මේ දිනවල බොහෝ දෙනා හඳුනන චරිතයක් ලෙස Batman v Superman: Dawn of Justice චිත්‍රපටයේ වොන්ඩර් වුමන් නොහොත් ප්‍රින්ස් ඩියානා හැඳින්විය හැකිය. ගාල් ගැඩෝ නම් ඇය ඊශ්‍රායෙල් නිරූපිකාවක වෙයි.
2004 වසරේ Miss Israel තරගය ජයග්‍රහණය කර ජනප්‍රියත්වයට පත් ඇය එම වසරේම Miss Universe තරගයටද සහභාගි වූ නමුත්, එහිදී ඇයට ජයග්‍රහණයක් හිමි නොවීය. ඉන්පසු ඇය 2007 වර්ෂය දක්වාම කිසිදු කටයුත්තකට දායක නොවූ අතර, 2007 වර්ෂයේදී Bubot නම් රූපවාහිනී නාට්‍ය මාලාව හරහා රංගන ක්ෂේත්රයට පිවිසියාය.
එතැන් පටන් වේගවත් ගමනක් පැමිණි ඇය මේ වනවිට අධික මිලක් අය කරන රංගන ශිල්පිනියක ලෙස නම් වී හමාරය. 2009 වර්ෂයේදී රූපවාහිනී කතා මාලාවකට දායක වූ ගැඩෝට 2009 Fast & Furious චිත්‍රපටයේ රංගන වරම් හිමිවිය. ඇය එම චිත්‍රපට මාලාවේ චිත්‍රපට 04 ක් සඳහා දායක වූවාය. ඉන්පසු 2010 වර්ෂයේ සිට එක් අවුරුද්දකට එක් චිත්‍රපටය බැගින් තෝරාගෙන ඒ සඳහා දායකත්වය ලබාදෙන්නට ඇයට සිදු විය.
එයට හේතු වූයේ හොලිවුඩයේ චිත්‍රපටයක් අවසන් කර නැවතත් ඊශ්‍රායලය බලා පිටත් වන්නට ඇයට සිදුවන හෙයිනි. කෙසේ නමුත් නවතම Batman vs Superman: Dawn of Justice චිත්‍රපටයට ඇය එක්ව ඇත්තේ එහි රූගත කිරීම් කටයුතුවල මැද භාගයේදීය. DC Comics ග්‍රන්ථයේ ඇති 'වෝන්ඩර් වුමන්' චරිතයට පණදීමට ඔවුන් උත්සාහ කිරීම එයට හේතුවයි. 2017 වර්ෂයේද Wonder Woman නමින් චිත්‍රපටයක් එළිදැක්වීමට සූදානම් වූ අතර, එම චරිතයට කොපමණ බලපෑමක් කිරීමට හැකියාව ලැබෙනවාද යන්න මෙම චිත්‍රපටය ඔස්සේ ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලබයි.
ගාල් ගැඩෝ පණ පොවණ එම චරිතයට පණපෙවීමට ඔවුන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් අතර, එය 2017 වර්ෂයේදී එළිදැක්වීමට සූදානම්ය. මෙම වර්ෂයේදී එම චරිතය සඳහා කුමන ප්‍රතිචාර හිමි වුවත් 2017 වර්ෂයේදී එම චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් එළිදක්වන බව වෝනර් බ්‍රදර්ස් සමාගම පවසා ඇත.