2015 වසරේ තිරගත වෙමින් ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් වන Ant-Man චිත්‍රපටයේ දෙවැන්න මෙම වසරේ ජූලි මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ. වසර තුනකට පසුව නිර්මාණය වන මෙම දෙවැනි චිත්‍රපටයේ ඇති විශේෂත්වය වන්නේ එහි Ant-Women කෙනෙක් දක්නට ලැබීමයි.
මෙම චිත්‍රපටයේ එම චරිතයට පණ පොවන්නේ නවක නිළියක වන Hannah John-Kamen ය. ඇය සිනමාවට පිවිස ඇත්තේ 2015 වසරේදීය. ඊට පෙර රූපවාහිනී කතාමාලාවක් වන 2011 වසරේදී විකාශය වූ Misfits සඳහා දායක වූ ඇය, එම වසරේදීම විකාශය වූ Black Mirror කතාමාලාවටද රංගනයෙන් දායක වී ඇත. ඒ කාලයේදීම ඇය හඬ කැවීමේ ශිල්පිනියක ලෙසද කටයුතු කළාය. ඒ Dark Souls නම් පරිගණක ක්‍රීඩාවක් වෙනුවෙනි. එහි දෙවැන්න 2014 දී නිර්මාණය කරනු ලැබූ අතර, ඒ සඳහාද ඇය තම හඬ දායකත්වය ලබා දී තිබේ. 2012 වසරේදී ඇය වේදිකාව ඔස්සේද කතාබහට ලක්වූ අතර, ඒ Viva Forever නම් වේදිකා නාට්‍ය වෙනුවෙනි.
2012 වසරේදී Whitechapel, The Syndicate, The Midnight Beast, The Hour නම් රූපවාහිනි කතාමාලා 04කට දායක වූ ඇය 2014 වසරේ විකාශය වූ Death in Paradise නම් රූපවාහිනී කතාමාලාව ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලැබුවාය. ඉන්පසු ඇය Happy Valley නම් නිර්මාණ ඔස්සේ දැක බලාගැනීමට හැකියාව ලැබිණි. 2015දී විකාශය වූ Cucumber, The Ark, Bananana වැනි රූපවාහිනී කතාමාලා ඔස්සේ ඇය පුංචි තිරයේ කැපී පෙනෙන චරිතයක් විය. ඊට අමතරව ඇය එම වසරේ දායක වූ සහ මේ වනවිටත් විකාශය වන Killjoys නම් රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් දායක වූ අතර, ඒ වසරේදීම සිනමාවටද පිවිසියාය. ඒ Star Wars: The Force Awakens නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු ඇය නැවත 2016 වසරේදී Game of Thrones රූපවාහිනී කතාමාලාව ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් ලැබුවාය. 2016 ඇය තවත් කතාමාලා දෙකක් සඳහා රංගනයෙන් දායක වී රූපවාහිනියට තාවකාලිකව සමුදුන් අතර, 2018 වසරේදී ඇය සිනමා නිර්මාණ තුනක් ඔස්සේ දැකගැනීමට හැකියව තිබේ. ඒ පසුගියදා තිරගත වීම ආරම්භ වූ Tomb Raider සහ ඉදිරියේදී තිරගත වීමට ඇති Radey Player One චිත්‍රපටය සහ Ant-Man and the Wasp චිත්‍රපටය ඔස්සේය. මේ වනවිට 28 වැනි වියේ පසුවන ඇය රංගනය පිළිබඳ %Royal Central School of Speech Drama ආයතනයෙන් හදාරා තිබේ.