රූපවාහිනී නිර්මාණ ක්ෂේත්රයේ ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීම හා එම ක්ෂේත්රයේ නියැළී සිටින නිර්මාණකරුවන් රාජ්‍ය මට්ටමෙන් අගය කිරීමේ අරමුණෙන් පවත්වනු ලැබූ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ 2015 පසුගිය 28 වනදා නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
12 වන වරට පවත්වනු ලැබූ මෙවර සම්මාන උලෙළ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. මෙහිදී 2014 වර්ෂයේ රූපවාහිනී නාළිකා මගින් විකාශය කරන ලද නිර්මාණ ඇගයීමට පාත්‍ර විය.
ඡායාරූප ඉසුරු පෙරේරා
හොඳම ග්‍රැෆික් සජීවීකරණ නිර්මාණය (සිංහල) - සිසිල් රත්නායක හා ඕෂධ මධුමාල් වීරවර්ධන අධ්‍යක්ෂණය කළ ගෝනි රේස්
හොඳම පූර්ණ පටය (සිංහල) - අතුල රන්සිරිලාල් අධ්‍යක්ෂණය කළ සියාතු සීයා
හොඳම පූර්ව ප්රචාරක පටය (සිංහල) - සමිත් බස්නායක රචනා කළ සිරස ලක්ෂපති
හොඳම පසුතල නිර්මාණය (සිංහල) - කසුන් මාධව ගුණතිලක අධ්‍යක්ෂණය කළ ලිට්ල් ස්ටාර් සීසන් 6
හොඳම බහු කැමරා නිෂ්පාදනය, අධ්‍යක්ෂණය (සිංහල) - සරත් සෙනෙවිරත්න අධ්‍යක්ෂණය කළ දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් - 5
හොඳම ප්‍රාසාංගික ළමා වැඩසටහන (සිංහල) - අතුල රන්සිරිලාල් අධ්‍යක්ෂණය කළ කඳා වළලු
රූපවාහිනී මාධ්‍ය පිළිබඳ ලියැවුණු හොඳම සාහිත්‍ය කෘතිය - ස්ටැන්ලි සෙනෙවිරත්න
හොඳම සම්ප්‍රවේශක (සිංහල) - ජාතික රූපවාහිනියේ සිතුවිලි සිතාරා
හොඳම ප්රවෘත්ති නිවේදක (සිංහල) - ජාතික රූපවාහිනියේ නිෂාදි රුවන්මලී බණ්ඩාරනායක
හොඳම කතිකාමය වැඩසටහන (සිංහල) - Art TV නාළිකාවේ විකාශය වූ ඉන්දීවරී අමුවත්ත අධ්‍යක්ෂණය කළ Weekend Dialog on Biz Round Up
හොදම ආගමික වැඩසටහන (සිංහල) - ටී.වී. නාළිකාවේ විකාශය වූ සඳරුවන් තිලකරත්න අධ්‍යක්ෂණය කළ සෝම නුවර මහ දාගැබ
හොදම සඟරාමය වැඩසටහන (සිංහල) - ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වූ සන්ධ්‍යා විතානවසම් අධ්‍යක්ෂණය කළ, ආයුබෝ වේවා
හොඳම අධ්‍යාපන හා සංස්කෘතික වැඩසටහන (සිංහල) - ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වූ නාමල් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ පුරාවිද්‍යා රසවතා
කෙටි චිත්‍රපට - ලෝකඩ දුලීකා ලොකුබාලසූරිය අධ්‍යක්ෂණය කළ, Consirnce (හෘදසාක්ෂිය)
කෙටි චිත්‍රපට - රජත නුවන්තිකා ගමගේ අධ්‍යක්ෂණය කළ දළඹුවකුගේ අවසන් රාත්‍රිය (Metamorphosis)
කෙටි චිත්‍රපට - ස්වර්ණ- අජන්තා වීරවර්ධන අධ්‍යක්ෂණය කළ, බීනිත් ටූ එන්ඩ්ස් (Beneath Two Ends)
හොඳම ගීත දෘශ්‍යකරණය (සිංහල) - සම්මාන 2 පිරිනැමිණ
ජාතික රූපවාහිනයේ විකාශය වූ දේවිකා තරංගනී හා විනෝජා කිරිවන්දෙනිය අධ්‍යක්ෂණය කළ, %අලියාට ලිපියක්^
හොඳම හඬකැවීමේ වැඩසටහන (සිංහල)- සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වූ කාංචනා අමරරත්න අධ්‍යක්ෂණය කළ %ලයිෆ් ඔෆ් පයි^ (Life Of pie)
හොඳම සංගීත වැඩසටහන (සිංහල) - සම්මාන 2 පිරිනැමිණ -දෙරණ නාළිකාවේ විකාශය වූ චින්තන දිලංග ගම්ලත් හා සුබෝධනී කරුණානායක අධ්‍යක්ෂණය කළ, ඩෙල් ස්ටූඩියෝ සංගීතමය වැඩසටහන.
හොදම ප්රවෘත්ති වාර්තාකරණය( සිංහල) -දෙරණ නාළිකාවේ විකාශය වූ වසන්ති නානායක්කාර අධ්‍යක්ෂණය කළ, Attention මලයාසියාවේ අතරමං වූවෝ
වාර්තා වැඩසටහන් - ජූරියේ විශේෂ ඇගයීම (සිංහල) කැමරාකරණය - ජාතික රූපවාහිනියේ විකාශය වූ තවත් අම්මා කෙනෙක් වාර්තා වැඩසටහන කැමරා ශිල්පී සිසිර දීප්ති.
