ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
විවිධ වූ කලා නිර්මාණ විදහා දක්වමින් ලෝකය තුල ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ නිර්මාණයන් බිහිවී හමාරය. බොහෝ කලාකරුවන් පින්සල, පැන්සල, පෑන වැනි චිත්‍රයක් ඇඳීමට හැකි කුමන දෙයක් සමග නිර්මාණය හැකියාව ලොවට විදහ දක්වනු ලබයි. එවැනි කලාකරුවන් අතරින් වෙනස් ආකල්පයන් ඇති කලාකරුවෙකු ලෙස Ben Heine හැඳින්විය හැකිය.
බහුමාධ්‍ය කලා හැකියාවක් ඇති මොහුගේ ආයිත්තම් වන්නේ කැමරාව සහ පැන්සලය. ඔහු විසින් ගනු ලබන සැබෑ ඡායාරූපයට සමපාත වන කොටස් කඩදාසිය ආධාරයෙන් පැන්සලින් ඇඳ නිර්මාණය කරනු ලබයි. එම සැබෑ ඡායාරූපයට වැඩි අලංකාරයක් ලෙස ඔහු කුමන් හෝ චිත්‍රයක් අඳිනු ලබයි. 1983 වර්ෂයේ බෙලිජිමේ උපන් Ben Heine පුවත්පතක දේශපාලන කාටූන් ශිල්පියෙකු ලෙස සේවකරනු ඇත.
පුවත්පත් මාධ්‍ය කලාව තුළ උපාධියක් ලබා ඇති ඔහු 2007 වර්ෂයේදී ප්‍රසිද්ධියට පත්වනු ලබන්නේ පුවත් පත් කාටූන් ශිල්පියෙකු ලෙසයි. ඊශ්‍රාලයේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ඔහු කාටූන් ලෙස තම පුවත්පතට ලබා දෙන ලදී. ඉන්පසුව එයින් ඇති වූ බාහිර බලපෑම් හේතුවෙන් 2009 වසරේදී දේශපාලනික කාටූන් ඇඳීම නතරකරන ලදී. මෙම සිදුවීමෙන් පසුව එංගලන්තයට පැමිණ ඔහු පින්තාරු කලාව ගැන හදාරන ලදී. ඉන්පසුව ඔහු චිත්‍රකලාව සහ මූර්තිකලාව එක් කර නිර්මාණ කිරීමට වෙර දැරීය.
මෙවැනි ක්‍රියාකාරකම් අත්හදා බලමින් සිටින විට ඡායාරූප ශිල්පය පිළිබඳ හදාරා ඒ සඳහා චිත්රකලාවද එක්කරන ලදී. ඉන්පසුව එමගින් තවත් ප්‍රසිද්ධියට පත්වූ ඔහුව Pencil vs Camera නිර්මාණය ශිල්පියා ලෙස හඳුන්වනු ලැබීය. 2010 වර්ෂයේදී චිත්‍රකලාව සහ ඡායාරූපකරණ මිශ්‍රකර සුවිශේෂී නිර්මාණ බිහිකරනු ලැබීය. ඔහු මූලික වශයෙන් කලාත්මක දර්ශන, මිනිසුන්, සතුන් සහ ගොඩනැගිලි උපයෝගී කර ගනිමින් සිතුවම් කලාවට නව සංකල්පයක් එක්කරන ලදී. ඔහු විසින් තම වෙබ් අඩවියේ පවසා ඇත්තේ, "මම කැමති මිනිසෙක්ව කලාත්මක කරන්න" යනුවෙනි. මෙවැනි විවිධ කලාකරුවන් බිහිවීමෙදී නිර්මාණ ලෝකය කෙතෙරම් සුවිශේෂීද යන්න කියා නිම නොහැකිය.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd