Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා
අද වෙද්දී මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මුහුණදෙන විශාල අභියෝගයක් තමයි සමාජ මාධ්‍ය හරහා සිදුවන ලිංගික හිංසනයන් වැළැක්වීම යන්න. අපහසුතාවට පත්කිරීමේ අරමුණින් හෝ පළිගැනීමේ අරමුණින් හෝ වෙනත් කප්පම් ලබාගැනීමේ අදහසකින් තමන් ඇසුරු කළ තරුණියගේ නිරුවත් සැබෑ හෝ ව්‍යාජ ලෙස සැකසූ ඡායාරූප, අසැබි ප්‍රකාශන, අසැබි සංවාද හෝ වීඩියෝ පට ඉතාමත් නින්දිත ආකාරයෙන් අන්තර්ජාලය වෙත මුදාහැරීම කියන සිදුවීම් වාර්තා වීම අද වෙද්දී ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙනවා. මේ සඳහා ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ මතුපිටින් බලා නන්නාඳුනන පුද්ගලයන් සමග රාගිකත්වය හා ලිංගිකත්වය පදනම් කරගත් සබඳතා පවත්වාගෙන යෑමයි. වර්තමාන සමාජය ගත්තොත් ඇතැම් පිරිස් යම් අසහනකාරී තත්ත්වයක සිටින බව පෙනී යනවා. එවැනි පහත් මානසිකත්වයක් සහිත පුද්ගලයන් තමයි මෙවැනි විෂමාචාර ක්‍රියාවලට යොමු වෙන්නේ.
ඒ පිරිස් මෙවැනි ක්‍රියාවන් සිදුකරලා අසීමිත සතුටක් ලබනවා. පැහැදිලිවම මේ තත්ත්වයන් මනෝ ව්‍යාධීන් සහ අපගාමී පෞරුෂත්වයන් ලෙස හඳුනාගත හැකියි. ළමා අවධියේ සිට නිසි සමාජානුයෝජනයක් නොමැති වීමත් මේ සඳහා බලපානු ලබනවා. තමා මේ ලෝකයට බිහි කළ මවත් කාන්තාවක් කියන දේ අමතක වෙන තත්ත්වයට මේ පිරිස්වල මානසිකත්වය පිරිහීමකට පත්වෙනවා. එය එක්තරා අතකින් බරපතළ ඛේදවාචකයක්. කාන්තා පාර්ශ්වයන්ටත් මෙතනදී පැහැදිලි වගකීමක් තිබෙනවා. පවුලේ පිරිස් අතර පවා කාන්තාවකට අනාරක්ෂිතභාවයක් නිර්මාණය වෙලා තිබෙන සමාජයක සහ වාතාවරණයකදී සමාජ මාධ්‍යයකින් හමුවන නාඳුනන අය විශ්වාස කළ හැකිද කියලා ඔවුනුත් බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි. ඒ වගේම නිරුවත් වීම හෝ නිරුවත් ඡායාරූපයක් ආදරය සනාථ කිරීමේ නිර්ණායකයක් ලෙස ඔබේ පෙම්වතා සලකනවා නම් එවැනි පුද්ගලයෙක් තුළ ලිංගිකත්වය මිසක ආදරයේ අංශුමාත්රයක් නොමැති බව ඔබ අවබෝධ කරගත යුතුයි.
