ජාත්‍යන්තර තලයෙහි නිරූපිකාවක ලෙස අභිසෙස් ලැබීමට වරම් ලද ඇය ඉනාමි අවන්ද්යායි. මේ වනවිට සමාජ ජාලයේ මෙන්ම වෙළෙඳ දැන්වීම් ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඉනාමිගේ ඉදිරි කටයුතු පිළිබඳව 'අද' සමගින් මෙලෙස පිළිසඳරක නිරත වූවාය.
Q මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
අවුරුද්දෙන් පස්සෙ නිසා පොඩ්ඩක් වැඩ තියෙනවා.
Q ඔයා නිරූපණයට එකතු වෙන්නෙ කොයි කාලෙ වගේද?
2015 අගෝස්තුවල ඉඳලා. දැනට මම නිරූපණ කටයුතු විතරයි කරන්නෙ වෙන මොකුත් කරන්නෙ නෑ.
Q ඔබ මේ ක්ෂේත්රයට මුලින්ම එන්නෙ කුමක් හරහාද?
මුලින්ම ආවෙනම් photo shoot එකකින් තමයි. ඊට පස්සෙ තමයි වෙළෙඳ දැන්වීම් කරන්න පටන් ගත්තේ. Main road, pizza hut, elephant house, slt, velvet වගේ දැන්වීම් කරලා තියනවා. දැනට ගොඩක් වෙළෙඳ දැන්වීම සඳහා දායක වෙලා තියෙනවා.
Q ඔබ වෘත්තීය වශයෙන් නිරූපිකාවක් වෙන්නද කටයුතු කරන්නේ? නැත්නම් වෙනත් සිහින තියෙනවාද?
දැනට නම් වෘත්තීය වශයෙන් මේක තමයි කරන්නෙ. ඉස්සරහට රූපලාවණ්‍ය පැත්තෙන් මොනවා හරි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. රූපලාවණ්‍ය කරල තියෙන නිසා ඒ පැත්තෙන් යන්න තමයි හිතාගෙන ඉන්නෙ.
Q මේ කාලය තුළ ඔබ මේ ක්ෂේත්රය තුළ හොඳ තැනක් හදාගෙන තියෙනවා කියලද හිතන්නෙ?
අනිවාර්යෙන්ම ඔව්. ඒ ගැන ගොඩක් සතුටුයි. තමන්ගේ තියෙන කොලිටි එක අනුව තමයි පොඩි කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබුණේ. ඉතින් ඒ දේවල් එක්ක හොඳ වැඩ කරලා හොඳ විදියට එන්න ලැබුණ එක ගැන සංතෝෂ වෙනවා.
Q හොඳ විදියට කියන්නේ, ඇයි ක්ෂේත්රය තුළ නරක පැත්තකුත් තියනවාද?
ඔව් තියෙනවා. නිරූපණ ක්ෂේත්රය කිවුවාම එක එක පැති තියෙනවනේ. එක එක්කෙනා නිරූපණ කටයුතු කරන විධි තියෙනවා. මම කරන්නේ සාමාන්‍යයෙන් photo shoot, Commercial ඊට අමතරව bridal ආවොත් කරනවා. ඒ වගේ සීමිත වෙලා තියනවා.
Q ඔබ ජනප්‍රියත්වයට වඩා යම් රාමුවකට කොටුවෙච්ච කෙනෙක්ද?
ඔව් එහෙම කියන්න පුළුවන්. මම ජනප්‍රියත්වය පස්සෙ යන්නෙ නැහැ. මම තෝරගන්නෙ, කරන්නේ මට ගැළපෙන දේවල් විතරයි. music video වුණත් මම පිටපත බලලා තමයි අනිවාර්යෙන් භාරගන්නෙ. අනවශ්‍ය දේවල් තියෙනවා නම් මම කෙළින්ම කියනවා බෑ කියලා.
Q ගෙදරින් ඔයාට මේ සඳහා ලැබෙන සහයෝගය කොහොමද?
අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. තාත්තත් එහෙමයි. එහෙම අකමැත්තක් කියලා නැහැ. ඒගොල්ලො සතුටු වෙනවා මම අද ඉන්න තැන ගැන. ඒ ගොල්ලො මට කියලා තියෙන්නේ හොඳ දේවල් තෝරගෙන කරන්න කියලා. ඉතින් ඒ උපදෙස් අනුව තමයි මම මේ විදියට වැඩ කරන්නේ.
