ශානිවර් වාඩා හෙවත් බජිරවෝ මස්තානි චිත්‍රපටයේ ඔබ දුටු බජිරාවෝගේ මාලිගය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ පිහිටි තවත් සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් සටහන් කරන මෙම ස්ථානය වටා ගෙතුණු කතාන්දර රාශියකි. ශානිවර් යනු සෙනසුරාදා යන්නයි වාඩා යනු ගොඩනැගිලි සංකීර්ණය අර්ථ දෙන්නකි. බජිරවෝගේ ආත්මය මෙහි සැරිසරන බවට ඉන්දියානුවන් තුළ විශ්වාසයක් පවතියි. නමුත් බජිරවෝගේ පුත්‍රයා වුණු නාරායන්ගේ ආත්මයේ විලාපය තවමත් මධ්‍යම රාත්‍රියේ ඇසෙන බව ඉන්දියානුවන්ගේ මතයයි.
'බජිරවෝ මස්තානි' චිත්‍රපටය බොහෝ දෙනා වැලඳගත් චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ එම සැබෑ මාලිගය සහිත ස්ථානයේ නොව වෙනම දර්ශන තල සකස් කරන ලද ස්ථානයකය. 'බජිරවෝ මස්තානි' චිත්‍රපටයේ කතාවස්තුවේ ඇතැම් අංග කෙරෙහි ඉන්දියානුවන් පවසා සිටින්නේ සත්‍ය කතාවට අමතරව අධ්‍යක්ෂකවරයා ඇතැම් අංග එකතු කර ඇති බවයි. කෙසේ නමුත් බජිරවෝ සහ මස්තානි නමැති මුස්ලිම් බිසව සහිත කතා වස්තුවේ හරය ඉන්දියානුවෝ ආදරයෙන් වැලඳ ගනිති.
බජිරවෝ යනු ඉන්දීය අධිරාජ්‍යයේ ඉතාම බලවත් අමාත්‍යවරයෙකි. 1730 යුගයේදී බජිරවෝ නමැති රණකාමියා වාසය කළ අතර, 1828 වනවිට පැවති යටත්විජිත කාලයේදී විදෙස් ආක්රමණිකයන්ගේ යටතට පත්වුණු අවධියේ මෙම මාලිගාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ විය. මෙම මාලිගයේ ඇතුළත සම්පූර්ණයෙන්ම දැවවලින් සාදා තිබීම නිසා එම ගින්නෙන් මුළුමනින්ම විනාශ වී අද ඉතුරුව ඇත්තේ ගින්නට හසුනොවුණු ප්‍රධාන ද්වාරයේ ගොඩනැගිල්ල සහ අත්තිවාරම් පමණි.
ශානිවර් වාඩා නමැති මෙම ගොඩනැගිල්ල බජිරාවෝ විසින් ඉදිකර ඇත්තේ මෙම භූමියේ තමන් දුටු විශේෂ සිදුවීමක් හේතුවෙනි. එනම් හාවෙකු සුනඛයෙකු පසුපස ලුහුබඳින අවස්ථාවක් ඔහු මෙම භූමිය තුළ දැක ඇත. මේ සිදුවීම දුටු බජිරවෝ ඒ පිළිබඳ ආශ්චර්යයට පත්වී භූමිය සතු කිසියම් විශේෂත්වයක් අවබෝධ කරගෙන ඔහුගේ මාලිගය ඉදිකර ඇත. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉතාම ආරක්ෂිත ආකාරයෙන් සකස්කර ඇති අතර, ඕනෑම සටනකදී සතුරු ආක්‍රමණයකදී ඊට මුහුණදිය හැකි අයුරින් ඉදිකර ඇත. මෙහි ආරක්ෂක මුරකාවල් සහිත ප්‍රාකාර පද්ධතියක්, ප්‍රධාන ද්වාර පහක්, ආරක්ෂක කුලුනු නවයක් සහ වැස්මක් සහිත උද්‍යාන සංකීර්ණයකින්ද සමන්විත වේ.
ගොඩනැගිල්ලේ නටබුන් අධ්‍යයනය කිරීමේදී එය ඉදිකිරීමේදී ආරක්ෂාවට මූලිකත්වය දී ඇති බව ඉතා හොඳින් ගම්‍යමාන වේ. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන ද්වාරය දිල්හි දර්වජා නමින් නම් කර ඇත. ඊට හේතුව දිල්ලිය නගරයට මුහුණලා එම ද්වාරය පිහිටා තිබීමයි. අනෙක් ද්වාර ගනේෂ්, මස්තානි, ජම්භාල්, ඛිද්කි නමින් නම්කර ඇත. මෙහි තවත් ද්වාරයක් ඇත අද එය නම්කර ඇත්තේ නාරායන් ද්වාරය ලෙසයි. ඊට හේතුවුණු කතාවක් ඇත. බජිරවෝගේ මරණයෙන් පසුව ඔහුගේ පුතුට එම තනතුර හිමිවීමට නියමවී තිබිණ.
නමුත් බජිරවෝගේ සහෝදරයෙකු එම තනතුර ලබාගැනීම සඳහා බජිරාවෝගේ පුතුව සිරකරන ලෙස සෙබළුන්ට නියම කර ඇත. නමුත් ඔහුගේ හිතාදරයන් නාරායන් ජීවත්වීම කෙදිනක හෝ අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට හේතුවේ යැයි සිතා සිරකරන ලෙස ලබාදුන් නියෝගය ඔහුව විනාශ කරන ලෙස සෙබළුන්ට නියෝග ලබාදී ඇත. නාරායන් පසුපස සෙබළුන් හඹායද්දී තමාව බේරාගන්නා ලෙස විලාපදෙමින් නාරායන් කොටුපවුර වටා දිවගොස් ඇත. එහිදී නාරායන් ද්වාරයෙන් පැනයාමට උත්සාහ කිරීමේදී කොටුවී එම ස්ථානයේ ඝාතනය විය. ඉන්දියානුවන්ගේ මතය අදටත් නාරායන්ගේ විලාපය සඳ ඇති රාත්‍රියට එම ද්වාරයෙන් ඇසෙන බවයි. එසේම නාරායන් ද්වාරය සදාකාලිකවම වසා දමා ඇත.
අදටත් එය විවර කරන්නේ නැත. එම ද්වාරය මූලයේ සිටගෙන සිටීමේදී අමුතු ගුප්ත බවක් දැනෙන බවට ඉන්දියානුවෝ පවසති. සංචාරයකයන් එම ස්ථානයේ මදක් රැඳී එය විඳගන්නා අයුරු සංචාරයේදී දැකගත හැකිවිය. බලය වෙනුවෙන් ඝාතන රැසක් සිදුවුණු මෙම මාලිගය වටා ගෙතුණු ගුප්ත බව තවත් වැඩි කරමින් ඉන්දියානුවන් සතුව මෙම මාලිගය වටා ගෙතුණු හොල්මන් කතා රාශියක් පවතියි.
1745 වනවිට මෙම මාලිගය සම්පූර්ණයෙන්ම සාදා අවසන් කර ඇත. ඒ සඳහා දරා ඇති වියදම ඉන්දියානු රුපියල් 16,110 ක් බව සඳහන් වේ. ඒ යුගය වනවිට ඒ මුදල අතිවිශාල මුදලකි. 1760 පමණ වනවිට මේ කොටුපවුරේ ඇතුළත මාලිගයේ දහසකට ආසන්න පිරිසක් වාසය කර ඇති බව සඳහන් වේ. 1818 වනවිට බ්‍රිතාන්‍යයන් විසින් මෙය පරිහරණය කර අවසානයේ ගින්නෙන් විනාශ විය.
මෙම මාලිගය ඇතුළත පිටතට විහිදෙන උමං මාර්ග පද්ධතියක්ද ඇත. හදිසි තත්ත්වයකදී ආරක්ෂාව සඳහා පලා යාමට මෙය සකස් කර ඇත. එම උමං ඉතාම විධිමත් ලෙස සකස්කර ඇති අතර අශ්වයෙකුගේ පිට නැගී පලා යා හැකි තරම් උසකින් යුක්තව පොළව යටින් ඈත කඳු මුදුනකට විහිදෙන ලෙස සකස් කර ඇත. උමං ගබඩා පද්ධති ඇතුළු භූගත සංකීර්ණයක මෙහි ඇත. සම්පූර්ණයෙන්ම රණකාමියෙකුගේ මාලිගයක් ලෙස ආරක්ෂිත වටපිටවකින් සකස් වී ඇති අතර, විචිත්‍රවත් චිත්‍ර සහ ගෘහ නිර්මාණයන්ගෙන් නිර්මිත බව සඳහන් වේ. මහා භාරතය සහ රාමායනය එහි ඇතුළත බිත්තිවල චිත්රණය කර තිබූ බවද සඳහන් වේ. දැව මුවා ගුහ නිර්මාණවලින් යුක්ත මාලිගය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී තිබේ.