවත්පත් අලෙවිය අතින් සිටින්නේ දෙවැනි ස්ථානයේ. ඉන්දියාව සාක්ෂරතාව අතින් යම් අඩු මට්ටමක තමයි සිටියේ. නමුත් 21 වැනි සියවසේ ආරම්භයේදී ඔවුන් සාක්ෂරතා මට්ටම යම් ලෙසකින් වර්ධනය කර ගැනීමට සමත් වුණා. එහි සුවිශේෂීත්වය වෙන්නේ ඉන්දියාව තුළ පුවත්පත් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තිබෙනවා සාක්ෂරතාවෙන් ඉහළටම ගිය. උදාහරණයක් වශයෙන් කේරළ ප්‍රාන්තය හඳුනා ගන්න පුළුවන්. %මලයාල^, %මනරාම^ වැනි පුවත්පත් තමයි එහි වැඩිම අලෙවියක් තිබෙන පුවත්පත් වෙන්නෙ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාදේශීය භාෂා විශාල ගණනාවක් තිබෙන නිසා ඒ ඒ භාෂාවලින් නිකුත් කරන පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ඉංග්‍රීසි භාෂාව භාවිත කරන පිරිසකුත් ඉන්දියාවේ සිටිනවා. ඒ කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක්ද මුද්‍රණය වෙනවා. භාෂා විවිධත්වය සහ සාක්ෂරතා මට්ටමේ වර්ධනය නිසා පුවත්පත් වැඩිම වේගයෙන් වර්ධනය වන රටක් ලෙස ඉන්දියාව අපට හඳුනා ගන්න පුළුවන්.
ලංකාවේ පුවත්පත් මාධ්‍යය ගතහොත් එය ඉතා හොඳ මාධ්‍යයක් ලෙස දැනට පවත්වාගෙන යනවා. මහ බැංකු වාර්තාවල තිබෙන පරිදි ගෘහ ඒකක සමීක්ෂණයකදී වැඩිපුරම නිවාසවල ඇති මාධ්‍යය ලෙස රූපවාහිනී මාධ්‍යය හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පළමු ස්ථානය රූපවාහිනියටත්, දෙවැනි ස්ථානය ගුවන්විදුලියටත් හිමි වී තිබෙනවා. පුවත්පතට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.
නමුත් අපට පැහැදිලිව පෙනෙනවා ගත වූ වර්ෂයක් වැනි කාලය තුළ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් පාඨකත්වයේ පැහැදිලි වර්ධනයක් හඳුනාගත හැකි බව. 2015 වර්ෂයේදී සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් රැගෙන බලන විට පුවත්පත් පිටපත් අලෙවි වී ඇත්තේ මිලියන 508ක්. නමුත් 2016 වර්ෂයේදී මිලියන 538ක් අලෙවි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය මිලියන 30ක පුවත්පත් පිටපත් වර්ධනයක්. මේ නිසා සමාජයේ පුවත්පත් මාධ්‍යයේ ඉල්ලුම අඩුවීම පිළිබඳ කියන කාරණා අපට පිළිගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මොකද එක අවුරුද්දක් ඇතුළත පුවත්පත් පිටපත් මිලියන 30ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිසා. නමුත් දෙමළ පුවත්පත්වල යම් බිඳවැටීමක් දක්නට තිබෙනවා.
රූපවාහිනය, ගුවන්විදුලිය යන මාධ්‍යය විශාල මුදලක් යොදවමින් ප්‍රවර්ධන උපායන් සකස් කර එය පවත්වාගෙන යන අතරතුර තමයි පුවත්පත් ටිකෙන් ටික මෙවැනි වර්ධනයක් අත්කර ගෙන තිබෙන්නෙ. ඉතින් අපි සලකා බැලුවොත් මෙවැනි දෙයක් සිදුවෙන්න හේතු මොනවාද කියා ඉන් එකක් තමයි ලංකාවේ වැඩිහිටි ජනගහනයේ වර්ධනය, සෞඛ්‍ය පහසුකම් වර්ධනය වීම, රටේ ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ දියුණු වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම වැනි කරුණු කාරණා නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව හෙවත් ජීවත් වීමේ කාලසීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අවුරුදු 55ට වැඩි වැඩිහිටි කාණ්ඩය විසින් මාධ්‍යය අතරින් වැඩිහුරුවක් දක්වන්නෙ පුවත්පත් මාධ්‍යයටයි. පුවත්පත් කියැවීම ඔවුන් ජීවිතයේ කොටසක් බවට පත්කර ගෙන තිබෙනවා. ඒ නිසා අලුතින් පැමිණෙන පුවත්පත් ලබා ගැනීමට ඔවුන් යම් උනන්දුවක් දක්වනවා.
