Mission: Impossible - Rogue Nation මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්වී ඇති අතිශය ජනප්රියත්වයට පාත්ර වූ චිත්රපටයකි. සුප්රකට ඇෙමරිකානු ක්රියාදාම චිත්රපට මාලාවක් වන මිෂන් ඉම්පොසිබල් චිත්රපට මාලාවේ පස්වැනි දිගහැරුම ලෙස පසුගිය ජූලි 31 වැනි දින සිට උතුරු ඇමරිකාවේදී තිරගත වීම් ආරම්භ වූ මෙම චිත්රපටය, ආරම්භක සති අන්තය වනවිට ඇෙමරිකාව තුළ තිරගත වෙමින් ඇ.ඩො මිලියන 55.5ක්ද, ලොව පුරා තිරගත වෙමින් ඇ.ඩො මිලියන 120ක්ද ඉපැයීමට සමත් වී ඇත. මේ දිනවල වැඩිම ආදායම් ලබමින් තිරගත වන චිත්රපට ලැයිස්තුවේ ඉදිරියෙන්ම වැජඹෙන මෙම චිත්රපටය වාණිජමය වශයෙන් අතසාර්ථක අග්රගණ්ය නිර්මාණයක් ලෙස පිළිගැනීමට මේ වනවිටත් කරුණු කාරණා සපුරා ඇත.
මෙම චිත්රපටයේ තිර රචනය සහ අධ්යක්ෂණය සුප්රකට ඇෙමරිකානු චිත්රපට අධ්යක්ෂක, නිෂ්පාදක, තිර රචක ක්රිස්ටෝපර් මැක්කාරි විසින් සිදුකරන ලදී. එසේම මෙම චිත්රපටයේ දැවැන්තම චරිතය වන Ethan Hunt වෙනුවෙන් පණ පොවන සුප්රකට නළු ටොම් කෘස් රංගනයෙන් දායක වන අතර, සෙසු චරිත උදෙසාද සුප්රකට රංගන ශිල්පිනී ශිල්පිනියන් වන ජෙරම් රේනර්, සිමන් පෙග්, රෙබෙකා ෆර්ග්යුසන්, වින් රේම්ස්, සිඈන් හැරිස්, ඇරෙල් බෝල්ඩ්වින් දායක වෙති.
රහසිගත මැරයන් සහ ඝාතකයන් ලෙස තමන්ට ලැබෙන අණ පරිදි මෙහෙයුම් සිදුකරන සමාගමක් බවට පත් වන IMF (Impossible Missions Force) සමාගම බිඳ දැමීම උදෙසා ඊතන් හන්ට් (Tom Cruise ) තමන් විසින් සකස් කරගත් කණ්ඩායමක් එකතු කරගනිමින්, ඔහු මෙතෙක් ක්රියාත්මක කළ දුෂ්කරම මෙහෙයුම ඔස්සේ Mission: Impossible - Rogue Nation කතා පුවත දිගහැරෙයි. මෙය පසුගිය මිෂන් ඉම්පොසිබල් චිත්රපට මෙන්ම මනා ලෙස නිර්මාණය වූ ක්රියාදාම චිත්රපටයකි. මෙම චිත්රපටය පිළිබඳ කතාබහ කිරීමේදී මෙහි රංගනයෙන් දායක වන සුවිශේෂී ප්රධාන නළු ටොම් කෘස්ගේ ජවසම්පන්න රංගන ප්රතිභාව සඳහන් කළයුතුම කරුණකි.
පෙර චිත්රපට මෙන්ම මෙහිදීද ටොම් කෘස් ක්රියාදාම ආදේශක ශිල්පීන් යොදාගැනීමකින් තොරව එම අවදානම් දර්ශන රූගත කිරීම් සිදුකරන්නේ ඔහුගේ රංගන ප්රතිභාෙවන් ඔබ්බට ගොස් තමන් තුළ ඇති ක්රියාදාම කිරීමේ හැකියාවද පිළිබිඹු කරමිනි. පසුගිය මිෂන් ඉම්පොසිබල් චිත්රපට මාලාවේ නිර්මාණ හතර තුළද මනා ක්රියාදාම රංගනයක නියැළුණු ඔහු මෙවර චිත්රපටය වෙනුවෙන්ද මිනිත්තු 6ක පමණ කාලයක් එකදිගට වතුර යට හුස්ම අල්ලාගෙන සිටිමින් තනි දර්ශනයක් රූගත කිරීම සහ පියාසර කරන යානාවක දොරේ එල්ලී සිටිමින් දර්ශනයක් රූගත කිරීම ආදී රංගනයන් සිදුකොට තිබුණේ තමන් තුළ තිබෙන සියලු දක්ෂතාවන් එක්තැන් කරමිනි.
ඇ.ඩො. මිලියන 150ක් පමණ වැයකොට නිර්මාණය කර ඇති මෙම චිත්රපටය තිරගත වීම ආරම්භ වී කෙටි දිනක් වුවත්, මේ වන විට ඇ.ඩො මිලියන 127ක ආදායමක් ඉපැයීමට සමත්ව ඇත්තේ වාණිජමය වශයෙන් සාර්ථක වූ සිනමාපටයක් ලෙස මිෂන් ඉම්පොසිබල් චිත්රපටය වර්ගීකරණය කරමිනි.
අනුෂි දන්තනාරායන