හොලිවුඩ් සිනමා කර්මාන්තයේ මේ වන විටත් තිරගත වෙමින් පවතින චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපටය 10ක් නම්කර තිබේ. එම චිත්‍රපට 10 මේ වන විට ලොව පුරා තිරගත වෙමින් ආදායම් වාර්තා අතරට එකතු වෙමින් පවතී. මේ වන විට තිරගත වෙමින් පවතින චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයා මුල්තැන හිමිකරගෙන ඇත්තේ Insidious: The Last Key චිත්‍රපටයයි. සංත්රාසජනක චිත්‍රපටයක් වන මෙය තිරගත වීම ආරම්භ වූයේ ජනවාරි 05 වැනිදාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් යොදා නිර්මාණය කරනු ලැබූ මෙම චිත්‍රපටය ඩොලර් 144.6ක ආදායමක් මේ වන විට උපයා තිබේ. Insidious: The Last Key චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ළාබාල නිළිය පිළිබඳව මේ වන විට බොහෝ දෙනා අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඇය තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු පිළිබඳව සමාජ වෙබ් අඩවි ඔස්සේ තම රසිකයන් හා බෙදාහදා ගනු ලබයි.
ඇය නමින් Spencer Locke නම් වෙයි. 26 වැනි වියේ පසුවන ඇය ළමා නිළියක් ලෙසයි සිනමාවට පිවිස ඇත. සිනමාව තුළ මෙන්ම රූපවාහිනී නිළියක් ලෙසද ඇය මේ වන විට විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ. Spencer 2003 වසරේ රංගනයට පිවිසෙන්නේ Kidz Bop: Everyone's a Star! නම් කෙටි චිත්‍රපටය ඔස්සේය. රංගනය පිළිබඳව හැදෑරීමක් නොමැති ඇය 2004 වසරේ විකාශනය වූ Without a Trace නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ පුංචි තිරයට පා තබන ලදී. ඉන්පසු ඇය නැවත 2004 වසරේ තිරගත වූ Spanglish නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය. 2005 වසරේ ඇය නැවත පුංචි තිරය ඔස්සේ නිර්මාණ කිහිපයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Ned's Declassified School Survival Guide, Untitled Camryn Manheim Pilot සහ Phil of the Future නම් රූපවාහිනී කතාමාලාවන් සඳහාය.
2006 සිට 2013 වසර දක්වා ටෙලිනාට්‍ය 16ක් සඳහා රංගනයෙන් දායක වීමට Spencer ට හැකි විය. ඇය 2013 වසරේ පුංචි තිරයට සමුදුන්නාය. 2007 වසරේ Spencer රංගනයෙන් දායක වූ Resident Evil: Extinction චිත්‍රපටය ඇයගේ රංගන දිවියට විශාල පිටිවහලක් වූ බව සඳහන් වෙයි. ඉන්පසු එම චිත්‍රපටයේ දෙවැන්න ලෙස තිරගත වූ Resident Evil: Afterlife නම් චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වීමට ඇයට අවස්ථාව උදා වී තිබේ. 2011 වසරේ Spencer නැවත රංගනයෙන් දායක වූයේ Detention නම් චිත්‍රපටය සඳහාය. ඊට අමතරව ඇයට එම වසරේ තවත් චිත්‍රපට 02ක් සඳහාද රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා විය. 2012 වසරේ චිත්‍රපට දෙකක්ද, 2013 වසරේ චිත්‍රපට දෙකක් සඳහාද ඇය රංගනයෙන් දායක විය. 2013 වසරේ තිරගත වූ Tarzan චිත්‍රපටය සඳහාද ඇය රංගනයෙන් දායක විය. එයද ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් විය. 2014 වසරේ සිට 2017 දක්වා ඇය සිනමා නිර්මාණය කිහිපයක් සඳහාද රංගනයෙන් දායක විය. මෙම වසරේ මුල් කාලයේ තිරගත වූ Insidious: The Last Key නම් චිත්‍රපටය හේතුවෙන් Spencer පිළිබඳව අවධානය යොමු වුවත් මෙම වසරේ ඇය දායක වූ සිනමා නිර්මාණ එළිදැක්වීමට නොමැත.