YouTube හි වසරේ අමතක නොවන අවස්ථා සහ ජනප්‍රිත්වයට පැමිණි ගීතමය වීඩියෝව සැමරීමට සහ එම මතකයන් යළිත් ආවර්ජනය කිරීම සඳහා පසුගිය වර්ෂයේ මෙන්ම මෙම වර්ෂයේදීද YouTube ජාලය විසින් Youtube Rewind 2014 යනුවෙන් ගීතයක් නිර්මාණය කර ඇත. 2012 වර්ෂයේ සිට ආරම්භ කරනු ලැබූ මෙම කර්තව්‍ය සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතී.
මෙම Rewind වීඩියෝව නැරඹීමට විශාල ප්‍රවණතාවක් ඇති බව මේ වනවිටත් අනාවරණය වී හමාරය. එයට හේතුව වන්නේ මෙම වීඩියෝව එළිදක්වා සතියක කාලයක් තුළින් නැරඹුම්වාර 64,249,270කට වැඩි වාර්තාවකට හිමිකම් කීමට මෙම වීඩියෝවට හැකියාව ලැබුණි.
මෙම ගීතය නිර්මාණය වන්නේ 2014 වර්ෂයේ ජනප්‍රිය ගීත සහ අනෙකුත් වීඩියෝවවලට උචිත ආකාරයේ නව වීඩියෝ කොටසක් එක්කිරීම මගිනි. මේ සඳහා 2014 වර්ෂයේ මෙම වීඩියෝව සඳහා අයිස් බාල්දිය අභියෝගය, The Chainsmokers වීඩියෝව, PewDiePie වීඩියෝව, Tyler Oakley, Jenna Marbles, Big Bird, Rhett සහ Link, AmazingPhil, danisnotonfire, Super woman, Epic Rap Battles, Kingsley, Grace Helbig, Stephen Colbert, Chris Hardwick, Jimmy Kimmel, බිහිසුණු බබා (creepy devil baby) වීඩියෝ සහ සංගීත වීඩියෝ උපහාර සියලුම ලැයිස්තුගත කර ඇත.
මීට අමතරව ජනප්‍රිය ගීත වන කැතී පෙරීගේ ඩාර්ක් හෝර්ස්, ශකීරාගේ Can’t Remember to Forget You සහ La La La (Brazil 2014) ටේලර් ස්ෆ්ට්ගේ Shake It Off ගීතයද, නිකී මිනාජ්ගේ ඇනකොන්ඩා ගීතයද ඇතුළත් වේ. මෙම වීඩියෝව සඳහා මිලියන 55කට ආසන්න සංඛ්‍යාවක්ද අනෙකුත් සමාජ අඩවිවල දායකත්වය ලබා දී තිබේ.