දෙවැනි කාරණය තමයි විශ්වසනීයත්වය කියන කාරණය. මොනතරම් දේවල් නව මාධ්‍යය මගින් ආනාවරණය කළත්, විශ්වසනීයත්වය අතරින් පුවත්පත තමයි කැපී පෙනෙන්නේ. ආචාරධර්ම පද්ධතිය ගත් විට රූපවාහිනය, ගුවන්විදුලිය යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් මතුව තිබෙනවා. නව මාධ්‍යය වුණත් වැඩි අවධානයක් යොමු කරන්නේ මිනිසුන්ගේ ලිංගිකත්වය වැනි කාරණාවලටයි. ඒ මාධ්‍යය තුළ සත්‍ය ලෙසම ප්‍රවෘත්තියේ වටිනාකම සහිතව ඉදිරිපත් කිරීමේ ගුණයක් නැහැ. ඒ නිසා විශ්වසනීයත්වය තවදුරටත් තිබෙන්නේ පුවත්පත් මාධ්‍යය තුළයි. එය ඕනෑ තරම් සමීක්ෂණ මගින් ඔප්පු වූ කාරණයක්.
අනෙක් කාරණය තමයි දීර්ඝ කාලයක් පැවැති සම්ප්රදාය. පවුල් මට්ටම් තුළ ඉගෙනීමට යොමු වූ පුද්ගලයා දීර්ඝ කාලීනව පුවත්පත් මිලදී ගන්නවා. එක පුවත්පතකින් තව පුවත්පතකට මාරු වෙනවා. පුවත්පත්වල ඇති අතිරේක, විවිධ කොටස් එකතු කරමින් සම්ප්රදායක් ලෙස පුවත්පතට හුරු වූ කණ්ඩායමක් සිටිනවා. මෙවැනි ප්රවණතා පුවත්පත පවතින්න එක හේතුවක් වී තිබෙනවා.
ඒවගේම තමයි නිරන්තරයෙන් නව පුවත්පත් බිහිවීම. ලෝකයේ ඇතැම් පුවත්පත් සමාගම් මේ අවසන් පුවත්පත් මුද්‍රණය බවට ප්‍රකාශයට පත් කරමින් පුවත්පත් මුද්‍රණය නතර කර දමනවා. %ද ඉන්ඩ් පෙන්ඩන්ට්^ පුවත්පත මීට වසර 02කට ප්‍රථම අවසන් මුද්‍රණය සිදු කරමින් මුද්‍රණ කටයුතු නතර කර දැම්මා. ඉන් පසු එය වෙබ් පුවත්පතක් පමණක් වුණා.
නමුත් ලෝකයේ එවැනි දේ සිදුවුණත් ලංකාවේ නිරන්තරයෙන් අලුතින් පුවත්පත් ආරම්භ වීම සිදු වෙනවා. දේශපාලන පුවත්පත්, සමාජ කණ්ඩායම් නියෝජනය කරන පුවත්පත්, ප්‍රධාන දිනපතා සතිඅන්ත පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දිනපතා පුවත්පත් 12ක් ලංකාවේ දැනට මුද්‍රණය වෙනවා. මේ ආකාරයෙන් දිනපතා ජාතික පුවත්පත් 12ක් මුද්‍රණය වීම ඉතා හොඳ තත්ත්වයක්.
