57වැනි වරටත් Grammy Awards සම්මාන රාත්රිය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා කැල්ෆෝනියාහි, ලොස්ඇන්ජලීස් හිදී පවත්වනු ලැබීය. මෙම සම්මාන රාත්රිය පැවැත්වීමට පෙර සංවිධානය කර තිබූ රතුපළස මත විවිධ විලාසිතා මැවී තිබුණි. මෙම රතුපළසේ විලාසිතාවන් අතරින් විශේෂ ස්ථානයක් හිමි වූයේ ජනප්රිය ගායිකා මැඩෝනාගේ විලාසිතා සඳහාය. ඊට අමතරව බියොන්සේ, අරිආනා ග්රැන්ඩේ, නිකී මිනාජ්ගේ විලාසිතා සඳහාද විශේෂ අවධානයක් හිමිවිය. මෙම සම්මාන රාත්රියේ සම්මාන රාශියක් සඳහා සෑම් ස්මිත්හට අවස්ථාව හිමිවිය.
එහිදී Record of the Year ලෙස සෑම් ස්මිත්ගේ Stay with me ගීතයද, Song of the Year ලෙස Stay with Me ගීතයද, Album of the year ලෙස බෙක්ගේ Morning Phase ගීතයද, Best New Artist ලෙස සෑම් ස්මිත්ද, Best Pop Duo / Group Performance ලෙස Say Something ගීතයද, Best Traditional Pop Vocal Album එක ලෙස ටොනී බෙනට්ගේ සහ ලේඩ් ගාගාගේ ගීතයක් වන Cheek to Cheek ගීතය සඳහාද සම්මාන හිමිවිය.
Best Pop Solo Performance ලෙස පැරල් විලියම්ස්ගේ Happy ගීතය සම්මාන හිමිකර ගත් අතර, Best Pop Vocal Album ලෙස සෑම් ස්මිත්ගේ In The Lonely Hour ඇල්මබය සම්මාන දිනාගනු ලැබීය. Best Rock Performance ලෙස ජැක් වයිට්ද, Best Rock Album ලෙස බෙක්ගේ Morning Phase ඇල්බමයද සම්මාන දිනාගනු ලැබීය. Best Rock Song ලෙස පැරමොර් ඇල්බමයේ Ain't It Fun ගීතය සම්මාන දිනාගත් අතර, Best Rap Performance ලෙස කෙන්ඩ්රික් ලමාර්ද, Best Rap/Sung Collaboration ලෙස එමිනම් සහ රිහානා ගායනා කරනු ලැබූ The Monster ගීතයද සම්මාන ලැබීය. Best Country Album ලෙස මිරින්ඩා ලැම්බර්ඩ්ද, Best Music Video ලෙස පැරල් විලියම්ස්ගේ Happy ගීතයද මෙහිදී සම්මානයට පාත්ර විය. Best Music Film ලෙස 20 Feet From Stardom ද, Best Children's Album ලෙස නීලා වසවානිගේ I am Malala ඇල්බමය සඳහාද සම්මාන හිමිවිය.