හොලිවුඩය දිනෙන් දින දියුණු වෙමින් චිත්‍රපට ක්ෂේත්රය තුළ විප්ලවීය වෙනසක් සිදුකරමින් පවතී. ඔවුන් තාක්ෂණික වශයෙන් දියුණු වීමත් සමගින් රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිනියන්ද ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලබයි. මේ අතරින් ඔවුන් නොදැනුවත්වම සමීක්ෂණයක් මගින් සිදුකරන කාර්යයකුත් තිබේ. ඒ හොලිවුඩයේ සරාගී නිළිය තේරීමයි. හොලිවුඩ් පුරවරයේ මේ වන විට නළු නිළියන් බොහෝමයක් සරාගී රංගන ශිල්පිනියන් ලෙස හඳුන්වනු ලබයි. වසරක් පාසා සිදුකරනු ලබන සාරාගී නිළියන් දස දෙනෙක් මේ වන විට නම්කර තිබේ. වසරක් පාසා wonderslist නම් වෙබ් අඩවිය මගින් සිදුකරන මෙම සමීක්ෂණයෙන් මෙවර හොලිවුඩයේ සරාගීම නිළිය ලෙස නම් වී ඇත්තේ කවුරුත් ආදරය කරනු ලබන ඇලෙක්සැන්ඩ්රා ඩැඩ්රියෝය.
01. ඇලෙක්සැන්ඩ්රා ඩැඩ්රියෝ
2005 වර්ෂයේදී ක්ෂේත්රයට ප්රවිශ්ට වූ ඇය 31 වැනි වියේ පසුවන්නියකි. ඇය ජනප්‍රිය චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඔස්සේ රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඇයව සරාගී නිළිය ලෙස නම් කිරීමට හේතුව ලෙස මෙම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ඇයගේ විමතිය ගෙනෙන ඇස් සහ සරාගී ශරීරයයි. සරාගී නිළියක් සතුව ඇති උස පිළිබඳවත් ඔවුන් සඳහන් කර තිබේ. ඊට අමරතව ඇය පසුගිය වසරේ ලෝකයේ ලස්සනම කාන්තාවන් 30 දෙනා අතරටද පැමිණ ඇතැයි සඳහන් වේ.
02. චැලෝ ග්‍රාසී මොරෙට්ස්
ළමා නිළියක් ලෙස ක්ෂේත්රයට පිවිසි ඇය මේ වන විට විසිවැනි වියේ පසුවෙයි. සරාගී නිළියන් අතරේ දෙවැනි තැන හිමිකර ගත් චැලෝ එයට හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ ගැඹුරු ඇස් මෙන්ම ඇයගේ නාසයේ හැඩයයි. ඊට අමතරව ඇයගේ සරාගී පෞරුෂත්වය හේතුවෙන් මෙම ස්ථානය හිමිව තිබේ. ඇය බොහෝදෙනා දැන හැඳින ගනු ලැබුවේ 'කික් ඈස්' පළමු සහ දෙවැනි චිත්‍රපට හරහායි. එමෙන්ම %ද හන්ගර් ගේම්ස්^ සහ 'ඇමිටිවිලි හොරර්' චිත්‍රපට හරහාද ඇය ජනප්‍රියත්වයක් හිමිකර ගනු ලැබුවාය.
03. එමී රොසුම්
'ඩේ ආෆ්ටර් ටුමාරෝ', 'ද පැන්තම් ඔෆ් ද ඔපෙරා' සහ 'ඩ්‍රැගන් බෝල්' වැනි චිත්‍රපට හරහා රසික ආදරය දිනාගත් එමී සරාගී නිළියන් අතරේ තෙවැනි ස්ථානයේ පසුවෙයි. 31 වැනි වියේ පසුවන ඇය වෘත්තීමය වශයෙන් රංගනයේ යෙදෙන අතර ගායිකාවක් සහ ගීත රචිකාවක ලෙසද කටයුතු කරන්නීය. සරාගී නිළියන් අතර තෙවැනි තැන හිමිකර ගැනීමට ඇයට හැකි වූයේ ඇයගේ ශරීර හැඩය නිසාය.
04. හයිලී ස්ටෙයින්ෆීල්ඩ්
ළාබාල වියේ පසුවය හයිලී හොලිවුඩ් සරාගී නිළියන් අතරේ 04 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. 20 වැනි වියේ පසුවන ඇය ගායිකාවක වශයෙන්ද කටයුතු කරන්නීය. 5.7 උස ප්‍රමාණයෙන් යුතු ඇය සරාගී නිරූපිකාවක් වන්නේ ශරීර හැඩයෙනි. ඇයව බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේ 'රෝමියෝ ජුලියට්' චිත්‍රපටය ඔස්සේය.
