පසුගිය වසරේ ජුනි මස 01 වැනිදා සිට මේ වසරේ මැයි මස 31 වැනිදා දක්වා වූ කාල වකවානුව අතරතුර විකාශය වූ හොඳම ඇමෙරිකානු රූපවාහිනී කලා කෘති වෙනුවෙන් සම්මාන පිදෙන 69 වැනි Emmy Awards සම්මාන උලෙළ පසුගිය 17 වැනිදා නිමාවට පත් විය. ලොස් ඇන්ජලීස් නගරයේ මයික්‍රොසොෆ්ට් රඟහලේදී පැවති මෙම සම්මාන උලෙළ මෙහෙයවනු ලැබුවේ ජනප්‍රිය හොලිවුඩ් හාස්‍ය නළුවකු වන ස්ටීවන් කූල්බර්ට් විසිනි.
ඒ අනුව මෙවර සම්මාන උලෙළේදී වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වීමට HBO නාළිකාවේ විකාශය වූ විද්‍යාත්මක ශානරයේ ටෙලිනාට්‍යයක් වූ West world සහ NBC නාළිකාවේ විකාශය වූ හාස්‍ය ටෙලිනාට්‍යයක් වූ Saturday Night Live සමත් වූ අතර, ඒ සම්මාන 22 බැගින් නිර්දේශ වෙමිනි.
එසේම මෙවර වෙබ් කතා මාලාවක් ලෙසින් ලෙසින් විකාශය වූ The Handmaid’s Tale මාලා නාටකය පළමු වතාවට හොඳම නාට්‍යමය මාලා නාටකයට හිමි සම්මානය දිනාගත් අතර, එය අධ්‍යක්ෂණය කළේ රීඩ් මොරානෝය. එහි රඟපෑ එළිසබෙත් මොස් හොඳම නාට්‍යමය නිළිය ලෙසින්ද, ආරාධිත රූපණ ශිල්පිනිය ලෙසින් ඇලෙක්සිස් බ්ලෙඩල්ද සම්මාන දිනාගත් අතර, හොඳම නාට්‍යමය මාලා නාටක තිර රචක සම්මානය හිමිවූයේද මෙයටයි.
මෙහිදී හොඳම රූපවාහිනී චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ %Black Mirror^ චිත්‍රපටයයි. එසේම හොඳම රූපවාහිනී චිත්‍රපට/සීමිත කොටස් සහිත නාටක අංශයෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ රිස් අහ්මඩ් වීමද කැපී පෙනේ. මුස්ලිම් ජාතික ඔහුට මෙම සම්මානය හිමි වූයේ HBO නාළිකාවේ විකාශය වූ The Night Of වෙනුවෙනි. මීට තරග කළ සෙසු නම් අතර විශිෂ්ට සිනමා නළුවන් වූ බෙනඩික් කම්බර්බැච්, රොබට් ඩි නිරෝ, ජෙෆ්රි රෂ් වැනි විශිෂ්ටයන් සිටීමද ඔවුන් පරයා මෙම සම්මාන ලබා ගැනීමද කැපී පෙනේ. මෙහිදී එම අංශයේ හොඳම නිළිය සම්මානය හිමි වූයේ එම නාළිකාවේම විකාශය වූ Big Little Lies හි රඟපෑ නිකොල් කිඩ්මන්ටය.
මෙවර Atlanta හාස්‍ය මාලා නාටකය වෙනුවෙන් හොඳම අධ්යක්ෂවරයා ලෙසින් සම්මාන දිනූ ඩොනල්ඩ් ග්ලෝවර්ද බොහෝදෙනාගේ අවධානයට ලක් වූ අතර, ඒ ඔහු කළුජාතික ඇමෙරිකානු අධ්යක්ෂවරයකු වීම හේතුවෙනි. මීට තරග කළ සෙසු මාලා නාටක වූයේ ජැමී බැබිට්ගේ %Silicon Valley (Episode: Intellectual Property)^, මයික් ජජ්ගේ %Silicon Valley (Episode: “Server Error”)^, මෝගන් සැකට්ගේ Veep(Episode: Blurb) සහ ඩේවිඩ් මැන්ඩෙල්ගේ Veep (Episode: Ground breaking) යන හාස්‍ය මාලා නාටකයි. එහෙත් හොඳම හාස්‍ය මාලා නාටකය වූයේ HBO නාළිකාවේ විකාශය වූ Veepය. මෙවර හොඳම සංගීතමය රියලිටි වැඩසටහන බවට පත්වූයේ NBC නාළිකාවේ විකාශය වූ The Voice ය.
මෙවර හොඳම හාස්‍ය මාලා නාටක නිළිය බවට පත්වූයේ ජූලියා ලොයිස් -ඩ්රේෆස්ය. ඒ HBO නාළිකාවේ විකාශය වූ Veep (Episode: Ground breaking) වෙනුවෙනි. මෙවර හොඳම නාට්‍යමය මාලා නාටක නළුවා වූයේ ස්ටර්ලින් කේ. බ්රවුන්ය. ඒ NBC නාළිකාවේ විකාශය වූ This Is Us (Episode: Memphis) වෙනුවෙනි. එහෙත් ඊට තරග කළ අය අතර, අන්තෝනි හොප්කින්ස්, කෙවින් ස්පේසි වැනි දක්ෂ සිනමා නළුවන්ද සිටීම සුවිශේෂී විශේෂත්වයකි.
මෙවර සම්මාන උලෙළේදී වැඩිම සම්මාන ප්‍රමාණයකට නිර්දේශ වූයේ HBO නාළිකාව වන අතර, එය සටහන් වන්නේ 46ක් ලෙසිනි. CBS නාළිකාව හරහා විකාශය වූ මෙම සම්මාන උලෙළ මිලියන 11.4ක ප්‍රමාණයක් නරඹා ඇති අතර, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් රූපවාහිනී ක්ෂේත්රය පිළිබඳ කතා පැවැත්වීමද කැපී පෙනේ.