සංගීත ලෝකයට විටින් විට විවිධ ආකාරයේ තාරකාවන් පායන අතර, ඒ එකිනෙකාගේ දක්ෂතාව සහ සංගීතලෝලීන්ගේ ආදරය දිනා ගැනීමේ වාසනා ගුණය මත ඔවුන් ක්ෂේත්රයේ ස්ථාවර වීම හෝ නොවීම සිදුවෙයි. නමුත් දැඩි ජනප්‍රියත්වයට පත්වීම හෝ ප්‍රසිද්ධත්වයට පත්වීම සෑම අයෙකුටම බලෙන් සිදුකළ නොහැක්කකි. මේ සෑම දෙයක්ම එකසේ ලබා ගනිමින් මේ දිනවල සංගීත ලෝකයේ අතිශය ජනප්‍රිය මෙන්ම පොප් සංගීත ලොව රජු ලෙස ජනාදරය දිනාගත්තෙක් වෙයි. ඒ අන් කවරෙකු නොව මෑතකාලයේ සම්මාන ගණනාවකටද හිමිකම් කියමින් ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් 'Enrique Iglesias (එන්රික් ග්ලේසියස්)'ය. මේ දිනවල ලතින් පොප් සංගීතයේ රජු ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත් එන්රික් ස්පාඤ්ඤ ජාතික ගායකෙයකු, ගීත රචකෙයකු, රංගන ශිල්පිෙයකු මෙන්ම පටිගත කිරීම් අධ්‍යක්ෂකවරෙයකු ලෙසින්ද ප්‍රසිද්ධයට පත්වූවෙකි.
1975 මැයි 8 දින ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ප්‍රදේශයේදී උපත ලබන එන්රික්, සුප්‍රකට ස්පාඤ්ඤ ජාතික ගායක 'Julio Iglesias (ජුලියො ග්ලේසියස්)' සහ සඟරාවක මාධ්‍යවේදිනියක වන' Isabel Preysler (ඉසබෙල් ප්‍රෙස්ලර්)' ගේ තෙවැනි මෙන්ම ළාබාලම දරුවාය. 1978දී තම මව සහ පියාගේ දික්කසාදයෙන් පසු සිය පියා ඇමරිකාවේ මියාමි ප්‍රදේශයේ පදිංචියට යන අතර, ඔහු සිය මව, සහෝදරයා 'ජුලියෝ' සහ සහෝදරිය 'කැබෙලි' සමග ස්පාඤ්ඤයේ වාසය කරයි. නමුත් 1982 වර්ෂයේදී එන්රික් සහ සිය සහෝදර ජුලියෝගේ ආරක්ෂාව තකා ඔවුන් දෙදෙනාද සිය පියා සමග මියාමි ප්‍රදේශයේ වාසය කිරීමට යවයි. තම පියා සංගීත ක්ෂේත්රයේ දැවැන්තයෙකු වුවද, එන්රික්ට තම පියාගේ ප්‍රසිද්ධ නාමයෙන් ප්‍රයෝජන ගැනීමට කැමැත්තක් නොවීය. එහෙයින් ඔහු සිය පියාට නොදන්වාම තම සංගීත දිවිය අරඹන්නේ 'Gulliver Preparatory School' පාසලේ අධ්‍යාපනය ලබන අතරවාරයේය. තම පියාගේ අඩිපාරේ යන එන්රික් සිය ප්‍රථම ගීතය වන %Hello, Dolly!^ ගීතය ඉදිරිපත් කිරීමට සමත් වෙයි. එයින් පසු ඔහු මියාමි ප්‍රදේශයේ කුඩා ආපන ශාලා වල තම මිතුරන් කණ්ඩායම් සමග ගීත ගායනා කරමින් සංගීතය සපයන අතර, ගීත රචනයද ආරම්භ කරනු ලැබීය. කෙසේවෙතත් ඔහු මේ සියලු කටයුතු සිදුකරන්නේ තම දෙමාපියන්ට සඟවමිනි. මියාමි විශ්ව විද්‍යාලයේ වසරක් ව්‍යාපාර අධ්‍යයනය හදාරන ඔහු එයින් කෙමෙන් ඈත්ව තමන් ආශා කළ සංගීත ක්ෂේත්රයට වැඩි කාලයක් යෙදවීමට තීරණය කරයි. ඒ අනුව 'Enrique Martinez' ලෙස කවුරුත් නොදන්නා නමකින් ගීත ඉදිරිපත් කළ ඔහු තම මව සහ පියාට තම අභිප්‍රාය හෙළිකරනු ලබන්නේ %Fonovisa^ නම් පටිගත කිරීම් සමාගම