මේ කාරණා රැසක් සමග පැහැදිලි වන එක් කාරණයක් වන්නේ අපේ රටේ පුවත්පත් අලෙවිය තවදුරටත් ඉතා ජනප්‍රියව පවතින බවයි. මෙය මනින්න ලෝකයේ යම්යම් දර්ශක සකස් කර තිබෙනවා. එවැනි දර්ශක අතරිනුත් අපි සිටින්නේ ප්රගතිශීලී මට්ටමක. ඉදිරිපත් කර ඇති දත්ත පදනම්ව අද ලංකාවේ ජනගහනයෙන් 1000කට දිනපතා පත්තර 62ක් ලැබෙනවා. මෙය යම්කිසි ලෙසකින් හොඳ මට්ටමක්. ලංකාවේ දිනපතා පුවත්පත්වලට වඩා වැඩි ඉල්ලුමක් තිබෙන්නේ සතිඅන්ත පුවත්පත්වලට. ජනගහනයෙන් 1000ට සතිඅන්ත පුවත්පත් පිටපත් 115ක් ලැබෙනවා. මෙය පුවත්පත් අලෙවි ක්ෂේත්රයේ 11%ක පමණ වර්ධනයක්.
ලංකාවේ පුවත්පත් පිළිබඳ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී පුවත්පත් ව්‍යාප්තියේ වේගයක් තිබෙන බව පැහැදිලි වෙනවා. ලංකාවේ පුවත්පත් ගණනාවක් තිබෙන අතර, සෑම වර්ෂයකම පුවත්පත් එකක් හෝ දෙකක් අලුතින් පැමිණෙනවා. ඇතැම් පුවත්පත් ආයතන දිනපතා හෝ සතිඅන්ත වශයෙන් පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කරන්නේ ඉතාම තරගකාරී අයුරින්. මෙවැනි දේවලට යොමු වෙන්නෙ පුවත්පත්වලට ඇති ඉල්ලුම වැඩි නිසා. දේශපාලන මත, වාණිජ හෝ වෙනත් අරමුණු මත අනුව එක් එක් ආකාරයෙන් පුවත්පත්වල තිබෙන හැඩය වෙනස් වෙන්න පුළුවන්. රටේ සෑම පුවත්පතකටම යම්කිසි පාඨක කණ්ඩායමක් සිටිනවා. ප්රවෘත්ති බෙදා හැරීමේදී දිනපතා, සතිඅන්ත පුවත්පත් පිළිබඳ පමණයි අප සාකච්ඡා කළේ. නමුත් වෙනත් විශේෂාංග පුවත් සඳහාද පුවත්පත් එයට විශේෂිතව බිහි වීමක් සිදුවෙනවා. කාන්තාවන් සඳහා, ළමයින් සඳහා තිබෙන පුවත්පත්, තරුණයන් සඳහා තිබෙන පුවත්පත් රැසක් ඒ ඔස්සේ බිහිවී තිබෙනවා. එයත් යම්කිසි ලෙසකින් වර්ධනය වී තිබෙනවා. ප්‍රාදේශීය පුවත්පත්වලටත් යම්කිසි උනන්දුවක් ලංකාව තුළ තිබෙනවා. උතුරේ පුවත්පත් 03ක් හෝ 04ක් තිබෙනවා. නමුත් අලුත් පුවත්පත් නිරන්තරයෙන් බිහිවෙනවා. ගම්පහ, ගාල්ල වැනි ප්‍රදේශවල යම්කිසි ලෙසකින් ප්‍රාදේශීය පුවත්පත් ලියාපදිංචි වී පවත්වාගෙන යනවා. ඒ නිසා ලංකාවේ පුවත්පත් පිළිබඳ කාරණා ලෝකයේ අනෙකුත් රටවල් සේ එකට සසඳන්න බැහැ. මොකද සාක්ෂරතාව වුණත් ලංකාවේ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා.
