1989 වර්ෂයේදී ආරම්භ වූ Billboard Music Award සම්මාන රාත්රිය මෙවරත් 23වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (17දා) පැවැත්වීය. මෙහිදී වැඩිම සම්මාන ප්රමාණයක් හිමිකර ගැනීමට හැකිවූයේ ජනප්රිය ගායිකා Taylor Swift හටය. ඇය මෙවර සම්මාන 08කින් පිදුම් ලැබීය. එහිදී නවක ගායක Sam Smith මෙවර Top Male Artist ලෙස සම්මානය දිනා ගත් අතර, හොඳම සංගීත කණ්ඩායම ලෙස One Direction සම්මාන හිමිකරගත්හ.
මෙහිදී වැඩිම සම්මාන ප්රමාණයක් හිමිකරගනු ලැබුවේ Taylor Swiftය. ඇයට ලැබුණු සම්මානයන් වන්නේ Top Artist, Top 200 Album, Top Female Artist, Top Digital Artist, Top Billboard 200 Artist, Top Streaming Song and Billboard Chart Achievement Award (ජනතා ප්රසාදය මගින්) යන සම්මානයන්ය.
මෙවර One Direction සංගීත කණ්ඩායම සඳහා හිමි සම්මානය ඔවුන් තම සංගීත කණ්ඩායමෙන් ඉවත් වූ Zayn Malik වෙත පිළිගන්වනු ලැබීය. තම සංගීත කණ්ඩායම මෙවර සම්මානය සඳහා පාත්ර වීමට කැපවූ ඔහු මේවන විට කණ්ඩායමේ නොමැති නිසා ඔහු වෙනුවෙන් මෙම සම්මානය වෙන් කරන බවට එහි නායක හැරී විසින් පවසා ඇත.
මෙම සම්මාන රාත්රියේදී විශේෂ සිදුවීමක් ලෙස සඳහන් වන්නේ නැසී ගිය පෝල් වෝකර් වෙනුවෙන් නිර්මාණය වූ %See You Again^ ගීතය ගායනා කිරීමයි. එම ගීතයේ ගායකයා වන්නේ Wiz Khalifa ය. පසුගිය වසරේ මෙන්ම මෙවරත් TOP LATIN ALBUM සම්මානය Enrique Iglesias විසින් හිමිකරගන්නා ලදී.
හොඳම ගායිකාව - Taylor Swift
හොඳම නවක ගායකයා - Sam Smith
හොඳම පිරිම ගායකයා - Sam Smith
හොඳමකාන්තා ගායිකාව - Taylor Swift
හොඳම සංගීත කණ්ඩායම - One Direction
හොඳම BILLBOARD 200කලාකරුවා - Taylor Swift
හොඳම උණුසුම්100 ARTIST- Meghan Trainor
හොඳම තාක්ෂණික ගීතය - Taylor Swift
හොඳම රේඩියෝ ගීතය සඳහා - John Legend
හොඳම සංචාරක කලාකරුවා - One Direction
හොඳම සමාජයීය කලාකරුවා - Justin Bieber
හොඳම උද්යෝගී කලාකරුවා - Iggy Azalea
හොඳම R&B ගායකයා - Pharrell Williams
හොඳම රැප් ගායිකාව - Iggy Azalea
හොඳම දේශීය කලාකරුවා - Florida Georgia Line
හොඳම රොක් ගායකයා - Hozier
හොඳම ලතින් ගායකයා - Romeo Santos
හොඳම නර්තනය / තාක්ෂණික කලාකරුවා -
Calvin Harris
හොඳම ක්රිස්තියානි කලාකාරුවා - Hillsong United
හොඳම BILLBOARD 200 ALBUM - Taylor Swift, 1989
හොඳම සංගීතය - Frozen
හොඳම R&B ඇල්බමය- Pharrell Williams, G I R L
හොඳම රැප් ඇල්බමය - J. Cole, 2014 Forest Hills Drive
හොඳම දේශීය ඇල්බමය - Jason Aldean, Old Boots, New Dirt
හොඳම රොක් ඇල්බමය - Coldplay, Ghost Stories
හොඳම ලතින් ඇල්බමය - Enrique Iglesias, Sex and Love
හොඳම රේඩීයෝ ගීතය - Sam Smith, Stay With Me