සමග පටිගත කිරීම් ගනුදෙනුවක් ලැබීමෙන් පසුවය. තම මව සහ පියා දැනුවත් කළ වහාම ටොරෝන්ටෝ වෙත යන එන්රික් තම ප්‍රථම ඇල්බමය 1995 වර්ෂයේදී 'Enrique Iglesias' නමින් එළිදැක්වීමට සමත් වෙයි. තෙමසක් තුළ මිලියනයකට අධික ප්‍රමාණයක් පෘතුගාලය තුළ අලෙවි වන ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වූ ඔහුගේ මෙම ප්‍රථම සංගීත ඇල්බමය ලොව පුරා මිලියන 6කට අධික ප්‍රමාණයක් අලෙවි විය. ඒ අනුව 1996 වර්ෂයේ ග්‍රැමී සම්මාන උලෙළේ හොඳම ලතින් සංගීත ශිල්පියා, බිල්බෝර්ඩ් හි වසරේ හොඳම කලාකරුවා සහ වසරේ හොඳම ගීත ඇල්බමය මෙන්ම ඇමරිකානු සංගීත සම්මාන උලෙළේ සම්මාන ද්විත්වයක්ම ලබාගනිමින් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වීමට සමත්වෙයි. එයින් පසු 1997 වර්ෂයේදී එළිදක්වන සිය දෙවැනි ගීත ඇල්බමය 'Vivir' ද මිලියන 5කට අධික ප්‍රමාණයක් අලෙවි වූ අතර, සිය ප්‍රථම ලෝක සංචාරයක්ද මේ වෙනුවෙන් සිදුකරනු ලැබීය. තෙවසරක් තුළදී ස්පාඤ්ඤ බසින් යුත් ගීත ඇල්බම මිලියන 17කට අධික සංඛ්‍යාවක් එළිදැක්වීමට සමත් වූ එන්රික් හට ඇමරිකාවේ වැඩි ඉල්ලුමක් වූ අතර,ඒ වනවිටත් ඔහු ඇමරිකාව මෙන්ම රටවල් ගණනාවකම අතිශය ජනප්‍රිය තාරකාවක් බවට පත්වී හමාරය.
පෙර දැක්වූ ගීත ඇල්බම එන්රික් විසින් 17 වැනි වියේදී පමණ රචනා කළ ගීතයන්ගෙන් එළිදැක්වුණු ඒවා වූ අතර, 1998 වර්ෂයේදී 'Cosas del Amor' නමින් එළිදැක්වූ ගීත ඇල්බමය මුහුකුරා ගිය බවක් දක්නට ලැබුණු ඇල්බමයක් විය. එසේම 'Enrique' නමින් එළිදැක්වුණු සිය සිව්වැනි ගීත ඇල්බමය ඔහු විසින් ඉංග්‍රීසි බසින් එළිදැක්වූ ප්‍රථම ගීත ඇල්බමය විය. එම ගීත ඇල්බමය ලොව පුරා මිලියන 23ක් පමණ අලෙවි වූ අතර, 2001 වර්ෂයේදී එළිදැක්වුණු 'Escape' ගීත ඇල්බමයද ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. එයින් පසු නැවතත් 2002 වර්ෂයේදී ස්පාඤ්ඤ බසින් 'Quizás'නමින්ද, 2003 වර්ෂයේදී '7', 2007 වර්ෂයේදී 'Insomniac 2010 වර්ෂයේදී 'Euphoria' ආදී වශයෙන් එළිදැක්වීමට සමත් වූ අතර, එයින් වසර 4කට පසු සිය දහ වැනි ඇල්බමය පසුගිය මාර්තු මාසයේදී 'Sex and Love' එළිදක්වනු ලැබීය. මේ දිනවල මෙම ගීත ඇල්බමයද අතිශය ජනප්‍රිය මෙන්ම ලොව පුරා සංගීතලෝලීන් ආදරයෙන් වැළඳ ගත් ගීත ඇල්බමයක් බවට පත් වී ඇත. එන්රික් එළිදැක්වූ ගීත අතර Do You Know , I Like It, Heartbeat, LloroPorTi , Can You Hear Me,I Like How It Feels , Finally Found You ,Turn the Night Up, Loco , Heart Attack , Kiss Me Once , All I Need Is You වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත්වීය.
