හොලිවුඩ් සිනමාවට දැවැන්ත වසරක් වන මෙම වසරේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපට අතරින් මේ දිනවල විශාල ජනප්‍රියත්වයක් හිමිව ඇත්තේ Deadpool දෙවැන්නටයි. එළඹෙන මැයි මාසයේ එළිදැක්වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලයට එක්කරනු ලැබීය. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ මාර්වෙල් සමාගම විසිනි. කොමික් පොත් ඇසුරෙන් නිර්මාණය කරනු ලැබූ මෙම චරිතය චිත්‍රපටයක් සඳහා ගෙනෙනු ලබන්නේ 2016 වසරේ එළිදැක්වූ Deadpool චිත්‍රපටය මගිනි. නමුත් 1988 වසරේ The Dead Pool නමින් නිර්මාණය වූ ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයට සමගාමීව මෙය නිර්මාණය නොවේ. 1988 වසරේ තිරගත වූ චිත්‍රපටයේ මූලික කතාමාලාව මිනීමරුවෙකු වටා ගොතෙන ලද්දකි. නමුත් 2016 වසරේ නිර්මාණය වූ Deadpool චිත්‍රපටයේ ඇත්තේ කොමික් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චරිතයකි. එය ආදායම් වාර්තා තබමින් ලොව පුරා තිරගත විය.
මෙම වසරේ එළිදැක්වීමට ඇති Deadpool දෙවැන්නේ විශාල වෙනස්කම් රාශියක් සිදුව තිබේ. ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන රයන් රෙනෝල්ඩ්ස්ට අමතරව තවත් චරිත තුනක් මෙම චිත්‍රපටය වෙනුවෙන් හඳුන්වා දී තිබේ. ඒ නවක නිළියන් තිදෙනෙකි. ඒ අතරින් එක් රංගන ශිල්පිනියක් මෙහි පළමු චිත්‍රපටයේද ප්‍රධාන චරිතය සඳහා පණ පොවන ලදී. ඒ මොරෙනා බැකරින් නම් වූ රංගන ශිල්පිනියයි. ඇය ක්ෂේත්රයට නවකයෙකි. 2001 වසරේ තිරගත වූ Perfume චිත්‍රපටය ඔස්සේ සිනමාවට පිවිසි ඇය එම වසරේදීම Way off Broadway නම් චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක විය. එම චිත්‍රපටය හේතුවෙන් ඇය Wine Country Film Festival නම් සම්මාන රාත්රියේදී හොඳම නිළිය සම්මානයටද හිමිකම් ලැබීය.
කෙසේවුවත් මොරෙනා බොහෝ ලෙස ජනප්‍රියත්වයට පත්වූයේ පුංචි තිරය ඔස්සේය. 2002 සිට 2003 දක්වා ඇය Firefly නම් වූ රූපවාහිනී කතාමාලාව සඳහා රංගනයෙන් දායක විය. ඇය නැවත සිනමාවට පිවිසියේ Roger Dodger නම් චිත්‍රපටය ඔස්සේය. ඒ 2002 වසරේදීය. 2002 වසරෙන් පසුව වසරක දෙකක නිහඬව කාලය ගත කළ මොරෙනා නැවතත් 2005 වසරේදී සිනමාවට සහ පුංචි තිරයට පිවිසෙන ලදී. එනම් 2005 වසරේ විකාශය වීම ආරම්භ වූ Justice League Unlimited නම් වූ රූපවාහිනී කතාමාලාවට ඇය සම්බන්ධ විය. එය 2006 දක්වා විකාශය විය. 2006 සිට 2014 දක්වා ඇය කතාමාලාවන් 16ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. 2015 වසරේ සිට මේ දක්වා විකාශය වන Gotham කතා මාලාවටද ඇය රංගනයෙන් දායක වනු ඇත.
2008 වසරේදී මොරෙනා නැවත සිනමා නිර්මාණයන් දෙකක් සඳහා රංගනයෙන් දායක විය. ඒ Death in Love සහ Stargate: The Ark of Truth නම් සිනමා නිර්මාණයි. 2009 වසරේ එක් චිත්‍රපටයක් සඳහාද, 2014 චිත්‍රපට දෙකක් සඳහාද, 2015 වසරේ එක් චිත්‍රපටයක් සඳහාද ඇය රංගනයෙන් දායක විය. කෙසේ වුවද මොරෙනාගේ සිනමා දිවියේ බොහෝ කතාබහට ලක් වූ නිර්මාණයක් වන්නේ Batmah: Bad Blood චිත්‍රපටයයි. ඉන්පසු ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂී නිර්මාණයක් වන්නේ එම වසරේ තිරගත වූ Deadpool චිත්‍රපටයයි. අනතුරුව 2017 වසරේ තිරගත වූ Malevolent චිත්‍රපටයට දායක වූ මොරෙනා ඉන්පසු මේ වසරේ එළිදැක්වීමට නියමිත Deadpool 2 චිත්‍රපටයට රංගනයෙන් දායක විය.
Deadpool දෙවැනි චිත්‍රපටයේ තවත් සුවිශේෂී චරිතයක් තිබේ. ඒ නීනා තුර්මන් චරිතයට පණ පොවනු ලබන %සසී බීට්ස්ය^. ඇය ජර්මානු ජාතික රංගන ශිල්පිනියෙකි. ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ 2015 වසරේ තිරගත වූ Applesauce නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු ඇය 2016 වසරේ සිට විකාශය වන Atlanta නම් රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් දායක වන ලදී. මේ වන විටත් එම කතාමාලාව විකාශය වනු ඇත. සසීගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙස මෙම වසරේ එළිදැක්වීමට ඇති Deadpool දෙවැනි චිත්‍රපටය හැඳින්විය හැකිය. එමෙන්ම ඇය 2019 වසරේ එළිදැක්වීමට නියමිත High Flying Bird චිත්‍රපටයටද රංගනයෙන් දායක වෙයි. නවක නිළියක් ලෙස ක්ෂේත්රයට පිවිසි සසී පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා අවධානයෙන් සිටියි.
එමෙන්ම මෙම චිත්‍රපටයේ තවත් චරිතයක් වූ නෙගාසොනික් නම් චරිතය ඔස්සේ නවක නිළියක් හඳුන්වා දී තිබේ. ඇය නමින් බ්රියන්නා හිල්ඩෙබ්රන්ඩ් වෙයි. මේ වන විට 21 වැනි වියේ පසුවන ඇය රංගනයට පිවිසෙන්නේ 2014 වසරේ විකාශය වූ Annie Undocumented නම් අන්තර්ජාල කතා නිර්මාණයක් ඔස්සේය. 2015 වසරේදී තිරගත වූ Prism නම් චිත්‍රපටය ඔස්සේ සිනමා ක්ෂේත්රයට පිවිසෙන බ්රියන්නා, 2016 වසරේ තිරගත වූ Fisrt Girl I Loved නම් චිත්‍රපටයටද රංගනයෙන් දායක විය. අධික පිරිවැයක් දරා නිපදවා ඇති Deadpool 2 චිත්‍රපටය හරහා මේ නිළියන්ගේ දක්ෂතා දැක බලාගත හැකි වන අතර, චිත්‍රපටයේ සාර්ථකත්වයද ඒ අනුව තීරණය වනු ඇතැයි මෙහි නිර්මාණ කණ්ඩායම සඳහන් කර සිටී.