කලාව යනු විස්මිත දෙයකි. ඒ පිළිබඳ කියා පෑමට වචනා නොමැති තරම්ය. සිතුවම් ශිල්පය මෙන්ම එතැනින් එහා ගිය නිර්මාණය අප දැක තිබේ. මූර්ති කැටයම් ශිල්පියාට ලැබෙන්නේ වෙනස්ම ස්ථානයකි. අප මෙවර ඔබ වෙත හඳුන්වා දෙනු ලබන්නේ කැටයම් ආයුධය සහ කියත භාවිතයෙන් ලී සත්ත්ව මූර්ති විස්මිත ලෙස කැටයම් කිරීමට සමත් කලා ශිල්පියෙකු පිළිබඳවයි. ඔහු 1971 වර්ෂයේදී ජර්මනියේ උපන් Jurgen Lingl -Rebetez නම් කලාකරුවායි. ඔහු මෙම මූර්ති සඳහා සම්මාන මෙන්ම පැසසුම්ද ලබා ඇත.
කලාව පිළිබඳව හදාරා ඇති මොහු මුල්ම වශයෙන් යොමුව ඇත්තේ සිතුවම් සඳහාය. විශ්වවිද්‍යාල තුළින් සිතුවම් කලාව පිළිබඳව හදාරමින් සිටින විට එය අතර මග හැර දමා ගිය බව ඔහු සඳහන් කරයි. ඉන්පසු අවුරුදු දෙකකට පසුව ඔහු මූර්ති කැටයම් පිළිබඳව අධ්‍යාපනය ලබා ඇත. එම විශ්ව විද්‍යාලය තුළදී සිටියදී ඔහු කරනු ලැබූ නිර්මාණයක් හේතුවෙන් එම විශ්ව විද්‍යාල එරට කැටයම් නිර්මාණය සඳහා ලබන සම්මානයකින් පිදුම් ලබන ලදී.
ලී කැටයම් සඳහා ඔහු උපයෝගී කර ගනු ලබන්නේ, කියතක් සහ කැටයම් ආයුධයයි. ඔහු කිසි දිනෙක මෙම ලී කැටයම ඔප දමන්නේ නැති බව සඳහන් වෙයි. ලීයක වටිනා කම ඔප දැමීමෙන් පසුව දැක ගැනීමට හැකියාව නැති බව ඔහුගේ මතය වී ඇත. බොහෝ දෙනා පවසනා පරිදි මොහුගේ නිර්මාණ වල යම්කිසි අමු ස්වභාවයක් දැක ගැනීම හැකියාව ඇති බවයි. මේ පිළිබඳ Jurgen Lingl –Rebetez පවසා ඇත්තේ, අමු ලීයකින් කැටයම් නිර්මාණය කිරීමට පහසු බවත්, එය කාලයක් යෑමේදී එහි පෙනුම මෙන්ම වර්ණය ඉතාමත් වෙනසකට පාත්‍ර වන බවයි.
කෙසේ නමුත් මෙම කලාකරුවා නිසා එම රටට විශාල කීර්තියක් ලබා ගැනීමට හැකියාවද ලැබී අතර, මෙම මූර්ති ශිල්පියාට බොහෝ පිළිගැනීම එරටින් ලැබෙන බවද සඳහන් වෙයි.