ඒ වගේම පුවත්පත් සඳහා ඇති ඉල්ලුම තවත් මාධ්‍යය පැමිණීමෙන් බිඳවැටෙයි කියා මා කිසිසේත් සිතන්නේ නැහැ. පුවත්පත් මාධ්‍යය තවදුරටත් ජනප්‍රිය මාධ්‍යයක් ලෙස පවතිනවා. නමුත් එහි ආකෘතිය, ප්රවෘත්ති ලියන ආකාරය, විශේෂාංග රචනය සහ පිටු සකස් කිරීමේ නවීන ක්‍රම, ඡායාරූප සඳහා විශාල ඉඩකඩක් ලබාදීම, පාඨකයාගේ අදහස් දැක්වීම්වලට ඉඩකඩක් ලබාදීම වැනි දේවල පරිවර්තනයන් සිදුවිය හැකියි. කඩදාසිවලින් තොර පුවත්පත් කියන දේ සඳහා ඇතැම් විට පුවත්පත් කලාව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. පුවත්පත් ව්‍යාපාරික ස්වරූපයෙන්ද වෙනස්කම්වලට ලක්වෙන්න පුළුවන්. සමහර සමාගම් පුවත්පත් නොමිලේ බෙදා හරින්න කටයුතු කරන්න පුළුවන්. ලෝකයේ දැන් ආරම්භ කර තිබෙන නවතම ව්‍යාපාරික ආකෘතිය තමයි දැන්වීම්වලින් සියල්ල සිදුකර පුවත්පත මිලක් අය නොකර කැමැති කෙනෙකුට රැගෙන යෑමට හැකිවන පරිදි නොයෙකුත් ස්ථානවල තැබීමයි. එවිට පාඨකයා එය රැගෙන යනවා. එවැනි ක්‍රමවේදවලට ඉදිරියේදී මාරු වෙන්න පුළුවන්. පුවත්පතේ හැඩය වෙනස් වෙමින් පුවත්පත අලුත් ලෙසකින් පැමිණෙන්නත් පුළුවන්. නොයෙක් අනාවැකි කියන්නන් වර්ෂ ආරම්භයේ කියන දෙයක් තමයි මේ අවුරුද්දෙන් පසුව පුවත්පත කියන මාධ්‍යය නැති වෙනවා යන කාරණය. නමුත් මේ ගෙවෙන සියවස තුළත් අපට පැහැදිලි වෙන්නේ පුවත්පත් මාධ්‍යය තවදුරටත් ශක්තිමත් වන බවයි.
නමුත් මේ පාර්ශ්ව ත්‍රිත්වයම කියවන්නේ පුවත්පතේ සංස්කරණය. පුවත්පතේ පිටු පෙරළා නොබැලීම ඒ රටවල බහුලව තිබෙන දෙයක්. ඔවුන් නව මාධ්‍යයට පැමිණ වුවත් සොයනු ලබන්නේ තමන් දන්න තමන්ට හැරු පුරුදු පුවත්පතයි. ප්‍රධාන ඇමෙරිකානු පුවත්පත වන %නිව්යොර්ක් ටයිම්ස්^ පුවත්පත, 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' යන පුවත්පත් දෙකට තිබෙන ඉල්ලුම සෑම විටම ඉහළ යන්නේ අප සාකච්ඡා කරන මුද්‍රිත මාධ්‍යය, වෙබ් සහ ජංගම දුරකථන යන පාර්ශ්ව ත්‍රිත්වය සදහාමයි. මුද්‍රිත පිටපත කියවන ප්‍රමාණයේ අඩුවක් තිබුණත් පුවත්පත කෙරේ කිසියම් කැමැත්තක් ජනතාව අතර ඇතිව තිබෙනවා.
මෙවැනි කැමැත්තක්, උනන්දුවක් ඇතිව තිබෙන්නේ කුමක් නිසාද යන්න අපි විමසා බැලිය යුතුයි. නව මාධ්‍යය පැමිණ ජනප්‍රිය වී තිබුණත් විශ්වාසනීයත්වය යන සාධකයේදී බොහෝ දුරට ප්‍රමුඛතාවට පත්ව තිබෙන්නේ පුවත්පතයි. යම්කිසි දෙයක් මිනිසුන්ට පිළිගත හැකිවන අයුරින් තර්කානුකූලව ඒ සඳහා හොඳම උදාහරණ භාවිත කරමින් තවදුරටත් තිබෙන්නේ පුවත්පත්වල පමණක් බව මිනිසුන් විශ්වාස කරන දෙයක්. මුද්‍රිත පිටපත නොවුණත් වෙනත් මාධ්‍යය ඔස්සේ වෙනස් ලෙසකින් හෝ පුවත්පත ඇතුළු කරන්නේ ඒ බැවින්.
