පසුගිය කාලයේ අන්තර්ජාලයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කරමින් සයිබර් සොරුන් විසින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන ලද ජෙනිෆර් ලෝරන්ස් (Jennifer Lawrence) සහ කේට් අප්ටන් (Kate Upton) යන හොලිවුඩ් නිළියන්ගේ නිරුවත් ඡායාරූප ඇතුළත් කරමින් ප්රදර්ශනයක් පැවැත්වීමට විදෙස් චිත්ර ශිල්පියෙකු සූදානම් වේ.
Xvalaනැමති එම චිත්ර ශිල්පියා මෙම ප්රදර්ශනය අමෙරිකාවේ The Cory Allen Contemporary Art gallery හි පැවැත්වීමට සූදානම් වේ. මෙම චිත්ර ප්රදර්ශනය නම් කර ඇත්තේ 'No Deleted' නමිනි. එළඹෙන මාසයේ ප්රදර්ශනය කිරීමට නියමිතමෙම චිත්ර ප්රදර්ශනයේදී අදාළ නිරුවත් ඡායාරූප කැන්වස් රෙදි මත සිතුවම් කර ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවේ.
මීට අමතරව, ජනප්රිය චරිතවල පෞද්ගලික ජීවිතයට අදාළ සිතුවම් රැසක් ද මෙම ප්රදර්ශනයට එක් කෙරෙනු ඇත.
මෙම නිරුවත් ඡායාරූප Apple ICloud හරහා මෙම සයිබර් හැක් සොරුන් අතට පත් වී ඇති බව 'ඇපල්' සමාගම පවසන අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙසටFBI වෙත දැනුම් දී ඇති බවද ඇපල් සමාගම පවසයි.
කේට් අප්ටන්
ජෙනිෆර් ලොරන්ස්