ශ්රී ලංකා වකුගඩු රෝගීන් සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන 'ආයු බෝ ගී සැඳෑව' ප්රසංගය වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් හෙට (12දා) සවස 6.00 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතී.
මෙම ප්රසංගය සඳහා දිවයිනේ සුප්රසිද්ධ ගායක ගායිකාවන් 19 දෙනෙකු පමණ සහභාගි වන අතර, මෙම ප්රසංගය වකුගඩු රෝගීන්ට ආධාර පිණිස පවත්වයි.