චිත්‍ර කලාව තුළ දක්නට ලැබෙන සිතුවම් වල විවිධත්වයන් බොහෝය. විශිෂ්ට කලා නිර්මාණයන් අතරින් ලොවට වෙනස්ම මගක් පාදා දෙන කලාකරුවන් සිටින්නේද ඉතාමත් අතළොස්සක් බව කිවහොත් එය නිවැරදිය. Alison Moritsugu යනු එවැනි කලාකාරිනියකි. ඇයගේ සිතුවම් කලාවට අවශ්‍ය වන්නේ කඩදාසියක් හෝ ඊට වන ආදේශකයක් නොවේ. එයට අවශ්‍ය වන්නේ ගසක අත්තක් හෝ කඳන් කොටසක පැතිකඩකි.
ඇය Missouri සහ MFA විශ්ව විද්‍යාලයන්හි දෘශ්‍යමාන කලාව හදාරා, ඉන්පසු වොෂිංටන්හි BFA විශ්වවිද්‍යාලයේ චිත්‍රකලාව පිළිබඳව උපාධිය හදාරන ලදී. 1990 වර්ෂයේදී ඇය එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් ලෙසද සේවයට එක්විය. වසරක කාලයක් පමණ ඇය එම විශ්වවිද්‍යාලය තුළ කලා විෂය පිළිබඳව ආචාර්යවරියක් ලෙස සේවය කර ඉන්පසු නිව්යෝර්ක් බලා පැමිණ ඇත.
පසුව තමන්ගේම කලාවක් පිළිබඳ ඇය ප්‍රායෝගික මට්ටමින් සිතා බලා භූ දර්ශන චිත්‍රකලාව පිළිබඳව අධ්‍යයනය කරනු ලැබුවාය. Alison Moritsugu විසින් එම කලාව කාලීන නොකොට ඒ සඳහා අවශ්‍ය වූ පසුබිම ඇය විසින්ම නිර්මාණය කරනු ලැබීය. Albert Bierstadt සහ Frederic Edwin යන ප්‍රසිද්ධ කලාකරුවන්ගේ චිත්රයන් අධ්‍යයනය කොට ඇය ඒ සඳහා යොදා ඇති ද්‍රව්‍යමය දෑ උපයෝගී කරගන්නා ලදී. Albert Bierstadt සහ Frederic Edwin ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් දෙදෙනා වැඩි වශයෙන් චිත්‍ර නිර්මාණය කරන ලද්දේ දේවස්ථාන වලය. එම චිත්‍ර පවතින්නේ ඉදිවන බිත්ති මත හෙයින් ඒ සඳහා වූ විශේෂ ද්‍රව්‍ය භාවිත කරන ලදී. එම ද්‍රව්‍යයන්ට සාපේක්ෂව ඇය විසින් චිත්‍ර නිර්මාණය සඳහාම ආවේණික වූ තීන්ත සාදා ගනු ලැබුවාය.
ඇය විසින් තම ප්‍රථම නිර්මාණය ගසක අත්තක හරස්කඩක නිර්මාණය කරන ලදී. 1980 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ඇය විශ්ව විද්‍යාල 11ක චිත්‍ර කලා ආචාර්යවරියක ලෙස සේවය කර ඇත. විනාශ වන ගස්වල කඳන් හා අතු කැබලි එක්කරමින් ඇය මහා පරිමාණයෙන් නිර්මාණ කරනු ලැබුවාය. ඇය විසින් කරනු ලැබූ නිර්මාණ විවිධ වූ කෞතුකාගාරවල තැන්පත් කර ඇත. ඇය විසින් තමන්ගේම වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති අතර, ඒ හරහා මෙම නිර්මාණයන් මිලදී ගැනීමට හැකියාව ඇත. Alison Moritsugu යනු වෙනස්ම ආරකින් සිය කලා හැකියාව ලොවට දායාද කළ කලාකාරිනියකි.