ලෝකයේ පුවත්පත්වල අලෙවිය වැඩියෙන්ම තිබෙන රටවල් පහ ගතහොත් ඉන් තුනක්ම ආසියානු රටවල් වීම සුවිශේෂී කාරණයක්. වැඩිම පුවත්පත් අලෙවියක් සිදුවන්නේ චීනයේ. එය මිලියන 93ක් පමණ වෙනවා. මිලයන 78ක් පමණ අලෙවි කරමින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නේ ඉන්දියාවයි. ජපානය මිලියන 70ක් පමණ අලෙවි කරනවා. ඒ අනුව ලෝකයේ වැඩියෙන්ම පුවත්පත් අලෙවි වන රටවලින් පළමු, දෙවැනි සහ තෙවැනි යන ස්ථාන තුනම වාර්තා වෙන්නේ ආසියානු කලාපයෙන්.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 55ක් පමණ අලෙවි වෙනවා. මේ ආකාරයෙන් තමයි ලෝකයේ පුවත්පත් වැඩියෙන්ම අලෙවි වන රටවල දත්ත සඳහන් වෙන්නෙ.
ඒ අනුව අනෙකුත් රටවලට සාපේක්ෂව ආසියානු කලාපයේ මුද්‍රිත පුවත්පත් කියැවීමේ ප්‍රවණතාව අනෙකුත් කලාපවල තිබෙන රටවලට වඩා වැඩි වශයෙන් දැකගන්න පුළුවන්.
ඉන්දියාව පුවත්පත් අලෙවිය අතින් සිටින්නේ දෙවැනි ස්ථානයේ. ඉන්දියාව සාක්ෂරතාව අතින් යම් අඩු මට්ටමක තමයි සිටියේ. නමුත් 21 වැනි සියවසේ ආරම්භයේදී ඔවුන් සාක්ෂරතා මට්ටම යම් ලෙසකින් වර්ධනය කර ගැනීමට සමත් වුණා. එහි සුවිශේෂීත්වය වෙන්නේ ඉන්දියාව තුළ පුවත්පත් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමයි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තිබෙනවා සාක්ෂරතාවෙන් ඉහළටම ගිය. උදාහරණයක් වශයෙන් කේරළ ප්‍රාන්තය හඳුනා ගන්න පුළුවන්. 'මලයාල', 'මනරාම' වැනි පුවත්පත් තමයි එහි වැඩිම අලෙවියක් තිබෙන පුවත්පත් වෙන්නෙ. ඒ වගේම ඉන්දියාවේ ප්‍රාදේශීය භාෂා විශාල ගණනාවක් තිබෙන නිසා ඒ ඒ භාෂාවලින් නිකුත් කරන පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ඉංග්‍රීසි භාෂාව භාවිත කරන පිරිසකුත් ඉන්දියාවේ සිටිනවා. ඒ කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක්ද මුද්‍රණය වෙනවා. භාෂා විවිධත්වය සහ සාක්ෂරතා මට්ටමේ වර්ධනය නිසා පුවත්පත් වැඩිම වේගයෙන් වර්ධනය වන රටක් ලෙස ඉන්දියාව අපට හඳුනා ගන්න පුළුවන්.
ලංකාවේ පුවත්පත් මාධ්‍යය ගතහොත් එය ඉතා හොඳ මාධ්‍යයක් ලෙස දැනට පවත්වාගෙන යනවා. මහ බැංකු වාර්තාවල තිබෙන පරිදි ගෘහ ඒකක සමීක්ෂණයකදී වැඩිපුරම නිවාසවල ඇති මාධ්‍යය ලෙස රූපවාහිනී මාධ්‍යය හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පළමු ස්ථානය රූපවාහිනියටත්, දෙවැනි ස්ථානය ගුවන්විදුලියටත් හිමි වී තිබෙනවා. පුවත්පතට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.