Q මේ ක්ෂේත්රය ගැන ඔයාට මොනවද හිතෙන්නේ?
යම්කිසි දියුණුවක් තියෙනවා කියල තේරෙනවා. ඒත් එක්කම මම හිතනවා මේ ක්ෂේත්රය ගැන හොඳින් දැනගෙන එනවානම් හොඳයි කියලා. මොකද නිරූපණ ශිල්පීන් කියලා photo shoot එකක් දෙකක් කරලා එනවාට වඩා දැනුමක් අරගෙන ක්ෂේත්රයට ආවොත් ඒ අයට ගොඩක් ඉක්මනට ලොකු තැනකට යන්න පුළුවන් කියලා හිතනවා.
Q Facebook හරහා අද ගොඩක් අය මේ ක්ෂේත්රයට එනවා. ජනප්‍රිය වෙනවා. ඒ ගැන මොකක්ද ඔයාගෙ අදහස?
එහෙම පොඩි දේකුත් තියනවා. අපිට වැඩ එන්නෙ social media වලින්. ජනප්‍රියත්වය සඳහා ඒ දේවල් ඕන. ඉතින් ඒ හරහා හොඳ දෙයක් වෙනවා වගේම නරක දේකුත් වෙනවා. මොකද Facebook හරහා ජනප්‍රිය වෙන කට්ටිය ඔහේ photo shoot එකක් කරලා නිරූපණයට එනවා. මම නම් කියන්නේ කිසියම් හෝ දෙයක් ඉගෙන ගෙන එනවානම් එයාලට ලේසියි. නැත්නම් ඉක්මනට පල්ලෙහාට යන්න තමයි වෙන්නේ.
Q ලංකාවෙ සංස්කෘතියත් එක්ක නිරූපණයේ නියැළෙන්න ලේසිද?
ඒක නම් ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් ගොඩක් වැඩිහිටි කට්ටිය මේකට කැමති නෑ. ඒ වුණාට තමන්ට ගැළපෙන දේවල් කළොත්, සංස්කෘතියට අනුව වැඩ කළොත් මම හිතන්නෙ නෑ ඒක හානියක් වෙයි කියලා. එහෙම නැතුව ඉතින් ඇමරිකාවෙ ඔස්ට්‍රේලියාවේ විදියට වැඩ කරන්න බැහැ.
Q ඔයාගෙ මිල ගණන් නිසා, යම් පසුබෑමකට ලක් වෙනවාද?
ඔව්. නමුත් මම ඒ ගැන කණගාටු වෙන්නෙ නැහැ. මොකද මම කවදාවත් මගෙ මිල අඩු කරන්නෙ නැහැ. පුළුවන් ගාණක් තියෙනවා. එතනින් එහාට මම යන්නෙ නැහැ. මොකද මගේ තත්ත්වය අනුව තමයි මම වැඩ කරන්නෙ. ඊට එහායින් අරයා මේ ගානට කරනවා ඔයත් මේ ගානට කරන්න එහෙම කිවුවට මම කොහොමත් ඒ ගානට වැටෙන්නෙ නැහැ.
Q දිගටම මේ ක්ෂේත්රයේ රැඳී ඉන්න අමාරු ඇයි?
මොකද කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. එහෙම නැතුව හොඳ පර්සනල්ටි එකක් තියාගෙන ගොඩක් දුරට ඉන්න පුළුවන්. එහෙම දෙයක් ගැන නෙමෙයි මම කතා කළේ. මොකද කාලයත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙයි කියලා හිතෙන නිසා විශ්වාසයක් නෑ.
Q මොනවද දායවෙලා තියෙන ගීත රූප රචනා?
ළඟදි ආවෙ දෙව්ලිය කියලා එකක්. තව කලින් කළා මිහිඳුගේ සිංදුවක්. ඊට කලින් කේෂනගේ සිංදුවක් කළා. ක්ලැසිකල් මියුසික් තමයි මම භාරගත්තෙ. ළඟදි දෙකක් නිකුත් වෙන්නත් තියෙනවා.
Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මේ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ වැඩ ආවොත් භාරගන්නවා. එහෙම තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ.
ඡායාරූප - කවීත් මිලින්ද