මෙවැනි සිදුවීමකට මුහුණදෙන තරුණියකට හෝ කාන්තාවකට වද දෙන ප්‍රධානතම ප්රශ්නය තමයි &මට මගේ පවුලේ අයට, යාළුවන්ට, සමාජයට මුහුණදෙන්න බැහැ. ඒ නිසා ජීවත් වීමෙන් ඵලයක් නැහැ* කියන දේ. ඒ ඔස්සේ ඔවුන් විශාල පීඩනයකට, ආතතියකට පත්වෙලා අවසානයේ සියදිවි නසාගැනීමට පෙළඹෙනවා. ඔබ හොඳින් මතක තබාගත යුතුයි එය සම්පූර්ණයෙන්ම අනුවණ ක්‍රියාවක් බව සහ ඔබේ පවුලේ අයට සහ සමීපතමයන්ට මීටත් වඩා විශාල දුකක් එයින් උරුම වන බව. කුමන ආකාරයේ ප්‍රශ්නයකට ඔබ මුහුණ දුන්නත් පවුලක් තුළ කිසිම ආකාරයකින් ඔබට තනිවෙන්න වෙන්නේ නැහැ. මවුපියන්ට සහ ඔබේ සහෝදර සහෝදරියන්ට ඔබ තරම් වටිනා සම්පතක් තවත් නැහැ. පවුලේ කෙනෙකුට කියලා ඔබේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියල ඔබට හැඟෙනවා නම් තමන්ට සමීප සහ ඉතාමත් විශ්වාසවන්ත ගුරුවරයෙකුට, කථිකාචාර්යවරියකට, මිතුරියකට මේ පිළිබඳ දැනුවත් කරන්න පුළුවන්. කිසිම අවස්ථාවක ප්රශ්නය තුළ තනිවෙලා තීරණ ගන්න එපා. තරුණ අවධිය කියන්නේ අත්දැකීම් ලබගැනීමේ කුතුහලයක් පවතින අවධියක්. ඒ කාලය තුළදී වැරදීම් සිදුවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් හැඟීම්වලට වහල් නොවී ඒ හැඟීම් හිතුමතයට ක්‍රියාත්මක කළොත් අත්වෙන්න පුළුවන් ප්‍රතිවිපාක පිළිබඳව හොඳින් සිතාබලා කටයුතු කිරීමට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕන.
මෙම කරුණ සම්බන්ධයෙන් 2005 අංක 12 දරන පනතෙන් සංශෝධිත අසභ්‍ය ප්‍රකාශන පනතේ විධිවිධාන සෘජුවම අදාළ වෙයි. පනතේ 2 (1) වැනි වගන්තිය අනුව අසභ්‍ය දෙයක් මුල් වරට ප්‍රකාශයට පත්කරන තැනැත්තෙකු රුපියල් දෙදහස් පන්සීයක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන දෙයාකාරයෙන් එක් ආකාරයක සිරදඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකිය. දෙවැනි වරට එම වරද කළේ නම් පනතේ 2(2) වන වගන්තිය අනුව සය මසක සිරදඬුවමකට සහ රුපියල් පන්දහසක් නොඉක්මවන දඩ මුදලකට යටත් කළ හැකිය. පනතේ 3 වැනි වගන්තිය අනුව එබඳු ක්‍රියාවකට ආධාර අනුබල දීම පවා මුලින් කී වරදට නියමිත දඬුවමෙන් දඬුවම් කළ හැකි වරදක් ලෙස සැලකෙයි. පනතේ 4 වැනි වගන්තිය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ එන මේ හා සම්බන්ධිත නීතිරීති එලෙසින්ම ක්‍රියාත්මක කළ හැකිය. නමුත් එකම වරදට දණ්ඩ නීති සංග්‍රහ පනත හා අසභ්‍ය ප්‍රකාශන පනත අනුව දෙවරක් දඬුවම් කිරීම නීත්‍යනුකූල නොවෙයි.
දණ්ඩ නීති සංග්‍රහයේ අසභ්‍ය දේ ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධව 285, 286 සහ 286 (අ) යන වගන්තීන් අදාළ වෙයි. මෙයින් 286(අ) වැනි වගන්තිය 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත මගින් අලුතින් එක් කරන ලද්දකි. දණ්ඩ නීති සංග්‍රහයේ 285 වැනි වගන්තිය මෙසේය.
