බොලිවුඩ් සිනමා සම්මාන සංස්කෘතියෙන් වෙනස් වූ සුවිශේෂී සම්මාන උලෙළක් වූ Ciroc Filmfare Glamour And Style සම්මාන උලෙළ පසුගියදා මුම්බායිහිදී පැවැත්විණ.
ආකර්ෂණීයත්වයත් ප්රමුඛ කර ගත් මිනුම්දඬු ඔස්සේ පසුගිය වසරේ තිරගත වූ බොලිවුඩ් චිත්රපට සඳහා සම්මාන ප්රදානය කෙරෙන මෙහිදී වසරේ මනමෝහනීය බොලිවුඩ් චිත්රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ෆාරා ඛාන් විසින් අධ්යක්ෂණය කළ 'හැපි නිව් ඉයර්' චිත්රපටයයි. මෙහි ප්රධාන චරිත නිරූපණය කළේ කිං ඛාන් විරුදාවලිය ලත් ෂාරුක් ඛාන් සහ දීපිකා පදුකෝන්ය. එහෙත් මෙම චිත්රපටය විචාරකයන් විසින් සලකනු ලබන්නේ පසුගිය වසරේ තිරගත වූ නිසි කතා වස්තුවක් හෝ නොමැති,රංගනය අතින්ද අසමත්,නිෂ්පාදනය අතින්ද අසමත් නිර්මාණයක් ලෙසයි.
කිසිදු නර්තන අංගයකින් තොරව ක්රියාත්මක වුණු මෙම සම්මාන උලෙළේ මෙවර වසරේ ආකර්ෂණීය චිත්රපට අධ්යක්ෂවරයා ලෙසින් සම්මාන හිමිකර ගත්තේ කරන් ජොහාර්ය.
කැපී පෙනෙන සිනමා හැඩකාරියට හිමි සම්මානය මෙවර දිනාගනු ලැබුවේ චිත්රපට අධ්යක්ෂ මහේෂ් බාත්ගේ සහ බොලිවුඩ් නිළි සෝනි රාස්ඩෙන්ගේ දියණිය වන ආලියා බාත් විසින් වන අතර, Student of Year නළු සිද්ධාර්ත් මල්හෝත්රා විසින් වසරේ කැපී පෙනෙන සිනමා හැඩකාරයාට හිමි සම්මානය දිනා ගත්තේය.
කෙසේවුවත් සංවිධානය කර ඇති ආකාරය පිළිබඳ ආන්දෝලනාත්මක තත්ත්ව පැනනැගුණු මෙම සම්මාන උෙලළ ඇතැමෙකුගේ තරමක අප්රසාදයටද ලක්වූ අතර, ඒ මෙම සම්මාන උලෙළේ කිසිදු සංගීතමය අංගයක් නොපැවතුණු බැවිනි. බොහෝදෙනා මෙහි ප්රශංසා මුඛයෙන් කතා කරනු ලැබුවේ මෙහි අවසන පැවති නළු නිළියන්ගේ විලාසිතා දැක්ම පමණකි.
එහෙත් මෙවර Trendsetter Of The Year සම්මානය දිනාගත්තේ සෝනම් කපූර් විසිනි. එහෙත් ඇය මේ වන විට අවාසනාවන්ත සූකර උණට ගොදුරුව සිටිනා බව ඔබ දන්නවා ඇති.
බොලිවුඩ් තිරයේ ආකර්ෂණීයම යුවළට හිමි සම්මානය ෂාරුක් සහ කාජල් විසින් දිනාගත් මෙම සම්මාන උලෙළේ සැබෑ ජීවිතයේ ආකර්ෂණීයම බොලිවුඩ් යුවළට හිමි සම්මානය අභිෂේක් සහ අයිෂ්වර්යා විසින් දිනාගන්නා ලදී.
සම්මාන උලෙළේ ආකර්ෂණීයම ඇඳුම් මෝස්තර රචකයාට හිමි සම්මානය මනීෂ් මල්හෝත්රා විසින් දිනාගත් අතර, ඒ ශ්රීදේවි සහ කරීනා කපූර් වෙනුවෙන් මෙම සම්මාන උලෙළ සඳහා රචිත ඇඳුම් මෝස්තරය වෙනුවෙනි.
මෙවර Global Icon Of the Year සම්මානයද හිමිවූයේ බොලිවුඩ් රජු ෂාරුක්ටමය. ඓශ්වර්යා රායි බච්චන් මෙහි කාන්තා සම්මානය දිනාගත්තාය. එසේම Ciroc Not The Usual සම්මානය දිනාගත්තේ නැගී එන නිළි නාගීස් ෆක්රි විසිනි.
හොඳම ජේත්තුකාර තරුවට හිමි සම්මානය ඉම්රාන් ඛාන් විසින් දිනා ගනිද්දී ජේත්තුකාර තාරකාවියට හිමි සම්මානය දිනාගත්තේ සෝනම් කපූර් විසිනි.
The Ultimate Diva සම්මානය හිටපු සුපිරි බොලිවුඩ් නිළි ශ්රී දේවි විසින් දිනාගත් මෙම සම්මාන උෙලළේදී Timeless Glamour And Style Icon ලෙසින් අමිතාබ් බච්චන් පිදුම් ලැබුවේය. එම සම්මාන වර්ගීකරණයේම කාන්තා අංශයේ සම්මානය හිමිකර ගත්තේ මධුරි ඩික්සිත් විසිනි.
කෙසේ වෙතත් වත්මන් බොලිවුඩයේ ආකර්ෂණීයම සිනමා තරුවට හිමි සම්මානය හිමිවූයේ ආක්ෂේ කුමාර්ටයි. ආකර්ෂණීයම සිනමා තාරකාවියට හිමි සම්මානය හිමිවූයේ කරීනා කපූර්ටයි.
කෙසේ වෙතත් මේ සඳහා කාජල් හෝ ෂාරුක් හෝ සහභාගි නොවීම සුවිශේෂී විශේෂත්වයකි. බච්චන් පවුලෙන් පැමිණ සිටියේද අමිතාබ් බච්චන් පමණි.