පසුගිය වසර තුළ විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවන් සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි විය. 2014 වර්ෂයේ සිට බිහිවූ විද්‍යා ප්‍රබන්ධ කතා වන ද ෆ්ලෑෂ් සහ ද වැම්පයර්ස් ඩයරිස් යන රූපවාහිනී කතා මාලා දෙක සඳහා බොහෝ රසික ප්‍රතිචාර හිමි විය. මේ අතරින් සම්මාන රාත්‍රියන්හිදී වැඩිම සම්මානයන් හිමි වූයේ 2009 සිට විකාශයන වූ ද වැම්පයර්ස් ඩයරිස් විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවටය.
එම කතා මාලාවේත් වැඩිම සම්මානයන් හිමි වූයේ එහි ප්‍රධාන චරිතයක් වන නිනා ඩොබ්රෙව් හටය. ඇය එම කතාමාලාවේදී චරිත 3ක් සඳහා රංගනයෙන් දායක වනු ඇත. ඇය එහිදී Elena Gilbert චරිතයටද, Katherine Pierce චරිතයටද, Amara යට චරිතයටද රංගනයෙන් දායක වනු ඇත. එක් රූපවාහිනී කතාමාලාවක් තුළ චරිත 3ක් සඳහා රංගනයෙන් දායක වන පළමු රූපවාහිනී නිළිය ලෙසටද ඇයව නම් වී හමාරය. මේ හේතුව ඔස්සේ 2015 වර්ෂයේදී පැවති People's Choice Awards හිදී සහ Teen Choice Awards හිදී ඇයට හතරක් සඳහා හිමිකම් කීමට වරම් හිමි විය.