‘‘ %285. අසභ්‍ය, පොතක්, පත්‍රිකාවක්, පත්‍රයක්, ඇඳීමක්, චිත්‍රයක්, ඡායාරූපයක්, නිරූපණයක් හෝ රූපයක් විකුණන, බෙදාහරින, පිටරටින් ගෙන්වන හෝ විකිණීම හෝ කුලියට දීම සඳහා මුද්‍රණය කරන හෝ ඕනෑවටම මහජන ප්‍රදර්ශනයට තබන හෝ එලෙස කිරීමට තැත් කරන හෝ ඉදිරිපත් වන තැනැත්තකුට තුන් මාසය දක්වා කාලයකට ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.’
එසේම පනතේ 286 වැනි වගන්තිය අනුව විකිණීම, බෙදාහැරීම හෝ මහජන ප්‍රදර්ශනය සඳහා අසභ්‍ය ප්‍රකාශන ළඟ තබාගැනීම තුන් මාසය දක්වා කාලයකට ලිහිල් බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ හැකි වරදකි. ළමයින් සම්බන්ධව අසභ්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඒ ආශ්රිත ක්‍රියාකාරකම්වලට දණ්ඩ නීති සංග්‍රහයේ 286 (අ) වගන්තිය ප්‍රකාරව වසර දෙකේ සිට දහය දක්වා කාලයක සිරදඬුවමක් නියම කළ හැකි අතර දඩයකටද යටත් කළ හැකිය. එම වගන්තියේ ළමයා යනුවෙන් විස්තර කෙරෙනුයේ වයස අවුරුදු දහ අටකට අඩු අයෙකි. එසේම 2006 අංක 16 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහ පනතේ 286 (ආ) වගන්තිය අනුව ළමයෙකු ලිංගික අපයෝජනය කිරීමේ කාර්යය සඳහා පරිගණක භාවිත කිරීම වසර දෙකක් දක්වා කාලයකට සිරගත කළ හැකි වරදකි.
තමන්ගේ හෝ තමන් විසින් රැකවරණ ලබාදෙන අයෙකුගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට එක්කර ඇති බව දැනගන්නා අයෙකු විසින් පොලීසියට කරන පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී වරදකරුවන් නීතියේ රැහැනට කොටුකර ගනු ඇත. ඒ සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථානයන් වෙත රජයෙන් ලබා දී ඇත.
පරිගණක හා අන්තර්ජාලය ආශ්‍රිතව කෙරෙන අපරාධයන් මෑතක සිට වඩ වඩාත් සංකීර්ණ වෙමින් පවතින ආකාරයක් දක්නට හැකිය. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ක්‍රියාත්මක කරන ලද්දේ පරිගණක හා අන්තර්ජාලය ආශ්‍රිතව කරනු ලබන අපරාධ මැඬලීමේ කාලීන අවශ්‍යතාව හඳුනාගැනීමෙන් අනතුරුවය. පනතේ 2 වැනි වගන්තිය අනුව පරිගණක හා සම්බන්ධ වැරදිද ඒ ආශ්රිත තොරතුරු සැකසීම තොරතුරු සන්නිවේදනය ආශ්රිත වැරදිද 2007 අංක 24 දරන පනතේ විෂය පථය යටතට වැටෙයි. පනතේ 3 වැනි වගන්තිය අනුව තමන්ට ප්‍රවේශ වීමට අවසර නොමැති (අ) පරිගණකයකට හෝ (ආ) පරිගණක දත්තයන්ට වරදක් කිරීමේ අදහසින් ප්‍රවේශ වීම දඬුවම් ලැබිය හැකි වරදකි. එම වරදට දඬුවම් වනුයේ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් නොඉක්මවන දඩයක් හෝ වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම වෙයි. එම වගන්තියෙහි පළමු පැහැදිලි කරදීම අනුව අදාළ දත්තයන්ට ප්‍රවේශ වීම තුළින් පමණක් වුව වරද සිදුවෙයි.