05. එමා රොබර්ට්ස්
1991 වර්ෂයේ උපන් ඇය ඇමෙරිකානු ගායිකාවක ලෙස බොහෝදෙනා දැන හඳුනනු ලබයි. ඉන්පසු ඇය රූපවාහිනී රංගන ශිල්පිනියක ලෙස රංගන ක්ෂේත්රයට පිවිසි ලබන අතර, 2016 දී තිරගත වූ %න(ර්)ව්^ නම් චිත්‍රපටය ඔස්සේ බොහෝදෙනා දන්නා චරිතයක් විය. සරාගී නිළියන් අතරේ පස්වෙනි ස්ථානයේ වැජඹෙන ඇය සරාගී තරුවක් වීමට මූලික වී ඇත්තේ ඇගේ ඇස් සහ පාද බවයි සඳහන් වන්නේ.
06. මාර්ගට් රොබී
'සූසයිඩ් ස්ක්යුයිඩ්' ඔස්සේ රසික ආදරය දිනා ගත් ඇය සරාගී නිළියන් අතරේ හයවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. මේ වනවිට 27 වැනි වියේ පසුවන ඇය හොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙකු වන ලියනාර්ඩෝ ඩිකැප්රියෝ සමගද රංගනයෙන් දායක වී තිබේ.
07. ස්කාර්ලට් ජොන්සන්
හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක වන ස්කාර්ලට් ජොන්සන් සාරගී නිළියන් අතරේ හත්වැනි ස්ථානයේ පසුවෙයි. 31 වැනි වියේ පසුවන ඇය සිනමාව තුළ විශාල මෙහෙවරක් කරනු ලැබූ තැනැත්තියකි. සම්මානලාභී නිළියන් අතරේ ප්රමුඛ ස්ථානයක සිටින ඇය සරාගී නිළියක් වන්නේ ඇයගේ ඇති දේහ ලක්ෂණ නිසා බව එම වෙබ් අඩවි සඳහන් කරයි.
08. ඉමෝගන් පූට්ස්
ඇය රංගන ක්ෂේත්රය තුළ බොහෝ කාලයක් රංගන කටයුතු සිදුකර ඇති අතර, ඇය රංගනයෙන් දායක වූ බොහෝ චිත්‍රපටයන් සම්භාව්‍ය ගණයේ චිත්‍රපට වීම හේතුවෙන් ඇයව බොහෝදෙනා එම රාමුවට කොටුකර තැබීය. නමුත් ඇය 'නීඩ් ෆෝ ස්පීඩ්' චිත්‍රපටය තුළින් එම රාමුව බිඳ දමා රසිකයන් තුළ තැම්පත් චරිතයක් විය. කෙසේවුවත් සරාගී නිළියන් අතරේ අටවැනි ස්ථානයේ පසුවන්නේ ඇයයි.
09. ඇම්බර් හර්ඩ්
මේ දිනවල ඇයව බොහෝ ප්‍රසිද්ධ චරිතයක් වී හමාරය. ඒ ප්‍රවීණ නළුවෙකු ලෙස සලකන ජොනී ඩෙප්ගේ පෙම්වතිය වීමත් සමගයි. 31 වැනි වියේ පසුවන ඇය ටෙක්සාස් හි උපත ලබා තිබේ. සමාජ සේවය සඳහා වැඩි කැපවීමක නිරත වන ඇය පසුගිය වසරේ 'ලෝකයේ ලස්සනම කාන්තාව ' ලෙසද නම් විය. නමුත් මෙවර ඇය සරාගී නිළියන්ගේ ලැයිස්තුවේ නවවැනි ස්ථානයේ පසුවන්නීය.
10. ෆැන්සියා රයිසා
සරාගී නිළියන් අතරේ අවසාන ස්ථානය හිමිවන්නේ ඇයටයි. 29 වැනි වියේ පසුවන ඇය සිනමාවට ආධුනිකය. නමුත් රූපවාහිනී තිරය මත බොහෝ නිර්මාණවල කැපී පෙනෙන චරිතයකි. 2005 වර්ෂයේදී රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වී රංගන ක්ෂේත්රයට ප්රවිශ්ට වීමට ඇයට අවස්ථාව උදාවුණි.