නමුත් අපට පැහැදිලිව පෙනෙනවා ගත වූ වර්ෂයක් වැනි කාලය තුළ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් පාඨකත්වයේ පැහැදිලි වර්ධනයක් හඳුනාගත හැකි බව. 2015 වර්ෂයේදී සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් රැගෙන බලන විට පුවත්පත් පිටපත් අලෙවි වී ඇත්තේ මිලියන 508ක්. නමුත් 2016 වර්ෂයේදී මිලියන 538ක් අලෙවි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය මිලියන 30ක පුවත්පත් පිටපත් වර්ධනයක්. මේ නිසා සමාජයේ පුවත්පත් මාධ්‍යයේ ඉල්ලුම අඩුවීම පිළිබඳ කියන කාරණා අපට පිළිගැනීමේ අපහසුතාවක් තිබෙනවා. මොකද එක අවුරුද්දක් ඇතුළත පුවත්පත් පිටපත් මිලියන 30ක ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිසා. නමුත් දෙමළ පුවත්පත්වල යම් බිඳවැටීමක් දක්නට තිබෙනවා.
රූපවාහිනය, ගුවන්විදුලිය යන මාධ්‍යය විශාල මුදලක් යොදවමින් ප්‍රවර්ධන උපායන් සකස් කර එය පවත්වාගෙන යන අතරතුර තමයි පුවත්පත් ටිකෙන් ටික මෙවැනි වර්ධනයක් අත්කර ගෙන තිබෙන්නෙ. ඉතින් අපි සලකා බැලුවොත් මෙවැනි දෙයක් සිදුවෙන්න හේතු මොනවාද කියා ඉන් එකක් තමයි ලංකාවේ වැඩිහිටි ජනගහනයේ වර්ධනය, සෞඛ්‍ය පහසුකම් වර්ධනය වීම, රටේ ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ දියුණු වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම වැනි කරුණු කාරණා නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව හෙවත් ජීවත් වීමේ කාලසීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අවුරුදු 55ට වැඩි වැඩිහිටි කාණ්ඩය විසින් මාධ්‍යය අතරින් වැඩිහුරුවක් දක්වන්නෙ පුවත්පත් මාධ්‍යයටයි. පුවත්පත් කියැවීම ඔවුන් ජීවිතයේ කොටසක් බවට පත්කර ගෙන තිබෙනවා. ඒ නිසා අලුතින් පැමිණෙන පුවත්පත් ලබා ගැනීමට ඔවුන් යම් උනන්දුවක් දක්වනවා.
දෙවැනි කාරණය තමයි විශ්වසනීයත්වය කියන කාරණය. මොනතරම් දේවල් නව මාධ්‍යය මගින් ආනාවරණය කළත්, විශ්වසනීයත්වය අතරින් පුවත්පත තමයි කැපී පෙනෙන්නේ. ආචාරධර්ම පද්ධතිය ගත් විට රූපවාහිනය, ගුවන්විදුලිය යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් මතුව තිබෙනවා. නව මාධ්‍යය වුණත් වැඩි අවධානයක් යොමු කරන්නේ මිනිසුන්ගේ ලිංගිකත්වය වැනි කාරණාවලටයි. ඒ මාධ්‍යය තුළ සත්‍ය ලෙසම ප්‍රවෘත්තියේ වටිනාකම සහිතව ඉදිරිපත් කිරීමේ ගුණයක් නැහැ. ඒ නිසා විශ්වසනීයත්වය තවදුරටත් තිබෙන්නේ පුවත්පත් මාධ්‍යය තුළයි. එය ඕනෑ තරම් සමීක්ෂණ මගින් ඔප්පු වූ කාරණයක්.
අනෙක් කාරණය තමයි දීර්ඝ කාලයක් පැවැති සම්ප්රදාය. පවුල් මට්ටම් තුළ ඉගෙනීමට යොමු වූ පුද්ගලයා දීර්ඝ කාලීනව පුවත්පත් මිලදී ගන්නවා. එක පුවත්පතකින් තව පුවත්පතකට මාරු වෙනවා. පුවත්පත්වල ඇති අතිරේක, විවිධ කොටස් එකතු කරමින් සම්ප්රදායක් ලෙස පුවත්පතට හුරු වූ කණ්ඩායමක් සිටිනවා. මෙවැනි ප්රවණතා පුවත්පත පවතින්න එක හේතුවක් වී තිබෙනවා.