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 5 වැනි වගන්තිය අනුව වෙනත් අයෙකුගේ පරිගණකයකට අවසර නොමැතිව ඇතුළු වී දත්ත වෙනස් කිරීම, දත්ත විනාශ කිරීම හො පරිගණක වැඩසටහන් අඩාළ කිරීමට ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එම වරදට දඬුවම් වනුයේ රුපියල් තුන් ලක්ෂයක් නොඉක්මවන දඩයක් හෝ වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම වෙයි. පරිගණක වෛරසයන් නිර්මාණය කිරීම හා පරිගණක වෛරස අන්තර්ජාලයට මුදාහැරීම තුළින් පරිගණක, පරිගණක පද්ධති හෝ පරිගණක වැඩසටහන් අඩාළ කරලීමේ ක්‍රියාවද මෙහි පස් වැනි වගන්තිය තුළට ගැනෙන වරදක් බව පැහැදිලිය.
වැදගත්ම කරුණ වෙන්නේ යම් අතිශය පෞද්ගලික දෙයක් වීඩියෝ කරන්නට හෝ ඡායාරූපගත කරන්නට පෙර එය සිදුකරන පුද්ගලයා සිතා බැලිය යුතුයි මෙයින් එහි පෙනී සිටින්නන්ට හෝ තමාට යම් අවැඩක්, අපකීර්තියක් ඇතිවෙයිද කියලා. ද්වේෂ සහගත ලෙස එය කරනවා නම් සිතන්නට අවශ්‍යයි එය සිදුකිරීමෙන් යමෙකු අපකීර්තියට ලක් කිරීමෙන් තමන්ට ලැබෙන දෙයක් තිබෙනවාද කියලා. ඒ වගේම තමන්ගේ කෙනෙකුට මේ වගේ දෙයක් වුණොත් සිදුවන විපතත් සිතා බැලිය යුතුයි. ඒ නිසා මිනිසාගේ යහපත වෙනුවෙන් මේ නිර්මාණය වුණ දේවල් නියමාකාරයෙන් භාවිත කරන්න අපි යහපත් ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම අද අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.
කවුරුන් හෝ පුද්ගලයෙක් අන්තර්ජාලය ඔස්සේ තවත් අයෙකුගේ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයෙන් අපහාස හෝ නිරුවත් ඡායාරූප, ප්‍රකාශන හෝ වීඩියෝපට ප්‍රචාරය කරනවා නම් එය වරදක්. අපි කුමන උපක්‍රමයකින් අන්තර්ජාලය වෙත පිවිසුනත් අපි ඊට පිවිසුන බවට අනිවාර්යයෙන්ම ඉතිරි වෙනවා. ඒ හරහා පැහැදිලිවම එවැනි පුද්ගලයන් හඳුනාගැනීමට තාක්ෂණික වශයෙන් හැකියාව පවතිනවා.
තමා භාවිත කරන දුරකථනයට නිරතුරුවම මුරපදයක් හෝ වෙනත් ආරක්ෂණ ක්‍රම‘වේදයක් යොදා තිබීම ඉතාමත් වැදගත්. මෙමරි චිප් එක දුරකථනයෙන් ගලවා තබා එය වෙනත් අයෙක් අතට පත්වුවහොත් එයින් පවා අහිතකර ප්‍රතිඵල ඇතිවීමට හැකියි. ජංගම දුරකථනය අලුත්වැඩියා කටයුත්තකට දෙනවා නම් එහි මෙමරි කාඩ්පත් ඉවත් කරලා අනිවාර්යයෙන්ම දුරකථනය ප්‍රතිස්ථාපනය කිරීම (Factory Data Reset) සිදුකරනවා නම් ඔබේ පෞද්ගලික කාරණාවන් පිටස්තර පාර්ශ්වයන් අතට පත්වීම වළකාගත හැකියි.
popular news
Saliya Monday, 30 August 2021 12:44 PM
ඔය වගේ තව කෙනෙකුගේ ලිංගික චායාරූප share කල අයෙකු ගැන පැමිනිලි කල හැකි දුරකතන අංකයක් අවශ්‍යයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd