2013 වර්ෂය වෙනුවෙන් යූටියුබ් වෙබ් අඩවියට ඇතුළත් කරන ලද වීඩියෝ ඇසුරෙන් තනන ලද තනි වීඩියෝව වන 'What does 2013 say' Rewindවීඩියෝව මේ වනවිට ප්‍රසිද්ධ කර මසක් පමණ වේ.
යූටියුබ් ජාලය විසින් වාර්ෂිකව සිදුකරනු ලබන මෙම කර්තව්‍ය සඳහා අදාළ වර්ෂයන්හි එම ජාලයට එක්කරන ලද ඉතා ජනප්‍රිය වීඩියෝපට අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් එක්කරගනු ලබයි. මෙවර එළිදැක්වූ වීඩියෝපටය මේ වනවිට මිලියන 87 කට අධික (මෙම සටහන තබන විටදී) නැරඹුම් සංඛ්‍යාවක් වාර්තාගත කර තිබේ. වාර්ෂිකව දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනුලබන Rewindවීඩියෝව හරහා යූටියුබ් හි ජනප්‍රියතාවයට, එහි ඇති නිර්මාණවල ජනප්‍රියතාවයට, එම නිර්මාණකරුවන්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ටද විශිෂ්ට අත්දැකීම් එක් කරනු ලබයි.
වීඩියෝව මෙතනින් නරඹන්න