ඒවගේම තමයි නිරන්තරයෙන් නව පුවත්පත් බිහිවීම. ලෝකයේ ඇතැම් පුවත්පත් සමාගම් මේ අවසන් පුවත්පත් මුද්‍රණය බවට ප්‍රකාශයට පත් කරමින් පුවත්පත් මුද්‍රණය නතර කර දමනවා. %ද ඉන්ඩ් පෙන්ඩන්ට්^ පුවත්පත මීට වසර 02කට ප්‍රථම අවසන් මුද්‍රණය සිදු කරමින් මුද්‍රණ කටයුතු නතර කර දැම්මා. ඉන් පසු එය වෙබ් පුවත්පතක් පමණක් වුණා.
නමුත් ලෝකයේ එවැනි දේ සිදුවුණත් ලංකාවේ නිරන්තරයෙන් අලුතින් පුවත්පත් ආරම්භ වීම සිදු වෙනවා. දේශපාලන පුවත්පත්, සමාජ කණ්ඩායම් නියෝජනය කරන පුවත්පත්, ප්‍රධාන දිනපතා සතිඅන්ත පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. දිනපතා පුවත්පත් 12ක් ලංකාවේ දැනට මුද්‍රණය වෙනවා. මේ ආකාරයෙන් දිනපතා ජාතික පුවත්පත් 12ක් මුද්‍රණය වීම ඉතා හොඳ තත්ත්වයක්.
මේ කාරණා රැසක් සමග පැහැදිලි වන එක් කාරණයක් වන්නේ අපේ රටේ පුවත්පත් අලෙවිය තවදුරටත් ඉතා ජනප්‍රියව පවතින බවයි. මෙය මනින්න ලෝකයේ යම්යම් දර්ශක සකස් කර තිබෙනවා. එවැනි දර්ශක අතරිනුත් අපි සිටින්නේ ප්රගතිශීලී මට්ටමක. ඉදිරිපත් කර ඇති දත්ත පදනම්ව අද ලංකාවේ ජනගහනයෙන් 1000කට දිනපතා පත්තර 62ක් ලැබෙනවා. මෙය යම්කිසි ලෙසකින් හොඳ මට්ටමක්. ලංකාවේ දිනපතා පුවත්පත්වලට වඩා වැඩි ඉල්ලුමක් තිබෙන්නේ සතිඅන්ත පුවත්පත්වලට. ජනගහනයෙන් 1000ට සතිඅන්ත පුවත්පත් පිටපත් 115ක් ලැබෙනවා. මෙය පුවත්පත් අලෙවි ක්ෂේත්රයේ 11%ක පමණ වර්ධනයක්.