කෙමෙන් කෙමෙන් සංගීත ලෝකයේ ඉදිරියට පැමිණ ඇති එන්රික් මේ වන විට ලතින් ඇමරිකාවේ දැවැන්ත සංගීත තරුවක් මෙන්ම ඇමරිකාව තුළ ස්පාඤ්ඤ බසින් නිර්මාණය වූ වැඩිම ඇල්බම අලෙවියක් සහිත තරුව බවටද පත් වී ඇත. 'Universal Music' සමාගම සමග සමග මෙන්ම 'Republic Records' සමාගම සමග එක්ව ද්විභාෂා ගීත ඇල්බම බොහෝමයක් එළිදැක්වූ ඔහු මේ වන විට ගීත මිලියන 100කට අධික ප්‍රමාණයක් ලොව පුරා අලෙවිකොට ඇත්තේ වැඩිම අලෙවියක් ඇති ලතින් සංගීත ශිල්පීන් අතුරින් දෙවැනි ස්ථානයට පත්වෙමිනි. බිල්බෝර්ඩ් ගීත දර්ශකයේද නිරන්තරයෙන් රැඳී සිටින මොහු බිල්බෝඩ් හි හඳුන්වනු ලබන්නේද 'The King of Latin Pop' නාමයෙනි. මේ වන විට සිය සංගීත දිවිය තුළ බිල්බෝර්ඩ් සංගීත සම්මාන උලෙළේ සම්මාන 16ක්ද , බිල්බෝර්ඩ් ලතින් සංගීත සම්මාන උලෙළේ සම්මාන 26ක්ද, ඇමරිකානු සංගීත සම්මාන උලෙළේ සම්මාන 6ක්ද, ග්‍රැමී සම්මාන උලෙළේ සම්මාන 2ක්ද, ලතින් ග්‍රැමී සම්මාන උලෙළේ සම්මාන 4ක්ද, ලෝක සංගීත සම්මාන උලෙළේ සම්මාන 10ක්, 'Premios Lo Nuestro' සම්මාන උලෙළේ සම්මාන 15ක් මෙන්ම MTV India සම්මාන උලෙළේ 'Best International Pop Act' ඇතුළු සම්මාන බොහෝමයක් දිනාගැනීමට සමත්ව ඇත.
සංගීත ක්ෂ්ත්රයේ මෙන්ම රංගන ක්ෂ්ත්රයේද නියැළෙන එන්රික් මේ වනවිට 'Once Upon a Time in Mexico , How I Met Your Mother , Two and a Half Men' ඇතුළු නිර්මාණ කිහිපයකටම සිය රංගන දායකත්වයද ලබාදී ඇත. 1997 වර්ෂයේදී 'ප්ලේබෝයි' සඟරාවේ නිරූපණ ශිල්පිනී 'Samantha Torres' සමග ආදර සබඳතාවක් පවත්වාගෙන ගිය අතර 2001 වර්ෂයේ සිට ටෙනිස් ක්‍රීඩිකා 'Anna Kournikova' සමග සබඳතාවක් පවත්වාගෙන යනු ලැබිණි. නමුත් 2013 ඔක්තෝම්බර් මසදී ඔවුන්ගේ වසර 12ක සබඳතාව අවසන් කළ බව වාර්තා වූ නමුත් මාධ්‍ය වාර්තා කරන්නේ 2014 වර්ෂයවන විට ඔවුන් නැවතත් එක්වී ඇති බවයි. මේ දිනවල මියාමි වෙරළට ආසන්නව ඇ.ඩො මිලියන 26ක පමණ වන සුවිසල් මන්දිරයක් ඔහු වෙනුවෙන් ඉදිකරමින් පවතින බව වාර්තා වෙයි. නව වර්ෂයේ උදාවීමත් සමග ලොව පුරා වැඩියෙන්ම අලෙවි වන ලතින් සංගීත ශිල්පියා බවට පත්ව ඇත්තේ 'එන්රික් ග්ලේසියස්' වන අතර,ඔහු පොප් සංගීත ලෝකයේ දැවැන්තයා බවට පත්වී හමාර බව ඔහු වටා එක් වී සිටින රසිකයන් මෙන්ම අලෙවි වී ඇති ගීත ඇල්බම සාක්ෂි දරයි.
අනුෂි දන්තනාරයන