හොඳමා වාර්තා වැඩසටහන (සිංහල) - රූපවාහිනී නාළිකාවේ විකාශය වූ නාමල් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ, බිසෝවරුන්ගේ ජනපදය
නිර්මාණශීලී තිර රචනය - (ටෙලි චිත්‍රපට) -සාක්ෂිය ටෙලි චිත්‍රපටයේ තිර රචනය උදෙසා - රසික සූරවීරආරච්චි
නිර්මාණශීලී ආලෝකකරණය (ටෙලි චිත්‍රපට) -සිකුරාදා හවස එන්න ටෙලි චිත්‍රපටයේ ආලෝකකරණය උදෙසා නන්දසේන රාජපක්ෂ
නිර්මාණශීලී සංස්කරණය (ටෙලි චිත්‍රපට) -සිකුරාදා හවස එන්න ටෙලි චිත්‍රපටයේ සංස්කරණය උදෙසා දිමුතු කුරුප්පු.
නිර්මාණශීලී කැමරාකරණය (ටෙලි චිත්‍රපටය) - සිකුරාදා හවස එන්න ටෙලි චිත්‍රපටයේ කැමරාකරණය උදෙසා, අශෝක ජයසේකර
නිර්මාණශීලී අධ්‍යක්ෂණය (ටෙලි චිත්‍රපට) - සාක්ෂිය ටෙලි චිත්‍රපටයේ නිර්මාණශීලී අධ්‍යක්ෂණය උදෙසා සන්තුස ලියනගේ
ප්‍රාසාංගික නාට්‍ය සඳහා කුසලතා සම්මාන ප්රදානය
රංගන කුසලතා(ළමා) - ප්‍රාසාංගික නාට්‍ය -වරාමලී නාට්‍යයේ කුරුළුගේ චරිතය නිරූපණය කළ, නෙස්ටා මානෙත්
රංගන කුසලතා - ප්‍රාසාංගක නාට්‍යය - වාසුලි කන්ද නාට්‍යයේ වික්‍රම චරිතය නිරූපණය කළ, මහේද්‍ර වීරරත්න
රංගන කුසලතා - ප්‍රාසාංගික නාට්‍යය - රණා නාට්‍යයේ ස්වේතාගේ චරිතය නිරූපනය කළ, ආශා එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය කුසලතා - ප්‍රාසාංගික නාට්‍ය - රණා නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂණය - බ්‍රයන් ගමගේ
හොඳම වාර්තා නාට්‍යය - දමිත් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ, තෙවැනි ඇස - 1 වන වැඩසටහන (හිරු ටීවී)
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය - අවර්ණ - ස්වර්ණවාහිනී (ලලිත් රත්නායක)හොඳම අංග රචනය- උඩු සුළඟ - බුවනෙක රණවක
හොඳම ශබ්ද පටිගත කිරීම - උඩු සුළඟ - ඉන්දික පුෂ්පකුමාර
හොඳම සංගීත අධ්‍යක්ෂණය - බණ්ඩාර දෙයියෝ - සමන්ත පෙරේරා
හොඳම ගේය පද රචන - හඳපානාගල - රත්න ශ්‍රී විජේසිංහ
හොඳම තනු නිර්මාණය - හඳපානාගල - ගයාන් ඝනකධර
හොඳම ගායනය - රණා - දුමාල් වර්ණකුලසූරිය/උරේෂා රවිහාරි
හොඳම සහය නිළිය - ගිරිකුළ - නිල්මිණී තෙන්නකෝන්
හොඳම සහාය නළුවා - ගිරිකුළ - නිරෝෂන් විජේසිංහ
හොඳම තිර රචනය - චෙස් - අරුණ ප්‍රේමචන්ද්‍ර
හොඳම කලා අධ්‍යක්ෂණය - ගිරිකුළ - ක්‍රිශාන්ත රත්නසිරි
හොඳම කැමරා අධ්‍යක්ෂණය - පුරකලණී - නිශාන්ත ප්‍රදීප්
හොදම සංස්කරණය - උඩු සුළඟ - විරංග කැටිපෙආරච්චි
හොඳම නිළිය - ගිරිකුළ - කාංචනා මෙන්ඩිස්
හොඳම නළුවා - චෙස් - විශ්වජිත් ගුණසේකර
හොඳම අධ්‍යක්ෂණය - ගිරිකුළ - සුදත් රෝහණ
හොඳම ප්‍රාසංගික නාට්‍ය නිෂ්පාදනය - ගිරිකුළ - ෆිහීම් මවුජුෆිහීම් මවුජුඩ්
මෙම උත්සවයේදී ලංකාවේ මුලින්ම රූපවාහිනී සේවයක් ආරම්භ කළ ශාන් වික්‍රමසිංහ මහතාට යාවජීව රූපවාහිනී සම්මානය පිරිනැමීමද, රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් කරනු ලබන රූපවාහිනී සමීක්ෂා ග්‍රන්ථයේ 9 වන කලාපය එළිදැක්වීමද සිදුකෙරුණි.