ලංකාවේ පුවත්පත් පිළිබඳ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමේදී පුවත්පත් ව්‍යාප්තියේ වේගයක් තිබෙන බව පැහැදිලි වෙනවා. ලංකාවේ පුවත්පත් ගණනාවක් තිබෙන අතර, සෑම වර්ෂයකම පුවත්පත් එකක් හෝ දෙකක් අලුතින් පැමිණෙනවා. ඇතැම් පුවත්පත් ආයතන දිනපතා හෝ සතිඅන්ත වශයෙන් පුවත්පත් දෙකක් ප්‍රකාශයට පත් කරන්නේ ඉතාම තරගකාරී අයුරින්. මෙවැනි දේවලට යොමු වෙන්නෙ පුවත්පත්වලට ඇති ඉල්ලුම වැඩි නිසා. දේශපාලන මත, වාණිජ හෝ වෙනත් අරමුණු මත අනුව එක් එක් ආකාරයෙන් පුවත්පත්වල තිබෙන හැඩය වෙනස් වෙන්න පුළුවන්. රටේ සෑම පුවත්පතකටම යම්කිසි පාඨක කණ්ඩායමක් සිටිනවා. ප්රවෘත්ති බෙදා හැරීමේදී දිනපතා, සතිඅන්ත පුවත්පත් පිළිබඳ පමණයි අප සාකච්ඡා කළේ. නමුත් වෙනත් විශේෂාංග පුවත් සඳහාද පුවත්පත් එයට විශේෂිතව බිහි වීමක් සිදුවෙනවා. කාන්තාවන් සඳහා, ළමයින් සඳහා තිබෙන පුවත්පත්, තරුණයන් සඳහා තිබෙන පුවත්පත් රැසක් ඒ ඔස්සේ බිහිවී තිබෙනවා. එයත් යම්කිසි ලෙසකින් වර්ධනය වී තිබෙනවා. ප්‍රාදේශීය පුවත්පත්වලටත් යම්කිසි උනන්දුවක් ලංකාව තුළ තිබෙනවා. උතුරේ පුවත්පත් 03ක් හෝ 04ක් තිබෙනවා. නමුත් අලුත් පුවත්පත් නිරන්තරයෙන් බිහිවෙනවා. ගම්පහ, ගාල්ල වැනි ප්‍රදේශවල යම්කිසි ලෙසකින් ප්‍රාදේශීය පුවත්පත් ලියාපදිංචි වී පවත්වාගෙන යනවා. ඒ නිසා ලංකාවේ පුවත්පත් පිළිබඳ කාරණා ලෝකයේ අනෙකුත් රටවල් සේ එකට සසඳන්න බැහැ. මොකද සාක්ෂරතාව වුණත් ලංකාවේ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා.
ඒ වගේම පුවත්පත් සඳහා ඇති ඉල්ලුම තවත් මාධ්‍යය පැමිණීමෙන් බිඳවැටෙයි කියා මා කිසිසේත් සිතන්නේ නැහැ. පුවත්පත් මාධ්‍යය තවදුරටත් ජනප්‍රිය මාධ්‍යයක් ලෙස පවතිනවා. නමුත් එහි ආකෘතිය, ප්රවෘත්ති ලියන ආකාරය, විශේෂාංග රචනය සහ පිටු සකස් කිරීමේ නවීන ක්‍රම, ඡායාරූප සඳහා විශාල ඉඩකඩක් ලබාදීම, පාඨකයාගේ අදහස් දැක්වීම්වලට ඉඩකඩක් ලබාදීම වැනි දේවල පරිවර්තනයන් සිදුවිය හැකියි. කඩදාසිවලින් තොර පුවත්පත් කියන දේ සඳහා ඇතැම් විට පුවත්පත් කලාව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. පුවත්පත් ව්‍යාපාරික ස්වරූපයෙන්ද වෙනස්කම්වලට ලක්වෙන්න පුළුවන්. සමහර සමාගම් පුවත්පත් නොමිලේ බෙදා හරින්න කටයුතු කරන්න පුළුවන්.
ලෝකයේ දැන් ආරම්භ කර තිබෙන නවතම ව්‍යාපාරික ආකෘතිය තමයි දැන්වීම්වලින් සියල්ල සිදුකර පුවත්පත මිලක් අය නොකර කැමැති කෙනෙකුට රැගෙන යෑමට හැකිවන පරිදි නොයෙකුත් ස්ථානවල තැබීමයි. එවිට පාඨකයා එය රැගෙන යනවා. එවැනි ක්‍රමවේදවලට ඉදිරියේදී මාරු වෙන්න පුළුවන්. පුවත්පතේ හැඩය වෙනස් වෙමින් පුවත්පත අලුත් ලෙසකින් පැමිණෙන්නත් පුළුවන්. නොයෙක් අනාවැකි කියන්නන් වර්ෂ ආරම්භයේ කියන දෙයක් තමයි මේ අවුරුද්දෙන් පසුව පුවත්පත කියන මාධ්‍යය නැති වෙනවා යන කාරණය. නමුත් මේ ගෙවෙන සියවස තුළත් අපට පැහැදිලි වෙන්නේ පුවත්පත් මාධ්‍යය තවදුරටත් ශක්තිමත් වන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd