Yahoo Movies අනුග්‍රහයෙන් සහ Fox සමාගමේ සහභාගීත්වයෙන් X-Men චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (12දා) ලන්ඩනයේදී පැවැත්විණි. මංගල දර්ශන දැක්ම සඳහා චිත්‍රපටයේ සියලුම නළුනිළියෝ සහභාගී වී සිටියහ.
එහිදී X men චිත්‍රපටයේ ප්‍රධානය චරිතයකට පණපොවන ජෙනිෆර් ලෝරන්ස් අකරතැබ්බයකට මුහුණපෑමට සිදු වූ අතර, ඒ ප්‍රේක්ෂකයන් ඇමතීමට යාමේදී කකුල පැටළී වැටෙන්නට යාම නිසාවෙනි. එහිදි මාධ්‍යවේදීන්ගේ කැමරා සියල්ලේම එය ඡායාරූපගත වී තිබිණි.
මීට අමතරව තවත් රටවල් 05 ක මෙවන් මංගල දර්ශන වාර පැවැත්වීමට නියමිතය. මැයි 13 වැනිදා බීජින් සහ මොස්කව්හිදී, මැයි 14 වැනිදා සිංගප්පූරුවේදී, මැයි 15 වැනිදා සාඕපෝලෝහිදී සහ මැයි 16 වැනිදා මෙල්බර්න්හිදී එම මංගල දර්ශන තිරගත කෙරෙනු ඇත.