08 වැනි වරටත් පැවැත්වීමට නියමිත 2013 රූපවාහිනී රාජ්‍ය සම්මාන අද (12) වන ඉරිදා ප.ව. 6.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. මෙවර සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය.විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන විද්වත් විනිසුරු මඬුල්ලක් විසින් මෙවර සම්මානලාභීන් තෝරාගැනීම සඳහා අදාළ නිර්දේශිත නාමයන් මේ වනවිටත් සකස් කොට අවසන්ය.
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙය වීමෙන් මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ සංවිධානය කරනු ලබන්නේ මනරම් මීඩියා සොලූෂන්ස් ආයතනය විසිනි. 2012 වසරේ පුංචි තිරය තුළ විකාශය වූ ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන්, විශේෂාංග වැඩසටහන්, ප්රවෘත්ති විකාශන ඇතුළු අංග රාශියක් සඳහා සිය කුසලතා දැක්වූ විශිෂ්ටයන් මෙවර සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.